ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-04-06

සුන්දර කොත්මලය ..(සිවුවන ටීකාව )




























සුන්දර කොත්මලය ..(සිවුවන ටීකාව )
කොත්මලේ ගණිතයා ...
The predictions made by soothsayer
In the yore ,in his expertise.
*******************************
කොත්මලේ සිටි දින කීපය තුළ ,අපි
බොහෝ පුරා වෘත්ත හා ජනප්‍රවාද සඳහා
මුල් වූ ස්ථාන දැක බලා ගත්තෙමු. හීන්
මැණිකේ ගේ මතකයත් ,මග පෙන්වූ
සම්පත් සහ අනුෂ්ක ගේ නොමඳ
සහයෝගයත් ..වැඩිහිටි පුද්ගලයින් ගේ
කතාබහත් ..හැමවිටම මගේ සටහන්
පොතේ පිටු පුරවන්නට උපකාර විය .
අනිවාර්යයෙන් ඔබ විසින් දැනගතයුතු
දෙදෙනෙක් පිළිබඳව ,රසවත් කතා
කීපයක් අසා දැනගත්තෙමි .නිලූ ත්
මමත් ඒවා රස වින්දේ කටවල් ඇරගෙනය .
එපමණටම පුදුම සහගතය .නමුත් ජනප්‍රවාදයේ
අදටත් පවතී .

එක් අයෙක් , අද මා ඔබට ලියන්නට යන
කොත්මලේ ගණිතයා ය. අනෙක් පුද්ගලයා
පොන්න නැකැත්තාය . මේ දෙදෙනා
එකම පුද්ගලයෙකු බව ඇතැමුන් ගේ
විශ්වාසයයි.
සෙංකඩගල තම රාජධානිය කරගත් රාජාධිරාජසිංහ
(ක්‍රි.ව. 1782 -1798 ) කාලයේ රාජ සභාවේ සිටි
ප්‍රකට නක්ෂත්‍ර කරුවෙකු හා කවියෙකු ලෙස
කොත්මලේ ගණිතයා හැඳින්වේ .(මට සිහිපත්
වූයේ අන්දරේ පිළිබඳවයි.නමුත් මොහු විහිළු
කාරයෙක් නොව දක්ෂ ගණිතඥයෙකු විය.)
කොත්මලේ ;මාවෙල, බානවෙල ,කොටුවේ
ගෙදර ..උපත ලබා ඇත .ඔහු විසූ ඉඩම අද
ආඬියා කොටුව වත්ත ලෙස හඳුන්වයි.
රාජාධිරාජසිංහ රජු වරක් ,විශාල පුහුල්
ගෙඩියක් රාජසභාවට ගෙන්වාගෙන , තම
ජ්‍යෝතිෂ්ශාස්ත්‍රඥයින් ගේ හපන්කම් පිරික්සා
බැලීමට සිතුවේ ලු. ඒ අනුව ,පුහුල් ගෙඩියේ
ඇති ඇට ගණන ...නිවැරදිව කියන ලෙස
රාජ සභාවට පවසා ඇත.ඇතැම් ඇමතියෙක්
පුහූල් ඇට නැළියක් ඇතැයි ද ; තවෙකෙක්
දෙනැළියක් ඇතැයි ද ...ආදී වශයෙන් විවිධ
සංඛ්‍යා දක්වා ඇත.
කොත්මලේ ගණිතයා පුහුල් ගෙඩිය හොඳින්
පිරික්සා බලා ..
“මෙහි ඇත්තේ පුහුල් ඇට තුනකි.ඉන් දෙකක්
පුහු ඇටය .එකක් හොඳ ඇටයකි .” යයි ප්‍රකාශ
කළේ ලු.
රජු ,පුහුල කප්පවා බැලූ විට ..කොත්මලේ
ගණිතයා ගේ පිළිතුර නිවැරදි බව දැක ..
මවිතයට පත් වූ බව කියැවේ .
මොහු ඉතා ප්‍රසිද්ධියට පත්වූ යේ ඔහු ගේ
නිවැරදි කියමන් හා නිර්භීත ක්‍රියා කලාපය
නිසාලු.
වරක් ,මොහු ගේ බුද්ධිය පරීක්‍ෂා කිරීමට
සිකුරාට ( සිකුරු ට ) සිතුණි. මිනිස් වෙසක්
ගෙන ..ගණිතයා ඉදිරියේ පෙනී සිටියේ ලු.
දෙදෙනා අතර පිළිසඳර කතාවෙන් පසු ,
“මේ වෙලාවේ සිකුරා සිටින්නේ කොහිදැ”යි
විමසූ අමුත්තා ට ..
“මා ඉදිරියේ .” යැයි පිළිතුර ලැබී ඇත.
ඔහු ගේ දක්ෂතාවය ගැන සිකුරා විමතියට
පත් වී ..ගණිතයාගේ ඇස්වලට ඇඟිල්ලෙන්
ඇන ,දෙනෙත් අන්ධ කළ බව පැවසේ .එසේ
වුවද ,යමක් අතට ගත් කළ ,ඔහුට එය දර්ශනය
වූ බවත් ..කියැවීමට හැකි වූ බවත් ජන වහරේ
ඇත.
මෙසේ ,සිකුරා ද පරාජය කළ බැවින්
“සිකුරාජපති” යන පදවි නාමය රජු විසින්
පිරිනමා ඇත. තඹ සන්නසකින් එම පදවිය පිරි
නැමූ බව දැක්වේ .එම පරපුරෙන් පැවත එන්නවුන්
අදටත් ,මාවෙල ගමේ වෙසෙති. සිකුරාජපති
යන්න ,මෙහි භාවිතාවන වාසගමකි .මගේ
යෙහෙළිය ,හීන් මැණිකේ පවසන අන්දමට ඇගේ
පාසල් අවදියේ දී ,එම වාසගම සහිත දැරියක්
ඇය හා මිතුරු දමින් බැඳී සිටියාලු.
නැකත් තරුවක් ගැහෙනු දැකීමෙන් ගණිතයා
විසින් අපූරු ප්‍රකාශයක් කර ඇත. අනාගතයේදී
කොත්මලා ඔයා දෙපස පිහිටි තිස්පනේ කන්දත්
කඩදොර කන්දත් එකට එකතුවී උතුරට ගලා
යන බවයි.ඒ ප්‍රකාශයෙන් අවුරුදු දෙසියයකට පසු
ඒ කියමන සැබෑවූයේ කොත්මලා ඔය හරහා වේල්ල
බැඳ ,මහවැලි ව්‍යාපාරය යටතේ ,එම කඳු දෙක යා
කොට;.උමං මාර්ග ඔස්සේ ජලය ගලායාමට
සලස්වා එයින් ටර්බයින කරකැවීමට ශක්තිය
නිපදවා ගත් බැවිනි. ( ඇතැමෙක් මෙය පොන්න
නැකැත්තාගේ අනාවැකියක් බවටද පවසති .)

එකල ද පාලකයන්ට කේළම් කියා ,වාසි
ලබාගන්නවුන් ..සිටි බැවින් ; රජු හා ගණිතයා
අතර සම්බන්ධතාවය නො රුස්සන පිරිස ....
ගතු කියා ඔහු කෙරෙහි රජතුමා තුළ වූ විශ්වාසය
බිඳ දමන ලද බැව් කියැවේ .
අවසානයේ රජු විසින් වරදක් පටලවා ,ගණිතයාට
මරණ දණ්ඩනය පනවන ලදී . තමාගේ අවසන්
ඉල්ලීම ලෙස ..තමා පවසන කවිය අනුව කටයුතු
කරන ලෙස ..හේ රජුගෙන් ඉල්ලීමක් කර ඇත.

