පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, December 24, 2015

2015 වසර ගෙවී ගෙන යනවා.



තව වසරකින් ජීවිතය කෙටි කරගත්තා කියලයි මට හිතෙන්නේ. කවුරු මොන වගේ හිතුවත් මට නම් එහෙම හිතන එක සැනසීමක්. එහෙම හිතෙන කොට ජීවිතය  පටන් ගත්ත වසරක් කියලයි මම 2105 සටහන් කරගන්නේ.
පහුගිය මාසේ නොවැම්බර් මාසේ 29 වෙනිදා මගේ පොඩි මල්ලී අවුරුදු 49 ක්ව හෘදාබාධයක් නිසාවෙන් අප අතහැර ගියා . ලොකු අයියා තවමත් නිසරු ජීවිතය ගැන පසුතැවෙමින් බලා සිටිනවා.අපි දුවනවා...... දුවනවා කෙලවරක් නැහැ. නතරවුන දවසට දිවිල්ලෙන් තේරුමක් නැහැ කියලා හිතෙන්නේ ප්‍රේක්‍ෂකයන්ට මිසක් නිමක් නැතිව  දුවන අයට නෙමෙයි මේ ගමන ගැන අවබෝධයක් ලබන්න පුළුවන් .මට මතක හැටියට අංගුලිමාල ට බුදුහාමුදුරුවෝ කිව්වේ ....මමනම් නතර වෙලා . ඔබ තවමත් දුවනවා කියලා මේ හැගීමෙන් වෙන්න ඇති.
සුන්දර රූපය කාය ගිණි ගොඩකට ( වර්තමානයේ නම් ගෑස් උදුනකට )මැදි වෙලා  පුංචි මැටි මුට්ටියකට ලඝු වෙලා  පස් අතරේ සැගවුනාම  “රූපං ජීරති මච්චානං - නාම ගොත්තං නජීරති............කියන බුදු වදන මතක් වෙනවා. අදවන විට  “ නාම ගොත්තං නජීරති“ යයි කියන කොටස යථාර්තයක් නෙමෙයි.නොදිරන නාමය වාහනයක් කර ගෙන අනෙක් අය ජීවත් වෙන්න නොදිරන නම  විකුනන හැටි හැම වෘත්තියේම දකින්න තියෙනවාඅවුරුද්දක් දෙකක් ඇවෑමෙන් නාමගොත්තං නජීරති යන වදන යථාර්තයක් නෙමෙයි කියලා අපි කාටත් හිතෙනවා. ඒ තරමට සමාජය කාර්ය බහුල වෙලා.ආත්මාර්ථකාමි වෙලා.
මේ කෙටි සටහනින් අද වියමන අවසන් කරනවා.







notes of imaginary

Tuesday, December 22, 2015

අවදිවූ මතකය.


මේ සරස වසන්තයේ - සද උතුලන මිහිර වැගිරෙයි
මල් සුවද පවා සුසුමින් වැලපෙයි.
 මේ සරස වසන්තයේ........................
ඇල් සුළග ඇවිත් කොදුරයි රහසින්
ආදරෙයි කියා ඔබ කීව ලෙසින්
ජීවිතය වුනත් මලක් වගෙමයි
හෙට හිනා වෙලා පෙති ලිහා දමයි.....................
 මේ වසන්තයම හෙට මලකට නම්
ආදරය දකිනා හීනයක් වගෙයි
සිප ගන්න හිතයි සැගවේද  බයයි.
ආදරය වුනත් මල් සුවද වගෙයි........................
මේ සරස වසන්තයේ - සද උතුරන මිහිර වැගිරෙයි
මල් සුවද පවා සුසුමින් වැලපෙයි.
 මේ සරස වසන්තයේ


notes of imaginary

Monday, November 09, 2015

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ



කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ යයි කී පමනින් කුඩා දරුවෙකු වුවද උන්වහන්සේ හදුනා ගන්නේය. උන්වහන්සේ  08දා අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහලේ දී අපවත්වීය. මේ පුවත සමාජ වෙබ් අඩවි හරහා මුලින්ම පළවු අතර උන්වහන්සෙගේ අපවත් වීම ගැන ශෝක වන්නෝ මෙන්ම අපවත්  වීමක් අසමින් දක්වන ප්‍රතිචාරයන්ට එහා ගිය අප්‍රසාදජනක ප්‍රතිචාරද පළවිය.තුන්තිස් පැයේ බණ දහම් අසන ලාංකීය සමාජය මේ තරමට කුණුවි ගණ්ධස්කාර හමන්නට පත්ව තිබීම අතිශය ශෝක ජනකය.

