පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2009-07-17

මතට තිත සහ කොත්තමල්ලි බීම.


බොහෝම කාලෙකට ඉස්සෙල්ලා මම මත ගැන මතකයක් වියමන් කලා.නීතී විරෝධී මත්පැන් නිෂ්පාදන දිනපතා පාවිච්චි කරන ප්‍රජාවකගේ මරණ කිහිපයක් සිද්ධ වෙමින් තිබියදී.වියමන් කරන්නෝ අදහස්ද comments දක්වලාත් තිබුනා.

මතට තිත තබන හදිස්සියක් 2007අය වැය යෝජනා වලින් පස්සේ රටේ තිබුනා. 2008 අය වැය ආවට පස්සේ ඒ උනන්දුව තිතට බැස්සා.2007-2008 අතර කාලය සුරාබදු නිලධාරීන්ගේ තදියම් වැටලිම් දිනපතාම වාර්තා වුනා. 2008 පස්සේ ප්‍රවෘත්ති පත්‍ර වල ඒකට ඉඩක් තිබුනේ නෑ. ප්‍රභාකරන් ප්‍රවෘත්ති මව මවා දුන්නා. පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් ආයේ පරන රටාවට හුරුවුනා.මෑන් ගියාට පස්සේ ආයෙත් මතට තිත තියන්න පටන් ගත්තා වගෙයි.මේ වැඩ පිලිවෙල මම දකින්නේ නම් සෝඩා බෝතලේ කැඩුවා වගෙයිකියලා.සූස් ගාලා සෝබනේ විතරයි.

ප්‍රදේශයේ පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් වැටලීම් කරන්න අවශ්‍යම නැහැ.සියළු නිෂ්පාදකයන්ගේ,බෙදාහරින්නන්ගේ සහ ලොකු පොඩි අලවි කරන්නන්ගේ පැටිකිරිය මේ දෙගොල්ලා ගාවම තියෙනවා.අළුතින් පත්වෙන නිලධාරින් වැඩ බාර ගන්නා ගමන්ම මේ අයගේ සජීවී ලිපි ගොනුත් බාරගන්නවා.ලගට එන්න කියලා මේ අයට නීතිය මාසිකවම අකුරටම ක්‍රියාත්මක කරවනවා.මාසිකව දඩ මුදල් නිල නොවන අන්දමින් පොලිසියටත් සුරාබදු නිලධාරීන්ටත් වෙන වෙනම ගෙවන්න ඕනී. ත්‍රෛමාසිකව අධිකරණයට දඩ මුදල් ගෙවන්න සිද්ධ වනවා වැටලීමක් සිද්ධ වෙලා නඩු වැටීමෙන්.හැබැයි ඒ මාසෙත් නිල නොවන දඩේ නම් ගෙවන්න ඕනි. මේක නිරන්තරයෙන්ම ක්‍රි යාත්මක වන ක්‍රියා දාමයක්.මේ දෙගොල්ලෝ ගහට පොත්ත වගේ.

බලපත්‍රලාභි බීමහල් වලටත් නොබොන අයගේ සදාචාරාත්මක අයිතිය ආරක්ෂාර වෙන නීති රීති මාලාවක් තියෙනවා. බොන අයගේත් යහපත ගැන හිතාගෙන සකස් කරපු නීතිත් තියෙනවා.මේවායේ පාලනාධිකාරි බලය පැවරෙන්නේ සුරා බදු නිලධාරීන්ට. සෑම බීම හලකම මිලදී ගැනීම් අලවි කිරීම් සහ ප්‍රමිතිය මාසිකව නිරන්තරයෙන් විගනනය කරනවා. මේකත් හරියට සෙල්ලම් කඩේ විගනනය කරන්නා වාගේ වැඩක් .මාසිකව එන නිලදාරියාට බීමහලේ අලවිය අනුව ගෙවිය යුතු ගාස්තුවක් තියෙනවා . රුපියල් 1500/= සිට ඉහලට වාගේ .ඒක ගෙවන්න ඕනී වැටුප වගේ. එහෙම ගෙවන්නේ නැත්නම් තොග පොත් පත් වල අඩුවෙන් තොග ගබඩා වෙලා .වැඩියෙන් ගබඩා වෙලා වැනි අඩුපාඩු, සහ සුරා බදු නීති පොතේ තියෙන ඒවයින් මොකක් හරි පෙන්නල දෙපාර්තමේන්තුවට ගෙවන්න දඩයක් නියම කරනවා.කොහොම වැටුප් ගෙව්වත් මාස හතරක් පහකට සැරයක් දෙපාර්තමේන්තුවටත් දඩයක් ගෙවන්න අඩුපාඩුවක් ලියනවා. නැත්නම් දෙපාර්තමේන්තුව හිතනවනේ නියමෙට රාජකාරිය කෙරෙන්නේ නෑ කියලා.

