Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Friday, January 31, 2014

අපොයි! ඡණ්ද වියදම්.

 


 
උදය ගම්මන්පිල මහතාට සුපර් ඩ්‍රෝ සැලසුමක් හා චිණ්තනයක් පහලවී තිබේ. කවුරුත් රුපියල් සීය බැගින්  පරිත්‍යාග කර ගම්මන්පිල මහතා වැනි අපේක්‍ෂයින් ජයග්‍රහණය කරවීමට සිත් පහල වේවා !!!!!
තමුන්නාන්සේල උන්නත් දාහයි - මළත් දාහයි   - අපිට උන්නත් මලත් බිංදුවයි. ගම්මන්පිල මහත්තයෝ !!.

ශ්‍රී ලංකාවේ හැමදාමත් මැතිවරණ තිබේ. පලාත් පාලන, පලාත් සභා ,පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ යනාදී කී නොකී මැතිවරන සෑම වසරේම රටේ කිනම් ප්‍රදේහයක හෝ පැවත්වීමට අවස්ථාව යෙදෙන ලෙස මැතිවරණ කාල සටහනක් ඇත. මේ සම්බනධව ජේ.ආර්.ජයවර්ධණ මහතාට ජනතාව පින්දිය යුතුය.  මේ මැතිවරණ ගැනත් වියදම් ගැනත් අප බොහෝ වියමන් කර ඇත.

මැතිවරණ සදහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ විසින් නාමයෝජනා ලබා දෙන අය දෙස බැළුවිට ඡණ්දපොලට ගොස් ඡණ්දය භාවිතා කිරීමේ උවමනාව දවසින් දවස පිරිහී යන බව සටහන් කළ යුතුය. දේශපාලන පක්‍ෂ වල නායකත්‍වයට අවශ්‍ය පරිදි ඉදිරිපත් කරන නාමයෝජන ලබනවුන් ගැන ඡණ්දය දෙන අපිට කවදාවමත් අභියෝග කල නොහැක. අපිට කළ හැක්කේ හොදම හොල්මනට ජණ්දය දීම පමණකි .

රටට ඵලදායි මෙන්ම දේශපාලනය ගැන දැනුම්වත් පිරිසක් ඉදිරිපත් කිරීමට වඩා සබන් කැටයක් අළවි කරගන්නට යොදන වෙළද දැන්වීම් මෙන් මැතිවරණ සදහාද වෙළද දැන්වීම් ඉදිරිපත් කර ප්‍රධාන පක්‍ෂ තම ගොඩ ලොකු කර ගැණීමට උත්සහා කිරීම දේශපාලනයේ සොහොන් ලකූණු විද්‍යාමාන වීමක් ලෙස වියමන්කරු සලකයි. . අනාගතයේදී අපේක්‍ෂකයන් ලෙස අවතාරද ඉදිරිපත් කර කෙසේ හෝ මැතිවරණ ජයගැණිමට ප්‍රධාන පක්‍ෂ සැලසුම් කරනු ඇත..

මේ වැඩකට නැති ඡණ්ද සදහා මහජනතාවගේ බදු මුදලින් උපයා ගන්නා මුදල් කන්දරාව වියදම් කරන අන්දම පිලිබද උදාහරණයක් පහත දක්වමු.

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා රුපියල් කෝටි 120 ක්‌ වැය වනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව ඇස්‌තමේන්තු කර ඇත.
Ø  පොලිස්‌ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 200 ක්‌ද
Ø  තැපැල් දෙපාර්තමේන්තුවට මිලියන 100 ක්‌ද
Ø  ඉන්ධන සඳහා මිලියන 40 ක්‌ද
Ø  මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 300 ක්‌ ද

වැය වනු ඇතැයි දෙපාර්තමේන්තුව ගණන් බලා ඇත. 

අවසන් වරට පැවැති උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයට රුපියල් මිලියන (කෝටි 87 ක්‌) 876 ක්‌ වැය වී ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයා මාධ්‍යයට පවසා තිබිනි.

Ø  රුපියල් මිලියන 150ක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවටත්
Ø  රුපියල් මිලියන 79 ක්‌
Ø  තැපැල් දෙපාර්තමේන්තුවටත් රුපියල් මිලියන 24 ක්‌ ඉන්ධන සඳහාත්
Ø  මිලියන 91 ක්‌ සැපයුම් හා සේවා
 වැය වී තිබේ.