“හත් අවුරුද්දක් වසිනා වැස්සේ
බිංදු ගණන් කරලා දෙඤඤයි .
අබ තුන් පෑලක් මැනලා දුන්නොත්
පියළි ගණන් කරලා දෙඤඤයි.
හත් අවුරුද්දක් ගිය කන්කුන්ඩගෙ
කකුල් ගණන් කරලා දෙඤඤයි.
තව තුන් පැයකට නො මරා හිටියොත්
මෙතුන් පදේ තෝරා දෙඤඤයි.”

මේ කවියෙන් තමාගේ මරණය ..පැය තුනකට
කල් දමා ගැනීමට ඔහුට ඕනෑවිය.හේතුව තමා
ස්ථිර ලෙසින් ම ..තවත් හෝරා දෙකකින්
ස්වභාවිකවම මිය යන බවත් ; තම ආයුෂ අවසන්
වන බවත් ශාස්ත්‍රයට අනුව ,ඔහු දැනසිටිමයි.
ක්ෂණිකව මරණ දඬුවමට ලක් වුවහොත් ..
“වරදකරුවෙකු ලෙසින් හංවඩු ගැසෙන බැවින්”
කළ නො හැකි ඉල්ලීම් කවියෙන් පවසා ඇත.
රජුටද මේ කවියට අනුව මොහුගෙන් පිළිතුරු
ලබා ගැනීමේ ආසාවෙන්..ගණිතයාගේ දඬුවම ,
හෝරා තුනකින් කල් දමන ලෙස වදකයාට
නියෝග දී ඇත .
පුදුමයකි ! හෝරා දෙක ඉකුත් වනවිටම
ගණිතයා රජු ඉදිරියේ මැරී වැටිණි . රජු , මහත් සේ
කම්පාවට පත්වූ බව කියැවේ.


කම්පාවට පත්වූ බව කියැවේ.
මෙයින් අපටද කදිම පාඩමක් උගත හැකිය . එනම් ....

“උවමනාවට වඩා දක්ෂ වූ විට ,තමා වටා
සිටින්නවුන්ගේ ඉරිසියාවට බඳුන් වන බවයි.”
රෝ.සි.
2024.04.04.
( සේයාරුවෙන් දැක්වෙන්නේ සුන්දර කොත්මලේ
ජලාශයයි. අපගේ කැමරා කාචය දුටු අයුරු යි...ඒ.)
See day in the life

2024-04-05

අම්මා.


 


අම්මා ..................
අප අතරින් සමුගෙන වසර තුනකට ආසන්න වෙනවා. මගේ අතින් සටහනක් ලියවුනේ නැහැ ඈ ගැන. ඒ ලියන්නට නොහැකි නිසාවෙන් ඈ සමු ගෙන ගිය බව මගේ බොලද හිත තවමත් පිලි ගන්නේ නැති නිසා.
නොවැම්බර් මස දිනක හවසක මගේ පපුුව රිදෙනවා කිවු ඇය බලන්ගොඩ රෝහලේ කල සත්කාරයෙන් සෑහිමකට පත් නොවු අප ජයවර්ධනපුර රෝහලට යොමුුවුුනා. ඒ අම්මා අවසානවරට ගත කල දින කිහිපයයි.
පසුදා උදේ නවයට පමන මම සිටියෙ බොරලැස්ගමුවේ නංගීලාගේ ,ගෙදර. පෙර දින හවස අම්මා ලග සුවදුක් විමසින් සිට පැමින දොලහට අම්මා බලන්න යන සූදානමින් සිටි මා එක්වර විශාල කම්පනයකට පත්ව ක්ලාන්තව බිම ඇද වැටුනා . මොහොතකින් සිහි එලබ නැගිටින විට නංගීගේ පුතාට “ ආතම්මා නැතිවුනා” යන පුවත රොහලේ සිට ලැබිලා. . අම්මා ලොකු පුතාට තම සමුගැනීම ලග නොසිටි නිසා බොරලැස්ගමුවට විත් දන්වා තිබුනේ ඒ අයුරින්.
මම ලොකු පුතාව අවුරුදු හැත්තෑපහක් අම්මා සමග දුක සැප බෙදා ගත්තා. ඒ් කාලය රසවත් කාලයක්. අම්මා දරුවන් නවදෙනෙකු සමග කලේ යුද්ධයක්. තාත්තා අපත් කුඩුම්බයත් නඩත්තු කලා. අපේ පරිපාලනය කලේ අම්මා. ගෙදර කූස්සියේ තිබුනා දිග බංකුවක් . අපි පේලියට ඉදගෙන අපේ වාරය එන තුරු වාද විවාද කරමින් ඉන්නවා. අපේ පරිපාලනය හැදුන්වුයේ තාත්තා ජනාධිපති ලෙසයි. කලක් අග්රාන්ඩුකාරයාව සිට ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස්වීම නිසා තාත්තාගේ පදවි නාමය ඒ ලෙස වෙනස් වුනා. තාත්තාට ඒ ආණ්ඩු ක්රමය තුල විධායක බලය තිබූනේ නැහැ. විධායක බලය තිබුනේ අග්රාමාත්යවරයාට .අම්මා තමයි අග්රාමාත්යවරයා.
ඉතින් අම්මා ගැන හිතන්න පුළුවන් නේ.
අම්මා අපි හදාවඩා ගත්තා. දියණියන් තිදෙනෙකු සමග පුතුන් හදෙනෙකු අම්මාගේ සිත් සතන් තුටු වෙන පරිද්දෙන් ලොකු මහත්ව මිනිපිරි මුණුපුරන්ද ඔවුන්ගේ දූ දරුවන් සමගද අම්මාගේ දිවිය සතුටින් ගෙවුනා.
අම්මා පොතක්. සුබවාදීව අවසන් වු කතාවක් ගොතන ලද පොතක්.
අම්මාගෙන් ඇතිවු කම්පනය ‌මේ වියමන තවත් දිග කරාවි ............


A day in the life

2024-04-04

සුන්දර කොත්මලය ..(තුන්වන ටීකාව)


