පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-09-06

සුන්දරව නොවු මරණයද සුන්දරයි.


මිතුරන් ඇති කරගන්න නම් පලමුව තමන් හොද මිතුරෙකු විය යුතු යැයි කියමනක් ඇති බව මම අසා ඇත්තෙමි. 
මේ කියමන සිහිවී එක් සිද්ධිමය වටිනාකමක් අසල මම නතර වුනෙමි. මට ඥාතිවරයෙකුගේ අකල් ජීවිත සමාප්තියකට සහභාගි වන්න සිදුවිය. ඔහු සිගිති පුතාත් ආදරණිය බිරින්දෑත් සදාකාලිකවම අතහැර ගිය ඒ ශෝකා කූල ගමනේදී සැබැ මිත්‍රයෙකුයැයි තහවුරු කල සාධකයන් ජීවමාන වන්නට විය.

ඔහුට මා වැඩිහිටි ඥාතිවරයෙකු පමනක්ම විය. කලාතුරකින් මුණ ගැසුන අපි වැඩිහිටි පවුර විසින් දෙපසට වෙන් කල චරිත බවට පත් කර තිබිණි. එහෙයින් දෝ අප අතර විශේෂවු සම්බන්ධතාවයක් ඇතිවී තිබුනේ නැත.
මට අවසන් වරට ඔහු හමුවු දවස සිහිපත් විය. 
ඔහු ඥාතීයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයක තම බිරින්දෑත් සමග සහභාගීවී සතුටු සාදයක අපුරු රංගනයක සහ ගායනයක යෙදෙමින් සිට කවුරුත් අතර ප්‍රසාදයට පත්විය.
එදා මගෙන් සමුගත් ඔහුගේ දෙවුර බදා තෙරුවන් සරන පතා ආශිර්වාද කලා මට සිහිපත් විය. ඉන්පසුව මා ඔහු මුණ ගැසෙන විට අනතුරකට ලක්ව රෝහලේදී තම ජීවිතය අතහැර ගොස් සිටියාය. සමීප ඥාතීන් කම්පිතව හා අසරනව සිටි ඒ මොහොතේ සිටම මෙතෙක් හදුනා නොගත් ඔහුගේ ජිවිතය හදුනා ගැනීමේ අවස්ථාව මට නිර්මාණය විය.

මහා විශාල ධනවතෙකු හෝ සමාජයේ ඉහල තලයක වැජඹෙන වෘත්තියක් නොකල ඔහු වැවිලි සමාගමක ඉඩම් වාහනයක රියදුරෙකු ලෙස සුළු යයි සිතන රැකියාවක නිරතවිය. ඔහු තවමත් තමන්ට කියා නිවසක් ඉදිකරගන්නවත් නොසිතූ සිතන්නට බැරි ජීවන අරගලයක නිරත වෙමින් වතු සමාගම සැපයූ නිවාසයක තාවකාලික පදිංචිකරුවෙකු විය.තවත් ඔහුගේ ජීවන අරගලය පැහැදිලි කල යුතු නැත. 
ඔහු සමාජයේ ධන සිට සෲණ දක්වාවු පරපුරකට හිමිකම් කීවත් පම්පෝරියකින් තොරව ජීවත්වු බව නම් මට ඔහුගේ අසල්වාසීන්ගේ මත වාද තහවුරු කලාය.

මේ පුංචි මිනිසාගේ අකල් සමුගැන්මේ පුවත ඇසු වතුකරයේ ද්‍රවිඩ ජනතාවද ,සියළු තරාතිරමේ සිංහල ගම්වාසීන්ද විවිධ ආගම්වල ආගමික පුජකවරුද පාසල් සිසු සිසුවියන්ද විටින් විට පැමිණ අජීවි ඔහුට ආචාර කරමින් ශෝකාකූලව මුමුනමින් ඔහුගෙන් සමුගත්තේය. 
දෙදහසක් පමන ජන ගගක් දෙදිනක් තුල රැස් කර ගැනීමට මේ පුංචි මිනිසාට තිබුන ශක්තිමත් බවේ හේතු පාදකත් ඔහුගේ ආකර්ෂනයත් සොයමින් මම මේ අතරටවී කම්පිත මනසින් යුතුව බලා සිටියේය. 
දරුවාගේ සහ සහ අසරනවු තරුන බිරිදගේ අවිනිශ්චිතවු අනාගතය ගැන සිතනා විට තව තවත් සිත පීඩාවට පත් කලේය.

