පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, November 22, 2010

මිථුන ලග්නය

මීදුම මෙවර අවධානය යොමු කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ගති ස්වභාවයන් පිළිබදව එකතු කර  ගත්  තොරතුරු වියමනට එක් කිරීමටයි.  
යාළු මිත්‍රයෝ බොහෝ දෙනා එක් රැස්කර ගන්නා එම යාළු මිත්‍රයන්ගේ තරාතිරම නොබලන මානව හිතවාදී සිතුම් පැතුම් ඇත්තෝ වීම මිථුන ලග්න හිමියන්ගේ සුවිෂේශවු ලක්‍ෂනයකි. මිථුන ලග්න හිමියන් ට අදහස් උදහස් ප්‍රකාශ කිරීමේදී තමා බොහෝ ඇසු පීරු ඇති තැනැත්තෙක් බව අසන්නන්ට ඒත්තු ගන් වන  එහෙත් ප්‍රකාශවන මට්ටමට ඇසු පිරූ තැන් නැති  කථිකත්‍වයේ දක්‍ෂ පුද්ගලයෝ වෙති.
ආරම්භයේදී සැලසුම් සකස් කරන එහෙත්  සකස් කරන ඉලක්කයට යාමට උනන්දුවක් නැති,කිසිවක් ක්‍රමාණුකූලව නොකරන චරිත ලක්ෂණ පෙන්නුම් කරනු ලැබීමත්     මෙම ලග්න හිමියන්ගේ  ස්වභාවයකි. දක්ෂ කථිකයෝ  කලාකරුවෝ  නිර්මාණ කරුවෝ සංගීතඥයෝ මකර ලග්නයෙන් බිහි වෙති
විරුද්ධ ලිංගිකයන් වෙනුවෙන් තම ධණය කාලය නොමසුරුව වියදම් කරයි. සංචාරයේ කැමත්තක් දක්වයි. අත් දැකීම් පළපුරුදු නොමැති වුනත් ඕනෑම වැඩකට නොබියව අත ගසයි. එහෙත් ඉලක්කයට යාමට පෙර ආරම්භ කළ  වැඩ අවසන් කිරීමට පෙර  ඒවා අත්හරී.

Thursday, November 18, 2010

නිහඩ සිතිවිල්ලේ කල්මරණ වෘෂභ ලග්නය.


අන් අය අතර කැපී පෙනෙන්නට උත්සහා කරන ඇදුමෙන් පැළදුමෙන් පවා අන් අය අභිබවා විසිතුරු බව ප්‍රදර්ශණය කිරීමට  කැමති විම  වෘෂභ ලග්න හිමිකාරයන්ගේ  චරිත ලක්‍ෂණයකි.තමන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් අන් අයට හෙළිවනවාට මොවුන් කැමැත්තක් නොදක්වයි. සියල්ල හිත තුල රදවා ගෙන කටයුතු කිරීම දක්නට ලැබෙන ස්වභාවයකි.සමාජ ඇසුරේදී වැඩි කතාබහක් නොමැති නිහඩව සිතිවිල්ලේ සිටීමට දක්‍ෂයෝ වෙති.
මිත්‍රයන් ඇති කරගැණීමේදී සහ සමාජ සම්බන්‍ධතා ඇති කරගැණිමේදි බෝහෝ පරිස්සමින් සිතා බලා සම්බන්‍ධතා ඇති කරගනි.තම ඇසුරු කරන අයගෙන් ඈත්වීමට සිදුවන අවස්ථා වලදීද හිතා බලා  එසේ  සිදු කළ යුතුමනම් එම තීරණයට එළඹේ.
අභියෝගයන් ජයගෙන ඉදිරියට යාමට  වෙර දැරුවත් කඩිසරව එම කටයුතු වල  නියලීම නොකර හෙමින් සීරුවේ අරමුණු කරා ලංවීමට උත්සහා දරයි. මිළ මුදල් වියදම්   කිරිමේදී ලෝභ ගතියක් දරයි. තර්කාණුකූලව කතා කරයි. තමන් අන් අයට වඩා උසස් බව සිතමින් කැපී පෙනෙන්නට උත්සහා දරයි.

Monday, November 15, 2010

මේෂ ලග්න හිමියෝ සටන් කාමී ය.


පිලිවෙළින් වියමන් කළ ලග්න හිමියන්ගේ ස්වභාවය දක්වන වියමන්  මින් පසු පිළිවෙළට ඉදිරිපත් කිරීමට මීදුම අදහස් කරයි. මෙම දත්තයන් මීදුම කියවු පොත් කිහිපයක් සහ සතිපතා පළවු  ජොතිෂ්‍ය පත්‍ර වල පළ කර තිබු දත්තයන් ආශ්‍රයෙන් නැවත වියමන් කරන ලද ඒවා බව සටහන් කරමි.

ඔබත් මෙම දත්තයන් ආදේශ කරමින් ඒවා පිළිබදව අධ්‍යයණයක් යෙදෙමින් ප්‍රතිචාර දක්වන්නේ නම් මැනවි.කේන්දරයක අනාවැකි කියවන ප්‍රවීණයෝ විවිධ කොණයන්ගෙන් කේන්දරය බලමින් තොරතුරු හෙලි කරන අතර මෙය සරලවු ශාස්ත්‍රයක් නොවන බව පොත පත අධ්‍යයණය කරන  විට පැහැදිළිවේ.ලිපියක් දෙකක් කියවීමෙන් අත්දැකීම් ලබා ගත නොහැකි අතර මීදුම ද එවැනි අත්දැකිම් නොමැති පර්යේෂකයෙකි. 

ඉඩකඩ ඇති විට සහ පාඨක ප්‍රතිචාරද නිරීක්‍ෂනය කරමින් දිගු වියමන් පෙළකට පිවීසීම මීදුම අදහස් කරන්නකි.

කැපී පෙනෙන පෞරුෂයක් හිමි  මේෂ ලග්න හිමියෝ සටන්කාමී අදහස් උදහස් දරන්නෝ වෙති. ඉලක්කයන් ඇති කරගැණිමටත් ඉලක්කයන් කරා යාමටත් දක්‍ෂයෝ වෙති. ආත්මාර්ථකාමි අදහස් ඇති මොවුන් තම සුඛ විහරණය අන් අයගේ සැපතට පැවරීමට මැළි වෙන ගති ලක්‍ෂන ඇත්තෝ වෙති.කඩිසර , කීර්ති ප්‍රසංශා අඹා යන සැම විටම මුල් තැන ගෙන කටයුතු කිරීමට උත්සහා කරන මේෂ ලග්න හිමියෝ ආඩම්බර යෙන් යුතුව ජීවත්වීමට කැමැත්ත දක්වන්නෝ වෙති.

වාද විවාද නොඉවසන හොදින් බැරිනම් නරකින් හරි තම ඉලක්කය ඉටු කර ගන්න  කැමති මේෂ ලත්න හිමියන් සණ්ඩු සරුවල් වල පැටලීම නම් සුදුසු නොවෙයි. “ තලා පෙලා හෝ දිනන්න බලයි.”එම ස්වරූපය නිසාම කරදරයන්ට මැදිවේ. ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ස්වයං රැකියා ආදියේ යෙදීමට කැමැත්තක් දක්වන ස්වාධීනව කටයුතු කිරීමට කැමැත්ත දැක්වීම වැඩිහිටි වයසට පත්වක මේෂ ලග්න හිමියන්ගේ ලක්‍ෂණයකි.