මේ දියවී යන්නේ  ප්‍රජතන්ත්‍ර අයිතිවාසිකම්වල වටිනාකමයි.



notes of imaginary

Tuesday, January 28, 2014

කථා දෙකක් .




ඉස්සර සම්ප්‍රදායක් විදියට අටට පටන් ගත්ත බණ දැන් හාමුදුරුවෝ පටන් ගන්නේ හතයි තිහට. ටෙලි නාට්‍ය වලටත් ඉඩ තියන්න ඔනිනේ. ඔරලොසුවත් ලග තියාගෙන බණ පටන් ගන්න හාමුදුරුවේ පැයක් ඉලක්ක කරගත්තත්  හරියට අටයි විස්ස විතර වෙන කොට බණ වදාරලා ඉවර කරනවා.අටයි තිහේ ටෙලියට ඉඩදීලා.හාමුදුරුවේ ඒකට ඉඩදුන්නේ නැත්නම් උපාසික උපාසිකාවන් බණට අවධාණය ලබා ගන්න බැරි බව හාමුදුරුවෝ දන්නවා.
   
හැමුදුරුවෝ බණ කියනවා. ශ්‍රාවක සැදැහැතියන් අහ‍ගෙන ඉන්නවා. කිසිම සද්ද බද්දයක් නැහැ. සමහරු නිදිකිරා වැටෙනවා. තවත් සමහරු බන අහනවා විතරයි ප්‍රතිචාරයක් නැහැ. මළ ගෙවල් පේලියක් සමග හත් දවසේ බණ සහ දානේ  ගෙවල් පේලියක් ආව පසුගිය සති දෙකේ. එක් බණ ‍ගෙදරකදී  විතරයි  මම දැක්කේ අසන්නෝ ප්‍රබෝධයකින් බණ අහණවා. ඒ බණ ගෙදර හාමුදුරුවෝ බණ කිව්වේ නෑ. බණ සාකච්චා කලා. 

බොහෝම දෙනා බණ ගෙවල් වල යන්නේ  බණ අහන්න නෙමෙයි. හාමුදුරුවෝ බණට වඩිනවත් එක්ක මට පුංචි වැඩක් තියෙනවා ගිහිල්ලා එන්නම් කියලා බණ අහන එක මග අරිනවා. මල ගෙදර ස්තුති කථාව අවසන් වෙන්නේ බණට ආරාධණා කරන ගමන් අහවල් දවසේ බණ පසුදා දානයට එන්න ඕනි කියලා. ඒ නිවේදනයට අනුගත වෙලා බොහෝම දෙනෙක්    දානේ ගෙදර යනවා.  ;

කොහොම උනත් බණ ගෙදර ගිහින් තේ එකක් බීලා  මූණ පෙන්නලා ෂේප් වෙනවා.
මේ වගේ බණ ගෙදරක මිදුලේ  වට වෙලා සතුටු සාමිචියේ යෙදුන පිරිසක් අතරින් එක් අයෙක් කියු නස්රූදීන්ගේ කතාවක් අහගෙන ඉන්න ලැබුනා. 

නස්රුදීන් පන්සල් යන කෙනෙක් නෙමෙයිනේ. එයා යන්නේ මුස්ලිම් පල්ලියට.
දවසක්දා නස්‌රුදීන් පල්ලියට යනවා.  පල්ලියෙ මිදුලේ රැස්‌වෙලා ඉන්න මිනිස්‌සුන්ට බරපතල ‍දේශනයක්‌ දෙනවා පුජක තුමා. දෙවියන් ගැන. මේ කාලෙ දෙවියන් අපේ ලෝකෙට එන්නේ  නෑ. ඒකට හේතු කාරනා පහදනවා.

මේ කාලයේ මිනිසුන්ට ධාර්මික සිතිවිලි නැහැ. නිතරම මිනිස්සු ඉන්නේ  යක්‌ෂයා වැහිලා.  දරුණු සිතිවිලි වලිනි හිත් පුරවා ගෙන. සර්පයෝ  වගේ  විෂයි.  ඩිංග බැරි වෙන කොට දෂ්ඨ කරනවා. මේ හින්දා දෙවියෝ වුනත් අපේ ලෝකෙට එන්න බයයි. 

