පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, May 07, 2013

New – tongue


යුරෝපීයෝ (සුද්දෝ) ආඩම්බරකාරයෝ කරලා තියෙන්නේ ආසියාතිකයෝ කියලයි මට හිතෙන්නේ. අතීතයේ කොල්ලකාරයෝ වගේ රට රටවලට ඇවිත් චන්ඩිකම් කරලා රටවල් මර්ධනයෙන් අල්ලා ගෙන අධිරාජ්‍ය පිහිටුවා ගත්ත සුද්දෝ ලෝකෙටම කෙළි කාරයෝ වුනා. 
කවදාවත් මොලේ තියෙන මිණිහෙක් ආයුධයක් පාවිච්චිකරන්නේ නැහැනේ එකපාරටම.

මේ පුර්විකාවට  අද වියමනට අදාල නුවත් සුද්දෝ මතක් වෙන කොට මීදුමට පොඩ්ඩක් තරහ හිතෙනවා. ඒ තරහ තමයි ඔය පල කලේ. මොකද අද කාලේ දේශපාලනේ ගැන ලියුවොත් කමෙන්ඩ්ස් වලින් පිරිලා  ගිහින් අම්මටත් ගතු කියන පාඨකයෝ ඉන්නවා. මේ ඇත්තෝ වචනෙන් දෙකෙන් කියන ඒවා වැඩියෙන් කියවෙන්නේ  රා පොලවල් වල කසිප්පු ගුබ්බෑයම් වල  ගානට වැඩියෙන් මත් මත ඉහවහ ගිය අය ගේ කටින්

ගෙදර ඉන්න දෙවියෙක් වගේ අම්මා මේ අසමජ්ජාති දේශපාලනේට පලිකාරයෙක් වෙන්න ඕනි නැහැනේ.

නිව්ටන් කියලා සුද්දෙක් හිටියා. ඒ වුනත් මනුස්සයට තිබුනේ උත්පත්තියෙන්ම ගෙනාව පරණ දිවක් . මනුස්සයා නාවික කපිතාන් කෙනෙක් විදියට කටයුතු කරලා විශ්‍රාම ගියාම රටින් රට සංචාරය කරන්න පටන් ගත්තා. ඔහොම යන ගමන් මේ නාකි සුද්දා ලංකාවටත් ආවා.  ඇවිත් මීගමු පැත්තේදී අපේ රටේ කොල්ලෙකුට සෙට් වුනා .කොල්ලට පණ වගේ ආදරේ මේ සුද්දා ගෙයකුත් ඉඩමකුත් කොල්ලට අරන් දීලා වැඩි දියුණු කරගෙන අපේ අසල්වාසියෙක් හැටියට පැල පදියම් වුනා. (කොල්ලයි සුද්දයි අතරේ තිබුන සම්බන්ධකම අදාල නැති නිසා  වියමනෙන් කපා හැරියා .)

මේ සුද්දා තද ගතිගුණ තියෙන නාහෙට අහන්නේ නැති මනුස්සයෙක් . කිව්වොත්  කිව්වා. ආයේ වෙනස් කරන්නේ නෑ. විවේක වෙලාවට කතාබහට එක්වෙන සුද්දා වසක් මීදුමට කියාපු කතාවක් කියන්නයි මෙච්චර වැල්වටාරම් කිව්වේ.

