පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, April 24, 2024

වටිනාකම සහ ගෞරවය




ගැහැණු ළමයෙක් අයි පෑඩයක් (iPad) මිලදී ගන්නවා. දිනක් ඇගේ පියා එය දැක ඇගෙන් මෙසේ විමසනවා. ''ඔයා ඕක අරගෙන මුලින්ම කරපු දේ මොකද්ද?
''මම ඒකෙ ස්ක්රීන් එකට ආරක්ෂිත ස්ටිකරයක් සහ පසු ආවරණයක් අරගෙන දැම්මා'' ඇය පිළිතුරු දුන්නා.
''කවුරුහරි ඔයාට කිවුවද ඒ දේ කරන්න කියල?''
- ''නැහැ''
''ඔයාට හිතෙන්නේ නැද්ද ඒක ඔය අයි පෑඩ් එක හදපු අයටත් කරන නිග්රහයක් කියල?''
- ''නෑ තාත්තේ! එයාල පවා කියනවා මේකට කවර් එකක් දාල පාවිච්චි කරන්න කියල''
''එතකොට ඔයා ඕකට කවර් එකක් දැම්මේ ඒක ලාබ නිසාද නැත්නම් ඒක කැතට පේන නිසාද?''
- ''ඇත්තටම මන් ඒකට කවර් එකක් දැම්මේ ඒකට හානියක් හරි ඒකෙ වටිනාකම අඩුවෙයි කියල හරි මට දැනුන නිසා.''
''ඉතින් ඔයා ඒකට කවර් එකක් දැම්මට පස්සේ අයි පෑඩ් එකේ ලස්සන අඩු උනේ නැද්ද?''
- ''මන් නම් හිතන්නේ දැන් ඒක තිබුනට වඩා හොඳයි වගේම මගේ අයි පෑඩ් එකට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.
''පියා ඇය දෙස ආදරණිය ලෙස බලා මෙහෙම කියනවා,
''මන් ඔයාගෙන් ඇහුවොත් අයි පෑඩ් එකකට වඩා වටින ඔයාගේ ඇඟත් ඒ විදිහට කවර් වෙන්න වහගන්න පුලුවන්ද කියල, ඔයා ලෑස්තිද ඒකට එකඟ වෙන්න???''
ඇය එකවරම නිරුත්තරව ගියා......
~ ආදරණිය ගැහැණු ලමුනි, නිතරම මතක තබාගන්න, ඔබේ ශරීරය අනවශ්ය ලෙස නිරාවරණය වන ඒ අශෝභන ඇඳුම් සෑම විටම ඔබේ වටිනාකම සහ ගෞරවය අඩු කරන බව.!!!

ගෑනු ළමයෙක්ට හිතට අවන්කව මේ පෝස්ට් එක ශෙයාර් කරන්න පුලුව්න් උනානම් කොච්චර දෙයක්ද..ඒත් මම දන්නවා ගොඩක් අයට බැරිවෙයි..
ඉතින් මම දන්නවා මට මුළු සමාජයක් හදන්න බෑ කියලා නමුත් මම තව ටික දවසකින් ලංකාවෙන් යනවා.ඒ යද්දි එක්කෙනෙක් හරි මේ දේවල් වලින් හැදිලා ඉදියෝත් ඒ ඇති
තෑන්ක්ස්..බුදුසරණයි

A day in the life

Tuesday, April 23, 2024

බක් පෝය .