නස්‌රුදීන් මේ මතයට එකඟ නැහැ.  ඔහු ඊට තම බලවත් විරෝධය පෑවා. නස්‌රුදීන්ගෙ විරෝධය ගණන් නොගත්ත පූජකතුමා  දේශනාව දිගටම කරගෙන ගියා. නස්රුදීන්ටත් තම අදහසට මායිම් නැතිව දේශනාව පවත්වා ගෙන යනවාට මරු කේන්තියි. 

නස්රුදීන් පිරිස මැදට පැනලා පූජකතුමාට කියනවා දෙවියන් නොඑන හේතුව හරියටම දැනගන්න ඕනෙ නම් ඔය බොරු දේශනාව ටිකකට නවත්වනවකෝ     කියල. 
මෙහෙම දාපු සද්දෙට මෙල්ල වුන පූජක තුමා අහනවා නස්රුදීන්ගෙන් ඇත්තටම දෙවියන් මේ ලෝකෙට නොඑන හේතුව මොකක්ද ? කියලා.

නස්රුදීන්  උත්තර බදිනවා . දැන් ඉස්‌සර වගෙ නොවෙයි  දෙවියො නොඑන්නෙ මේ කාලේ  මෝඩයො අඩුයි නේ.  දෙවියන් දකින........ කියලා.  පූජකතුමාට හිතන්න ටිකක් වෙලා යනවා. හරියට වැටහෙන කොට  දකින්නේ නස්රුදීන් අඩියට දෙකට පහු බහිනවා.  යකා නැග්ග පූජකතුමා නස්‌රුදීන්ට බැණ බැණ නස්‌රුදීන්ව ලුහු බදිනවා.  එනපොට හොඳ නැති බව තේරුම් ගත්ත නස්‌රුදීන් පහු බහින  ගමන්ම තම සොයා ගැනීමේ ඉතිරි කොටසත්  සම්පූර්ණ කළා. 

හා බොරුද කියල බලනවා - ඔය මෝඩයා හොයාගෙන යන්නේ දෙවියෙක් නෙමෙයිද කියලා ?.

මාත් ඥාති නොවන බණ ගෙවල්වල    ගියාම මූණ පෙන්වලා මාරු වෙනවා. එහෙම නූන බණ ගෙදරක හාමුදුරුවේ දේශනා කරපු බණක මතක සටහන් ආයෙත් දවසක  කියවමු.




notes of imaginary

Monday, January 27, 2014

මහමෙව්නාවේ සමාධි බුදු ඇස





මහමෙව්නාවේ සමාධි බුදු ඇස
රෑ වට සීතල පින්නෙන් පිරුණිද ? .
නැත්නම් සැබැවින් කදුලින් වැසුනිද ?.

පිරිතේ තෙවලා බණ පදයේ
සාදුකාරයේ හඩ මඩිමින්
අවි ගැටෙනා හඩ රණ දෙරනේ
දෝංකාර දී එයි නැගෙමින්

ඒ ඇසු බුදු ඇස
කදුලින් වැසුනිද ?.
නැත්නම් රෑ වට පින්නේ පිරුණිද ?.

හදේ ගලා ගිය නෙත් ගගුලේ
සීතල දිය රැලි ගල් ගැසෙමින්
නොමිනිස් කම් දළු දමා වැඩේ
මිනිසත් භාවය ගිණි තබමින්

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.



notes of imaginary

Sunday, January 26, 2014

නිදිමරන්නාට - රාත්‍රීය දිගය 2.





නිදිමරන්නාට -  රාත්‍රීය දිගය
ගමන් ගොස් වෙහෙසුනට - යොදුන දිගය
සද්ධර්මය නොදන්නාවු  - මෝඩයිනට සසර දිගය

දීඝා ජාගරතො රත්තී - දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලනං සංසාරෙ - සද්ධම්ම අවිජානත

ධමම පදය - බාල වග්ගය.


මේ විකාර පිරි අව - මංගල්‍ය  පිළිබද සටහන් දැන් අවසන් කලයුතුය.

 අව - මංගල්‍ය ලෙස මෙ විකාරය හැදින්වුයේ  මංගල්‍යයක් ලෙස මළ ගෙයක කටයුතු පවත්වන නිසාවෙනි. අගහරුවාදා   , සිකුරාදා අවසන් කටයුතු සිදුකිරීම බෞද්ධයන් අකමැතිය. සතියේ ඕනෑ දවසක උපදින්නට වරම් ඇති අපිට අවසන් කටයුතු සදහා මේ දවස් දෙක සුබ නැත.  මෙලෙස සිතන්නේ හිණ්දු අභාසයෙන් විය යුතුය. 