නාවිකයෙක් හැටියට කටයුතු කරන කාලේ  එක් දවසක මෙයා වැඩ කරපු නැව රාත්‍රී කාලයේ මුහුදු ගමනක යෙදෙමින්  සිටලා තියෙනවා. ඒ රාත්‍රියේ නැවට, ප්‍රතිවිරුද්ධ දෙසින්  යාත්‍රා කරපු තවත් නැවක් තමන් දෙසට යාත්‍රා කරන බව එම නැවේ  විදුලි ආලෝකය ඝන මීදුම මැදින් දැක තවත් පමාවුනේත් මහා අනතුරක් වෙන බව නිරීක්‍ෂණය කරගන්නවා.සිදුවිය හැකි අනතුර මග හරවා ගැණීමට  වහා ම අනෙක් නැවට සංඥාවක් නිකුත් කරන ඔහු “ ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් දකුණට වෙනස් කරගන්න ” සංඥාවක් නිකුත්කරනවා.  දෙවෙනි නැවේ ඉන්නෙත් නිව්ටන් දෙවෙනි වෙන්න කැමති කපිතාන් වරයෙක් නෙමෙයි. එහා වහාම  “ ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් උතුරට වෙනස් කරගන්න” යැයි පිලිතුරු සංඥාවක් එවනවා. .කපිතාන්  නිව්ටන්ට යකා ආවේශ වෙන්නේ මේ වෙලාවේ   මම  නිව්ටන්         ( සුද්දගේ රටත් කියනවා.)  මම නැවේ  කපිතාන්වරයෙක් - මගේ අණ පිළිපැදිය යුතුයියැයි නැවත සංඥාවක් නිකුත් කලා. දෙවෙනි නෞකාවේ ඒ  වෙලාවේ  සේවය කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ  නාවිකයෙක්. ඔහු සහය කපිතාන් වරයෙක්. කලබලයක් නැතිව එයා මෙහෙම උත්තර දීලා තියෙනවා. “ මම ශ්‍රී ලංකාවේ සේවකයෙක්.  ඔබට ඔය  පේන්නේ  ප්‍රදීපාගාරයක් -  ඔබේ කැමැත්තක්  කරගන්න   පිලිතුරු සංඥාවක්  නිව්ටන්ට ලැබෙනවා.
 විනාඩි දහයක් දොලහක් යන කොට තමන්ගේ නැව පසු කරගෙන යන ගිය නැවක් දැකලා  කපිතාන් නිව්ටන් හිතුවා කවදා හරි ලංකාවේ පදිංචි වෙන්න.
ඒ සිහිනය නිසා ඔහු අපේ අසල්වාසියෙක් වුනා.


notes of imaginary

Thursday, May 02, 2013

මැයි දිනයට අපි ආයෙත් හමුවෙමු


2013 අවුරුද්දේ මැයි දිනය  පවත්වලා   එවරයි. මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනය වුනත් වර්තමානයේ අපි මැයි දිනය දකින්නේ දේශපාලකයන්ගේ දිනයක් ලෙසයි.සෑම දේශපාලන පක්‍ෂයකම ශක්තිය ප්‍රදර්ශණය කරන්න යොදා ගන්නා  මේ රැලි වල කතාකරන්නේ වැඩ කරන ජනතාව නෙමෙයි. කාලීනව ඇති වෙලා තිබෙන  දේශපාලන ප්‍රශ්න සාකච්චා කරන්නත්  හා එකිනෙකා විවේචනය කරගන්නත් මැයි දින වේදිකාව වෙන් කරගෙන. මෙවර ප්‍රතිපක්‍ෂ   ආණ්ඩුව පෙරලන හැටි කතා කරන්න යොදා ගත්ත අතර ආණ්ඩුව තම පුරාචේරුව කියන්න වේදිකාව වෙන් කරගත්තා කියලයි මීදුම හිතන්නනේ.

ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් 1886 මැයි 4 වැනිදා පැය අටේ වැඩමුරයක්  ඉල්ලා දියත් කළ වැඩ වර්ජනය ස විරෝධතාවයට එල්ල වු බෝම්බ ප්‍රහාරයත් සමග වෙඩි තැබීමක්‌ද සිදුවීමෙන් ප්‍රතිපලයක් ලෙස  පොලිස්‌ නිලධාරීහු හත්දෙනෙක්‌ මිය යනවා. මෙම සිද්ධියට වගඋත්තරකරුවන් වෙන්නේ වැඩ වර්ජකයින්. චුදිත  වැඩවර්ජකයින් අතරින් හත්දෙනකුට මරණ දඬුවමත්   එක්‌ අයකුට වසර 15 ක සිර දඬුවමකුත් ‌ පැනවුණි. මින් මරණ දඬුවම නියම වූවන්ගෙන් දෙදෙනකුට ඉලිනොයිස්‌ ආණ්‌ඩුකාර රිචඩ් ඩිප්ල්ස්‌ච් විසින් ජීවිතාන්තය දක්වා ‌ සිරගෙට නියම කර දඩුවම ලිහිල් කෙරෙනවා.  තවත් අයෙක්‌ සිරගෙයි තුළදී දිවි නසා ගන්නවා. 1887 නොවැම්බර් 11 වැනිදා  චුදිතයින් සිව් දෙනකු එල්ලා මරා දමනු ලබනවා. 1893 දී  ආණ්ඩුකාර පීටර් ඇල්ගෙයිඩ් එලෙස සිරදඬුවම් නියම වු පිරිසට සමාව දෙනු ලබනවා.
මෙම  වැඩ වර්ජනය  ස විරෝධතාවය හෙල්මාර්ක්සිද්ධිය නමින් හඳුන්වනු ලබනවා.ජාත්‍යන්තර මැයි දිනය ආරම්භ වීමට  හේතු පාදක වන්නෙ මේ හෙල්මාර්ක් සිදිධියයි.
මේ කම්කරුවන්වත් සිහිකරන්න මෙදා  මැයි දිනන රැලිවල කතා වෙන්වෙලා තිබුනේ නැහැ. අපි ආයෙත් 2013 මැයි පලවෙනිදාත් හමුවෙමු කියලා මේ කතා පෙට්ටි විසිරිලා ගිය බවක් මීදුම සතියේ සටහන ලෙස සටහන් කරනවා.





notes of imaginary

Wednesday, April 24, 2013

ගාමරී සිට ග්‍රාමසේවා නිලධාරි දක්වා.






 ග්‍රාම සේවා නිලධාරී තුමා තමයි අපේ ආසන්නතම රාජ්‍ය  (සේවකයා)නිලධාරියාරාජ්‍ය සේවකයින් , මහජන නියෝජිතයන් වගේ අය ඉන්නේ පොතේ . සැබෑ ලෝකයේ සේවකයෝ නැහැ.
ග්‍රාම සේවා නිලධාරී කියන්නේ අතීතයේ ඉදන් පැවති ආපු , වර්තමානය වන විට හුලං බැහැපු තනතුරක්. අපි ආරච්චිලා කෝරාල වගේ සමගාමී තනතුරු අහල තියෙනවානේ. මුවන්පැලැස්සේ ආරච්චිලා බය පක්‍ෂපාත මැණිකේ ලග විතරයි. වැයික්කියේ වැසියෝ එතුමන්ට බළු කුක්කෝ ගානයිඒතරමට වැයික්කියට  බලසම්පන්න තේජාන්විත චරිතයක්. ඒ වුනාට එතුමත් ගෙදරට බළු කුක්කෙක් ගානයි. කොයි ලොක්කත් එහෙම තමයි.

අහල තියෙනවද ආරච්චිලට වැයික්කියේ ඕන තැනක් ඔට්ටුයි කියලා කතාවක් !. නැත්නම් ඔන්න කෙටියෙන් අහගන්න. ඔන්න එක් වැයික්කියක ආරච්චිල කෙනෙක් වැයික්කියේ ඇවිදින කොට ඇහැට හිතට හරියන කාන්තාවක්  දැක්කා. කාලයක් ඒ පැත්තේ නැති රාජකාරි වලට කරක් ගහලා කාන්තාව  දැපනේ දාගත්තා.

මේ සංගදි සියල්ල වුනේ මැණිකෙටයි ,අර කාන්තාවගේ ස්වාමියාට හොරෙන්. මේ හුටපටේ කනට ආපු කාන්තාවගේ ස්වාමි පුරුෂයා දවසක ආරච්චිල කොටු කර ගත්තා.එතුමා හදිසියට රිංගලා තිබුනේ ඇද යටට. කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇද යටට එබිකම් කරලා ඇහුවා මොකද ආරච්චි උන්නාන්සේ අද යට කියලා ?.” ආරච්චිත් දුවිලි මකුළු දැල් පිහදාගෙන කෝට් බෑය ගස ගසා බොල මට වසමේ ඇද උඩ වගේම ඇද යටත් රාජකාරි කරන්න පුළුවන්කියලා  කියාපි!. වැඩේ ගොඩ.

