පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, March 03, 2009

ප්‍රහාකරන් - කොටි සංවිධානයේ උපත. 01.

ප්‍රභාකරන් මීදුම තුල සටහනකට පාදක නොවුනේ මන්ද යයි මම ‍බොහෝ විට සිතමි. භූමියේ අයිතියත් මිනීමැරීමේ අයිතියත් පැහැර ගැණීමේ අයිතියත් නොමැතිව සර්ව සාධාරණ පාලන ක්‍රමයක් නියෝජනය කරන මත වාදයක සිටින ප්‍රභාකරන් කෙනෙක් සිටියා නම් ඔහු මගේද වීරයෙකු වනවා නියතයි.එහෙත් කෙටි කලක් ද්‍රවිඩ සහෝදර වරුන්ගේද වීරවරයෙකුවු ඔහු වර්තමානයේ නම් සියළු අන්ත ජරා වැඩ වල නිරත යක්ෂයෙක්.

1954.නොවැම්බර් මස 26 දා යාපනය රෝහලේදී උපත ලද වේළුපිල්ලේ ප්‍රභාකරන් අදට අවුරුදු 54 මාස 03 දවස් 05ක් ජීවත්ව තිබෙනවා. ඔහුගේ පියා වල්ලීපූරම් පාර්වතීගේ තිරුවෙන්කනම් වේළුපිල්ලේ මහතායි. වෟත්තියෙන් දිස්ත්‍රික් ඉඩම් නිලධාරියෙක්.මව ගැන මීදුම දැනුවත් නෑ. බිරිද මදිමාදනී යාපනය විශ්ව විද්යාබලයේ වෛද්‍යපීඨ ශිෂ්‍යාවක්.
ප්‍රභාකරන්ගේ මූලික අධ්‍යාපනය මඩකලපුවේ පාසලකින් ඇරඹි පසුව වැල්වෙටිතුරේ විදම්බරම් විදුහලේ හත්වෙනි ශ්‍රේණියෙන් අවසන් වුනා. වැල්වෙටිතුරේ නගරය එකල හොර ජාවාරම්වල තෝතැන්නක් .ඉන්දියාව වෙරළ තීරය සම්බන්ධ් කර ගෙන බෝහෝ හොර බඩු ලංකාවට ගෙන ආවේ වැල්වෙටිතුරේ හරහායි. ප්‍රභාකරන්ගේ ජීවන වෟත්තිය ඇරඹෙන්නේ මේ හොර ජාවාරම්වල වල නිරත ජාවාරම් කරුවන්ගේ සේවකයෙකු ලෙසයි.

උතුරුකරය ඉතාමත් ප්‍රබල ලෙස කුල ගෝත්‍රයේ වටිනාකම් සොයන සමාජයක්. ප්‍රභාකරන් මුහුදු ධීවරයන්ගේ පීඩිත කුළයක්වු කාර්රියාර් කුළය නියෝජනය කරන්නෙක්.ඉතාමත් අඩු ජනගහණ අනුපාතයක් නියෝජනය කල මෙම කුළය (10%) අධිපති ප්‍රභූන් අයත්වු වෙල්ලාල කුළයේ ජනතාවගේ අවමානයට සහ පීඩනයට ලක් වූවෝ පිරිසක්. ප්‍රභාකරන්ට සමාජ ගතවීමට මෙම කුළ පීඩනය.අඩු අධ්‍යායපනය, සමාජ ස්ථරය, විශාල බලපෑමක් වුනා.හොර ජාවාරම් වලින් මිළ මුදල් උපයා ගත්තත් යාපනයේ සමාජය තුළ හිස ඔසවන්න මෙම කාරනා විශාල බාධාවක් උනා ස්ථීර වශයෙන්ම.
යෞවනයේදී මෙම හේතූන් නිසා ඉච්චා භංගත්වයටත් වැඩි වැඩියෙන් හොර ජාවාරම් වලින් මුදල් උපයා ගැණිමට ආරක්ෂක ආවරනයක් ලබා ගැණීමටත් දෙමළ සටන්කාමී සංවිධාන හා එක්වෙන ප්‍රභාකරන් 70 දශකයේ දෙමළ තරූණ ලීගයේ සහ දෙමළ ශිෂ්‍ය ලීගයේ කටයුතු කරන්න පටන් ගන්නවා.පසුකාලීනව තංගතු‍රෙයි සහ කුට්ටමණීලාගේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරය හා සම්බන්ධරවන ප්‍රභාකරන් 1975 දී යාපනයේ පුරපති ඇල්ෆර්ඩ් දුරේඅප්පා වෙඩි තබා ඝාතනය කරනවා.මේ සිද්ධියත් සමග දෙමළ සන්නද්ධ ව්‍යාපාරය තුළ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා.අනතුරුව ගතවන කාලය තුල මිතුරු පසමිතුරු සියළු දෙමළ සංවිධාන විනාශකර දෙමළ ඊලාම් කොටි සංවිධානය ගොඩ නගා ගෙන ද්‍රවිඩ ජනතාවගේ එකම නායකයායි කියවා ගන්නවා.