ගැමුණු කුමරුගේ ගැටවර අවදිය ...
Historical Legends of young Gamunu

කොත්මලා ඔය හඬ නඟමින් බැස යන
ශබ්දය ,ඇසුණු විට වර්ෂාවේ දෝංකාරය
යැයි මුලදී අප රැවටුණේ , නො දැනුවත්කමටය.
එය ,එතරම්ම විශාල ඝෝෂාවකි . ඇහැල
මලින් පිරුණු ගස යට වූ බංකුවේ වාඩිවූ විට
ඇස් මානයේ පෙනෙන වෙල් ඉපනැල්ල
චමත්කාර ජනක හැඟීම් මතුකරවයි.මෙවැනි
වෙල්යායක හරකුන් දක්කාගෙන යන
ජවසම්පන්න තරුණ ගැටවරයෙක් ..කාවන්තිස්ස
රජුට රහසේ ,සරල ගැමි ජීවිතයකට යොමු වූ
අයුරු , අතීතයට ඉගිළ ගිය සිතුවිළි නිසා
මනසේ සිත්තම් වන්නට විය.
දෙහදු කඩුල්ල හරහා කොත්මලයට පැමිණි
කුමරු කොටගෙපිටිය ගම්මානයේ ,ගමරාළ ගේ
ගෙදර නවාතැන් ලබාගත්තේ ගුත්තා ...ලෙස
පෙනී සිටිමිනි .
“මොණරාගල කන්ද පාමුළ සැදී ඇතී
නිල් දිය කඳුර හෝ හෝ ගා ගලා යතී
ගාමිණි කුමරු හොර රහසේ ලැගුම් ගතී
මේ ගම පියස කොටගේ පිටිය නම් වෙතී .”
(ජනකවියක්)
ගොවිතැන් කටයුතු සඳහා ඌරු
පැලැස්සේ ගමරාළ ට සහාය වීමට ඔහුට සිදුවිය .
නන්නාඳුනන තරුණයා ට ගම්මුන් ගේ සහාය
නො ලැබුණු බව ජනප්‍රවාද පවසයි.කොත්තුනුගොඩ
නවන්ගම ප්‍රදේශය යකඩ කර්මාන්තයට ප්‍රසිද්ධය .
උදැල්ලක් සාදා ගැනීමට නවංගම කම්මල්කරු
සොයා පැමිණි විට ,කුමරු ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප
කරමින් කල් මැරූ බව කියවේ. කම්මල අසල
කැලෑ රොදක සැඟවී ,කම්මල් කරු බැහැර යන
තෙක් බලා සිටි ඔහු ,අවසානයේ කම්මල්කරු
පිටවෙනවාත් සමග එහි ගොස් ඉවත ලා ඇති
යකඩ කැබලි තලා සුළු වේලාවකින් ,ඉතා කදිම
උදැල්ලක් සකස් කරගත් බවත් , කම්මල්කරු
පැමිණි විට එය දැක විශ්මයට පත්වී ,කුමරුට
වැඳ වැටී සමාව ඉල්ලූ බවත් කියැවේ.
කුමරු හරක් බලා ගැනීමට ගියේ ,මොණරාගල
කන්දටය . එම කන්ද මුදුන මොණරකු ගේ පිල්
කළඹ සේ උස්ව පැවති හෙයින් ඒ නම ලැබුණු
බව ගම්මු පවසති.ගොවිතැන් කිරීමට අවශ්‍ය
මීගොන් ලබාගැනීමේදී පවා ගම්මුන් ගේ
කෙණෙහිලි කම් නිසා අවශ්‍ය තරමට මී ගොන්
නො ලැබුණද ...ඔහු ගේ පින් මහිමයට පසුව
මීගවයින් ඔහු සතු ගවයා පසුපස පැමිණි බවක් ද
ජනප්‍රවාදයේ එයි.
මොණරාගල කන්දේ සිට ගලා බසිනා රජ ඇළ
පිළිබඳවද අපූරු ,ඇදහිය නො හැකි කතා පුවතක්
ඇත . සෙසු ගොවීන් ගුත්තා ට ජලය ලබාදීමට
අකමැති වූ බැවින් තම කෙවිට අතට ගත් ඔහු
කන්දේ සිට පහළ වෙල්යාය දක්වා කෙවිටෙන්
ඉරක් ඇඳගෙන ගිය විට ,ඔහුගේ පුණ්‍ය ශක්තියට
ඒ පාර ඔස්සේ ජලය ගලා ආ බවත් .එම ඇළ
මාර්ගය “ රජ ඇළ” නමින් පසුව භාවිතා වූ බවත් ය.
“උදහස් වූ බැවින් පිය රජු හට බියෙනී
පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමිණී
එහි හිස් ඉඩම්වල සරු කෙත් කරවමිනී
විසු වෙස්වළා ගාමිණි කුමරිඳු තුටිනී .”
(ජන කවියක්)
තමාගේ උදැල්ල හා මී ගවයින් උදව් කරගෙන
වෙල් යායක් සරුසාර ලෙස අස් වද්දා ..ගම්මැහේ
නොහොත් ගමරාළට තම ශක්තිය පෙන්වීමට
කෙවිට ඇදගෙන එනවිට ,ඒ පසුපසින් වී පිරවූ
මළු එකදිගට පැමිණි බවත් ...වී ඇසුරූ ගෙදර
“වීසුරු ගෙදර” නම් වී ,පසුව කටවහරේ භාවිතයට
අනුව ..අද “ වීරසූරිය ගෙදර”නමින් දක්නට ලැබේ .
“ ඌරු පැලැල්ලේ ගම මහගේ ගෙදර
මාරු වී එනම “ වී ඇසුරූ ගෙදර”
සීරුවට අළුත් පලකරන නිසියුර
වීරසූරිය ගෙදරයි දැනට බැවහර .”
(ජන කවියක්)
කුමරුට සේවකයෙකුට මෙන් සැලකු ගමරාළ
හා සිය පවුල ,කුමරු ගේ දස්කම් දැක බෙහෙවින්
පැහැදී ,කළු එතනා නම් සිය වැඩිමල් දියණිය
ඔහුට කාර බැඳ දෙන්ට වෑයම් කළද ,ඇය
අකමැති වී ඇත.එහෙයින් ගුත්තාට මල් කදට
(බත් පෙට්ටියට) ඇඹුල ගෙනගියේ බාල දුව
රන් මැණිකාය .දෙදෙනා අතර සෙනෙහසක්
ගොඩ නැගුණු බවත් පසුව ඇය හා කාර බැඳ
පැලැල්ල දෙණියේ මහ ගෙදර ම පදිංචියට ආ
බවත් කියැවේ .( එතෙක් ඔහු ගම ගෙදරටම
අයත් කුඩා මඩුවක් වැනි පැලක සිටි බවය්
කියැවෙන්නේ .)
“දුල ගාමිණී කරනට කරකාර සුබ
කළු මැණිකෝ පිං නොකළේ මන්ද නුඹ
හෙළ දිව කිරුළ මපියාගෙන් මෙදින ලැබ
රජ කරනට රන් මැණිකෝ නඟිනු නුඹ .”
(ජන කවියක්)
දහවල් ආහාරයෙන් පසු ,සුළු වේලාවක්
රන් මැණිකා ගේ උකුළෙහි හිස තබා නිදා
ගැනීම කුමරුගේ පුරුද්දකි. දිනක් විකාර
සිහිනයක් දැක තැතිගෙන අවදිවී ඇත .
“තමාගේ බඩවැල් මුවින් එළියට පැමිණ දික්වී
ගොස් ,නැවත කෙටි වී කුසතුලට ඇදී යාමයි.”
බියට පත් කුමරු ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය දත් “පොන්නා”
නම් නැකත්කරු හමුවී පලාපල විමසූ බවත් ,
සිහිනය විමසූ පොන්නා ,කුමරු ඉදිරියේ වැඳ වැටී
ඔහු රජ වන බව පවසා ඇති බවත් කියැවේ .
අවසානයේ ඔබ ,මා දන්නා පරිදි ..කාවන්තිස්ස
රජුගේ ඇවෑමෙන් ..සරසනලද මංගල හස්ති රාජයා
කුමරු දහවල සැතපී සිටි තැනට ම පැමිණ ...රජ
පෙරහරින් රජවාසලට කැඳවා ගියේලු ...
කොත්මලයේ සිට මාගමට ..මඟුල් රිය පෙරහැර
බලන්නට මාත් සිටියානම් ..කිනම් අරුමයක්ද??
මොනතරම් රසවත් ,ජනප්‍රවාද කොත්මලය විසින්
සඟවා ගෙන ඇත්දැයි ..ගලා යන කොත්මලා
ලාලනිය දෙස බලා සිටි ,මට සිතුණි.

(සේයාරුවෙන් දැක්වෙන්නේ ගැමුණු කුමරු කොත්මලේ
සිටියදී වගාකළ බව කියන වෙල්යාය අද ගොයම් කපන
පිරිසක් .අප ගේ කැමරාවෙන්.)


