Tuesday, August 25, 2009

අතීත ආවර්ජනයක් .



මට මගේ ජීවිතයේ අතීතයට යන්නට අහම්බයක් පසුගියදා නිර්මාණය විය. උතුරු මැද පලාතට වසරක් දෙකක් පෙරුම්පුරා ගිය ගමනකදී මට මගේ වැඩිමහල් ඥාතී සහෝදරයා හමුවිය. දකුණත් සබරගමුවත් උතුරු මැද පලාතත් යා කල කථාවකට මේ හමුවීම මුලපිරවීය.

මේ අතීත කතාව ගම්පෙරළියේ ජිනදාස ඉසුරු සොයා උඩරටට ආ කාලයේ සිට පටන් ගන්නකි. දකුනේ උපන් ම‍ගේ පියානන් ජිනදාසගේ යුගයේ රැකියාවක් සොයා උඩරටට පැමින සබරගමුව පලාතේ මධ්‍යම කදුකරයේ බස්නාහිර බෑවුමේ ගමක ස්ථාන ගත විය.අපි ජීවය ලබන්නේ ඒ ගම්පියසේ දීය.අපට ගමක් නොවීය. පියා උපන් ගමට උරුමකම් කීවද එකල අපට තිබූ පහසුකම් තුල ඒ බව තහවුරු කර ගැණිමට නොහැකිවිය. පසු කාලයේ අපි පියා ගොඩනගා දුන් මවගේ ගම අපේ ගම විය. පාරම්පරික උඩරට - පහතරට බේදය තුල පීඩාවට පත්ව සිටි අපහට ඒ පීඩාවන් ජයගැනීමට පියා බලවත් අරගලයක යෙදුනාය. පසු කලක අපි පිලිගත් උඩරැටියෝ බවට පත්විය.

මමත් මගේ ඥාති සහෝදරයාත් ජීවිතයේ ඉම සොයමින් යන ගමනේ මට වඩා වසර දහයක් දොලහක් ඉදිරියෙන් ඔහු ගමන් කරමිනි සිටී.මගේ පියා ඔහුගේ බාප්පා වුවත් දෙදෙනා අතරේ එකල පැවතියේ පිය පුතු සම්බන්ධයකට සමිප බැදීමක් ලෙසින් කුඩා කල සිට මම හදුනා ගෙන සිටියෙමි . දෙදෙනාම ජිවන අරගලයට මුහුන දෙමින් එකිනෙකා සැතපුම් තුන්සියයක් පමන ඈත සිට ඔවුනොවුන්ගේ පෞද්ගලික ජීවිතවල දුක්ඛ දෝමනස්සයන් එකල සන්නිවේදන මග වු ලිපි මගින් නිතර නිතර හුවමාරු කරගත්තා අතිත මගේ මතකයන් තුල තවමත් රැදී ඇත. ගමන් බිමන් දුෂ්කර වු ඒ අවධියේ ඔවුනොවුන් හමු වුයේ වසරකට දෙකකට වරකි. නැත්නම් උග්‍ර ජීවිත ප්‍රශ්නයක් මතුව නිරාකරනය කරගන්නට සිදුවු විටකදී ඔහු මගේ පියා සොයා අවාය.
ඔහුද මගේ පියා මෙන් උපන් දකුණ අතහැර ආර්ථිකය සොයා අහඹු පර්යේෂණයක යෙදෙමින් තැනින් තැන ඇවිද සිටිනා අතර ගුරුවරයෙකු ලෙස පලමු පත් වීම උතුරු මැද පලාතට ලැබුවාය. ඔහු මගේ පියා සමග ගුරු තනතුරේ වැඩ බාරගැණිමට නියමිත පාසලට ගියාය. නවාතැනක් සොයමින් ගිය ඔවුනට කඩ පිලක නතරව තොරතුරු හුවමාරු කරමින් සිටිනා විට එතනට ආ ගම්වැසියෙක් “ අහ් බොල මේ අපේ මස්සිනා නේ” යයි මගේ පියා හදුනා ගෙන උනුසුමින් පිලිගැනීමෙන් ඒ ප්‍රශ්නය නිරවුල් කර දුන් බව ආපසු ආ මගේ පියා ගමන් විස්තර කියන අතර අපට කීවාය.
පසු කලක ඔහු, අහම්බයෙන් හමුවු මාමා සෑබෑ මාමා කර ගත් බවත් මගේ පියා සරදමින් ඔහු ගැන සදහන් කරනවිට නිතර සිහි කලාය.ඔහුද මගේ පියා සබරගමු පලාත අත් නොහැරියාක් මෙන් උතුරු මැද පලාත අත් නොහැර වෘත්තීම ජයග්‍රයහණ ලබමින් අධ්‍යාපන නිලධාරිවරයෙකු බවට පත්ව විශ්‍රාම ලැබීය.
කාලය ගෙවීයමින් මගේ පියාද කම්වු පරිද්දෙන් අප අතහැර ගියාය.කාලයා මපියා සහ ඔහු අතර ගොඩා නගා තිබු ඥාතිත්ව යේ පවුර අප දෙදෙනා අතර වඩාත් තහවුරුව ගොඩ නැගුවාය. අද අප නවීන සන්නිවේදන ඔස්සේ අපේ වර්තමානය සාකච්ඡා කරමින් සිටින්නෙමු. තොරතුරු , ජීවන ප්‍රශ්න සාකච්ඡා කරමින් විසදුම් සොයා ගැන්මට උත්සහා දරමු.එදා මගේ පියා සමග යෞවනයේ ගැට මුසු ජීවිතය කතා කරමින් සිටි ඔහු අද මා සමග බෙදා ගන්නේ වියපත් වියේ අර්බූදයන්ය.

