පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, June 11, 2022

යාපනයේ මතක ඩෙල්ෆ් දූපත -1.

මෙම සටහන කළ යුතුව තිබුනේ ජනවාරි මාසයේදීය. අප යාපනයේ සංචාරයක් සදහා දින නියම කර ගෙන සිටියෙමු. එක්වු පිරිස ගේ කැමැත්ත වූයේ අශ්වයින් බැලීම සදහා ඩෙල්ෆ් දූපත වෙත යාමය. බොහෝ දෙනාගේ කැමැත්ත ජයග්‍රහනය කරනු ලැබීය.

ගමනට සූදානම්ව

ගමාන්තයේ.


නවාරි 11 දා කන්කසන්තූරේ තල් සෙවනේ ලැගුම් ගත් අපි තෙවෙනි දින පාන්දරින්ම කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණියෙමු . වෙලාව පෙරවරු හත පමන් විය. වඩතාරකී යත්‍රාව ඩෙල්ෆ් බලා පිටත් වීමට  සුදානමින් ජැටියේ නැන්ගූරම් ලා තිබුනේය. මෙම යාත්‍රාවේ පිටත් වීමට සීයයකට අධික මගී පිරිසක් පෙල ගැසී සිටිය අතර ඔවුන් දූපත තුල සේවය කරනු ලබන ගුරුවරුන් රාජ්‍ය සේවකයන් බව කතා බහෙන් සිතා ගන්නට හැකිවිය.

යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ලංගම සහ පෞද්ගලික බස්රථ සේවාවක් ඇත. කුරිකඩ්ඩුවාන් ජැටියෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා ඇති වඩතාරකී සහ කුමුදිනී නමින් යාත්‍රා දෙකක් සේවයේ යොදවා ඇත. මේ යාත්‍රා දෙකෙන් යන මගීන් ගෙන් මුදල් අය කරන්නේ නැත.පෞද්ගලික යාත්‍රා කිහිපයක් ඇති අතර ඔවුන් ගමන් වාර සදහා මුදල් අය කරනු ලබන්නේය. මුහුද රළු නොවන කාලවලදී මෙවැනි යාත්‍රාවකට කුරිකඩ්ඩුවාන් සහ ඩෙල්ෆ්ට් අතර ගමන් කිරීමට පැයක පමණ කාලයක් ගතවේ. මුහුද රළු කාලවලදී ගතවන වේලාව ඊට තරමක් වැඩිවන බව සදහන් විය.

ඩෙල්ෆ්ට් දූපතට යාත්‍රාවක් පැමිණෙනවාත් සමගම එහි මගීන් රැගෙන යාමට ඒ සඳහා යොදවා ඇති බස් රථය  දූපත වටා ඇති නොයෙකුත් ගමන්නාන්ත කරා මගීන් ප්‍රවාහනය කෙරේ. දිනකට හතර වතාවක් පමණ මෙම බස් රථය සේවයේ යොදවා ඇත.ආපසු පැමිණිමේදීද මෙම සම්බන්ධතාවය  ප්‍රවාහනය සදහා ක්‍රීයාත්මක වන්නේය.

"වඩතාරකී" යාත්‍රාව අප රුගෙන නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ් දූපතට නිරූපද්‍රිතව පැමිණියාය. වෙලාව පෙරවරු නවයට ආසන්නය. ජැටිය ආසන්නයේ එක් ආපන ශාලාවක්  අපේ අවශ්‍යතාවය තෝසේ , වඩේ වැනි කෑම වලින් සම්පූර්න කලේය.

උදේ ආහාරය සම්පුර්න කලාය.


 සපාරි රථයක් වෑන් රියක් ගනුදෙනු කරුවන් සොයමින් සිටි බැවින් අපි ගමනට සපාරි රථය තෝරා ගතිමු. වැසි සහිත කාලගුණය මැද ඇරඹි ඩෙල්ෆ් දූපත ඇතුලත සංචාරයට ඊළග වියමනෙන් කැදවා ගෙන යන්නට දැනට  නවතින්නම්.


notes of imaginary

Thursday, June 09, 2022

යාපනය මතක.


