පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, January 05, 2024

තාක්ෂණ ශිල්පි පරම්පරාව.


 


නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග්රාම්ය ව්යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට පුළුවන. .ඔවුන්ට ගොවිගම කුලයටත් වඩා වටිනාකමක් එවකට තිබිනි.

 යුධ ආයුධ අත්යවශ්ය වකවානු වල ඒවා තැනීම සඳහා යපස් ගෙන ඒම සහ කුලී කටයුතු ලබා දියයුතු ය යන්න රජුගේ නියෝග ලෙස ගොවිගම කුලය වෙත නිකුත් කර ඇත. ආදි යුගයේ ලෝකුරු ශිල්පය යක්ෂ ගෝත්රික යන් සතුවිය. යකඩ , යකාගෙ වැඩක්, යකෝ, යකඩෝ, යකා නගිනව, වැනි කටහුරු වචන වලින්ම ඒ බව ඔප්පු කලහැක. යක්ෂ ගෝත්රිකයන් ගේ ආවුද පනපෙවීමේ පාරම්පරික ඥානය නවන්දනා කුල ශක්තිමත් තරුණයන් විසින් සොරාගත් බවට ජනශ්රැතියේ පැවසේ. එසේම ගොවිගම ආදී සියළු කුලවල අය මොවුන්ගෙන් තාක්ෂණික කටයුතු ඉටු කරගත්තේ ගෞරවනීය ලෙස පඩුරු පාක්කුඩම් දීමෙන් බවටද ජනශ්රැතිය සාක්ෂි දරයි. එපමණක් නොව කම්මල් කටයුතු වලදී මයින හම ඇඳීම යකඩ තැලීමට හවුල් නොවන්නේ නම් රදලයෙකුට වුවද සේවාව ලබාදීම ප්රතික්ෂේප කලේ ශිල්පීය පෞඩත්වය දරන්නන් නිසාමය. මොවුන්ගේ සම්බවයනාග ගෝත්රයේ බව ඉපැරණි ආවුධ තාක්ෂණය ට සුරුවිරුකම් පෑ අයවළුන්ගේ වාසභූමි ය වූ කොත්මලා ප්රදේශය බවට අදද සාක්ෂි ඇත . දොලොස් බාගේ ප්රදේශයේ ඇති කිණිහිරය නැමැති යෝධ පර්වතය ඒ පුරාවෘත්තයේ එක් සළකුණකි.
අලි අල්ලන් සිටි කොත්මලා ප්රදේශයේ නාග ගෝත්රික ගම්මානයක දුටුගැමුණු කුමරා සැඟවී සිටියේ යුද්ධය සඳහා ආවුද තනවා ගැනීමට විය හැක. නුවර යුගයේ දී