Thursday, February 26, 2009

රට වෙනුවෙන් සාධාරණ වෙන්න රනිල් මහත්තයෝ.

ඉන්දියාවේ “ඒෂියන් ඒජ්”පුවත් පත සමග පෙබරවාරි 19 වෙනිදා සම්මුඛ සාකච්චාවකට එක්වන විපක්‍ෂ නායකතුමාගේ දේශමාමක යහපත් ආකල්පයෙන් යුතු පුකාශ කිහිපයට ප්‍රශංසා කලයුතුයි. (2009.පෙබරවාරි දිවයින ) එතුමාගේ ප්‍රකාශයේ සාරාංශයක් පහතින් වියමන් කරන්නම්.
1.රාජ්‍ය පාලනය තහවුරු කරලීම පිණිස එජාපය යුද මෙහෙයුම් සදහා නිරතුරුම සහය දෙනවා.
2.දශක තුනක් තිස්සේ දික් ගැස්සෙන ශ්‍රී ලංකාවේ ගැටළුව හේතුවෙන් රටේ ආර්ථිකයට ඉතාමත් අහිතකර බලපෑම් එල්ලවී තිබෙනවා.
මේ නිසා ජාතීන් අතර බෙදීම් සමනය කර ගැනීමට නොහැකිව තිබෙනවා.
3.වර්තමාන සාමප්‍රදායික යුද මෙහෙයුම් හමුවේ විජයග්‍රහණය ලබන යුද විරුවන්ගේ කැපකිරීම් සදහා නිසි ගෞරවය හා ආචාරය මවුන් වෙත ලබා දිය යුතුයි.
4.සටනේ දී ජීවිත හාණිවන රනවිරුවන්ගේ ප්‍රමාණය ඉහල නමුත් ආණ්ඩුව එය ප්‍රකාශයට පත්නොකරයි. ( ආණ්ඩුව හමුදාවේ චිත්ත ධෛර්ය බිද වැටෙන නිසා ඒ බව හෙලි නොකරයි.)
5.රනවිරුවන්ගේ සැබෑ කැපවීම ආණ්ඩුව අගේ නොකරයි.
6.LTTE ය මුලතිව් කෑලෑව තුල ගරිල්ලා සටනකට මාරුවිය හැකි බවත් එය කාලයක් දික් ගැස්සෙන බවත් අනතුරු හගවයි.
7.ආණ්ඩුව උතුරේ වැසියන්ගේ සහයෝගය ලබා ගත යුතු දේහපාලන තීරණයකට එලබ විය යුතුයි.
8.2005 ජණාධිපතිවරණයේදී LTTE ය සාමය වෙනුවට ගෞරවණීය සාමය අපේක්ෂා වෙන් එජාපයට චන්දය දීම උතුරේ වැසියන්ට තහනම් කළා.
9.ප්‍රභාකරන් රටෙන් පැන යාමට සූදානම් නැහැ.
10.තවත් යුධ උපකරණ බොහෝමයක් හමුදාව විසින් සොයා ගෙන නැහැ.
11.LTTE ය ලක්ෂ දෙකක් පමන සටන් බිම් වල කොටු කර තබා තිබෙනවා . ඔවුන් මුදවා ගත යුතුයි. එය කල හැකියි.
විපක්ෂ නායකතුමා දේශපාලන වේදිකාවේ මොනවා කීවත් මෙවර රටෙන් බැහැරව සිට කර ඇති ප්‍රකාශය නම් ටිකක් සමබරයි . එතුමා අපේ විපක්ෂ නායකතුමා නිසා ආණ්ඩුවත් සමග සාධාරණ විවේචන තියෙන්න ඕනී. නැත්නම් ආණ්ඩුවේ අඩුපාඩු හදා ගන්නත් බැරිවෙනවා. ආණ්ඩුවත් තිරිංග නැති ගමනකට පිවිසුනොත් ආයෙත් කොච්චර හොද වැඩ කලත් චන්ද්‍රිකා , ප්‍රේමදාස කාලේ වගේ හිතුවක්කාර වැඩ කරයි. එහෙම වුනොත් රට ආයෙත් පරණ තැනමයි.
රනිල් මහත්තයත් මහත්මයෙක් වගේ බ්‍රේස්ලට් චුවිංගම් දෙන්නම් කියලා අපි රවටලා ඔන්න ප්‍රභා මේ ටික-ඔයාට මට මේ ටික , යාළුවනේ වරෙල්ලා. නෑදැයිනේ වරෙල්ලා ඉතිරි ගොඩ අපිට කියන්නේ නැතිව සත් භාවයෙන් යුතුව හැමදාමත් රට වෙනුවෙන් සාධාරණ වෙන වන වනම්
රනිල් මහත්තයෝ. ඔබතුමාටත් ජනාධිපති වෙන්න අපි කඩේ යන්නම්.