රෝ.සි. 2024 .04.02.A day in the life

2024-04-03

සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)


සුන්දර කොත්මලය ...(දෙවන ටීකාව)

දෙහදු කඩුල්ල
The historical monument called Dehadu Kadulla
at Kothmale

සුන්දර කොත්මලය ගැන තවත් ටීකාවක්
ලියන්නයි ,මේ හදන්නෙ .
අද වගේ සන්නිවේදන ක්‍රම නො තිබුණු
ඒ කාලයේ ,පුංචි සත්‍ය සිදුවීමක් මුල් කරගෙන
ආලවට්ටම් ගොඩක් දාල අදහගන්න බැරි
තරම් වගේ කතන්දර , පුරා වෘත්ත (legends)
ගොඩනගනවා .සමහරවිට කටින් කට ආරංචි
ගලාගෙන යනකොට ,මුලදී කියාපු අදහස
බොහෝ දුරට වෙනස් වෙලා යන්නෙ. ඒ ගැන
පුදුම වෙන්න දෙයක් නෑ .
පිය රජු සමග උරණ වූ ,ගැමුණු කුමරුට අවවාද
අනුශාසනා දී ..මලය රටේ , කොත්මලයට පලා
යන්නැයි පැවසුවේ විහාරමහා දේවිය බවයි
කියැවෙන්නේ ...
“ඉර දිගට පැල් විස්ස නම් පැවති ,කොත්මලේ
කන්ද උඩ කෝට්ටයට පලා යව...”යි කියූ බව ..
කියවා ඇත්තෙමි .කුමරු මාළිගයෙන් පලා එනවිට
හාල් මැස්සන් හා අලකොල බැදුමක් සමග බත්
ගෙඩියක් බැඳ දුන් බව ජනප්‍රවාදයේ එයි.කුමරු
ඔයක් අසල වාඩිවී බත් ගෙඩිය ලිහා , අනුභව
කිරීමට පෙර , “මට අනාගතයේ රජකම ලැබේ නම්
මේ හාල් මැස්සන් ට පණ ඒවි .” යැයි අදිටන් කර
හාල්මැස්සන් කීපයක් ඔයට දැමූ විට ..උන්ට පණ
ආ බවත් , හාල් මැහි කඳුර ලෙස අදටත් එම ඔය
කොත්මලේ දක්නට ඇති බවත් සොයා ගත්තෙමු .
පුරාවෘත්ත හා ජනප්‍රවාද සූදුරු ඇටයක් දැවටූ ,හූණු
බිත්තරයක් මෙනි .වටා ඇති පොත්ත විශාලය .පැණි
රසය .සූදුරු ඇටය ,ඉතා කුඩාය .
එකල ,රුහුණු ..පිහිටි ..මායා නමින් තුන්
හෙළය දැක්වූ අතර ,රුහුණේ අගනුවර මාගම විය.
මාගම සිට මායා රටට ප්‍රවිෂ්ටවීමට කොත්මලේ එක්
දොරටුවක් විය .එය ...දෙහදු කඩුල්ල ලෙස හැඳින්වූ
අතර ,එය නැරඹීමේ වාසනාව ලදුයෙමි . නිලූපා ත් ,
හීන් මැණිකේ හා මග පෙන්වූ සම්පත් ද සමග උලපනේ
පුස්සැල්ලාව පාරේ පිවිසුමින් ඇති අත්වැල නැග කඩදොර
හෙවත් දෙහදු කඩුල්ල නැරඹීමට ගියෙමු .මාගම සිට
කොත්මලේට ඇතුල්වීමට පිවිසුම් දොරටු හතරක් තිබී ඇත.
කඩදොර ,නියම් ගම් දොර ,වටදොර හා ගල් දොරයි.
එයින් අද දක්නට ලැබෙන්නේ දෙහදු කඩුල්ල නමින්
හැඳින්වෙන ,කඩ දොරයි. මහවැලි මහ සෑය පිවිසුම්
මාර්ගය භාවිතා කළහොත් ,ත්‍රී රෝද රියකින් එතැනට
ළඟා විය හැක.
ගල් කුට්ටි හා සක්ක ගල් විශාල ප්‍රමාණයක් භාවිතා කර
දෙපසින් තාප්පයක ස්වරුපයෙන් හා ,මුදුන උස් හැඩයක්
ගන්නා සේ නිමවා ඇති මෙය අපූර්ව නිර්මාණයකි .
මුල් කොටස ගුහාවක් හෝ බිම් ගෙයක ස්වරූපය ගනී.
ඇතැම්විට මෙහි දෙපස මුර සෙබළුන් පවා
සිටින්නට ඇතැයි මට සිතුණි. උස් වූ විශාල ගස් කොළන්
නිසා හිරු රැසින් වන පීඩා කිසිත් නො දැනේ .
ජනප්‍රවාදයේ දැක්වෙන අන්දමට ,මාගම සිට කොත්මලේට
සෙන්දුවූ ගැමුණු කුමරු ,සිය මඟුල් කඩුව සඟවා ඇත්තේ
මෙහි ය. පුරා විද්‍යා ඵලකයක් මගින් ද ඒ බව සඳහන් කර ඇත.
පියතුමා සමග අමනාපය කින්න
ගියේ කොත්මලා දෙස රහසින් කුමරු පැන
සිය කග සැඟවූ කල කඩදොර අයින
දෙහදු කඩුල්ලයි ,නම් පැනවූ සොඳින .
(ජන කවියක්)
තරුණ ජවය පිරී ඉතිරෙන වියේ වූ ගැමුණු කුමරු ගේ
පාද යාත්‍රා ව මොනතරම් කටකතා ජනප්‍රවාද හා පුරා
වෘත්තවලට වස්තු බීජයක් වේ දැයි ..එදා ඔහු සිතන්නට
නැත .

රෝ.සි.
2024 .03. 31

A day in the life

2024-04-02

කොත්මලේ .


සුන්දර කොත්මලේ ......(පළමු ටීකාව.)
How I become oneness with the pastoral serenity of Koth male




වසර කිහිපයක් තිස්සේ පැවති සිහිනයක් සැබෑ කරගනිමින් ,මලය රට සුන්දර කොත්මලේ ගම්මානය තුළ දින කිහිපයක් සංචාරය කිරීම ට අවස්ථාව උදාවූයේ ,මගේ යෙහෙළිය හීන් මැණිකේ කළ ඇරයුම නිසාවෙනි .

අපේ ඉතිහාසයේ ,ගැමුණු කුමරු ට සුවිශේෂී ස්ථානය ක් හිමිවේ. ඔහු කොත්මලේ සැඟවී සිටි කාලය තුළ ,තමා සම්බන්ධ ජනප්‍රවාද හා පුරාවෘත්ත රැසක් කොත්මලයට දායාද කර දීමට සමත් වී ඇත .

උදහස් වූ බැවින් පිය රජු හට බියෙනී

පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමිණී

එහි හිස් ඉඩම්වල සරුකෙත් කරවමිනී

විසු වෙස්වළා ගාමිණි කුමරිඳු තුටිනී.

.(........ජනකවියක්)

කොත්මලා අඩවිය පුරාම දිරාගිය හුණුගල් හා දිරාගිය උමං කුහර බහුල ය.

වටද්දර දෙසින් ගලන ජල ප්‍රමාණය ,කොත්මලා ඔය පහළ දක්නට නැත්තේද, ඔය මැද පිහිටි විශාල දිරාගිය හුණුගල් කුහර ඔස්සේ, ජලය පොළව තුළ ට ගලා යෑම යි .

