පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, August 29, 2018

යලිත් අපි හමුවෙමු.

“බටහිර අහස රතු සිත්තම්
මැකුණාවේ
දෙනිපෙත හඬන හිරියාමල්
පිපුනාවේ
මා ආදරය දුටු බව නොම
හැඟුනාවේ
මා නැති කලෙක උන් සුවඳක්
දැනුනාවේ”

හෙම ලීවේ “ බොනී මහත්තයා” වෙනුවෙන් පරසතු මල් චිත්‍රපටියේ.
බොනී මහත්තයා විතරක් නෙමෙයි අපිත් නැති කල තමයි ගුණ සුවද ගැන කතා කරන්නේ !. 
නිහඩ බව නිසල බව තුල ඇති සිසිල අත්විදින්නට ලැබුන දවසක  සිතුවිලි අතීතයේ සිට වර්තමානයට එන්න වලිකනවා. මම බොහෝ දවසක සිට යමක් ලියන්න තතනවා. එත් ලියා ගන්න බැහැ. ලියවෙන්නේ නැහැ.

වර්තමාන දේශපාලනයේ නොගැලපෙන තැන් බොහෝයි. ඒත් මගේ සිතිවිලි ඒවා ගැන ලියන්න ඉඩ දෙන්නේ නැහැ. හිත අවුල් කරගන්නේ නැතිව සමාධි ගත වෙන්න නම් මොනවත් වුනේ නැති මොනවත් වෙන්නේ නැති ගානට ජීවත් වෙන්න ඕනී. මම විතරක් නෙමෙයි බොහෝම දෙනා අද දේශපාලනය හා දේශපාලකයෝ ගැන හිතන්නේ කතා කරන්නේ කළකිරීමකින්. විවේචනයට වඩා “ ඕන දෙයක් වෙද්දෙන් ” කියලා  ඇල් මැරුන සිතෙන් සිතිවිලි මුදාහරිනවා.

දවස අවට ලියවිය යුතු බොහෝ දේවල් මැවෙනවා. ඒත් එවා ගලපා ගන්න සිත සන්සුන්වන්නේ නෑ

මේ පුංචි වැව් තීරයේ මම දවසක තනිවුනා. සිත භාවනාවක වගේ පාවුනා. උත්සහාකරන්නම් නතරවුන මීදුම යලිත් පණ ගන්වන්න.මම හිතනවා මීදුම ඇසුරු කලෝ යලිත් මීදුමෙන් හමුවෙයි කියලා.





notes of imaginary

Saturday, February 24, 2018

ගලපිට පැහැරූ බිඩාලයෙනි ! පිබිදෙනු දැන්වත්...




මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා පිරිසක් බැවින් ඔහුට හතරවන ස්ථානයට පත්වීමට සිදුවිය.
ඔහුගේ මතයට අනුව ලංකාවේ දේශපාලනය හදාරන ලද ඡණ්ද දායකයෝ නැත.
අපේක්‍ෂකයෝද මෙහෙය වන්නෝද විවිධාකාරයේ  දූෂිතයෝය, මංකොල්ල කාරයෝය ,මැතිවරණයට පසු දින ඔහුගේ මූණු පොතේ තබා තිබු මේ පණිවිඩය මගේ සිත් ගත්තේය.මම ඔබට කියවන්නට එය පළකරනුයේ මගේ මිත්‍රයාට කෘතවේදීත්‍වය පලකරමිණි.
මේ පුංචි මැතිවරණයේදී මිල අධික මත්පැන් වර්ග ( රෙඩ් ලේබල් , බ්ලැක් ලේබල් , ග්‍රීන් ලේබල්, හෙනසි, වැනි විදේශිය මත්පැන් ) පවා සංතෝසම් ලෙස ලැබුන ඡණ්ද දායකයෝද මට හමුවිය.තනතුරකට ඇති මිලක් මම සිතුවෙමි.


notes of imaginary