ඔය වගේ ක්‍රියා දාමයෙකුයි සුරාව සමග බැදුන නීතියේ ක්‍රියාත්මක පැත්තේ තියෙන්නේ.මතට තිත තියන එකත් යුද්දේ වගේ ඉවර කරන්න ඕනි නම් මේ දෙගොල්ලන්ගෙන් නීතිය ක්‍රියාත්මක කිරීම තෙවෙනි පාර්ශවයකට අරන් දෙන්න ඕනී. නැත්නම් හෙම්බිරිස්සාවට කොත්තමල්ලි බොනවා වගෙයි. ආයෙත් හැදෙන්න පුළුවන්.

2009-07-10

දුකාගේ ලිංගික අධ්‍යාපනය පිලිබද අදහස.



"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . . . !" මේ පුවත ඔස්සේ ජූලි 5 වෙනි ඉරිදා දුකා කල වියමනේ ලිංගික අධ්‍යාපනය පිලිබද අදහසක් වියමන් කරලා තිබුනා.දුකාගේ අදහස “2. ඉතාම පුංචි කාලයේ පටන් (සමහර විට පළමු වසරේ සිට ) දරුවන්ට ලිංගික අධ්යා පනයක් ලබා දිය යුතු වෙනවා” මෙහෙමයි. මීදුම මේ අදහසට කැමතිම නැහැ..

මේ විෂයය දරා ගත හැකි මට්ටමක මේ දරුවන්ගේ මනස අවුරුදු හයක් වන විට වැඩී නැහැ.පහ හය වසර වසරවල ඉන්නේ අවුරුදු 11,12 දරුවෝ. ලිංගික කරුණු පිලිබද යම් අවබෝධයක් ලබා දිය යුතු වයස් කාණ්ඩය අවුරුදු 14 වත් ඉක්ම වෙන්න ඕනී කියලයි මීදුම හිතන්නේ.
1995 වසරේ පටන් පංති මට්ටමේදී ලිංගික සෞඛ්‍ය අධ්‍යානපන වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා.
වයස අවුරුදු 10 -14 යොවුන් වියේ මුල් අවධියයි.අවුරුදු 15 -19 මැද අවධිය ලෙස සලකන්න පුළුවන් අවුරුදු 15,16 වන විට තමයි ගැහැනූ පිරිමි දෙපාර්ශවයේම ශාරීරික වෙනස් කම් ඇති වන්නට පටන් ගන්නේ.එයා දැන් ලොකු ලමයෙක් ,ලමිස්සී,ඉලන්දාරියා නහඹුවා නෑම්බි, ගැටයා, ගැටිස්සී ලෙසින් අපි හදුන්වන්න පටන් ගන්නේ ඔය කාලේදී. ඉතින් අවුරුදු 12.13 වන විට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබදව යොමුවිම ප්‍රමානවත් කියලයි මීදුම හිතන්නේ . ඒ කාලේ වන විට දරුවා හතවසරේ නැත්නම් අට වසරේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රහයෙන් ජාතික අධ්‍යාපන ආයාතනයේ ජනගහන හා පවුල් ජීවිත (ප්‍රජනක සෞඛ්‍ය ) අධ්‍යාපන ව්‍යාපෘතිය මගින් ප්‍රකාශිත “ “අසමු දැන ගනිමු - සුවෙන් සිටිමු” සහ “උදාවු යෞවනය” කියලා පොත් දෙකක් ‍නොමිලේ හත වසරේ සිට සිසුන්ගේ ප්‍රයෝජනයට ලබා දීලා තිබෙනවා.මේ පොත් වල අන්තර්ගතය තුල දරුවන් ගේ සිරුරේ වෙනස් වීමේ සිට කාන්තාවන් ගේ ආර්තවතාවය . පියයුරු , කන්‍යා පටලය යොවුන් වියේ ගැබ් ගැනීම,ලිංගික අතවර වලින් ආරක්ෂා වීම , පිරිමි දරුවන්ගේ ස්වයං වින්දනය සහ ස්වප්න මෝචනය.ආදී ලිංගික සෞඛය කරුණු සාකච්ඡාවනවා.

හොදින් කැපෙන පිහියක් මෝඩ ලෙසට පාවිච්චි කලොත් අනතුරු සිද්ධ වෙනවා. ඥානාන්විතව පාවිච්චි කලොත් අවශ්‍ය කාරනා නිවරදි ලෙස ඉටු කරගන්න පුළුවන්.ලිංගික අධ්‍යාපනය ඉගන ගන්නා දරුවෝත් එය නිවරදි ලෙස අපේ සංස්කෘතික උරුමයන්ට අනුව භාවිතා කලොත් දෙමව්පියන්ගේත් දරුවන්ගේ අනාගතයටත් යහපත් වෙනවා.ප්‍රජනනය පිළිබද මේ දැනුවත් භාවය සීමා කඩයිම් වලින් බැහැරට භාවිතා කර අනාගතයට ප්‍රශ්න හදා ගන්නා නාගරික මෙන්ම ගම්බද දරුවොත් ඉන්නවා.
බිය හිතින් දුරු කරගන ක්‍රම සහ විධි භාවිතාවෙන් දෙවිවරු පය ගහන්නත් බිය තැන් වල මේ මෝඩයෝ කරනම් ගහනවා.