පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, April 14, 2019

සිහිනයක්වු රැයක්.

යන්න මේ අඩවියට.
http://www.rupavahini.lk/index.php?option=com_content&view=article&id=22676:2019-03-17&catid=168&Itemid=529

පරාක්‍රම කොඩිතුවක්කු.


දේශපාලන මාරුවක් නිසා අති දුෂ්කර පුංචි පාසලකට එන ගුරුතුමෙක්. ඔහු මාරැව උපේක්‍ෂාවෙන් බාර ගෙන දුෂ්කරක් ක්‍රියා කරන්නට පටන් ගන්නවා. ප්‍රධාන පාරේ සිට හැතැම්ම පහක් විතර කන්ද නගින ඔහු තට්ටය දහඩියෙන් පුරෝගන  පාසලට එනවා. ආයෙත් පාසල අවසන්ව පල්ලන් බහිනවා ඒ හැතැම්ම පහ.දාඩිය පෙරා ගෙනම. ඒත් තට්ටය වසා ගත් කැප් තොප්පිය ගැලවෙන්නේ නෑ. මේ පාසලේ එකල ඔහුත් අනෙක් ගුරුමණ්ඩලයත් එකතුව සිසුන් විසි පහක් ඉන්න ඇති. 
මතකය නිවරදි වන්නේ නම් ධාර්මිෂ්ඨ පාලන සමයේ තමයි මේ සිද්ධිය වෙන්නේ.

මේ ඔල මොට්ටල වැඩේට දායක වුන ඇත්තෝ බුද්ධිය සිරගත කලේ ඒ විදියටයි. 
ධාර්මිෂ්ඨ පාලනයේ වැරද්දම නෙමෙයි ඔල මොට්ටල ප්‍රාදේශීය මොට්ටයන්ගේ බුද්ධියේ මහිමය.
මේ සොදුරු ගුරුතුමන් මට හමුවන්නේ එවකට අප ඇසුරු කල එරත්න පදිංචි කෘෂිකර්ම උපදේශක සෙනවිරත්න  යන්ගේ මැදිහත් වීමෙන්.
දැන් අපි ඔක්කොම හැත්තෑවේ දශකයේ මුණුපුරන් දකින සීයලා.....

ඔහුගේ හඩට සවන් දෙන්න. එදා හඩමයි...........තවමත්.



notes of imaginary

Monday, April 08, 2019

බෙලිහුල්ඔය - සටහනක් .


හාගල කන්ද මුදුනේ සිට 

බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම් මීට වඩා අඩු කාලයක් ගන්නවා.
බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ   ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක  99, රත්නපුර සහ බලන්ගොඩ  සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.

කාලගුණය 
සෙල්සියස් අංශක 230-280  අතර වෙනස් වෙන පරිසර උෂ්නත්‍වය ක් පවතිනවා.
වැහි කාලගුණය      සැප්තැම්බර් - ජනවාරි
                          මාර්තු- මැයි
වියලි කාලගුණය ජනවාරි 15 - මාර්තු අග දක්වා
ජුනි සිට සැප්තැම්බර් දක්වා

බෙලිහුල්ඔයට එන  ඔබට හමුවන  සුන්දරවු ස්ථාන

බෙලිහුල්ඔය - ඔයට               
හිරිකටුඔයට දුර              
සමනල වැව දුර             
ඹමරකන්ද ඇල්ල             
පහන්තුඩා ඇල්ල             
දුවිලි ඇල්ල  - තන්ජන්තැන්න        
සුරතලී ඇල්ල                    
දියවිනි ඇල්ල    - දියවින්න         
ගැරඩි ඇල්ල - මස්වැන්න
වලවේ ගගේ අලිකට - යහලවෙල
ලංකා ඇල්ල
බේකර්ස් බෙන්ඩ්
රන්මුදු ඇල්ල
ගලගම ඇල්ල (කැතිගාන ඇල්ල )