මාදුළුවාවේ සෝභිත නා හිමියෝ  පතිරගේ දොන් අප්පුහාමි හා කරලිනාහාමි යුවලට දාව 1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී පී. ඩී. රත්නසේකර නමින් උපත ලැබු උන්වහන්සේ 1955 දී සසුන් ගතව 1962 දී උපසම්පදාව ලැබූහ. උන් වහන්සේටම අනන්‍යවූ ගැඹුරු කටහඬ, දේශනා ශෛලිය, උච්චාරණ විලාසය  අතිශය විචිත්‍ර උපමා උපමේය, ක්‌ෂණිකව මතුවන කවීත්වයෙන් පිරි කියුම්, හාස්‍යය උපහාසය මෙන්ම අර්ථවත් අදහස්‌ වලින් යුක්‌ත දේශන ශෛලිය ජනතා හදවත් තුල ලැගුම් ගත්තේය. 

 මාදුළුවාවේ සෝභිත හිමියන් එජාප ආණ්‌ඩුව - ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියානු අගමැති රජිව් ගාන්ධිගේද සහභාගිත්වයෙන් අත්සන් කිරීමට එරෙහිව  වීදී බැස්සාය.  1987 ජුලි 28 වැනිදා කොටුව බෝගහ අසළ 20,000කට ආසන්න ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේ  සෝභිත හාමුදුරුවන්ය.

ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු හමුදා ආක්‍රමණය සිදුවූ මොහොතේ ඊට එරෙහිව දිවි නොතකා සටන් වැදුණු උන්වහන්සේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ සිටිමින් පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළෝය.

යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන ලෙස මහින්ද රාජපක්‌ෂ රජයෙන් කළ ඉල්ලීම්   ඉටුනොවුනු කල පසුගිය ජනාධිපතිවරණ සමයේ  එම ඉල්ලීම් ඉටු කරගනු වස් පොදු අපේක්‌ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වෙහෙසුණහ. 
වර්තමානයේ උන්වහන්සේ විවේචනයට සහ විවාදයට හේතුව ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කිරීමේ ක්‍රියාවලිය, මෙන්ම වර්තමාන යහපාලන රජය පිහිටුවීම සඳහාවූ ක්‍රියාවලියට,  උන්වහන්සේ මුල් විය.


පොදු අපේක්‌ෂකයාගේ ජයග්‍රහණයෙන් පසුව දින සියයේ ආණ්‌ඩුව පිහිටුවා ස්‌වාධීන කොමිෂන් සභා හැකි ඉක්‌මණින් ස්‌ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන ලෙස උන්වහන්සේ  එම ආණ්‌ඩුවට  බල කළහ.තමන්ද මූලික වී ඇති කර ගත් වර්තමාන ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරුන් 30 කට සීමානොකර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව පවසමින් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ පත්කිරීම පිළිබඳව තමන් බලවත් කම්පාවට හා කලකිරීමට පත් වන බව උන්වහන්සේ ප්‍රකාශ කලේය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇතිවූ තත්ත්වයන්හිදී එය විවේචනය කළ උන්වහන්සේ   ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ අය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්‌තුවෙන් පත්කර ඔවුන්ට ඇමැති තනතුරු දීම ඉතාමත් අශෝභන, විලිලැඡ්ජා නැති වැඩක්‌' යෑයි පැවසූහ.
උන්වහන්සේගේ දේශපාලනය විවාද සම්පන්නය. අපහාස උපහාස කරන්නවුන් මෙන්ම පැසසුම් කටයුතු කරන අයද     උන්වහන්සේ‍‍ගේ දේශපාලනය තේරුම් ගත යුතුය.එවිටපැසසුම් කටයුතු කරන්නවුන් ගැරහීමටත්- ගැරහීමට ලක් කරනවුන් උන්වහන්සේට පැසසුම් කරන්නටත් පටන් ගනු ඇත.උන්වහන්සේ කවදත් සිටියේ  කාගේ පිලේදැයි පැහැදිලිව  තේරුම් ගත හැක.

උන්වහන්සේට අජරා මර නිවන් සුව !





notes of imaginary