පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, June 07, 2022

කාලෙකට පස්සේ.



කාලෙකට පස්සේ .



 

බොහෝම කාලයකින් සටහනක් මීදුමට වියමන් කලේ නැහැ. වියමන් නොකරපු කාලේ බොහෝම විපර්යාසයන් සිද්ධවෙලා තියෙනවා. අළුත් රජයක් අළුත් ජනාධිපතිවරයෙක් ඇවිත් අද වන විට ඒ ආයතන දෙකම අර්බූදයට ලක්වෙලා. රටත් අර්බූදයට ලක්වෙලා. ජනතාවගේ ආහාර, ඇදුම් පැළදුම් පවා ඒ අර්බූදය විසින් ගිල ගෙන.

අපේ බලාපොරොත්තුව රට දියුණු වෙනවා දකින්න. රට දියුණු වෙනවා නම් ජනතාවගේ ආර්ථිකය, මානසිකත්වය දියුණුවට පත්වෙනවා. ඒත් අද මේ සියල්ල පරිහාණියට පත්වෙලා. දියුණුවට ජනතාවත් කැපවීමකට ලක්වෙන්න ඕන. ජනතාවට ආදර්ශයක් වෙන්න පාලකයොත් කැපවීම් කරන්න ඕනි. පාලකයෝ දක්වන්නේ කකුළු න්‍යායක්. ඔවුන් හරහට යන ගමන් ජනතාවට කෙලින් යන්න කියනවා.

සහනාධාර මත රැදී රටක් දියුණු වේද ?. මෙයත් ප්‍රශ්නයක්.

අධ්‍යාපනය , සෞඛ්‍ය , නොමිලේ ලබා දෙනවා.  ඉන්ධන , විදුලි බිල .වතුර බිල වැනි දේ සදහා රජය සහන සලස්වනවා. මේ සහනාධාරයන් ඒ ඒ ආයතනයන්ට කපා හැරියොත් මිළ ඉහල යනවා. ජනතාව මේ ක්‍රමයට හුරුවෙලා. මේ ක්‍රමයෙන් බැහැර වෙන්න ගියාම ආණ්ඩුව කරන අයගේ අම්මා අප්පා මතක් කරනවා.

ආණ්ඩුව ලෝකේ වටේ දුවනවා ණය......ණය .........ණය හොයා ගෙන ජනතාවට කන්න දෙන්න. ඉන්ධන අඩු මිළට හොයා දෙන්න. මේවා නිෂ්පාදන පිරිවැය නෙවෙයි. පරිභෝජන පිරිවැය. කාලා බීලා , වාහනෙන් රවුමක් ගියාම ණය වාෂ්ප වෙලා යනවා. ආපහු ගෙවන්නේ කොහොමද ?.

මේ සහනාධාර දෙන ක්‍රමවේදය රටකට ඔරොත්තු දෙන්නේ නැහැ.සහනාධාර සැපයිය යුතු කොටස් ඉන්නවා. ඒත් අද වෙන්නේ සහනාධාර නොදිය යුතු කොටසටත් සමගම සියල්ල සහනාධාර සැපයීම. ඉන්ධන තැන හිතමු . V8 පදින අයට වගේම ස්කූටරයේ තෙමි තෙමී අවුවට කර වෙවි  යන කෙනාටත් ලැබෙන්නේ එකම සහන මිලට ඉන්ධන.

ඉන්ධන විතරක් නෙමෙයි. සෞඛ්‍ය පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ. අධ්‍යාපන පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ.

මේ දිගට සාකච්ඡා කල යුතු මාතෘකාවක්. කලකට පසු මීදුමට ආ මම දිගටම වියමන් කරන්න බලාපොරොත්තු වනවා. අපි හමුවෙමු. නැවතත්.

 


notes of imaginary

Friday, December 24, 2021

අපි සහ විජය

notes of imaginary                                                        "අප විජයගෙන් පැවතෙන්නමෝ වෙමු" යැයි යන්න ප්‍රකට මතයයි.
මට අනුව නම් එය මහානාම හිමියන් විසින් විරචිත ෆික්ෂනයකි.

