Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Sunday, March 31, 2024

ලොකු බඩක් මහ කරදරයක්.



ලොකූ නෙරා ඇති බඩ  කවුරුත් කැමති නැහැ. එය හුදෙක් ලස්සන  නොවන අතර බොහෝ විට ඔබ සැබවින්ම කැමති දෙයක් ඇඳීමෙන් ඔබව වළක්වන එක් දෙයක් වනු ඇත. අපේ  රටේ සමහර   ප්රසිද්ධ පුද්ගලයින්   පවා ඇදුම රදවා ගත නොහැකිව  බඩ  නිසා විහිළුවටට ලක් කෙරේ.  ලොකු බඩ   ඔබේ විශ්වාසය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය.

බඩේ මේදය අපිරිසිදු වීම නිසා , එය භයානක . අභ්යන්තර මේදය දියවැඩියාව සහ දැවිල්ල සඳහා වගකිව යුතු හෝමෝනයක් නිකුත් කරයි. එය හෘද රෝග, පිත්තාශයේ ගැටළු සහ පියයුරු පිළිකා පවා ඇති කළ හැකිය.

මෑත කාලවලදී, උදරයේ මේදය ඉවත් කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් පෙති සහ "ආශ්චර්යමත්" විසඳුම් සමඟ පැමිණ ඇති නමුත් අවංකව, ඒවා විශ්වාස නොකළ යුතුය. බඩේ මේදය ඉවත් කිරීමට පිළිතුර ව්යායාම සහ නිසි ආහාර වේලක් වේ. උදරයේ මේදය අඩු කර ගැනීමට ඔබට ගත හැකි ආහාර කිහිපයක් මෙන්න.

අවාසනාවකට, අපි මිනිසුන්ට අවශ් තරම් ජලය පානය නොකරයි. දිනකට වතුර වීදුරු අටක් පානය කරන ලෙස බොහෝ වෛද්යවරු අපට කියනු ඇති නමුත් ඉතා සුළු පිරිසක් එය අනුගමනය කරති.

 ජලයට හරියටම මිහිරි රසයක් නොමැති අතර සමහර විට එය ඔබ පානය කිරීමට කැමති එක් පානයක් නොවේ, එබැවින් අපි බොහෝ විට  වෙනුවට පැණිරස බීම ලබා ගනිමු. අපි තේ සහ කෝපි ගන්නේ සීනි හෝ වෙනත් රසකාරක සමඟ .

ඔබ බඩේ මේදය නැති කර ගැනීමට උත්සාහ කරන්නේ නම්,  වෙනුවට ජලය සඳහා යාමට ඔබ පුරුදු වන්නේ කෙසේද? සීනිවල ෆෲක්ටෝස් අඩංගු වන නිසා සීනිවලින් ඈත් වන්න, ඔබේ අක්මාවට බොහෝ දේ පරිවෘත්තීය කළ නොහැක. එහි ප්රතිඵලයක් ලෙස එය තරබාරු බවට පත් වී ඔබේ බඩේ තැන්පත් වේ.

මෙම කෘත්රිම රසකාරක  ඔබට නිතර තෘෂ්ණාව ඇති කරයි. එබැවින් ඔබේ තේ හෝ කෝපි සීනි නොමැතිව පානය කරන්න, මෙය ඇත්ත වශයෙන්ම ඔබේ පරිවෘත්තීය වැඩි කරයි.

පළතුරු සීනි අඩංගු වුවද, පැණිරස කැමති කෙනෙකුට එය වඩා හොඳ විකල්පයකි. ඇත්ත වශයෙන්ම, ඔබට මුලින් වැඩි වැඩියෙන් පලතුරු අනුභව කිරීමට ආශාවක් ඇති විය හැකි නමුත් කාලයත් සමඟ එය පහව යයි. පලතුරු සෞඛ් සම්පන්න වන්නේ එය එක් ප්රමාණයකින් පමණක් ලැබෙන බැවිනි. ඔබ එය හපන විට, ඔබේ මොළය ඔබට පූර්ණ බවක් දැනෙන හෝමෝන කිහිපයක් නිකුත් කරයි. පලතුරු වල තන්තු  අඩංගු වන අතර එය ඔබට දිගු කලක් පූර්ණ බවක් දැනේ. දොඩම්, ලෙමන්, ටැංජරීන්, කිවි සහ නැවුම් දෙහි වැනි පැඟිරි පලතුරු වැඩිපුර අනුභව කිරීමෙන් ඔබේ බඩ වටා ඇති මේදය දහනය කිරීමට උපකාරී වේ. ඇපල්, කොමඩු, මිදි සහ ස්ට්රෝබෙරි වැනි අනෙකුත් ඔබේ පරිවෘත්තීය Metabolism  වැඩි දියුණු කරයි.