ඔන්න ඔ‍හොමයි අරච්චි බලතල ඒ කාලේ පාවිච්චි උනේ.මීදුමට ආරච්චිලල ගැන කතා තව තව  ලියන්න පුළුවන් උනත් මීදුමගේ පුංචි කාලේ අපේ ගමේ අරච්චිලා කෙනෙකුට අපේ අම්මා දුන්න දඩුවමක් ලියලා අද වියමනේ වැදගත්ම කොටසට මාරු වෙන්න හිතුවා.

මේ කාලේ වන විට ආරච්චි තනතුර හැදුන්වුනේ ගම්මුලාදෑණිකියලා.අවුරුදු පනස් පහකට විතර ඉස්සර මීදුමට වයස අවුරුදු අටක් විතර ඇති.අපේ ගෙදර මායිම් වෙලා තිබුනේ ප්‍රධාන පාරකටකොට බැම්මක් බැදලා අපි පාරට පනින එක අවහිර කරලා තිබුනේ පුංචි ගේට්ටු පළු දෙකකින් . පුරුද්දට අපේ ගෙදර එකෙක් නැතිවෙන කොට තව එකෙක් වගේ බල්ලෙක් දෙන්නෙක් රාජකාරි කටයුතු වල යොදවලා තිබුනා. බල්ලාගේ රාජකාරි පුරුද්ද බුරන එක.

අපේ ගමේ ගම්මුලාදෑණි මහත්තයා පාවිච්චි කල  පටි දෙකේ හම් සෙරෙප්පු දෙක පාරෙ යන කොට චටස් පටස් ගාලා එතුමා ගේ විළුඹේ වැදිලා එන සද්දේ මේ බල්ලන් ට අල්ලන්නේ නෑ. බල්ලෝ තම රාජකාරිය කරන්න පටන් ගන්න එක ගම්මුලාදෑණි මහත්තයාට රුස්සන්නේ නෑ.
 අපේ ගෙදර පහුකරන හැමදාම ගම්මුලාදෑණි මහත්තයාට බල්ලන්ගේ අඩහැරයට මුහුන දෙන්න සිද්ධ වෙනවා.
වැයික්කියේ මට මායිම් නැති එවුවොත් ඉන්නවානේ කියලා හිතුන උන්නැහේ දවසක් අපේ අම්මාට බැන අඩගහගෙන පතරොම් තුවක්කුවකුත් කරේ තියාගෙන ඇවිත් අපේ බල්ලන් දෙන්නට වෙඩි තියලා දානවා කියලා කියාපි. අපේ අම්මත් කිසිම කලබලයක් නැතිව දම්වැල් දෙක්ක හොයා ගෙන බල්ලෝ දෙන්න බැදගෙන ඇවිත් ගේට්ටුවේ යකඩ කුරු දෙකක බැදලා පුළුවන් නම් වෙඩි තියනවා කියලා ගම්මුලාදෑණි මහත්තයාට පුංචි  අභියෝගයක් දැම්මා.

බල්ලෝ දෙන්න නිරුපද්‍රිතව ඊට පස්සෙත් ගම්මුලාදෑණි මහත්තයාගේ චටස් පටස් සෙරෙප්පු දෙකට සද්දේ දානවා. ඒත් ගම්මුලාදෑණි මහත්තයාගෙන  යුද්ධ ප්‍රකාශයක් ඊට පස්සේ නම්  සිද්ධ වුනේ නෑ.

අද කතාවේ තේමාව නම් ඔය අනම් මනම් නෙමෙයි. ග්‍රාමසේවක මහත්තයාට ඈත අතීතයේ ඉදන් නම් කරපු හැටි කියන එක.ඒ ඉතිහාසේ හොයාගෙන  යන කොට  මෙන්න මේ නම්වැල හමුවුනා.

තවත් දන්න නම් තියෙනවා නම් මේ ලැයිස්තුවට එකතු කරන්න.
Ø ගාමරී
Ø දකපති
Ø භෝප්කෘතිකාර
Ø පරුමක
Ø ගාපිණී
Ø ගටික
Ø ග්‍රාමභෝප්ක
Ø ගම්ලද්දා
Ø ගමරාල
Ø රාල
Ø කෝරාල
Ø ආරච්චිරාල
Ø ගම්මුලාදැනි
Ø ග්‍රාමසේවක
Ø ග්‍රාමසේවා නිලධාරි



notes of imaginary