පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, December 14, 2009

බොඳ වී යන සිහිනය .

දේශපාලනයට පිවිසෙන විට සාදරයෙන් පිලි ගත්ත ජෙනරාල් වරයා අද දේශපාලන ළදරුවෙක් වෙලා.
දඹ රන් පිළිරුවක් ලෙසින් ජනතාව අතරට පත් ඔහු ඒ පිළිරුව රනින් නොව තඹ වලින් කර රන් ආලේප කල පිළිරුවක් බව ජනතාවට පෙන්වා දෙමින් සිටිනවා. දවසින් දවස ඒ තඹ දේශපාලන වා තලයේ ඇති ඔක්සිජන් සමග ගැටෙමින් තම පිළිරුව මත තඹ ඔක්සයිඩ් ආවරණයක් සදා ගනිමින් තම ප්‍රතිරූපය විනාශ කර ගනිමින් සිටිනවා.
සමූහව යුධ ක්‍රියා දාමයකට එක්ව රට වෙනුවෙන් කටයුතු කළ කණ්ඩායමක් අද දෙපස ට වී මඩ ගසා ගන්නවා. කෙනෙක් ගසන මඩ සෝදා හැරීමට අනෙකා කරුණු ඉදිරිපත් කරනවා. රටට හිතැති ව එක කණ්ඩායමක් ලෙස ගත් තීන්දු තීරණවල වගකීම් වල අප්‍රසන්න කොටස කලේ මම නොවේ කියලා කියනවා. ප්‍රසන්න කොටස මගේ කියනවා.

“වල් ඌ රෝ කැකුණ තල න කොට හබන් කුකුළන්ට මඟුල්” කියලා කතාවක් තියෙනවා.

රටට ප්‍රභාකරන්ගේ නික්ම යාම සටහන් කල අන්තිම දවස් ටිකේ ආ බලපෑම් අපට මතක් වෙනවා. ඉන් පසුව ඇමරිකාව ඇතුළු යුරෝපා ප්‍රජාව හැසුරුන අන්දමත් මහින්ද , ගෝඨාභය සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර යුධ අධිකරණයකට යොමු කිරීමට ගත් වෑයමත් අපට මතක තියෙනවා. ඒ අභියෝග ඉතාමත් සාර්ථකව විසඳා ගන්න මහින්දටත් මහින්දගේ රජයටත් මෙතෙක් හැකි වෙලා තියෙනවා. තවමත් ඒවා ඉවර වෙලා නැහැ. ඇමරිකාව ඉරාකයේ දී කලේ තමන්ට අභියෝග කල නායකයෙක් එල්ලා මරලා තමන්ට හිතැති පාලනයක් රට තුල ස්ථාපිත කර ගැණීම. මීදුම මෙම ජාත්‍යන්තර බාධක හඳුනා ගන්නේ මහින්දට පෞද්ගලිකව කරන බාධක ලෙසින් ම නොවෙයි. අද පැමිණිලි පක්ෂ‍ යේ සාක්ෂි‍ කාරයාගේ කොටස කරමින් ජෙනරාල් වරයා කරන්නේ මහින්දට තරවටුවකට වඩා රටට ‍ද්‍රෝහී වීමක්.

ජෙනරාල් වරයා කාගේවත් පොදු අපේක්ෂකකයා නොවී , ජනතාව ගේ පොදු අපේක්ෂකයා බවට පත්ව ජනධිපතිවරණයට තරග කලා නම් කොයි තරම් යහපත් ද කියලා මීදුම හිතනවා. අද දවසින් දවස ජනතා අපේක්ෂාව බවට පත් වෙමින් ලකුණු රැස් කරන්නේ මහින්දයි.

