පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, June 27, 2014

සදකඩපහන THE HALF MOON STONE


අර්ධ වෘත්තාකාර ශෛලමය නිර්මාණයක් වූ සදකඩපහන පූජනීය ස්ථානයන්ට පිවිසෙන දොරටුවේ පියගැට පාමුල කර ඇති නිර්මාණයකි.  වර්තමානයේ අප යොදන පාපිස්නක් ආකාරයට පිහිටුවා තිබෙන කලාත්මක නිර්මානය කර ඇත. 
පුරාන ප්‍රභූ මාලිගාවන්ට පිවිසෙන ප්‍රධාන දොරටුවේ පාමුලද සදකඩ පහනක් සකස් කර තිබු බව සමහරක් මාලිගා නටබුන් අතර නිරීක්ෂණය කලහැකිය. සදකඩපහනක දෙපසින් මුරගල් දෙකක් සමග ආරක්‍ෂක බැම්මක්ද ඉදිකර ඇත.
සදකඩපහනක වැදගත් කම ඇත්තේ එහි නිර්මානත්මක තේමාව තුලය. අර්ධ වෘත්තය කොටස් පහකට වෘත්තාකාරව බෙදා ඇත.

1. පිටත සිට පලමු කවාකාරයේ පලා පෙති / ගිණිදැල් නෙලා ඇත.
2.
දෙවෙනි කවාකාරයේ ඇත්,ගව,සිංහ,සහ අශ්ව යන සතුන් එකිනෙකා පරයමින් දිවයන ආකාරයක් නිරූපනය කරයි.
3.
තුන්වන කවාකාරයේ ලිය වැලකි.
4.
හතරවන කවාකාරයේ නෙළුම් කැකුලක් හොටින් ගත් හංසයින් පේලියකි.
5.
අවසාන කුඩා අර්ධ වෘත්තාකාර කොටස පද්මයකින් ( නෙළුම් මලකින්) සම්පූර්නවේ.
මෙ අකාරයෙන් වෙන් වන කොටස් පහ නිරූපනය කරන අරුත ආචාර්ය සෙනරත් පරණවිතානයෝ දකින්නේ පහත ආකාරයටය.
1. ගිණිදැල් තෘෂ්නාවෙන් දැල්වෙන බව .
2.
සත්ව රූප ජාති ජරා වයාධි ,මරණ .
3.
ලිය වැල තෘෂ්නාවෙන් වෙලි සිටීම.
4.
හංස කැටයම ඉහත කරුනු වලින් මිදී ශාන්තිය සොයා යාම.
5.
පද්මය පාරිශුද්ධවූ නිර්වාණය.
අනුරාධපුරයේ ථුපාරාමය,මහසෙන්මාලිගය,දළදාමැදුර,බිසෝමාළිගයසහ පොලොන්නරුවේ වටදාගෙය,වටදා ගෙය උතුරු දොරටුවේ ඇති සදකඩපහන අපට ඉතාමත් පැහැදිලිව දක්නට ලැබෙන නිර්මානයෝ වෙති.

පොලොන්නරුවේ සදකඩපහන තුල හින්දු ආභාසය දක්නට ලැබෙන අතර ගොන් රූපය ඉවත් කර ඇත.ගවයා හින්දූන් ගේ පුජණිය සත්වයෙකු  වු නිසා මෙසේ සිදුවන්නට ඇත.

මේ ලිපිය මා 2010 අප්රේල් 13 වෙනිදා  කඩුල්ලට ලියුවකි. දැන් කලක සිට මට කඩුල්ලට යා නොහැක.කිසියම් පරිඝණක අවහිරයක් විසින් මා කඩුල්ලෙන් ඈත් කර ඇත.ඔබටත් එසේ විය හැකි නම් මෙවැනි ලිපි කියවිය නොහැකි බැවින් මීදුමේ නැවත පලකිරීමෙන් යම් සේවයක් විය හැකියයි සිතුවෙමි.
notes of imaginary

Tuesday, June 03, 2014

මේවත් ඉතින් අලකලංචි තමයි.




