පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-07-22

මීදුමත් සමග වසරක්.



පරිගනකයත් සමග ගනන් හදපු මම ලියුම් ලියපු මම. විවේක වෙලාවට spider solitaire එකේ කාඩ් ගහන එකයි කලේ .

අවුරුද්දකට විතර ඉස්සර 2008.06.13 ට පස්සේ දවසක කොළඹ විශ්ව විද්යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ භාෂා තාක්ෂ ණ පරීයේෂණාගාරයේ සිංහල යුනිකේත ( Unicode) හා (web 2) වැඩ මුළුවකදී බෙදා දුන්න පත්‍රිකා ගොන්නක් මට ලැබුනා.මම Unicode සිංහල අකුරු වලට මාරු වුනා. Symbol වලට ගිහින් අකුරු හොය හොයා කොට කොට හිටපු මම key board එකේ දඩි බිඩි ගාලා type කරන්න පටන් ගත්තා.

Blog එකට මට පාර කිව්වේ වමිල ලියනගේ blogs - අන්තර්ජාලයේ ඔබේ ඉඩ.

මම පලමුව WWW.blogs.sinhalabloggers.com අඩවියට පිවිසිලා කියවා කියවා ටික කාලයක් හිටියා.පරිගණක පිලිබද කිසිම පාඨමාලවක් විධිමත්ව ඉගණගෙන නැති මට පරිගණක සාක්ෂරතාවය ඉගන ගන්න උනේ ගෙදර වාහනෙන් .driving ඉගන ගන්නවා වගේ.
blog එකක් හදා ගන්නත් නඩත්තු කරන්නත් බැහැ. දන්න කෙනෙකුට වදින්න ඕනී. එහෙම කරලා තමයි ජුලි මාසේ මේ දවස් වන කොට මීදුම හදා ගත්තේ. පිටුව හදලා දුන්න එක්කෙනා මුලින්ම ගුරු මුෂ්ඨිය තියාගෙන තමයි පිටුව හදලා දුන්නේ.

මම විවේකයක් ලැබුනම word document එකක type කරලා තියාගෙන දවස් දෙක තුනක් ගුරුවරයාට වදිනවා. අන්තිමේදි ගුරුවරයා මගේ වදේට මීදුමට මගේ මනස්ගාතය එකතු කරනවා. කාලය කොතරම් නපුරුද ?.මම හිතනවා.

මගේ ජීවිතය ගෙවෙන්නේ බකමූනාගේ අවධියේ. අයිතිවාසිකම් තියෙන්නේ “හ්ම්’ කියන්න විතරයි. මගේ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරයට මම “හ්ම්’ කියනවා.profile එක දැක්කම හිතා ගන්න පුළුවන්නේ.

ටික දවසක් යන විට මට නිදහසේ කටයුතු කරන්න පුරුදුවුනා. මම පිටුවේ හැඩ රුව වෙනස් කර ගත්තා. පුංචි අඩුවකට තියෙන්නේ මගේ connection එක slt dialup එකක් වීම. මම තාමත් බර කරත්ත යුගයේ. හද්දා පිටිසර ඉන්න මට ADSL නෑ.

රට වටේ ඇවිදින කොට පරිසරයේ පින්තූර අරගෙන එන එක මගේ පුරුද්දක් ඒත් ඒවා බෙදා ගන්න මේ බර කරත්තයෙන් බෑ.
මීදුමත් එක්ක ඉන්න පුංවි එවුන් ගේ දැනීම නම් පුංචි නෑ. ඒගොල්ලත් එක්ක මම දැනුමෙන් නම් පුංචි එකෙක්. මම ඒ ගොල්ලා කියවලා ඉගන ගන්නවා.මගේ විවේකයත් දැන් ගෙවිලා යන්නේ යම් සතුටකින්. spider solitaire එකට ගෙවුන කාලය මොකක් හෝ සිද්ධියක් වියමන් කරන්න වෙන් වෙලා. නැත්නම් වියමන් කියවන්න යොමුවෙලා. ඒකත් සිම්පල් ප්ලෑන් එකක්.

අපි මීදුමත් එක්ක අළුත් අවුරුද්දක් පටන් ගනිමු. කියවන්න ... වැදගත් ලෙස විචාරවත් වෙන්න.මම ආරධනා කරනවා.

2009-07-17

මතට තිත සහ කොත්තමල්ලි බීම.


බොහෝම කාලෙකට ඉස්සෙල්ලා මම මත ගැන මතකයක් වියමන් කලා.නීතී විරෝධී මත්පැන් නිෂ්පාදන දිනපතා පාවිච්චි කරන ප්‍රජාවකගේ මරණ කිහිපයක් සිද්ධ වෙමින් තිබියදී.වියමන් කරන්නෝ අදහස්ද comments දක්වලාත් තිබුනා.