කොත්මලා ඔය ,ප්‍රධාන ඔයවල් පහක් එක්වීමෙන් සෑදුන කි.එය සැතපුම් 43ක් දිග මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාවකි.

සොබාදහමේ අපූර්ව නිමැවුමක් වන කොත්මලේ .....වනාන්තර , කඳුපංති ,කපොලු,ගිරිදුර්ග හා ගංගා දියඇලි වලින් සුන්දර වී ඇත.

කොත්මලා ඔය ; නැගෙනහිරින් ....මහවැලි ගම, බෙරමාන,ව්ජයබාහුකන්ද,මෑතගම,මල්දෙණිය,කලපිටිය,හැදුණු වැව ,වෑ තලාව ,වටද්දර, නයින් කෙළිනා තොට,තිස්පනේ,හරංගල ගම්මාන පසු කරමින් ගලන්නීය. ඇයගේ බටහිර ඉවුර ; මඩ කුඹුර,හාල්පොල,වැවහේන,නියංගන්දොර (නියම්ගම්දොර),ගංකේවල,හෙල්බොඩ, මාවෙල, මාස්වෙල ,මොරපේ,රන්වන් තලාව ,කඩදොර,නුගවෙල සහ මාවතුර යන ගම්මාන වලින් පරිපූර්ණ වී ඇත . මේලෙසින් ගංදෑල වර්ණවත් කර ගනිමින් ,නැලවිල්ලේ ගලා ගිය නදී ලාලනිය අනතුරු ව කොත්මලේ වේල්ල ඇයට අභියෝග යක් වූ කල, දුක්මුසු ලීලා වෙන්..වැහැරුණු සිරුරෙන් ..සුසුම් ලමින්

ගමන් කර, උලපනේදී මහවැලි යේ උණුසුම ලබන්නීය.

තුරු ලතාවන්ගෙන් අලංකාර වූ නිල්වන් වන රේඛාව ,කොත්මලේ ජලාශය ට දිය උල්පත් සපයන තෝ තැන්න කි. සපු,වල්දෙල්, කීන ආදී

ශාක පත්‍ර බහුල ....අහසට හිස ඔසවා සිටින වනස්පතීන් , කොත්මලා මිටියාවත රැකගන්නා

හමුදාපතීහු වෙති .හීන් බෝවිටිය,දිය බෙරලිය,ගඳපාන පඳුරු ද...ඉලුක් ,මානා වැනි

තෘණ පඳුරු ද ...මග දෙපස වර්ණවත් කරවයි .

මගේ සිත ,වඩාත් පැහැරගැනීමට සමත්වූයේ සීතල දියකඳුරින් පිරි දර්ශනීය දියඇලි ය.

මේවා ගල්කුලු අතරින් ඇදහැලෙන විට ...නගන සිලි සිලිය වීණාවක මියුරු තත් හැඬවෙන්නාක් මෙන් යැයි ,මට හැඟේ.

ඇස්මානයේ හෙල්මළු රටාවට ගෙත්තම් කළ ,රන්වන් කරලින් ගැවසීගත් වෙල් යායවල් අතීත සෞභාග්‍යය පෙන්නුම් කරවන්නකි .

නෙතට රසඳුනකි...අභිමානනීය හැඟුම් දනවන්නකි .

කොත්මලේ සැඟවී සිටි කාලය තුළ ,දිය නෑමට සැකසූ මාවෙල පිහිල්ල සහ ඒ අසල වූ අම්බලම.....දුටු මතින් මට සිහිපත් වූයේ මේ ජනකවියයි.


නෑකල සිසිල හා සීතල සැප දෙවන

සීතල අනෝතත්විල ලෙස දිය ගලන

ඒ කළ ගැමුණු නරනිඳු හට පහළ වුණ

මාවෙල හොඳ පිහිල්ලක් මිතුර රණමුණ.

(ජනකවියකි).


මේ දිය පිහිල්ලේ සිසිලස දෝත පුරා විඳගැනීමට වාසනාව ලදුයෙමි.


රෝ.සි.

2024-04-01

යල සහ මහ විද්වත් කථාවක් .


හෙට අපි අපේ ගොවිපොළේ මෙ,වසරේ දෙවන කන්නය සඳහා
වැඩ අරඹමු.
ඒ හෙට දින යෙදෙන සුබ නැකතකට ය.
අතීතයේ හෙළ ගොවියා වගා කළේ කන්න දෙකකට ය.
"යළ" සහ "මහ" යනුවෙනි.
ඔවුන් මෙසේ "කන්න බෙදා ගත්තේ" සූර්යයා සහ මහපොළව අතර
ගණුදෙනුවවේ ස්වභාවය පදනම් කොට ගෙන ය.
ලෝක ගෝලය කොටස් කර හඳුනාගැනීමේදී එහි මධ්යය ලක්ෂය ලෙස
හඳුනාගැනෙන "සමකය"හා ඊට ඉහළින් වන
"කර්කටක නිවර්තන රේඛාවත්
පහළින් වන "මකර නිවර්තනයත් අතර
හිරුගේ සංක්රමන කාල පරාසය මීට පදනම් කොට ගැනේ.
සමකයට අංශක 6 -2/1 ඉහළින් පිහිටි මෙරටට එය බලපවත්වන්නේ මෙසේ,ය.
කර්කටක නිවර්තනයේ සිය සූර්ය සංක්රමණයට
ගත වන කාලය "දින 69" කි.
එය "යළ කන්නය" යි.
එහිදී වගා කෙරෙනුයේ එම කාල පරාසය තුළ
දිවි ගමණ සපුරන "කෙටි මස්" වී ය.
උදාහරන ලෙස "සුවඳැල් වර්ග"ය..
ඒවායේ,ආයු,කාලය" දින 72 " කි.
"මහ කන්නයේ" සූර්ය සංක්රමනයට වැඩි දින ගණනනක් ගනී.
දින "115" කි.
එනිසා එම කන්නයේ වගා කෙරෙන්නේ "දික් මස් වී" ය.
මෙසේ යළ කන්නයේදී කාලය අඩු,බැවින් ගොයම් ගස පඳුරු නොදමයි.
එනිසා පැරණි,ගොවියා වී,ඇට ලඟ ලඟ වැටෙන පරිදි වැපිරෑ හ.
ඒ "බලු අඩියට" ඇට හැටක් පමණ වැටෙන පරිදි ය.
"බලු අඩිය "යනු "බල්ලෙකු කකුල්,මාරු කරන දුර"යි.
මහ කන්නයේදී "බලු,අඩියට,ඇට පහක් පමණ"වැටෙන පරිදි ය.
එවිට ගොයම ට "පඳුරු ලලා වැඩෙන්නට "ඉඩ ඇත.
මෙ,කරුණු මතු කර දැක්වූයේ මෙම විද්යාත්මක කාරණා
එදා "ගොවියා ඥාණනය කර තිබුණේ කෙළෙසක දැ?" යි
ප්රශ්ණයක් මතු වන බැවිනි.
මන්දයත් පෘථිවි,ගෝළය මත "සමක,නිවර්තන රේඛාඇන්ඳේ"
ඊට පසු කලෙක භූ විද්යාඥයන් විසින් වන බැවිනි.
නමුත්,එදා ගොවියාද එය ටක්කෙටම දැන සිටිය හ.
එනිසා මෙම"සම්ප්රදායික ඥාණයත්"
"විද්යාත්මක විග්රහය"නුත් දෙකම වැදගත් ය.
ඉතින්,අපේ,ගොවිපොළේ,අපිත්
"සම්ප්රදායික ඥාණය" වගේම
"නූතන තාක්ෂනයත්" උපයෝගී කර ගන්නෙමු



කමල් පී අලහකෝන් ගේ සටහනක්.
වගා වෑයම අගේ කල යුතුයි.
ඒ වගේම කමල් අත්දෑකීම් නොමසුරුව බෙදා දෙනවා.