යාපනය ෙකාටුව

ප්‍රවාහනය

DELFT ISLAND;




යාපනය චාරිකාවකට එක්වෙන්නෝ බොහොමයක් දෙනා යාපනය පුස්ථකාලය,නාගදීපය ,නල්ලූර් කන්දසාමි කෝවිල, සාන්ත ජේම්ස් පල්ලිය, කීර මලෙයි, නිලාවරෙයි, ඕලන්ද කොටුව , සහ කන්තොඩෙයි පුරාන රජ මහා විහාරය යන ජනප්‍රිය ස්ථාන නරබන්න සහ තොරතුරු එක් රැස් කර ගන්නට ගියත් මම මෙවර ඩෙල්ප්ට් දුපතට යාමට සැලසුම් කර සිටියෙමි.
 2010 වසරේ ඉහත සදහන් ස්ථාන කරා ගිය මුත් මේ වන විට එදාට වඩා එම ස්ථානත් මාර්ග පද්ධතියත් සංවර්ධණය වී ඇති බව දැන ගන්නට ලැබිනි.

යාපනය නගරය අවට තොරතුරු බැලීමට දිනක් වැය කල බැවින් නල්ලූර් කෝවිල, යාපනය පුස්ථකාලය ඕලන්ද කොටුවට යා හැකිවිය. යාපනය නගරයද අළුත් අත්දැකීමක් වු බව සදහන් කල යුතුව ඇත. 

විශේෂයෙන් ඉන්දියානු රෙදි පිලි, රසකැවිලි, විදේශිය සන්නාමයෙන් යුතු ටොෆී , චොක්ලට් වෙළද පලෙහි සුළභ විය. රන් ආභරණ වෙළද පලද, ආකර්ෂණීය බව සදහන් කල යුතුය.

අපේ කන්ඩායමට නවාතැනෙන් බැහැරව යාපනයේ ආහාර ගැණිමේ උවමනාවක් තදින්ම තිබුන බැවින් ඒ සදහා ද උදේ සහ දහවල් ආහාර යාපනයේ ඌරුවට ලබා ගත්තේ තවත් අළුත් අත්දෑකීමක් එක් කරමින්ය.

මීලග වියමන ඩෙල්ප් දූපත වෙනුවෙන් යොමු වෙන බව සලකන්න.








notes of imaginary

Tuesday, June 07, 2022

අප්‍රසන්නවු ප්‍රසන්න.

👨👨👨👨👨👨👨👨👨👨👨 


ප්‍රසන්න අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වුනා. කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් වර්තමාන දේශපාලනයේ සෑබැ යක‍්ෂ මුහුන හෙළිදරවි කලා.

මේ මග ගියෙත් යන්නේත් බස්නාහිර මහ ඇමති  පමනක් ද ?.

මට මතක් වුනේ ඉණ්දියාණු දමිළ චිත්‍රපටිවල ඉන්න දේශපාලන චරිත. ඔවුන් දූෂණය. මැරකම්, කරමින් තම මඩිය පිණිසම අවලම් ජඩ වැඩ කරන්නන්. නිවාස ව්‍යාපෘතින් සදහා දුප්පත්න්ගේ ඉඩම් කොල්ල කා ගන්නා වෘත්තාන්ත ත් මේ චිත්‍රපටිවල තියෙනවා.

දේශපාලනඥයන්ගේ කප්පම් ඉල්ලීම් නිසා මේ රට අත්හැර වෙනත් රටවල ආයෝජනය කල විදේශීය ආයෝජකයින් ගැන මීදුම අහල තියෙනවා. ඒ තරමටම කප්පම් මුදල බරපතලයි. දේශීය ව්‍යාපෘති කරන විට කොන්ත්‍රාත් කරුවන්ගෙන් කප්පම් ගන්නවා. කප්පම අනුව තමයි ව්‍යාපෘතිය ලැබෙන්නේ. මේ පේලියට දේශපාලකයා, ඉන්ජ්නේරුවා ගේ පටන් වැඩපරිපාලකයාත්  ලිපිගොනුව සකස් කරන ලිපිකරුවා සහ කාකසත් අයත්.

මේ අප්‍රසන්න ක්‍රියාදාමයට තිත තියන්න මහාධිකරනය ගත් තීන්දුව අති විශිෂ්ඨයි. නීතිපති දෙපාර්තමේන්තුවත් තම කොදු ඇට පෙල යම්කිසි ප්‍රමානයකට ශක්කිමත් බව පෙන්නුවා. අනෙක් දේශපාලනඥයොත් මෙය ආදර්ශයට ගෙන විනය ගරුක වුනොත් යහපත් වගේම ජනතාවද අවධියෙන් සිටිය යුතුයි.

අධිකරනය . ව්‍යවස්ථාදායකය විධායකය ස්වාධීන කනු තුනක් මත පිහිටියා නම්  රාජ්‍ය සුවපත් වේවි. 
 

 



notes of imaginary