‍ඓතිහාසික  වැදගත්කමක් ඇති ස්ථාන.
දියවින්න ( නයිගල )        
කරගස්තලාව රජ මහා විහාරය    
තුඹතැන්න පන්සල               
කූරගල                  
බුදුගල රජ මහා විහාරය              
හදගිරිය -බෙල්ලන්බැදි පෑලැස්ස
               -බලංගොඩ  මානවයා වාසය කල ප්‍රදේශ
ශාන්ත මුණිදුන්ගේ දේවස්ථානය     
ශ්‍රී සුදර්ශන මහා විහාරය         
භාවනා මධ්‍යස්ථානය         
කල්තොට පුරා විද්‍යා භුමිය
ගල්ටැම්යාය පුරාන භුමිය -තන්ජන්තැන්න
දියවින්න දේවගිරි රජමහා විහාරය - දියවින්න
බෙලිගල රජ මහා විහාරය  පල්ලෙකන්ද
මහවලතැන්න වලව්ව - මහවලතැන්න
වෙහෙරගල - මැදබැද්ද
ශෛලතලාරාමය - බලන්ගොඩ
කොට්ටිමුල්වල රජ මහා විහාරය
හල්දුම්මුල්ල පෘතුගීසි බලකොටුව

බෙලිහුල්ඔය නවාතැන් ගතහොත්  මේ ස්ථාන වලටද ගොස් ආපසු එදිනම නවාතැනට ආ හැකිය.

ඇඩිසම් බංගලාව
හෝර්ටන් තැන්න                
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය       
හාගල කන්ද              
පරෙයියන්ගල කන්ද         
වවුල්පනේ - හුණුගල් නිධිය        
උඩ වලව ජාතික වනෝද්‍යානය
පුස්සදේව සොහොන
සංකපාල රජමහා  විහාරය
කන්දේවිහාරය - හපුතලේ

ඇත් අතුරු සෙවන


notes of imaginary

Saturday, March 30, 2019

ස්තුතියි !.



කාලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ.
පසුගිය දිනක මට මුණගැහුන යුවලක පිලිබද මතකය ඉතිරිව තියෙනවා.
ඔවුන් දෙදෙනාම කෘෂි විද්‍යා උපාධිධාරින්..........
එක් උදෑසනක  අවන්හලේ උත්සව ශාලාව වෙන් කරගන්න මේ යුවල පැමිණ සිටියා. මම කතා බහට යොමු වුනේ සාමාන්‍ය රාජකාරියක් ලෙසට.
ඔවුන්ට කතා කරන්න ඉඩ දීලා මම අසා සිටියා.
කොන්ඩේ සුදු රැලි වැටි ගෙන එන මගේ සිරුර නිසාදෝ  ඔවුන්ගේ අංකල් බවට මම පත්වුනා.
මට ඔවුන් පුතෙක් සහ දුවෙක් වුනා.
ශාලා පරිශ්‍රය නිරීක්‍ෂණය කිරීමෙන් පසු මගේ පැකේජය ගනන් හිලව් කතා බහට යොමුවුනා. මේ දෙන්නම අනවශ්‍ය වියදම් වලට කැමැත්තක් තිබුනේ නැහැ.
කලින් යොදා ගත් දවසක විවාහය ලියාපදිංචි කිරීමත් චාරිත්‍ර වාරිත්‍ර  නිවසේදි සරලව කිරීමත් මෙ දෙන්නාගේ සැලසුමක්.
නිවාඩු දවසක ( සෙනසුරාදා ) කුඩා පිරිසකට පුංචි සාදයක් ඔවුන්ගේ සැලසුම උනා.
මගේ ව්‍යාපාරික අරමුණු බිද ගෙන ඔවුන්ගේ අරපිරිමැස්ම අගේ කරන්න මට හිත හදාගන්න පුළුවන් උනා.
නියමිත දිනයේදි  උත්සවය චාම් උනත් ගරු ගාම්භීරත්වයෙන් නිමවුනා.
ස්තුතිය පලකරන්න ( thank you card එක වෙනුවට) සහභාගී වුන සැමට ලැබුනේ ලස්සන ඇසුරුමක බහාලු දෙළුම් පැල දෙකක් !.

හිතා ගන්න පුළුවන් නේද උත්සවය කොයිතරම් නැවුම් අන්දමින් පැවතුනාද කියලා !.

notes of imaginary