ස්තුතියි කමල්.
A day in the life

2024-03-31

ලොකු බඩක් මහ කරදරයක්.


ලොකූ නෙරා ඇති බඩට කවුරුත් කැමති නැහැ. එය හුදෙක් ලස්සන නොවන අතර බොහෝ විට ඔබ සැබවින්ම කැමති දෙයක් ඇඳීමෙන් ඔබව වළක්වන එක් දෙයක් වනු ඇත. අපේ රටේ සමහර ප්‍රසිද්ධ පුද්ගලයින් පවා ඇදුම රදවා ගත නොහැකිව බඩ නිසා විහිළුවටට ලක් කෙරේ. ලොකු බඩ ඔබේ විශ්වාසය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකිය.

බඩේ මේදය අපිරිසිදු වීම නිසා , එය භයානක ය. අභ්‍යන්තර මේදය දියවැඩියාව සහ දැවිල්ල සඳහා වගකිව යුතු හෝමෝනයක් නිකුත් කරයි. එය හෘද රෝග, පිත්තාශයේ ගැටළු සහ පියයුරු පිළිකා පවා ඇති කළ හැකිය.

මෑත කාලවලදී, උදරයේ මේදය ඉවත් කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් පෙති සහ "ආශ්චර්යමත්" විසඳුම් සමඟ පැමිණ ඇති නමුත් අවංකව, ඒවා විශ්වාස නොකළ යුතුය. බඩේ මේදය ඉවත් කිරීමට පිළිතුර ව්‍යායාම සහ නිසි ආහාර වේලක් වේ. උදරයේ මේදය අඩු කර ගැනීමට ඔබට ගත හැකි ආහාර කිහිපයක් මෙන්න.

අවාසනාවකට, අපි මිනිසුන්ට අවශ්‍ය තරම් ජලය පානය නොකරයි. දිනකට වතුර වීදුරු අටක් පානය කරන ලෙස බොහෝ වෛද්‍යවරු අපට කියනු ඇති නමුත් ඉතා සුළු පිරිසක් එය අනුගමනය කරති.

ජලයට හරියටම මිහිරි රසයක් නොමැති අතර සමහර විට එය ඔබ පානය කිරීමට කැමති එක් පානයක් නොවේ, එබැවින් අපි බොහෝ විට ඒ වෙනුවට පැණිරස බීම ලබා ගනිමු. අපි තේ සහ කෝපි ගන්නේ සීනි හෝ වෙනත් රසකාරක සමඟ ය.

ඔබ බඩේ මේදය නැති කර ගැනීමට උත්සාහ කරන්නේ නම්, ඒ වෙනුවට ජලය සඳහා යාමට ඔබ පුරුදු වන්නේ කෙසේද? සීනිවල ෆෲක්ටෝස් අඩංගු වන නිසා සීනිවලින් ඈත් වන්න, ඔබේ අක්මාවට බොහෝ දේ පරිවෘත්තීය කළ නොහැක. එහි ප්‍රතිඵලයක් ලෙස එය තරබාරු බවට පත් වී ඔබේ බඩේ තැන්පත් වේ.

මෙම කෘත්‍රිම රසකාරක ද ඔබට නිතර තෘෂ්ණාව ඇති කරයි. එබැවින් ඔබේ තේ හෝ කෝපි සීනි නොමැතිව පානය කරන්න, මෙය ඇත්ත වශයෙන්ම ඔබේ පරිවෘත්තීය වැඩි කරයි.

පළතුරු සීනි අඩංගු වුවද, පැණිරස කැමති කෙනෙකුට එය වඩා හොඳ විකල්පයකි. ඇත්ත වශයෙන්ම, ඔබට මුලින් වැඩි වැඩියෙන් පලතුරු අනුභව කිරීමට ආශාවක් ඇති විය හැකි නමුත් කාලයත් සමඟ එය පහව යයි. පලතුරු සෞඛ්‍ය සම්පන්න වන්නේ එය එක් ප්‍රමාණයකින් පමණක් ලැබෙන බැවිනි. ඔබ එය හපන විට, ඔබේ මොළය ඔබට පූර්ණ බවක් දැනෙන හෝමෝන කිහිපයක් නිකුත් කරයි. පලතුරු වල තන්තු ද අඩංගු වන අතර එය ඔබට දිගු කලක් පූර්ණ බවක් දැනේ. දොඩම්, ලෙමන්, ටැංජරීන්, කිවි සහ නැවුම් දෙහි වැනි පැඟිරි පලතුරු වැඩිපුර අනුභව කිරීමෙන් ඔබේ බඩ වටා ඇති මේදය දහනය කිරීමට උපකාරී වේ. ඇපල්, කොමඩු, මිදි සහ ස්ට්රෝබෙරි වැනි අනෙකුත් ඔබේ පරිවෘත්තීය Metabolism වැඩි දියුණු කරයි.



A day in the life

2024-03-30

පන්නිල



පන්නිල ගම රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරකට වෙන්නට පිහිටා ඇත. තුන් පැත්තකින් සිංහරාජ වනාන්තරයෙන් වටවූ ගම මැද කුඹුරු යාය පිහිටා ඇති අතර සොබා සෞන්දර්යෙන් අනූන පාරාදීසයකි. 
මීට අවුරුදු තුන්සීයකට පමණ පෙර කන්ද උඩරට සෙංකඩගල රජවාසල ඉංග්‍රීසින් සමග එකතු වීම නිසා රජුට විරුද්ධ වූ රජවාසල නිලයන් දැරෑ පිරිසක් පැන විත් මේ භූමියේ පදිංචි වීම නිසා‍, නිලයෙන් පැන වුත් පදිංචි වූවන්ගේ ගම පන්නිල වූ බව පැරන්නන්ගේ මතයකි. එසේම ගම පැන නිල්දියපිරි පන්පිරුනු විලක් නිසා පන්නිල වූ බවද‍, නිල් මැණික් නිසා පන්නිල වූ බවද පැරන්නන් මත පළ කරති.

පන්නිල මොහොට්ටාලලාගේ‍, ගල්හේන මොටහාට්ටාලලාගේ‍, කෝණාර මුදියන්සේලාගේ‍, පරගහවත්ත විතාරමලාගේ සහ තවත් පරම්පරා කිහිපයක් ලෙසින් පවුල් පරම්පරා අතීතයේ සිට මේ දක්වා දිවෙයි. ගමේ සෑම නිවසකටම අතීතයේ සිට පැවත එන අන්වර්ථ නාමයක් පවතී. වෑකුඹුරහේන‍, අළුත්ගෙදර‍, පහළ අළුත්ගෙදර‍, කොරටුවෙගෙදර‍, දෙවැටකඩේ‍, එගොඩලියද්ද‍, ගල්හේන‍, ඕවිටිගෙදර‍, කුරුලියද්ද‍, පිටෝවිට‍, කනතෙරියන‍, තෙන්ඕවිට‍, පිඹුරගෙවත්ත‍, කොළොම්ඹුඕවිට‍, බටන්දෙණිය‍, රාමන්ගිරිමුල්ල‍, කිතුන්නකන්ද‍, පරගහවත්ත ‍, වලකඩකන්ද‍, ගිනිමලාවත්ත‍, එගොඩවත්ත‍, හෙට්ටිකුඹුරවත්ත‍,ගුලනෙගෙදර‍, ඕවිටිගෙදර‍, කඩේකොට්ටුව , ඇහැළගහවත්ත ඉන් සමහරකි. තවත් බොහෝ ගෘහ නාම ගම තුල ව්‍යවහාර වෙයි.