සරත් ෆොන්සේකා කියවන කතා පිටපත් රචනා කරන අය ජනතාවට චුවිංගම්, ‍බ්‍රෙස්ලට්, ඩෙනිම්,දීපු යුද්ධෙ පවතින අවස්ථාවේ පාමංකඩ, මැදවච්චි, ගිය තොප්පිගල කියන්නේ කැලෑවක් කියපු යුද්ධ කරන්න ඕනෑම ගොනෙකුට පුළුවන් යයි කියපු අය නම් , යුද්ධය උපරිම තලයක ප්‍රභාකරන් පීඩනයට පත් කරන විට පාර්ලිමේන්තුව අස්ථාවර කරමින් අයවැය පරාජය කරන්නත් ඒ මගින් යුද්ධය නතර කරන්න හැදු උදවියත් නම් එතුමාගේ චින්තනයත් ඒ අයුරින් නිර්මාණය වී ඇති බව ජනතාව හඳුනා ගනිමින් සිටිනවා.

ඒ නිසා පොදු අපේක්ෂතකයා ගේ ජනාධිපති සිහිනය දවසින් දවස බොඳ වී යනවා.

Saturday, December 12, 2009

’SORRY’ කර ගන්න එපා.

රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000/= කින් වැඩි කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පුකාශ කරයි. එතුමා වැදගත් හොද මහත්මයෙකි. ආවාට ගියාට පොරොන්දු නො දෙන බැවින් දෙගිඩියාවෙන් සිටින රජයේ සේවකයන් ට තීරණයක් ගැණීමට අත්වැලක් සපයා දී තිබේ.

ලංකාවේ සහල් මිල පාලනය කරන ගොවියාත්, පාරිභෝගිකයාත් සූරා ගෙන කන සමාගමක ගරු කටයුතු සාමාජිකයෙක් කලබල වී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් රුපියල් 10,000/=ක් දෙන්නේ කොහොම දැයි ප්‍රශ්න කරයි.
ආර්ථික විශ්ලේෂකයෝ කලබල වී මාධ්යන්ට පුකාශ නිකුත් කරමින් රුපියල් 10,000 X 120,0000 = 1200000,0000 ක් අවුරුද්දකට ගෙවන්නේ කෙසේ දැයි විමසති. මේක අවුරුද්දක් නොවේ රාජ්‍ය සේවයේ යලිත් වැටුප් යාවත්කාලීන කරන තුරු ගෙවිය යුතු වේ. ඉන් පසු වද නො නවත්වා වැටුප් වැඩිවේ.

මහින්ද ට ජවිපෙ පැත්තෙන් නිතර කරන වර්ජන තර්ජනත් පහ වී අනාගතයේ දී වර්ජන තර්ජන සදහා පහලවිය හැකියැයි අප බියට පත් කරවන ප්‍රකාශ මගින් පෙන්වා දෙන හමුදා මැදිහත් වීම් ආදී යත් ඇති නොවන පුවේශයකට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් හොද උත්තරයක් දී තිබේ .

වැඩි වැටුප් ලාබෙන විට මොන වර්ජන තර්ජන ද ?. දැනට අවම වැටුප රුපියල් 14,000/= පමන වන සේවකයෝ එක්වර රුපියල් 24,000/= ක වැටුපකට හිමිකම් ලැබෙන විට එය නම් කෙතරම් අසිරියක් ද ?.

වැඩේ සිම්පල් බව නම් මීදුම දනී. ඇති තැන් හඳුනා ගෙන නැති තැනට යොමු කල විට වැඩේ කෙරේ. එය කල හැක්කේද ජවිපෙටත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත් පමනි.

120,0000ක්වු රජයේ සේවකයන් සහ පවුල් වල සාමාජිකයෝත් ජනාධිපතිවරණයේ දී තීරණයක් ගැණීමට ලබා දී ඇති මෙම අත්වැල නම් අවධාරණයට ලක් කල යුතු වේ.