මතට තිත තබන හදිස්සියක් 2007අය වැය යෝජනා වලින් පස්සේ රටේ තිබුනා. 2008 අය වැය ආවට පස්සේ ඒ උනන්දුව තිතට බැස්සා.2007-2008 අතර කාලය සුරාබදු නිලධාරීන්ගේ තදියම් වැටලිම් දිනපතාම වාර්තා වුනා. 2008 පස්සේ ප්‍රවෘත්ති පත්‍ර වල ඒකට ඉඩක් තිබුනේ නෑ. ප්‍රභාකරන් ප්‍රවෘත්ති මව මවා දුන්නා. පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් ආයේ පරන රටාවට හුරුවුනා.මෑන් ගියාට පස්සේ ආයෙත් මතට තිත තියන්න පටන් ගත්තා වගෙයි.මේ වැඩ පිලිවෙල මම දකින්නේ නම් සෝඩා බෝතලේ කැඩුවා වගෙයිකියලා.සූස් ගාලා සෝබනේ විතරයි.

ප්‍රදේශයේ පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් වැටලීම් කරන්න අවශ්‍යම නැහැ.සියළු නිෂ්පාදකයන්ගේ,බෙදාහරින්නන්ගේ සහ ලොකු පොඩි අලවි කරන්නන්ගේ පැටිකිරිය මේ දෙගොල්ලා ගාවම තියෙනවා.අළුතින් පත්වෙන නිලධාරින් වැඩ බාර ගන්නා ගමන්ම මේ අයගේ සජීවී ලිපි ගොනුත් බාරගන්නවා.ලගට එන්න කියලා මේ අයට නීතිය මාසිකවම අකුරටම ක්‍රියාත්මක කරවනවා.මාසිකව දඩ මුදල් නිල නොවන අන්දමින් පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් වෙන වෙනම ගෙවන්න ඕනී. ත්‍රෛමාසිකව අධිකරණයට දඩ මුදල් ගෙවන්න සිද්ධ වනවා වැටලීමක් සිද්ධ වෙලා නඩු වැටීමෙන්.හැබැයි ඒ මාසෙත් නිල නොවන දඩේ නම් ගෙවන්න ඕනි. මේක නිරන්තරයෙන්ම ක්‍රි යාත්මක වන ක්‍රියා දාමයක්.මේ දෙගොල්ලෝ ගහට පොත්ත වගේ.

බලපත්‍රලාභි බීමහල් වලටත් නොබොන අයගේ සදාචාරාත්මක අයිතිය ආරක්ෂාර වෙන නීති රීති මාලාවක් තියෙනවා. බොන අයගේත් යහපත ගැන හිතාගෙන සකස් කරපු නීතිත් තියෙනවා.මේවායේ පාලනාධිකාරි බලය පැවරෙන්නේ සුරා බදු නිලධාරීන්ට. සෑම බීම හලකම මිලදී ගැනීම් අලවි කිරීම් සහ ප්‍රමිතිය මාසිකව නිරන්තරයෙන් විගනනය කරනවා. මේකත් හරියට සෙල්ලම් කඩේ විගනනය කරන්නා වාගේ වැඩක් .මාසිකව එන නිලදාරියාට බීමහලේ අලවිය අනුව ගෙවිය යුතු ගාස්තුවක් තියෙනවා . රුපියල් 1500/= සිට ඉහලට වාගේ .ඒක ගෙවන්න ඕනී වැටුප වගේ. එහෙම ගෙවන්නේ නැත්නම් තොග පොත් පත් වල අඩුවෙන් තොග ගබඩා වෙලා .වැඩියෙන් ගබඩා වෙලා වැනි අඩුපාඩු, සහ සුරා බදු නීති පොතේ තියෙන ඒවයින් මොකක් හරි පෙන්නල දෙපාර්තමේන්තුවට ගෙවන්න දඩයක් නියම කරනවා.කොහොම වැටුප් ගෙව්වත් මාස හතරක් පහකට සැරයක් දෙපාර්තමේන්තුවටත් දඩයක් ගෙවන්න අඩුපාඩුවක් ලියනවා. නැත්නම් දෙපාර්තමේන්තුව හිතනවනේ නියමෙට රාජකාරිය කෙරෙන්නේ නෑ කියලා.

ඔය වගේ ක්‍රියා දාමයෙකුයි සුරාව සමග බැදුන නීතියේ ක්‍රියාත්මක පැත්තේ තියෙන්නේ.මතට තිත තියන එකත් යුද්දේ වගේ ඉවර කරන්න ඕනි නම් මේ දෙගොල්ලන්ගෙන් නීතිය ක්‍රියාත්මක කිරීම තෙවෙනි පාර්ශවයකට අරන් දෙන්න ඕනී. නැත්නම් හෙම්බිරිස්සාවට කොත්තමල්ලි බොනවා වගෙයි. ආයෙත් හැදෙන්න පුළුවන්.