ගම තුළ බොහෝ කුඹුරු ඇති අතර උල්පත් දියෙන් ඒවා වගා කරති. අස්වැද්දුම‍, වෑකුඹුර‍, පිටමුල්ල‍,ගෙදරකුඹුර‍, මැටිහග්ගොඩ‍, වලමග‍, දෙල්ගහඇස්සැද්දුම‍, වෙලබඩහේන‍, මහකුඹුර‍,මැද්දෙකුඹුර‍, වැලිපත‍, ගල්ලෙනපීල්ල කුඹුර‍, බෝගහයට කෑල්ල‍, වැ⁣ටකෙයියාපත‍, හිරිපුරන‍, වැලිපත‍ සහ තවත් නම් බොහොමයකින් කුඹුරු කොටස් යුක්තය. එසේම ගමේ යම්කිසි රාජකාරි ක්‍රමයකට කුඹුරු තිබී ඇති බව ඒවායේ පහත නම් වලින් හදුනාගත හැකිය. බණ්ඩාරකුඹුර‍, පිංකුඹුර‍, හේවගෙදරකුඹුර‍, හෙට්ටිකුඹුර‍, පනිච්චියගෙකුඹුර‍, කුසිගෙකුඹුර‍, නැකැත්තගෙකුඹුර‍, රදාලියද්ද‍, මනන්නයෙකුඹුර‍, බඩහැලකුඹුර‍, බෙරකාරයගෙකෑල්ල‍, බෙරවලියද්ද‍, පංසලගාවදෙණිය‍ ආදී ලෙසට හදුනාගත හැකිවේ.

අතීතයේ මුතුන් මිත්තන් බොහෝ දුෂ්කරව ජීවිතය ගැටගසාගෙන පැමිණ ඇත. ගොවිතැන‍, කිතුල් මල් කපා පැණි හකුරු නිපදවීම‍, වනාන්තරයෙන් දුම්මල එකතු කර විකිණීම‍, බට ගස් වලින් ගැරුම් වට්ටි‍, වේවැල් වලින් කූඩ වියා විකිණීම‍, වැනි දුෂ්කර වෘත්තීන් වල නිරත වී ඇත. ගම්වැසියෙකු බරපතල ලෙස අසනීප වුවහොත් ඇදක ලීයක් ගැටගසා ඒ මත රෝගියා තබාගෙන ගමම එකතු වී මහවන මැදන් දුෂ්කරව හෙල් පල්ලම් දොළවල් තරණය කර නගරයේ රෝහලකට ගෙනයෑමට හෝරා තුන හතරක් ගතවිය. එයිට මෙහා සියලු අසනීප ගමේ පාරම්පරික වෙද මහතා ඉසිවරයෙක් බදුව වෙදකම් කිරීමෙන් සනීප කර ඇත.
 
ගම මැද කැළෑ කුට්ටියේ නුග දොරටුව නම් මහා රූස්ස වනස්පතියක් තිබී ඇති අතර මිනිස්සුට එහා මෙහා යෑමට නුග ගසෙහි නුග මුල් අතරින් සෑදුනු කුඩා දොරකඩක් තිබී ඇත. අදුර පිරි ගුප්ත බවකින් යුතු මේ නුගදොරටුවෙන් එහා මෙහා යන අයත් ‍, ගම කොණ සොහොන් පිට්ටනිය හරහා ගමන් කරන අයත්‍, සවස නානතොටවල් හරහා ගමන් කරන අයත් අමනුෂ්‍ය බලපෑම් වලට නතු වීම එකල සුලභ දෙයකි. සතියකට තොවිලයක් දෙකක් ගමේ කොහේ හෝ තිබී ඇති අතර තොවිල් බැලීමට ගම්වැසියන් එක්රොක් වී ඇත. අස්වනු නෙළා සිදුකරන මේස පිදිල්ල ශාන්ති කර්මය‍, නූල් බැදීම්‍, දෙහි කැපීම්‍, වින කැපීම්‍, තොවිල්‍, ගරායක් සන්නි‍, අයිල පැදීම‍‍, පිල්ලියැවීම් ආදිය තිබුනු බව ජනප්‍රවාදයේ සදහන් වේ.

නිවසේ බත් පිසීමට හාල් ගන්නා විට සහල් මිටක් වළදකට දමා තබා එම මිටිහාල් වළදේ සහල් විහාරස්ථානයට පූජා කිරීම හෝ දේවාල සදහා පරිත්‍යාග කිරීම කලක සිට සිදුව ඇත. කුඹුරු හේන් වැඩ අත්තම් ක්‍රමයට සිදු කරයි. කුළියට නොව එකිනෙකාට උදව් කිරීම මගින් ගම තුළ සහජීවනය වර්ධනය වී ඇත. එය අදටත් කුඹුරු ගොවිතැනේදී දකින්නට ඇත. ගමේ සෑම නිවසකම වාගේ වී අටුකොටු පිරී පවතී.
 
අතීත පන්නිල බොහෝදෙනෙන් දුෂ්කරව කල් ගත කලද සතුට සහජීවනය ගම තුළ පැතිරී තිබිනි. අතීතයේ සමහර අයෙකුට සන්තකයටම තිබී ඇත්තේ එකම එක සරමක් පමණි. දිය නෑමට දොළට ගිය විට ඒ සරම සෝදා ගලක වනා සරම වේලෙන තුරු දියනෑම කල බව අසා ඇත. හොද සරමක් කෝට් එකක් තිබී ඇත්තේ කිහිප දෙනෙකුට පමණි. මගුල් තුලාවකදී ඇදුම් හිමි පුද්ගලයා හමුවී ඒවා ගෙන ගොස් ඇදගෙන යාම සිදුකර ඇත. 
එසේම ගොයම් පාගන කාලයට සමහර නිවෙස් හිමියන් බුලත් අතක්ද රැගෙන පැමිණියේ නිවසේ වහළය සෙවිලි කරගැනීමට පිදුරු ටිකක් ඉල්ලා ගෙන යාමටය. මී හරකුන් විශාල ලෙස ඇතිකර ඇත්තේ ගොවිතැන සදහාය. කුඹුරු වගාකළ පසු කුඹුර වටේටම වැටක් බැදීම සිදුකර ඇත්තේ හරකුන්ට කුඹුරු යායට ඇතුළු වීමට නොහැකි පරිදිය. එම වැට දොළේත් ඉදිකර ඇති අතර දොළේ වතුර වැඩිවන විට වැට වතුරත් සමග උඩට යන පරිදි ඉදිකර තිබූ බව පැරැන්නෝ පවසති.