බක් පුන් පොහෝ දිනයේ වැදගත්කම...
බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි.
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වර්ෂයේ බක් මස අව පසළොස්වක් පොහෝ දින ලක්දිව සිටි චූලෝදර හා මහෝදර යන නාග ගෝත්රික රජුන් දෙදෙනා අතර මිණිපළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය ආරවුලක් සංසිඳුවීමට සෘද්ධියෙන් ලක්දිවට වැඩම කළ සේක.
මෙම නාරජවරුන් ලක්දිව සිටි නාග ගෝත්රික රජවරුන් වශයෙන් අනුමාන කෙරෙයි. මහෝදර නාග රාජයා මුහුදේ පන්සිය යොදුනක් විශාල වූ නාග භවනෙහි ආධිපත්යය දැරීය. මහෝදර නා රජුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයෙහි විසූ නා රජකුට විවාහ කර දී තිබුණි. මෙම පිරිස ගොඩ විසූ නාගයන් ලෙස හැඳීන්වෙයි. එම නැඟනියගේ පුත්රයා චූලෝදර නම් විය. මෙම ගොඩබිම සහ මුහුදේ විසූ නාග කොට්ඨාස දෙක ම අතිශය බලවත් දෙපිරිසක් වූ බව මූලාශ්රවල කියැවේ.
මහෝදරගේ පියා වූ නාග රාජයා කළුරිය කරද්දී තමා සතු වූ මැණික් පුටුව හෙවත් මිණිපළඟ දියණියට ලබා දී තිබූ අතර එහි අයිතිය තමා වෙත ලබා ගැනීමට මහෝදර නා රජු චූලෝදර නම් වූ තම බෑණනුවන් සමග යුද්ධයට එළඹියේ ය.
ඇතිවීමට යන උවදුර දුටු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දොරකඩ කිරිපලු රුකට අරක් ගෙන සිටි සමිද්ධි සුමන දිව්ය රාජයා සමඟ ලක්දිවට වැඩම කළ සේක.
පෙර භවයේ ලක්දිව නාගදීපයේ ඉපදී එකල කිරිපලු රුකක් මුල වැඩ හිඳ දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්ර පිරිසුදු කිරීමට කොළ කඩා දුන් පිනෙන් දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකෙහි දෙවියකු වී ඉපදුණු බව මහාවංසයේ කියැවේ. සමිද්ධි සුමන දෙවිඳුන් තම වාසභවනය වූ කිරිපලු රුක උදුරා ඡත්රයක් වශයෙන් බුදුහිමියන්ට සෙවණ පිණිස ඔසවාගෙන පැමිණියේ ය.
බුදුරජාණන් වහන්සේ බක් මස අවපසළොස්වක හෙවත් අමාවක පොහෝ දින උදෑසන ලක්දිවට වැඩම කරවා අහසෙහි හිඳ ඝන අන්ධකාරයක් සහ ඉන් පසු ආලෝකයක් මවා නාගයන් දමනය කළහ. දැමුණු නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. එම පිරිසට යුද්ධයේ ආදීනව පෙන්වා දී සසර ආදීනව, අන්යයන්ගේ දොස් දැකීමේ ආදීනව විස්තර කර සමඟිබවේ අනුසස් සහ වෛරයෙහි ආදීනව දැක්වෙන කාකෝලුක, ඵන්දන, ලටුකික, වට්ටක යන ජාතක කථාවන්ගෙන් දහම් දෙසූහ.