 


A day in the life

Saturday, March 30, 2024

පන්නිල


(රුවන් සංජය වික්රමසිංහ ෆේස්බුක් හී තැබු ලිපියක් ඇසුරිනි.
ලිපියේ අයිතිය සම්පූර්ණයෙන්ම ඔහු සතුය)
පන්නිල ගම රත්නපුර දිස්ත්රික්කයේ කහවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරකට වෙන්නට පිහිටා ඇත. තුන් පැත්තකින් සිංහරාජ වනාන්තරයෙන් වටවූ ගම මැද කුඹුරු යාය පිහිටා ඇති අතර සොබා සෞන්දර්යෙන් අනූන පාරාදීසයකි. මීට අවුරුදු කුන්සීයකට පමණ පෙර කන්ද උඩරට සෙංකඩගල රජවාසල ඉංග්රීසින් සමග එකතු වීම නිසා රජුට විරුද්ධ වූ රජවාසල නිලයන් දැරෑ පිරිසක් පැන විත් මේ භූමියේ පදිංචි වීම නිසා, නිලයෙන් පැන වුත් පදිංචි වූවන්ගේ ගම පන්නිල වූ බව පැරන්නන්ගේ මතයකි. එසේම ගම පැන නිල්දියපිරි පන්පිරුනු විලක් නිසා පන්නිල වූ බවද, නිල් මැණික් නිසා පන්නිල වූ බවද පැරන්නන් මත පළ කරති.