කපුටා සහ කේජු කෑල්ලේ කතාව සිහිපත් වී මෙන් මහින්දට ඡන්දය දෙන්න හිත හදා ගත්තොත් වැඩි වෙන රුපියල් 10000/=ට ‘සොරිම තමයි”

Monday, December 07, 2009

දැන් රග දැක්වේ.....“ජවිපෙය”

ජනතා විමුක්ති පෙරමුනේ මහත්වරුන්ගේ හැසිරීම් රටාව ජනතාවට විහිළු සපයන රංගනයකට පත්වී තිබීම මීදුම වර්තමානයේදී දකියි.අතිතය හරබර තාර්කික දේශපාලන සංවාදවලට ජනතාව යොමු කල පක්ෂයක් අද බුද්ධිමය බංකොලොත්භාවයකින් නන්දොඩවමින් අපේක්ෂා භංගත්වු බවට පත්වු ප්‍රදර්ශණය කරමින් වෛරය ද්වේශය කෝපය වේදිකාවේ මුදාහරිමින් සිටී.මේ වෙනස එතුමන්ලා බුද්ධිමය පරිහාණියකට පත්වී ඇති බව දක්නට ලාබෙන ලක්ෂණයකි.

සෝමවංශ අමරසිංහ මැතිතුමා ( සහෝදරයා ලෙස වර්තමානයේ හදුන්වන්නට මීදුම අකමැති වෙයි. ) විදේශීය සංචාරයකට ගොස් අපේ මවුරටට ගොඩ බැස්ස මොහොතේ වික්ටෝරියානු ක්‍රමයට අත් දෙකෙන්ම ඇගිලි වලින් “ V ” අකුර පෙන්වා ජයග්‍රහනය සංකේවත් කරමින් ඔහු සංචාරය කල රටවල රාජ්‍ය නායකයින් හමුවී රටට ලැ‍බෙන්න තියෙන GSP බදු සහනය දෙනවාට බාදක ඇති කල බව ප්‍රකාශ කලේය. අපි මාධ්‍ය තුලින් දුටුවේ ඔහු මහත් ජයග්‍රහනයක් කල මානසිකත්වයෙන් ඒ බව රටට ප්‍රකාශ කල බවකි. ( සටහනට පිවිසීමට පෙර රාජ්‍ය මාධ්‍ය හැසිරෙන අන්දම ගැන විරෝධතාවය පමනක් සටහන් කරන්නේ මතු වියමනක් ඒ වෙනුවෙන් කරන්නට මීදුම අදහස් කරන බැවිනි.)


GSP බදු සහනය නිසා බඩ වියත රැක ගන්නේ ප්‍රධාන කොට නිදහස් වෙලද කලාපයත් රට වටා පිහිටුවා ඇති ඇගළුම් කර්මාන්ත ශාලා වල සේවය කරන සේවක තරුන තරුනියන් විශාල ප්‍රමානයක් විසිනි .ඒ දරුවෝ වර්තමානයේ සෝමවංශ අමරසිංහ මැතිතුමාගේවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වත් පැලන්තියේ අය නොවේ. තුන් වේල නොදකින මේ අසරනයින්ට අවැඩක් කර ලබන යස ඉසුර , විප්ලවයක් කර පීඩිත ජනතාවට ඉසුරු ලබා දීමට 1971 ටත් පෙර සිට සැලසුම් කල මැතිතුමන්ලාගේ සිත්තුල පහලවුයේ ජනතාවගේ පින් පිරිහී ඇති නිසාද? ජවිපෙය අප හදුනා ගන්නේ දේශපෙමී දේශපාලන මතිමතාන්තර වලින් පෝෂිතවු පුද්ගලයෙක් වටා කේන්ද්‍ර ගත නොවු පක්ෂයක් ලෙස නම් මේ පෙරළියේ අරුමය තේරුම් ගත නොහැක. මේ දරුවන්ගේ රැකියා අවදානමකට ලක් කර අපට නම් සතුටක් ලබා ගත නොහැක.