දම් අසා ප්රසාදයට පත් නාග රජවරු තමන් යුද්ධයට එළඹීමේ නිමිත්ත වූ මිණි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ.
අහසින් පොළොවට වැඩ මිණිපළඟෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත නාගයෝ දානය පූජා කළහ. මෙහිදී අසූ කෝටියක් නාග පිරිස් තෙරුවන් සරණ ගිය අතර, මහෝදර නාරජුගේ මාමා වූ කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු තම වාසභවනට වැඩමවන ලෙස බුදුරදුන්ට ආරාධනා කළේ ය.
සමිද්ධි සුමන දෙවි රජුගේ වාසභවනය වූ බුදුරදුන්ට සෙවණ සැලසූ කිරිපලු රුක සහ නා රජවරුන් පිදූ මිණිපළඟ පාරිභෝගික චෛත්යයක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කිරීමට නාගයන් වෙත ම පවරා බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරට වැඩම කළහ. මෙම මිණිපළඟ නිධන් කොට නාගදීප චෛත්යය බඳවා තිබේ.
බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හැරුණු විට තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් බක් පොහෝ දිනය හා සබැඳෙයි. බුදුවීම සඳහා අභිනිෂ්ක්රමණය කිරීමට සිදුහත් කුමරුගේ සිත නැඹුරු වූයේ සතර පෙර නිමිති දැකීමෙනි. සතර පෙරනිමිති අතුරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලකු දුටුවේ බක් පොහෝ දිනයක ය. ඉන් පසු මසකට එක බැගින් අනෙක් පෙර නිමිති තුන දැකීමෙන් පසු ඇසළ පොහෝ දින අභිනිෂ්ක්රමණය සිදු වූ බව පිළිගැනීමයි. ඒ අනුව අභිනිෂ්ක්රමණය පිණිස සිදුහත් කුමරුගේ සිත මුලින් ම නැඹුරු වූයේ බක් පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.
අනෙක් සිදුවීම නම් බුද්ධත්වයෙන් පසු මැදින් පුර පසළොස්වක පොහෝ දිනය ආරම්භ කළ කිඹුල්වතට වැඩමවීමේ ගමන් මගෙහි අර්ධයක් සම්පූර්ණ කරන ලද්දේ බක් පොහෝ දිනයක දී ය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරය දක්වා යාමට මැදින් පෝ දා ආරම්භ කළ සැට යොදුන් මඟෙහි යොදුන් තිහක් සම්පූර්ණ කරන ලද්දේ බක් පුර පසළොස්වක දිනය දී වීම ද විශේෂ සිදුවීමකි.
මෙලෙසින් ඉතා වැදගත් ශාසනික කරුණු කිහිපයක් අනුස්මරණය කරනු ලබන බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසී බොදු දනන්ගේ හිතසුව පිණිස ධර්මාවබෝධයට හේතුවන දිනයක් බවට පත් කර ගැනීමට සියල්ලෝ ම කටයුතු කරත්වා.