පන්නිල මොහොට්ටාලලාගේ, ගල්හේන මොටහාට්ටාලලාගේ, කෝණාර මුදියන්සේලාගේ, පරගහවත්ත විතාරමලාගේ සහ තවත් පරම්පරා කිහිපයක් ලෙසින් පවුල් පරම්පරා අතීතයේ සිට මේ දක්වා දිවෙයි. ගමේ සෑම නිවසකටම අතීතයේ සිට පැවත එන අන්වර්ථ නාමයක් පවතී. වෑකුඹුරහේන, අළුත්ගෙදර, පහළ අළුත්ගෙදර, කොරටුවෙගෙදර, දෙවැටකඩේ, එගොඩලියද්ද, ගල්හේන, ඕවිටිගෙදර, කුරුලියද්ද, පිටෝවිට, කනතෙරියන, තෙන්ඕවිට, පිඹුරගෙවත්ත, කොළොම්ඹුඕවිට, බටන්දෙණිය, රාමන්ගිරිමුල්ල, කිතුන්නකන්ද, පරගහවත්ත , වලකඩකන්ද, ගිනිමලාවත්ත, එගොඩවත්ත, හෙට්ටිකුඹුරවත්ත,ගුලනෙගෙදර, ඕවිටිගෙදර, කඩේකොට්ටුව , ඇහැළගහවත්ත ඉන් සමහරකි. තවත් බොහෝ ගෘහ නාම ගම තුල ව්යවහාර වෙයි.
ගම තුළ බොහෝ කුඹුරු ඇති අතර උල්පත් දියෙන් ඒවා වගා කරති. අස්වැද්දුම, වෑකුඹුර, පිටමුල්ල,ගෙදරකුඹුර, මැටිහග්ගොඩ, වලමග, දෙල්ගහඇස්සැද්දුම, වෙලබඩහේන, මහකුඹුර,මැද්දෙකුඹුර, වැලිපත, ගල්ලෙනපීල්ල කුඹුර, බෝගහයට කෑල්ල, වැ⁣ටකෙයියාපත, හිරිපුරන, වැලිපත සහ තවත් නම් බොහොමයකින් කුඹුරු කොටස් යුක්තය. එසේම ගමේ යම්කිසි රාජකාරි ක්රමයකට කුඹුරු තිබී ඇති බව ඒවායේ පහත නම් වලින් හදුනාගත හැකිය. බණ්ඩාරකුඹුර, පිංකුඹුර, හේවගෙදරකුඹුර, හෙට්ටිකුඹුර, පනිච්චියගෙකුඹුර, කුසිගෙකුඹුර, නැකැත්තගෙකුඹුර, රදාලියද්ද, මනන්නයෙකුඹුර, බඩහැලකුඹුර, බෙරකාරයගෙකෑල්ල, බෙරවලියද්ද, පංසලගාවදෙණිය ආදී ලෙසට හදුනාගත හැකිවේ.
අතීතයේ මුතුන් මිත්තන් බොහෝ දුෂ්කරව ජීවිතය ගැටගසාගෙන පැමිණ ඇත. ගොවිතැන, කිතුල් මල් කපා පැණි හකුරු නිපදවීම, වනාන්තරයෙන් දුම්මල එකතු කර විකිණීම, බට ගස් වලින් ගැරුම් වට්ටි, වේවැල් වලින් කූඩ වියා විකිණීම, වැනි දුෂ්කර වෘත්තීන් වල නිරත වී ඇත. ගම්වැසියෙකු බරපතල ලෙස අසනීප වුවහොත් ඇදක ලීයක් ගැටගසා ඒ මත රෝගියා තබාගෙන ගමම එකතු වී මහවන මැදන් දුෂ්කරව හෙල් පල්ලම් දොළවල් තරණය කර නගරයේ රෝහලකට ගෙනයෑමට හෝරා තුන හතරක් ගතවිය. එයිට මෙහා සියලු අසනීප ගමේ පාරම්පරික වෙද මහතා ඉසිවරයෙක් බදුව වෙදකම් කිරීමෙන් සනීප කර ඇත.
ගම මැද කැළෑ කුට්ටියේ නුග දොරටුව නම් මහා රූස්ස වනස්පතියක් තිබී ඇති අතර මිනිස්සුට එහා මෙහා යෑමට නුග ගසෙහි නුග මුල් අතරින් සෑදුනු කුඩා දොරකඩක් තිබී ඇත. අදුර පිරි ගුප්ත බවකින් යුතු මේ නුගදොරටුවෙන් එහා මෙහා යන අයත් , ගම කොණ සොහොන් පිට්ටනිය හරහා ගමන් කරන අයත්, සවස නානතොටවල් හරහා ගමන් කරන අයත් අමනුෂ්ය බලපෑම් වලට නතු වීම එකල සුලභ දෙයකි. සතියකට තොවිලයක් දෙකක් ගමේ කොහේ හෝ තිබී ඇති අතර තොවිල් බැලීමට ගම්වැසියන් එක්රොක් වී ඇත. අස්වනු නෙළා සිදුකරන මේස පිදිල්ල ශාන්ති කර්මය, නූල් බැදීම්, දෙහි කැපීම්, වින කැපීම්, තොවිල්, ගරායක් සන්නි, අයිල පැදීම‍‍, පිල්ලියැවීම් ආදිය තිබුනු බව ජනප්රවාදයේ සදහන් වේ.
නිවසේ බත් පිසීමට හාල් ගන්නා විට සහල් මිටක් වළදකට දමා තබා එම මිටිහාල් වළදේ සහල් විහාරස්ථානයට පූජා කිරීම හෝ දේවාල සදහා පරිත්යාග කිරීම කලක සිට සිදුව ඇත. කුඹුරු හේන් වැඩ අත්තම් ක්රමයට සිදු කරයි. කුළියට නොව එකිනෙකාට උදව් කිරීම මගින් ගම තුළ සහජීවනය වර්ධනය වී ඇත. එය අදටත් කුඹුරු ගොවිතැනේදී දකින්නට ඇත. ගමේ සෑම නිවසකම වාගේ වී අටුකොටු පිරී පවතී.
අතීත පන්නිල බොහෝදෙනෙන් දුෂ්කරව කල් ගත කලද සතුට සහජීවනය ගම තුළ පැතිරී තිබිනි. අතීතයේ සමහර අයෙකුට සන්තකයටම තිබී ඇත්තේ එකම එක සරමක් පමණි. දිය නෑමට දොළට ගිය විට ඒ සරම සෝදා ගලක වනා සරම වේලෙන තුරු දියනෑම කල බව අසා ඇත. හොද සරමක් කෝට් එකක් තිබී ඇත්තේ කිහිප දෙනෙකුට පමණි. මගුල් තුලාවකදී ඇදුම් හිමි පුද්ගලයා හමුවී ඒවා ගෙන ගොස් ඇදගෙන යාම සිදුකර ඇත. එසේම ගොයම් පාගන කාලයට සමහර නිවෙස් හිමියන් බුලත් අතක්ද රැගෙන පැමිණියේ නිවසේ වහළය සෙවිලි කරගැනීමට පිදුරු ටිකක් ඉල්ලා ගෙන යාමටය. මී හරකුන් විශාල ලෙස ඇතිකර ඇත්තේ ගොවිතැන සදහාය. කුඹුරු වගාකළ පසු කුඹුර වටේටම වැටක් බැදීම සිදුකර ඇත්තේ හරකුන්ට කුඹුරු යායට ඇතුළු වීමට නොහැකි පරිදිය. එම වැට දොළේත් ඉදිකර ඇති අතර දොළේ වතුර වැඩිවන විට වැට වතුරත් සමග උඩට යන පරිදි ඉදිකර තිබූ බව පැරැන්නෝ පවසති.
ගමට ඉහළින් වනාන්තරය මැද පොළොව යට හුණුගල් ගුහා රාශියක් පිහිටා ඇත. ඒවා ⁣පන්නිලටම විශේෂ වූ අවුරුදු මිලියන ගනනකට පෙර ඇතිවූ, ලෝකයටම සුවිශේෂී වූ පාෂාණ බව ආචාර්ය Aravinda Ravibhanu මහතා සදහන් කර සිටී. එම ගුහා තුළ මනරම්ව හිරිලඹ හා හිරිටැඹ වසර දහස් ගනණක් තිස්සේ නිර්මාණය වී ඇත. එසේම පන්නිල වනාන්තරයේ රම්මලකඩ නම් වූ ප්රදේශයේ මීට දශක කිහිපයකට පෙර සිය ගණනක් සේවය කළ මිනිරන් පතල් සමූහයක් තිබී ඇති අතර දැන් ඒවා වැසී ගොසිනි. ඉංග්රීසින් මෙරට පාලනය කරන සමයේ කෝපි තේ සාදික්කා පැගිරිමානා ආදිය ගමට ඉහළ වනාන්තරය තුළ වගා කර ඇත. එම වගාවන් හා ඔවුන් ඉදිකළ ගොඩනැගිලි වල නෂ්ටාවශේෂ , අශ්ව කරත්ත පාරවල් අදද දක්නට ඇත.
මේ ආදී බොහෝ ලස්සන කතන්දර සමූහයක් පන්නිල ගම වටා ගොනූවී ඇත. ගම් දහයක් එකතු කර පාලන පහසුවට සෑදූ පත්තුවට නම තබා ඇත්තේද පන්නිල්පත්තුව ලෙසින්ය. පන්නිල බුදුගල්ලෙන චන්ද්රාරාමය ගමට ඇති විහාරස්ථානයයි. එහි විහාරමන්දිරය තුළ පිහිටිගලේ ශෛලමය සැතපෙන පිළිමයක් නෙළා ඇති අතර, ගල්ලෙනෙහි ඉපැරැණි කටාරමක්ද දක්නට ඇත. වලගම්බා රජු සැගවී සිටි ගල්ලෙනක් බව පැරන්නන් විශ්වාස කරයි.