ඔහු අනේක විධ ජීවන දුෂ්කරතා මැද උවද , ජීවත්වු සමාජය තුල සිනහවත් සුන්දර කතාවත් අතහැර දමා නොතිබිණි. කිසිදා ‘නැත’ යන්නත් ‘බැහැ’ යන්නත් ජිවිතයට ආදේශ කරගෙන නොතිබුන මේ පුංචි මිනිසා හට අයදුම් කල පුංචි උදව්වක්වත් කිසිදා බැහැර කරන්නට සිතක් නොතිබිණි. මේ ගුණාංගයන් ජීවත්වු පරිසරයේ ඔහු මහා විශාල මිනිහෙකු බවට ඔහු පත්කර තිබෙන බව මම ගලන ජන ගග දෙස බලමින් තේරුම් ගත් කාරනාවක් විය.

මිනිසෙකු මසුරු කමින් ජීවිත කාලයක් රැස් කළ මහා මුදල් සම්භාරයකට නොකලහැකි බොහෝ දේ ඔහුට මරණයෙන් පසුවත් කලහැකිව තිබිණි. මරණය ප්‍රදේශයම කම්පා කල පුවතක්ව දෙනෝ දහසක් ජනයා ඔහු අබියස කිසියම් ප්‍රාර්ථනයක නිරතවී “මොහු නැවත අප අතරට පැමිනේවා”යි ප්‍රාර්ථනා කලාද විය හැක.

ඔහු හොද මිතුරෙකුව සිට බොහෝ මිතුරන් එක් රැස්කර ගෙන සිටි බැවින්දෝ අකල් සමුගැන්මෙන් අසරනවු බිරිදට හා දරුවාට පිලිසරනක් නිර්මානය කරදෙන්නට බලකරනා පසුබිමක් ඔහුගේ මරණයෙන් පසුව උපත ලබා සිටියේය.
ඔහු ගේ සේවාදායකයා ඔහු ගෙන් වෙන්ව යන්නට නොහැකි යුතුකමක් තිබු බැවින්දෝ දරුවාට සහ බිරිදට රැකවරනය සැලසීමට රැකියාවක් සහ රාජකාරි නිවස පැවරීමෙන් තහවුරු විය.
මුදල් පමනක් අගයන සමාජයක මේ අපුරු මිනිසා ලබා තිබු සමාජ වටිනාකම් මිළ මුදලින් නම් කවදා වත් උපයා ගත නොහැකි බව මට ඉන්පසු පසක් වු කාරනාවක් විය.සුන්දර නොවු මරණයද සුන්දරවු මිනිසුන්ගේ මරණයෙන් මතුවද සුන්දර වන බව සටහන් වන්නේ එබැවිනි.

2009-09-02

අනර්කාලි සහ කාලි



බාල සිනමාවේ චරිත දේශපාලනයට පිවිසෙන්නේද දේශපාලනයද බාල නිසා යයි මීදුමට සිතිනි.

සබරගමුවේදී නන්තාරව සිටි එජාපය රන්ජන් රාමනායක නිසා පිබිදුනා යයි යමෙක් සිතන්නේ නම් එය මුලාවකි. වෙනසක් නොවී අදත් සබරගමුවේ එජාපය නන්තාරව ඇත. රන්ජන් රාමනායක රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂ්කයාව එජාපයට අළුත් චන්ද එකතු කලේ නැත. සම්ප්‍රදායිකව එජාපයට ලැබුන චන්ද වලින් කන්ඩායම් නායකයා වශයෙන් දිස්ත්‍රික්කය පුරාවට එක් මනාපයක් ලබා ගැනීමට වාසනාව පාදා ගත්තා පමනකි. එදා සබරගමු පලාත් සභාවට රන්ජන් රාමනායක ඉදිරිපත් වු විට ඇද කුද දුටු පොදු ජන එක්සත් පෙරමුණ අද තම චන්ද පදනමට තරු පෙන්වමින් සිටී.

මීදුමට රජවාසල සිහිවිය. රජ කතා කියවන විට අසන විට රජතුමාට පුරෝහිත ඇමතිවරු මෙන්ම අන්දරේ වැනි කවටයෝද සිත් පිනවන නාට්‍යාගනාවෝද සිටි බව කියවන්න අසන්න ලැබේ. දැනුත් එවන් රජ කාලයක් පහල වෙමින් තිබෙන්නේද?.වාසල විකටයන්ගෙන් නාට්‍යාගනාවන්ගෙන් වාදක කණ්ඩායම් වලින් ගායක ගායිකා වන්ගෙන් පුරවා ගත් විට ජනතාවට විනෝදයෙන් සතුටෙන් කාලය ගත කලහැකියයි සිතනවා විය හැක.
නැත්නම් වේදිකාවේ මාතෘකා නොමැතිව සිටින ජවිපෙයට සහ එජාපයට මාතෘකා සපයා දෙන්නට පොදු ජන එක්සත් පෙරමුණ සිතුවා විය හැක.