A day in the life

Monday, April 22, 2024

කැවුම් කන්න යෝධයා



සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව ~සත්යහි සටහන බුද්ධියේ විමසුමට~

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි කීවේ සිංහල ප්රතිරෝධි බටහිර ආක්රමිණිකයන්ය. නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැත ආක්රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන ගියේය.ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේ. දරුණු සටනකදි ඇතිවන ආහාර හිගයට කැවුම් මල්ල බොහෝ ප්රයොජනවත් විය . දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය.
දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්යමය හැකියාවක් ඇත. සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිත විය . නමුදු එය මෝඩකමට නොවේ.කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවේ . පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වේ. කැවුම් මල්ලෙන් මේ ගැටලු සියල්ලම විසදෙනවා සේම තවත් ඉතාම ප්රයොජනවත් කරුනක් විය .එය නම් රිටෙහී ගැට ගැසූ කැවුම් මල්ල කරේ තබාගෙන යාමේදී කඳු තරණයේදී ඇතිවන සිරුරෙහි ඇතිවන අධික නම්යශීලීභාවය අඩු කර සිරුර කෙලින් කරගෙන යාම කඳු තරණට බොහෝ පහසු විය .
මේ කිසිවක සත්යතාවය නොදත් සුද්දා මෝඩකමට සිංහලයා කැවුම් කන බව කීවේය .අද මෙන් විද්ය්ව භෞතික උපකරණ වලින් කාළ ගුණ අනාවැකි නොකියු යුගයක අදට වඩා හොදින් ඔවුන් කාළ ගුණය ගැන දැනගත්තේ ඔවුන්ගේ හෙළ දැනුමෙන් ය. ඉදිරියේදී ඇතිවීමට හැකි නියන් තත්ව, ගං වතුර මනාව දැන ඒවාට ඔවුන් සූදානම්ව සිටියේ ය. අඩුම තරමේ අවුරුද්දකට දෙකකටවත් ඇති තරම් තල, මෙනේරී, කුරක්කන් ,බඩ ඉරිගු, වී වර්ග , ගබඩාකරගෙන සිටියේ .අද අපගේ එකම ප්රධාන ආහාරය බත් වූවද පෙර සිංහලයාට බොහෝ විකල්ප ආහාර විය . කොස්,කුරක්කන් ,කවුපි,මුං ඇට ඔවුන්ගේ දිනපතා ආහාර විය . පරිසරයේ දකින සලකුණු වලින් ඔවුන් කාළගුණය මනාව අවභෝධ කරගත්තේය .
වඩු කුරුල්ලන් ගසක ඉතාම පහලින් කූඩූ තැනීම එලබෙන වැසී වාරයේ වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන බවට ද , ගසේ මැද කොටසේ කූඩූ තැනීම සාමන්ය වර්ෂාක් ලැබෙන බවද ,ගසේ මුදුනේ නැත්නම් ඉහල කොටසේ කූඩු තැනීම අධික වර්ෂාක් ලැබීමටද ඉගියක් බව ඔවුන් දැන සිටියේ ය. එමෙන්ම කිරලකු වැව් තාවුල්ලේ ජලයට ආසන්නයෙහි බිත්තර දැමීම වර්ෂාව අඩු බවට ද , වැව් තාවුල්ලේ ඉහල කොටස හා කුඹුරු යාය අතර බිත්තර දැමීම සමාන්ය වර්ෂාවක් ලැබෙන බවට ද, කුඹුරු යාය තුල බිත්තර දැමීමද, වර්ෂාව අඩුවී නියං තත්වයක් ඇති වෙන බවට ඔවුන් නිගමනය කලහ.
දිවුල් ගසේ පලදාව වෙනදාට වඩා විශාල ලෙස වැඩිනම් ඉදිරියේදී නියං තත්වයක් ඇති වන බවද , අඹ ගසේ බොහෝසෙයින් වැඩිවීම අධික වර්ෂාක් ලැබෙන බවටත් එසේම අඹ ගසේ ගෙඩි ප්රමාණය අඩුවී ගෙඩියේ නැට්ට අඩියක් පමන දික්වී ගසත් ගෙඩියත් අතර දුර වැඩිනම් වර්ෂාව අඩුවන බව දැන සිටියේ ය, එමෙන්ම අඹ ගස සම්පූර්ණයෙන්ම රතුපැහැති දල්ලෙන් පිරුණෙහිනම් නියගය හමාර වී සති දෙක තුනක් ඇතුලත වර්ශාව ලැබෙන බවත් ඔවුන් දැන සිටියෙය.
කිරලෙකු රාත්රියෙදී පොලොවට ආසන්නයෙන් ගමන් කරමින් කෑ ගසයි නම් උරෙකු,ගෝනෙකු.බල්ලෙකු වැනි උස අඩු සතකු ගමන් කරන බවටත්,කිරලා ගස් මුදුන් දක්වා ඉහලින් කෑ ගසන්නෙ නම් මිනිසකු ගමන් කරන බවටත්, කිරලා ඉහල අහසට නැග කෑ ගසන්නේ නම් අලියෙක් ඇතෙක් ගමන් කරන බවටත් කිරලාගෙ නාද රටාවෙන් පැරනි හෙලයා දැන ගත්තේය.
කුඹුරේ ඇති කිවුල් දිය සහ ලවනයන් මී ගස් මගින් උරා ගන්නා නිසා ඔවුන් මී ගස් කපා දැමුවෙ නැත.එසේම මී ගසට එන් වවුලන්ගෙ වසුරු කදිම පොහොරක් විය.අසල ඇති මා දං ගසට එන කුරුල්ලන්ගෙන් කුඹුරේ කෘමි හානිය තුරන් විය.එහෙයින් ඔවුන් එවා රැක ගත්තෙය.එසේම වී වැපිරිය යුතු කාලයන්ද ඔවුන් මනාව දැන උන්නේය. එසේම ඉතා සාර්ථක ආහාර ගබඩා ක්රමද ඔවුන් සතු විය .මේසා විශාල දැනුම් සම්බභාරයක් වියකි ගිලිහි යාමට නොදී රැකගෙන මතු පරපුරට දයාද කිරීම ඔබ අප සැමගේ යුතුකම නොවන්නේද..?

- copied from සාර බුමි



A day in the life