A day in the life

Friday, March 29, 2024

The Dali, ඩාලි



 ෆ්රැන්සිස් ස්කොට් කී  Francis Scott Key Bridge  පාලම කඩා වැටීමට තුඩු දුන් අවස්ථාවන්හි විස්තර භාණ්ඩ නෞකාවේ "කළු පෙට්ටිය" මුහුදු ගමන් දත්ත පටිගත කිරීමේ න්ත්යෙන් (VDR) සොයා ගන්නා ලද්දේ නියමුවා ඉදිරි තත්වය පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට උත්සාහ කරන විටය.

 අඩි 984 ක් දිග  සිංගප්පූරු ධජය සහිත The Dali, ඩාලි යාතරාව බැල්ටිමෝර් වරායෙන් පිටතට යාත්රා කිරිමේදී විදුලිය අහිමි වී අඟහරුවාදා අලුයම 1:27  පමණ පාලමේ ගැටී ඇති බව ජාතික ප්වාහන ආරක්ෂණ මණ්ඩලය National Transportation Safety Board පවසයි. නැගෙනහිර වෙරළේ නාවික ගමනාගමනයේ සැතපුම් 2කට ආසන්න  වූ පාලම තත්පර කිහිපයකින් the Patapsco River පැටප්ස්කෝ ගඟට කඩා වැටුණි.