එජාපයට කවුරුන් මොනවා කීවත් ස්ථීර සාර චන්ද පදනමක් ඇත. තනි පක්ෂයක් වශයෙන් අදත් එජාපයට අභියෝග කලහැකි දේශපාලන පක්ෂතයක් නැත. එහෙත් අද තම චන්දදායකයින් චන්ද පොලට ගෙන්වා ගැනීමට සමත් වැඩ පිලිවෙලක් සහ නායකත්වයක් නොමැති කමින් එජාපය බින්දුවට බැස ඇත. එජාපයේ වර්තමාන නායකත්වයේ බාල උපක්‍රම කොපි කිරීමෙන් පොදු ජන එක්සත් පෙරමුණ සංවර්ධණය කරගැනිමට යාම නම් නුවනට හුරු නොවනු ඇත.
එජාපය චන්ද පදනමෙත් පොදු ජන එක්සත් පෙරමුණ වටා එකතුවන අර්ධ වාමාංශික චන්ද පදනමෙත් සිතුම් පැතුම් සමාන කල නොහැක.

මීදුම පුංචි පහේ සමීක්ෂණයකට අනර්කාලි ඉදිරිපත් කරනු ලැබුවාය අනර්කාලි ආකර්ෂණය කරගන්නා තරුන කොටස ඉලක්ක කරගනු ලැබු මේ කතා බහේදී ඔවුන්ගෙන් වැඩි දෙනෙකුන්ගේ මතයවූයේ වර්තමාන පොදු ජන එක්සත් පෙරමුණේ සංයුතිය යම් විකෘතියකට භාජනය වෙමින් තිබෙන බවය. පොදු ජන එක්සත් පෙරමුණට චන්දය දෙන ඡන්දදායකයින්ගේ දේශපාලන මානසිකත්වය ගොඩනැගී ඇත්තේ දේශමාමකත්වය පදනම් කරගත් අඩිතාලමක් මතය. ඔවුන් මනසින් දේශපාලන නායකත්වයට සුදුසු පුද්ගලයින්ගේ අධ්‍යාපනය ගතිපැවතුම් සමාජ සම්බන්දතා තක්සේරුවට ලක්කිරීම සිදුකිරීම අනිවාර්යෙන්ම සිදුකරනු ලබන්නේය. දකුනේ දී මේ නිර්නායක විශේෂයෙන් ක්‍රීයාකාරීය.

අනර්කාලි වැනි චරිත දකුණත් සමග බද්ධ වන්නේ කෙසේද?. ඈ පදිංචි කොළඹය. දකුනේ ජනතාව සමග ඈ කොතෙක් කාලයක් සමාජ සේවා කටයුතු වලට සම්බන්ධවී සිට ඇත්ද?.මහජන නියෝජිත වරයෙකු වශයෙන් චන්දයෙන් දිනුවොත් මහජනතාව සමග පවත්වා ගෙන යා හැකි, අනාගත සමාජ ක්‍රියාකාරිත්වය ගැන විශ්වාසයක් තැබිය හැකිද?. යන කරුණු චන්ද දායකයා හිතුවොත් අනර්කාලිට මනාප නැතිවනු ඇත.
සෙලොලයිට් පටයක, රූපවාහිණි විකාරයක බැරි සිංහල උච්චාරනයෙන් නැලවෙන විගඩමකට මනාප අයනම් ඈ හට මනාපවනු ඇත. එවැනි විකාර මනසින් යුත් චන්දදායකයින් ඇත්නම් ඒ සීමිත ප්‍රමානයක් වනු ඇත.රන්ජන් රාමනායකගේ පැරචුට් ගමන අනර්කාලිට දකුනේ ආදේශවුනේ පොදු ජන එක්සත් පෙරමුණ දකුනේ දි පසුබෑමකව ලක්වී ඇති බව නිරීක්ෂණය විමෙන්ද?.

දකුනේ ජනතාවගෙන් ඉදිරියට එන දේශපාලන අංකුර වලට පොදු ජන එක්සත් පෙරමුණ තුල ඉඩ කඩ අහුරා මෙවැනි විගඩම් දේශපාලන කරලියට ගෙන ඒම එජාපය ගමන් කරන අන්ධකාරයට පොදු ජන එක්සත් පෙරමුණත් ගමන් කරවීම ආරම්භ කර ඇති බවට ඉගිකරන්නක් ලෙස මීදුමට සිතිනි.
“කාලිය” නම් විනාශය සංකේත කරවන යක්ෂ ණියකි.