සමහර උදවියට සිරුර දින දෙක තුනක් නිවසේ තබා ගත යුතුය. නැත්නම් එය මදි කමකි . මළ ගෙවල් වල සංග්‍රහ කටයුතුද  බෞද්ධ අභාසයක් නොවේ. එයත් වෙනත් ආභාසයක්ය.

අව - මංගල්‍ය උත්සව සදහා දැන් ඇඳුම් මෝස්තර ද තිබේ. බෞද්ධයන් ට නම් ඇදුම් සුදු පාට ය.  ඒ අනුව, සුදු සාරි, සාය - හැට්ට, කමිස කලිසම් ඇඳ, ඒවාට ගැලපෙන සුදු සපත්තු - සෙරෙප්පු, හෑන්ඩ් බෑග් හා මාල - වළලු - කරාබු ආදිය ද පැලද යායුතුය. අනෙක් ආගමිකයෝ තම ආගම් අනුගමනය කරන ඇදුම් සකස් කර ගනු ලැබේ.

එමෙන්ම තවත් අළුත් මෝස්තරයක් වී ඇත්තේ බැනර්ය . ඒ නිසා මරණ ගෙදරට සහභාගි වනවා සේ ම බැනර් ගැසීමත් සිදු විය යුතු ය.  "බැනර් එක ගෙනාවාද?" කියා  නිවසියන් වුණත් අසන්නට ඉඩ තිබෙන නිසා ඒය නම් අමතක නො කළ යුතුය.   දැන් දැන් සමහර පුද්ගලයේ තම සංවේගය පලකරන බැනර් දෙක තුනක් නිවසේ තබා ගෙන තිබෙනවා වියමන් කරු දැක ඇත.  ඔවුන් මළ ගෙදර ගියත් නොගියත්  බැනර් එක ප්‍රදර්ශණයට යවීම නම් අනිවාර්යෙන්ම සිදු කරන්නේය.  බැනර් එකක් ගසා ගන්නට ඉඩක් නැති තරමට මළනිවසේ පරිසරය බැනර් වලින් විචිත්‍රවත්ව ඇත්නම්  , එයින් ප්‍රකාශිත වන්නේ මැරුණු පුද්ගලයා හා ඔහුගේ දරුවන් සතුව සැලකිය යුතු මහජන සම්බන්ධකම් ප්‍රමාණයක් ඇති බවය.  

ඒවායේ තිබෙන පාඨ ද කියවීම රසවත් ය. අවසන තඩි අකුරෙන් සංවේගය ප්‍රකාශණය කරන පුද්ගලයින් ගේ නම් සදහන්ය.


අවසන් කටයුතු  සිදුකරන අවස්ථාවේ  ස්තුති කතාව සමග හෝ ඊට පෙර .  මියගිය අය ජීවත්ව සිටියදී කරන ලද සමාජ සහ ආගමික සේවාවන්  සහ  උපන්දිනය  අධ්‍යාපනය ලැබු ආයාතන  රැකියාව , නිවේදනයක් ලෙස කියවන්නේ හමුදා භටයෙකු ගේ අවසන් කටයුතු වලදී කරන කියවන නිවේදනක් පරිද්දෙනි. මෙය අළුතින් එක්වු අංගයකි.  ඉන් පසු ආගමික කටයුතු පවත්වා පැවිදි අනුශාසනා ගිහි කතා අවසන් වන විට  මළහිරු බැස යන හැන්දෑයාම   ය එළඹි ඇත.

මේ හැම අනුශාසනා සහ ගිහි කතා ඉතාමත් කෙටියෙන්  පවත්වන බව පවසමින් ආරම්භ කරන අතර ඒවා පැය භාගයක් වත් දිගට ඇදී යන්නේය. 

සභාව ස්තුති කතාවට  යොමු වී එම  කතාවේ  අනිවාර්යෙන්ම  ආ ගිය දේශපාලන තක්කඩියන්ට  තැනක් හිමිය. සමහර විට සියළු කටයුතු වලට සහය දී මළ නිවසේ රැදී සිටි අසල්වාසීන් මේ කතාවෙන් නොදෑනිම හැලී ගොස් ඇත.

අපට මෙන්ම මේ කතා අසා සිටින විට මලවුනටද සිනහා පහල නොවන්නේ නම් පුදුම විය යුතුය.





notes of imaginary