ගමට ඉහළින් වනාන්තරය මැද පොළොව යට හුණුගල් ගුහා රාශියක් පිහිටා ඇත. ඒවා ⁣පන්නිලටම විශේෂ වූ අවුරුදු මිලියන ගනනකට පෙර ඇතිවූ‍, ලෝකයටම සුවිශේෂී වූ පාෂාණ බව ආචාර්ය Aravinda Ravibhanu මහතා සදහන් කර සිටී. එම ගුහා තුළ මනරම්ව හිරිලඹ හා හිරිටැඹ වසර දහස් ගනණක් තිස්සේ නිර්මාණය වී ඇත. එසේම පන්නිල වනාන්තරයේ රම්මලකඩ නම් වූ ප්‍රදේශයේ මීට දශක කිහිපයකට පෙර සිය ගණනක් සේවය කළ මිනිරන් පතල් සමූහයක් තිබී ඇති අතර දැන් ඒවා වැසී ගොසිනි. ඉංග්‍රීසින් මෙරට පාලනය කරන සමයේ කෝපි තේ සාදික්කා පැගිරිමානා ආදිය ගමට ඉහළ වනාන්තරය තුළ වගා කර ඇත. එම වගාවන් හා ඔවුන් ඉදිකළ ගොඩනැගිලි වල නෂ්ටාවශේෂ ‍, අශ්ව කරත්ත පාරවල් අදද දක්නට ඇත.

මේ ආදී බොහෝ ලස්සන කතන්දර සමූහයක් පන්නිල ගම වටා ගොනූවී ඇත. ගම් දහයක් එකතු කර පාලන පහසුවට සෑදූ පත්තුවට නම තබා ඇත්තේද පන්නිල්පත්තුව ලෙසින්ය. පන්නිල බුදුගල්ලෙන චන්ද්‍රාරාමය ගමට ඇති විහාරස්ථානයයි. එහි විහාරමන්දිරය තුළ පිහිටිගලේ ශෛලමය සැතපෙන පිළිමයක් නෙළා ඇති අතර‍, ගල්ලෙනෙහි ඉපැරැණි කටාරමක්ද දක්නට ඇත. වලගම්බා රජු සැගවී සිටි ගල්ලෙනක් බව පැරන්නන් විශ්වාස කරයි.

(රුවන් සංජය වික්‍රමසිංහ ෆේස්බුක් හී තැබු ලිපියක් ඇසුරිනි.
ලිපියේ අයිතිය සම්පූර්ණයෙන්ම ඔහු සතුය)

A day in the life

2024-03-29

The Dali, ඩාලි



 ෆ්රැන්සිස් ස්කොට් කී  Francis Scott Key Bridge  පාලම කඩා වැටීමට තුඩු දුන් අවස්ථාවන්හි විස්තර භාණ්ඩ නෞකාවේ "කළු පෙට්ටිය" මුහුදු ගමන් දත්ත පටිගත කිරීමේ න්ත්යෙන් (VDR) සොයා ගන්නා ලද්දේ නියමුවා ඉදිරි තත්වය පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට උත්සාහ කරන විටය.

 අඩි 984 ක් දිග  සිංගප්පූරු ධජය සහිත The Dali, ඩාලි යාතරාව බැල්ටිමෝර් වරායෙන් පිටතට යාත්රා කිරිමේදී විදුලිය අහිමි වී අඟහරුවාදා අලුයම 1:27  පමණ පාලමේ ගැටී ඇති බව ජාතික ප්වාහන ආරක්ෂණ මණ්ඩලය National Transportation Safety Board පවසයි. නැගෙනහිර වෙරළේ නාවික ගමනාගමනයේ සැතපුම් 2කට ආසන්න  වූ පාලම තත්පර කිහිපයකින් the Patapsco River පැටප්ස්කෝ ගඟට කඩා වැටුණි.

 බිඳවැටීමට ප්රතිචාර වශයෙන් ප්රාදේශීය, රාන්ත සහ ෆෙඩරල් නිලධාරීන් ඒකාබද්ධ ප්රකාශයක්  මගින් ,  නිවේදනය කළේ සුන්බුන් වලින් ගඟේ ඇති අනතුරුදායක තත්වයන් හේතුවෙන් කිමිදුම් මෙහෙයුම් සහ වාහන ගමනාගමය  අත්හිටුවා ඇති බවයි.

 අනතුරෙන් පසු ඩාලි හි සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ාත්රාවේ  රැඳී සිටින බව වෙරළාරක්ෂක රාකාශක සින්තියා ඕල්ඩ්හැම් Cynthia Oldham පැවසීය. නෞකාවේ සිටි කිසිවකුට තුවාල සිදුවී නොමැත. පාලම කඩා වැටෙන විට ඉදිකිරීම් කම්කරුවන් අට දෙනකු පාලමේ වළවල් සකස් කරමින් සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු දිවි ගලවා ගත් අතර අනෙක් අය මිය ගොස් ඇතැයි අනුමාන කෙරේ.

 වීණයන් ඇස්තමේන්තු කරන්නේ පාලම ප්රතිසංස්කරණය කිරීමට වසර දෙකක් ගත වන අතර යුහයේ අත්තිවාරම දිය යට තත්ත්වය මත පදනම්ව අවම වශයෙන් ඩොලර් මිලියන 350 ක් වැය වනු ඇති බවයි. එක්සත් ජනපද වාහන ලේකම් පීට් බුටිගීග් පැවසුවේ  හදිසි වැඩ සඳහා ෆෙඩරල් අරමුදල්වල පළමු ඩොලර් මිලියන 60 අනුමත කර ඇති බවයි.

 

A day in the life

ඉලපත - (ඉලිපොත)



අදවගේ නෙවේනෙ අතීතයෙ තිබ්බේ කටු මැටි ගහලා බිත්ති බැදපු ගෙවල්. එව්වාට බිම මැද්දේ මැටිත් එක්ක ගොම කලවංකරලා. මැටි ගෙයි ගොම ගාපු බිම පුදුම නැවුම් සුවදක් එන්නේ.. ඒවායෙ ඉදපු අය ඒක දන්නවා හොදටම.
මෙන්න මේ ගෙවල් අතීතයේ අතුපතු ගාගන්න යොදාගත්තේ ඉලිපොත කියන උපකරණයයි. මේ ඉලිපොත හදාගන්නේ අර ගොම ගාපු පොළව පලුදුවෙන්නෙ නැති විදිහේ අමුද්රව්ය යොදාගෙන. ඒ සදහා ඉක්මනින් හැලෙන්නෙ නැති කොළ අතු තමා යොදාගත්තේ.
අපේ ආත්තම්මලා ගෝතමානා කියන වල් මල් වේලෙන්න ඇරලා ඒ මල්වල ඇට වැටුනට පස්සෙ ඉලිපත් බදිනවා. පුවක් අත්ත,පොල් අත්තේ අඟ කොටස,සඹුක්කු අතු ආදියෙන් ඉලි⁣පත බදිනවා පැරණ්නන්.

නමුත් ඒ ඒ ප්රදේශ වල සැදෙන ස්භාවික ශාක කොටස් මේ සදහා ලබාගන්නා නිසා ඉහත සදහන්කරපුවා පමණක් යොදාගන්නවා කියලා කියන්න අමාරුයි.
අද භාවිත කොස්ස භාවිතා උනේ පසුකාලීනවනේ. ගොම පොලව අතු ගාන්න යොදාගත් ඉලිපත පැරණි කාන්තාවගේ හොද ආත්ම ආරක්ෂක උපකරණයක් බවත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඉතිම්.."ඉලිපත ගන්න කලින් බැහැපන් කිව්වෙ දොට්ට...", "ඉලිපත කැඩෙනකම් ගහලයි මම පස්ස බැලුවෙ..." එදා ඉලිපතින් ගුටිකනවා කියන්නෙ මහ නිංගිරාවකට ලක් උනා කියන කාරණාවක්. ඒකට හේතුව ඉලිපත බිම අතුගාන්න, කුණු ඉවත්කරන්න ගන්න උපකරණයක් වීමයි.
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය


A day in the life