විශ්‍ර මික ඔහුගේ දූපුතුන් අධ්‍යාපනය ලබා රැකියාවන් ලැබ නාගරික පරිසරයන් හී පදිංචියට ගොස්ය. අද ඔහුත් - ඇඹණියත් නුවර කලාවියේ වෙල් යායක තනිවී නන්දා මාලණියගේ “ වේවැල් කැඩුන පුටුවේ වක ගසා ගෙන දූ දරුවන් කවදා ඒදැයි මග බලා ගෙන” සිටිනා තත්වයට පත්ව ඇත. මටත් එයම සිදුවනු ඇත. අතිතයත් වර්තමානයත් ගැට ගසිමින් මේ ජීවිතයේ අදෝනාව අපේ හමුවීමේ මාතෘකාව බවට පත්විය.
අපද ලෝක ස්වභාවයට මුහුණ දිය යුතුය. ම පියා අනේක විධ බාදා ගැටළු ජයගනිමින් අප රැගෙන ආ දුර මට සිහිපත් විය. ඔහු ලබා ගත් ජයග්‍රහණයන් අපේ උදාසීන ජීවිතවලට කවදාවත් ලබා ගත නොහැකිවිය. වර්තමානයේ අපද ජීවිතයේ උරුමයට මුහුණ දෙමින් පියා සිටිනා තැන සොයමින් පියමන් කරමින් සිටින්නෙමු.
කවදා ඔහු හමුවේදැයි අප නොදනිමු.

3 comments:

LazyOwl said...

හරිම ලස්සන ලිපියක්. හරියට මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ කතාවක් කියෙව්වාවගේ.

I should be the last person to say this, but I was surprise to see, some minor grammar(gender)problems in such a well written post."ඔහු මගේ පියා සොයා අවාය.", I think it should be "ඔහු මගේ පියා සොයා ආවේය. Pls. don't take it personal, just wanted to make this better. Even as it is, this post deserve a medal, in my opinion. Thanks.

EXPRESS[දිලංක මාධව] said...

පියා බලවත් අරගලයක යෙදුනාය.

wenne kohomada?.

දිසා said...

ලස්සන හොද ලිපියක් ස්තුතියි !