Wednesday, February 25, 2009

භාවනාව වර්තමානයේදී

භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්‍රකාශිතව පවතී. අධ්‍යාපනික කටයුතු ඉහල මට්ටමට ගිය විශ්‍රාමික බොහෝ දෙනා බුද්ධ ධර්මය යිළිබද පොත පත පරිශීලනය කිරිමට වැඩි නැඹුරු තාවයක් දක්වන බවක් සම්ප්‍රදායික පන්සල් විහාරස්ථාන වලින් බැහැරව ඇතිවී ඇති භාවනා මධ්‍යස්ථානවලට වඩාත් යොමුවන බවක් දක්නට ලැබේ.
මා බෞද්ධයෙකු වුවත් ගැඹුරින් බුද්ධ ධර්මය හැදෑරුවෙක් නොවෙමි. සෝවාන් ,සකෘදාගාමි අනාගාමි රහත් යයි මාර්ග ඵල හතරක් පිළිබදව පොත පතින් ඉගන තිබේ.අනුරාධපුර යුගයේ ද රහතුන් වහන්සේලා වැඩ සිටි බවක් ද ඉතිහාසය කියවන විට හමුවේ. මාර්ග ඵලයක් ලබා ගැණීමට අපමණ වීර්ය (වෙහෙස) දැරිය යුතු බවත් බුද්ධාගම පොත් පත්වල සදහන් වේ. මමත් එලෙස සිතමි.
මාර්ග ඵල වර්තමානයේ හෑල්ලුවෙන තරම මට නම් විමතියකි. මාර්ග ඵල යන්න විශ්ව විද්‍යාල වලන් පිරිනමන BA,MA PHd Bsc. වැනි උපාධි දැයි විමසුවොත් එයත් පුදුමයට කරුණක් නොවේ. භාවනා පංති පැවත්වේ. සහතික පත්ද ප්‍රධානය වේ. ඒවාට යන අය සෝවාන්වේ අනාගාමි වේ.(අනා -ගමි නොවේ.)
පසුගිය දිනක මාර්ග ඵල ලාභි මගේ මිත්‍රයෙකු මුන ගැසිනි . රජයේ ඉහල නිලයක් දැරූ ඔහු සේවයෙන් විශ්‍රාම ගෙන දූ දරුවන්ගෙන් නිදහස්ව පූර්ණ කාලිනව බුද්ධ ධර්මය හදාරමින් භාවනා මධ්‍යස්ථානයක භාවනායෝගීව දවස ගෙවයි.ඔහුගේ වර්තමාන ජීවිතය මට නම් මහත්ම පෙරළියකි.රාජ්‍ය සේවය කල යුගයේ වර්තමානයේ මෙන් ජීවන රටාව ගොඩ නැගී තිබුනානම් යහපත් රාජ්‍ය සේවයකුත් සේවයේ පිනින් කියන මාර්ග ඵල ලබන්නට එකල ඹහුට තිබිනි.අපා ගත වන සේවයක යෙදුන ඔහු අද සිල් රකී.ඒ මදිවට මාර්ග ඵලයකට පත්ව ඇති බව ප්‍රචලිත කරයි.
බුදුරජානන් වහන්සේ දාර්ශනිකයෙකි. යහමග යන්නට මග පෙන්වු උත්තමයෙකි.වර්තමානයේ විද්‍යාත්මකව තහවුරු කරගන්නා බොහෝ දේ අතීතයේදි දේශනාකල විද්වතෙකි.
අපි පන්සිල් පද පහ සලකා බලමු .සතුන් නොමරන්ටත්,සොරකම් නොකරන්ටත්, බොරු නොකියන්ටත් කාමයේ වරදවා නොහැසිරෙන්ටත් මත්පැන් පානය නොකරන්ටත් පන්සිල් පද පහෙන් පොරොන්දු කර ගනී.මේ සරල ශීලය රැකීමෙන් පමනක් සියළු දුෂ්චරිතයන්ගෙන් මිදුන ජීවිතයක් ගොඩනගා ගත හැකියයි මම සිතමි.සතුන් යනු සිව්පාවුන් පක්ෂීතන් දිය ගොඩ ජීවත්වන නානාවිධ උරගයින් මසුන් පමනක් නොවේ. මිනිසුන්ද අයත්වේ.කාමයේ වරදවා හැසිරීම ස්ත්‍රී පුරුෂ යම් යම් චර්යාවන්ට පමනක් ලඝු කොට සිතිය යුතු නොවේ. මත්පැන් පානය කිරීමේ ආදීනව අමුතුවෙන් කිවයුතු නොවේ සම්මත රටාවන්ගෙන් බැහැර වීමෙන් කොයි තරම් අසහනයන් ජීවිත තුල ඇතිවන්නේද යන්න අපිට අත්දැකීම් පරිසරයෙන් කොයිතරම් ලැබී ඇත්ද ?.මම වියමන් කලේ වර්තමානයේ භාවනාව ගැන උවත් පන්සිල් ගැන සදහන් කලේ පන්සිල් රැකීමවුවත් ජීවිතයේ සැනසිල්ලට හේතුවක් වන බැව් දක්වන්නටයි.
අත්දැකීම් ඇත්තෝ වෙත්නම් භාවනාව ගැන අදහස් පලකරත්වා මගේ ආරධනාවයි.