එය ඇත්තක් නම් අප ලැජ්ජා විය යුත්තමෝ වෙමු.
මන්දයත් ,
විජය වූ කළී සිංහබාහු සිහ සීවලී සොයුරු සොයුරියන් නොහොත් 
සහ උදරයන්ගේ දරුවන් වන්නෙමු.
එමතු නොව ඔවුහ තිරිසන් මිනිස් සංවාසයක ප්‍රතිඵලයක් වන්නාහුය.
එම මව කුළ කාන්තාවක් වන මුදු
හිතුවක්කාරියක වෙයි.
දෙමාපිය අණ නොතකා අයාලේ ගිය එකියක වෙයි.
තිරිසනෙකු සමඟ සහවාසයේ යෙදුනේද වෙයි.

අනික විජය වනාහී මවු රටෙන් පිටු වාහල් කරන ලද්දෙකි.
මෙරටට සහ පිරිවර සමඟ එන විජය
ස්වදේශික කාන්තාවක් සමඟ පෑහී
ඇගේ ඥාති සමුහයා මරා දමන්නේ 
ඔවුන් නිරායුධව සිටින මොහොතකය!

මෙම කතා පුවත හය වැනි සියවසේ රචිත මහනොම හාමුදුරුවන්ගේ
අතේ රෝලකි.
උන් වහන්සේ මහා වංශය රචනා කරන්නේ
ඉතිහාසය ලියා තැබීමට නොව
දුටු ගැමුණු "පොර"කිරීමටය.

ප්‍රශ්ණය සිංහල ජාතියේ උපත පිළිබඳව
මීට සියවස් හතරකට පමණ පෙර ලියැවී ඇති
තවත් පොතක් ඇතද,
එය මතු නොවීමය.

"දිව්‍ය දානය" එම කෘතියයි.
එහි එන කතා පුවත කෙටියෙන් මෙසේය.
එක් රටක "සිංහල"නම් නරපතියෙක් විය.
ඔහුට එම නමින්ම යුත් පුතෙකු විය.
මෙ පුතාට විදේශ වෙළඳාමේ යෙදෙන්නට  සිතෙයි.
එය පියාට පවසයි.
පියා පවසන්නේ තමා ඉපයූ ධනය
මියෙනතුරු ජීවත් වීමට සෑහෙන බැවින්
වෙළඳාමේ යාම නොකළ යුතු බවයි.
නමුත් තම මතයේම එල්බ ගන්නා සිංහල කුමාරයා
තවත් වෙළඳුන් පිරිසක් සමඟ
මෙරටට පැමිණේ.
මෙරට කුමරියක සමඟ අවාහ වන ඔහු
නව ජෙනරේෂනයක් අරඹයි.
එහි වසන යක්ඛ,නාග,දේව,ආදී ගෝත්‍රිකයන් සමඟ
එකඟතාවයකට පැමිණ "සිංහල රට"නමින් නාමකරණය කරයි.

මෙම කතා පුවත් දෙකෙන් මම විස්වාස කරන්නේ
දිව්‍ය දානයේ එන දෙවන කතා පුවතයි.  *****    කමල් පී අලහකෝන් මහතාගේ අදහසකි   .                 

Wednesday, February 10, 2021

පිලේ පැදුර හේනට අරගෙන යනවා




පිලේ පැදුර හේනට අරගෙන යනවා

එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා

රටා වියපු අත් දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

 

ඉර පායා ඉර අවරට ගියදෝ

සද පායා සද අවරට ගියාදෝ

හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ

හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ

ළමා ලපටි නෑනා කොයි ගියාදෝ

 

ඔබේ කරට මල් මාලා ගොතන්නට

මදු මල් පිපෙනවා හේනේ වැට දිගට

 ඔබේ කටින් ගී සීපද අහන්නට

ඔබේ කටින් ගී සීපද අහන්නට

තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

 

පිලේ පැදුර හේනට අරගෙන යනවා

එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා

රටා වියපු අත් දෙක මට සිහිවෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

 

-ආචාර්ය අමරදේව




notes of imaginary