 බිඳවැටීමට ප්රතිචාර වශයෙන් ප්රාදේශීය, රාන්ත සහ ෆෙඩරල් නිලධාරීන් ඒකාබද්ධ ප්රකාශයක්  මගින් ,  නිවේදනය කළේ සුන්බුන් වලින් ගඟේ ඇති අනතුරුදායක තත්වයන් හේතුවෙන් කිමිදුම් මෙහෙයුම් සහ වාහන ගමනාගමය  අත්හිටුවා ඇති බවයි.

 අනතුරෙන් පසු ඩාලි හි සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ාත්රාවේ  රැඳී සිටින බව වෙරළාරක්ෂක රාකාශක සින්තියා ඕල්ඩ්හැම් Cynthia Oldham පැවසීය. නෞකාවේ සිටි කිසිවකුට තුවාල සිදුවී නොමැත. පාලම කඩා වැටෙන විට ඉදිකිරීම් කම්කරුවන් අට දෙනකු පාලමේ වළවල් සකස් කරමින් සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු දිවි ගලවා ගත් අතර අනෙක් අය මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

 වීණයන් ඇස්තමේන්තු කරන්නේ පාලම ප්රතිසංස්කරණය කිරීමට වසර දෙකක් ගත වන අතර යුහයේ අත්තිවාරම දිය යට තත්ත්වය මත පදනම්ව අවම වශයෙන් ඩොලර් මිලියන 350 ක් වැය වනු ඇති බවයි. එක්සත් ජනපද වාහන ලේකම් පීට් බුටිගීග් පැවසුවේ  හදිසි වැඩ සඳහා ෆෙඩරල් අරමුදල්වල පළමු ඩොලර් මිලියන 60 අනුමත කර ඇති බවයි.

 

A day in the life

ඉලපත (ඉලිපොත)




අදවගේ නෙවේනෙ අතීතයෙ තිබ්බේ කටු මැටි ගහලා බිත්ති බැදපු ගෙවල්. එව්වාට බිම මැද්දේ මැටිත් එක්ක ගොම කලවංකරලා. මැටි ගෙයි ගොම ගාපු බිම පුදුම නැවුම් සුවදක් එන්නේ.. ඒවායෙ ඉදපු අය ඒක දන්නවා හොදටම.
මෙන්න මේ ගෙවල් අතීතයේ අතුපතු ගාගන්න යොදාගත්තේ ඉලිපොත කියන උපකරණයයි. මේ ඉලිපොත හදාගන්නේ අර ගොම ගාපු පොළව පලුදුවෙන්නෙ නැති විදිහේ අමුද්රව්ය යොදාගෙන. ඒ සදහා ඉක්මනින් හැලෙන්නෙ නැති කොළ අතු තමා යොදාගත්තේ.
අපේ ආත්තම්මලා ගෝතමානා කියන වල් මල් වේලෙන්න ඇරලා ඒ මල්වල ඇට වැටුනට පස්සෙ ඉලිපත් බදිනවා. පුවක් අත්ත,පොල් අත්තේ අඟ කොටස,සඹුක්කු අතු ආදියෙන් ඉලි⁣පත බදිනවා පැරණ්නන්.

නමුත් ඒ ඒ ප්රදේශ වල සැදෙන ස්භාවික ශාක කොටස් මේ සදහා ලබාගන්නා නිසා ඉහත සදහන්කරපුවා පමණක් යොදාගන්නවා කියලා කියන්න අමාරුයි.
අද භාවිත කොස්ස භාවිතා උනේ පසුකාලීනවනේ. ගොම පොලව අතු ගාන්න යොදාගත් ඉලිපත පැරණි කාන්තාවගේ හොද ආත්ම ආරක්ෂක උපකරණයක් බවත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඉතිම්.."ඉලිපත ගන්න කලින් බැහැපන් කිව්වෙ දොට්ට...", "ඉලිපත කැඩෙනකම් ගහලයි මම පස්ස බැලුවෙ..." එදා ඉලිපතින් ගුටිකනවා කියන්නෙ මහ නිංගිරාවකට ලක් උනා කියන කාරණාවක්. ඒකට හේතුව ඉලිපත බිම අතුගාන්න, කුණු ඉවත්කරන්න ගන්න උපකරණයක් වීමයි.
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය


A day in the life