මහින්ද සමග තියෙන වෛරයට GSP බදු සහනයට වැට බදින්නේ නම් එය ජාතිහිතෛෂි තීරනයක් වන්නේ කෙසේද යන්න සිතන්නට ජනතාව බුද්ධි මත් වනු ඇත. ‍‍‍‍‍‍

මහින්දගේ වත් රනිල්ගේවත් සෝමවංශ අමරසිංහ ගේවත් සරත් ෆොන්සේකාගේවත් අභිලාෂයන් ජනතාවගේ අභිලාෂයන් වන්නේ නැත. ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන අය සිටී නම් ඔවුන්ගෙන් කෙනෙකුට මේ මැතිවරනය ජයග්‍රනහණය කල හැක.අපට ඒ බව මැතිවරණ ප්‍රතිඵල තුලින් අනාගතයේ දකින්නට ලැබෙනු ඇත.ඒ සදහා නිකරුනේ මුදල් වියදම් කරමින් සෝබන වර්ගයේ වේදිකා රංගන අවශ්යඵ නැත. ඒවාට මුලාවෙන ජනතාවක් අද නැති අතර මනා විශ්ලේෂණයෙන් කටයුතු කිරීමට ජනතාව බුද්ධිමත්ය.

වෛරය ද්වේශය කෝපය වපුරවමින් වේදිකාව දෙදරවන මේ මැතිතුමන්ලා පැරනී ද්‍රවිඩ චිත්රතපටි වල අප දුටු නම්බියාර් වර්ගයේ රංගනයක යෙදෙමින් කතා පවත්වති. මේ කතා වර්තමානයට ගැලපේ දැයි එතුමන්ලාම විමසීම වටි. උදාහරනයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරන කතා මේ ඇත්තෝ එය පැය විසි හතරකින් , එක පෑන් පහරකින් කල හැකි වෙනස් කමක් ලෙස අපට තහවුරු කරන්න “තටමයි”. එහෙත් එතනට යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සපුරා ගත යුතු සීමා අපට නොපෙන්වන්න පරිස්සම් වෙති. එමෙන්ම එතනට යාමට ඇති ඉඩ කඩ අසුරා කටයුතු කිරීමටද පරිස්සම් වෙති.

මැතිවරණ කොට්ඨාශ මට්ටමේ නියෝජිතයන් පත්කිරීමේ චන්ද ක්‍රමයකට යාම චන්ද දායකයාට ප්‍රතිඵලදායක ක්‍රමයකි. එහෙත් එකද නායකයෙකු වත් එතනට යාමට අකමැතිවෙති. එසේවුව හොත් ජනතා විමුක්ති පෙරමුන වැනි පක්ෂ වලට එකම නියෝජිතයෙක්වත් පත් කරවා ගන්නට නොහැකිය.වර්තමානයේ නම් එජාපයටද සිදුවන්නේ ආසන දහයක පමණ රැදී සිටීමටය.

සුළු ජාතීන් , සහ ජවිපෙ වැනි දේශපාලන මතධාරී පක්‍ෂවලටද වෙනත් දේශපාලන ආයාතන වල නියෝජනයක් වන පරිදි , පාර්ලිමේන්තුවේදී කරන ලබන සංසෝධනයකදී මැතිවරණ කොට්ඨාශ මට්ටමේ චන්ද ක්‍රමය ප්‍රතිනිර්මාණය කර ආණ්ඩු ක්‍රම සංසෝධනයක් සිදු කලහැකිවූවත් මේ සදහා දේශප්‍රේමයෙන් මොරදෙන හැත්ත කවර කවදාකවත් එකග නොවී විවිධ හේතුන් දක්වමින් මග හරිමින් සිටින බව රටට මෙතෙක් කරන ලද ක්‍රියාකාරකම් වලින් පැහැදිලි කර දී ඇත.

වේදිකාවේ දෙන රංගනය වේදිකාවෙන් බැස ගියාට පසුව නැත්නම් මේ බොරුවෙන් ජනතාව රැවටිය හැක්කේ වරක් දෙවරක් හෝ තුන්වරකි. හැමදාමත් ජනතාව රැවටිය නොහැක.