මේ සතියේ පලාමල්ල දිග අරින්න මාධ්‍ය  හෙඩිම් දෙකක් හොල්මන් කලා . එකක් පොදු අපේක්‍ෂකයා ගෙන් මාරු වුන  මෝදී සහ ශ්‍රී ලංකාව. අනික පොලිසිය.
මාසයක් විතර පොදු අපේක්‍ෂකයා කර ගහගෙන නටාපු මාධ්‍ය පසුගිය  සති අන්තය වන විට පොදු අපේක්‍ෂකයා බිම තියලා මෝදිත් සමග 13 වන ව්‍යවස්ථා සංශෝධනය කරට අරගෙන. මෝඩි..................මෝඩි කියලා ලියාපු පෑන දැන් ලියවෙන්නේ මෝදී කියලා ?. කවුරුන් හරි නියෝගයක්වත් දුන්නද ?  මෝඩි නෙමෙයි ඕයි............ මෝදි කියලා.
ආණ්ඩුක්‍රම සංශොධනයක් කරන්න ඔනී කියන කතා බහකුත් තියෙනවා. විංශ්ෂයෙන් පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති ධුරයක් ඇති කලයුතුයි කියන මතවාදය දැන් ආයෙත් කරළියට ඇවිත්. ඔය තනතුර නැති කරන්න අපි ජනාධිපතිවරු කී දෙනෙක් පත් කලාද ?. ධාර්මිෂ්ථ සමාජයක් බිහි කල ජේ.ආර් මහත්තයාගේ වත්තෙන් කපා ගත් උක් ගහ තාම හපනවා. ඒකේ රසේ දන්නේ හපන කෙනා විතරයි. අනිත් අයට පේන්නේ උක් දණ්ඩේ වට ප්‍රමාණයයි. දිගයි. ඕක කවදාවත් විසිකරන්නේ නෑ. මම ඇවිත් විසිකරනවා කියන උදවියත් හපන්න ගත්තම අත හරින්නේ නෑත.
අපි හීල්ළුවට වැඩක් නැහැ. උක් දඩු හපන අයට ඕන විදියට වැඩ කෙරෙයි.
පොලිසිය ගැන ලියන්න ගන්න කොටම මතක් වෙන්නේ අපේ පොලිස්පති තුමා. උන්නැහේ අපේගම් පලාතේ කෙනෙක්. කාලෙකින් හිතට හරියන පොලිස්පති කෙනෙක් දැක්කේ එතුමාගෙන්. හොද හොදටම වැඩි හින්දද කොහෙද එතුමාගේ පොලිසියට නින්දා අපහාස කරන අය නම් බොහෝම වැඩියි. ‍
මාර්ග නීතී සත පහකට ගනන් නොගෙන ගමන් බිමන් යන සත්‍ව කොට්ඨාශයක් ශ්‍රී ලංකාව නිජ බිම් කොට ඉන්නවා කියලා අපේ පොලිස්පතිතුමා එයාගේ පුංචි එවුන්ට කියලා දීලා නැහැ. මේ සත්‍ව කොට්ශය ඉන්නේ දඹානේ නෙමෙයි. දඹානේ ඇත්තො විනය ගරුකයි . ඒත් මේ සත්‍ව කොට්ඨාශයට විනයක් නැහැ. මේ ලගදී ( 01 දා වෙන්න ඔනී )  අධිවේගී මාර්ගයේ කොට්ටාව රථවාහන පොලිස් ඒකකයේ සේවය කරන රාළහාමි කෙනෙක් මේ සතෙකුට මාර්ග නීතී කියා දෙන්න ගිහින් දහ දුක් විදලා ගත්ත තමන්ගේ පුංචි නැනෝවත් ගිණි තියාගෙන රෝහ‍ලෙත් ලගින්න සිද්ධ වෙලා !.මේ අපරාධය කලේ කවුරුද කියලා  සටහන ලියන මේ මොහොත දක්වා හෙලි කරගන්න පොලිසියට බැරි වෙලා. සමහර විට හෙලි නොවන්නත් ඉඩ තියෙනවා.
වැරදුන දේ වැරදුනාවේ.
මීදුම පොලිස්පති තුමන්ට පොඩි පහේ යෝජනාවක් කරනවා. එතුමාත් දන්නේ නැත්නම් මේ සත්‍ව කොට්ඨාශය ගැන හදුනා ගන්න පුංචි හොඩුවවල් කීපයක් කියන්නම්. මේ ඇත්තෝ අපි වෙනුවෙන් බොහෝම දුක් මහන්සිවෙලා වැඩ රාජකාරි කරනවා. වෙලාවට කෑමක් බීමක් ගන්න තරම් ඉඩක් නැහැ.
 දිනපොතේ පිටු පෙරලලා බැළුවොත් විනාඩි දහයෙන් දහයට එපොයිමන්ට් . ( ඒත් ඒවා දිනපොතට විතරයි .) එක එපොයිමන්ට එකක් දොම්පේ තියෙන කොට අනික තියෙන්නේ ඒරොප්පේ. ඉතින් වාත වේගෙන් පස්ස ගිණිගත්ත බල්ලෝ වගේ එහාට මෙහාට දුවන්න සිද්ධ වෙනවා.  එතකොට කොහොමද අනිත් ගමනා ගමනයන්ට අවහිර නොවන විදියට හරියට නීතියට ගමනා ගමනය කරන්නේ ?.
මේ වගේ වෙලාවට අර පිස්තෝලයක් මානා ගෙන පාරදිගේ තමන්ගේ වරිගේ ( වංශෙ වෙනස් ) අයටම වෙඩි තියන්න දුවපු සත්‍වයා දිහා බලා හිටියා වගේ කටයුතු කරන්න පොලිස් පොඩ්ඩන්ට උපදෙස් දීම වැදගත් වෙනවා.


notes of imaginary