දළදා මාලිගාව ආදී ප්රසාදයන් නිර්මාණය කල දේවේන්ද්ර මූලාචාරින් යනු එම කුලයේ ප්රභලයෙකි. මෑත කාලීනව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිර්මාතෘ විමලසුරේද්රයන් ද එම කුලයට සම්බන්ධ බව මා අසා ඇත. හැත්තෑව දසකය ට පෙර එම කුලයේ අයවලුන් ගේ නම අවසන් කලේ "හාමි" යන ගෞරවාර්ත පදයෙනි.ලුවිස් හාමි, සුබේ හාමි, දිනෙස්හාමි,අපට අපට පෙර පරම්පරාවේ වැඩිහිටියෝය. ඔවුන්ගේ භාර්යාවන් හැඳින්වූ පොදු නම වූයේ "නාච්චිලේ" නැමති පදයයි. ද්රවිඩ ඌරුවක් ඇති එම නාමය සමහර විටෙක නුවර යුගයේ වඩුග පරම්පරාවේ ස්ත්රීන් සරණපාවා ගත්තා නිසා වන්නට පුළුවන.
ලෝහ තැනීම, ලෝහ භාන්ඩ තැනීම, ආවුද සහ ආයුධ නිර්මානය හා දොරගුළු තැනීම, කරත්ත රෝද පට්ටං ගැසීම ,ලාඩං ගැසීම,
මෙන්ම රිදී රත්තරන් ආභරණ නිර්මාණයද ඔවුන්ගේ සුවිශේෂී තාක්ෂණික කටයුතු වේ.
මෙතරම් උසස් නිර්මාණ ශිල්පීන් වුවත් කුලයෙන් පහත් ලෙස සලකන්නට ලක්වූයේ යුරෝපීය ආක්රමණයෙන් පසුවය.එයට හේතු වූයේ සිහලුන් කවදාවත් නුදුටු ගිනි අවි ආක්රමණිකයාටම එල්ල කරන්නට තරම් හැකියාවක් ලබාගත්තේ නවන්දනා කුලයට පින්සිද්ද වෙන්ටය. සතුරාගෙන් උදුරා ගත් ආයුධයේ තාක්ෂණය අසුරු සැනින් වටහා ගත් ඔවුන්ගේ හැකියාව මත බයිනෙත්තු ,රයිපල්, පිස්තෝල, කාලතුවක්කු පවා නිර්මාණය වූයේ ඔවුන්ගේ විස්කමෙනි.
ලෝකුරු කර්මාන්තයේ ඕනෑම නවෝත්පාදන යක් වටහා ගැනීම හා ප්රතිනිර්මාණය කිරීමට මේ කන්ඩායම පෑ දක්ෂතාවය නිසාම එයට බියපත්වූ යූරෝපියානු අධිරාජ්යයවාදීනහු නවන්දනා කුලය නීච කුලයක් ලෙස හංවඩු ගැසීමට පියවර ගත්තේය. එයට අවනත වූ කුලීන යටත් වැසියන් ඉංග්රීසි සමය අවසාන වනවිට නවන්දනා කුලය කොන් කොට හමාරවී තිබිණි .
යටත්විජිතවාදී චින්තනය නිසාම
"වානෙට මඩ බොර
රිදියට පුස්කර " ලෙස ප්රකට ආවුද පනපෙවීමේ ශිල්පීය කලාව ප්රගුණ කල අයෙකු ඔවුන් අතර හෝ දැනට නොමැති බවනම් කණගාටු වෙන් වුවද පැවසිය යුතුය.
.©️යකඩ තැලීම
උපුටා ගැනීම
@ Wikipedia
කිරි හැලයා ,:-කවුද?
කතා කළේ෴
කන්දේ ගුරා ෴
මක්කටද ආවේ? ෴
යකඩ තලන්න ෴
මක්කද ගෙණාවේ?
මුරුංගා ෴
කෝටුං බෝටුං අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴ වත්තෙන් පහළට කොංඩුං පෝ෴
දුම්බර මහගෙට - ඇවිලු පන්දම, කවුද නිවන්නේ?
කිරි හැලයා:- කවුද කතා කළේ?
කන්දේ ගුරා ෴
මක්කටද ආව෴
යකඩ තළන්න෴
මක්කද ගෙනාවේ?
වම්බටු ෴
වම්බටු කොම්බටු අපට මොටෝ දෑ අපි ඒවා කන්නේ නෑ ෴
වත්තෙන් පහළට කොංඩුං පෝ ෴
දුම්බර මහගෙට - ඇවිලු පන්දම්, කවුද නිවන්නේ?
කිරි හැලයා:- කවුද කතා කළේ?
කන්දේ ගුරා ෴
මක්කටද ආවේ?
යකඩ තළන්න ෴
මක්කද ගෙනාවේ?
හාල් කූර මල්ලයි - ලුණු කූර මල්ලයි ෴
හරි හරි දුල්ලා මාගේ දුල්ලා - මම් කන කෑමත් උන් දෑ දනිතෙයි - මම් බොන බීමත් උන් දෑ දනිතෙයි ෴
කුනාගෙ යකඩත්, මම් ම තලඤ්ඤයි ,
මම් ම තලඤ්ඤයි
මල්ලියා සරි මං නයි දෙත් සරි - කම්මල් වත්තට ගෙන්නූ පන්දම් - දීරෝ දිරෝ,
කවුදැයි කවුදැයි කතා කරන්නේ?
කන්දේ දුරයා කතා කරන්නේ ෴
මන්දැයි ආවේ?
යකඩ තලන්නට ෴
මොනව ද ගෙණාවේ? මෑකරල්මිටියක් ගෙණාවේ
෴ කෝටුං බෝටුං අපි කන්නේ නෑ අපෙ කම්මලෙ නොගණිති එව්වා ෴
වත්තෙන් පහලට කොංඩු පෝං....

 Budunion Rdd

 


notes of imaginary

2 comments:

නිමල් දිසානායක said...

මහරගම පමුනුවෙත් කාලෙකට ඉස්සර අතිදක්ෂ 'වැඩකරුවන්' කිහිප දෙනෙක්ම හිටියා. එයාලගේ ශිල්පීය දක්ෂකම් එක්කම කීර්තියත් යටපත් වෙලා ගියේ 'හෝමාගම ලක්ෂ හතරහමාරේ බැංකු මංකොල්ලයට ඒ අයව අහු වුණු'නිසා.

miduma said...

රත්නපුර ඉඹුල්පේ ප්‍රා.ලේ කොට්ඨාශයේ තියෙනවා ගම් කිහිපයක් .සමනල වැව යකඩ උණුුකිරීමේ කර්මාන්තයත් සමග බැදුනු ප්‍රදේශයේ. මෙම ගම්වල පදිංචි කරුවෝ මෙම ශිල්පී කුලයට අයත් ගම්වාසීන් .ඔවුුන්ගෙන් පවුල් කිහිපයක් යකඩ කර්මාන්තයේ යෙදෙනවා. වියමනක් කරන්නම්.