පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, March 12, 2013

අපේ සිංහයෝ



මට හමුවුන සිංහයෝ හතලිස් පස්දෙනෙක්......


1.       අබේසිංහ
 2.       අමරසිංහ
 3.       ආරියසිංහ
 4.       ඈපාසිංහ
 5.       ඉලේසිංහ
 6.       ඉලංගසිංහ
 7.       එදිරිසිංහ
 8.       ඔබේසිංහ
 9.       කීර්ති සිංහ
 10.   කුමාරසිංහ
 11.   කුලසිංහ
 12.   ගජසිංහ
 13.   ගුණසිංහ
 14.   ගුරුසිංහ
 15.   චූලසිංහ
 16.   ජයසිංහ
 17.   ජාසිංහ
 18.   ධීරසිංහ
 19.   නෙත්තසිංහ
 20.   නිහාල්සිංහ
 21.   ප්‍රේමසිංහ
 22.   බමුණුසිංහ
 23.   මදුරසිංහ
 24.   මධුරුසිංහ
 25.   මදරසිංහ
 26.   මාපාසිංහ
 27.   මානවසිංහ
 28.   රත්නසිංහ
 29.   රාමසිංහ
 30.   රූපසිංහ
 31.   වීරසිංහ
 32.   විජේසිංහ
 33.   වලිසිංහ
 34.   වැදිසිංහ
 35.   වනිගසිංහ
 36.   වික්‍රමසිංහ
 37.   වෙත්තසිංහ
 38.   වනසිංහ
 39.   සමරසිංහ
 40.   සුබසිංහ
 41.   සුදසිංහ
 42.   සුමනසිංහ
 43.   සේරසිංහ
 44.   සතරසිංහ
 45.   සතුරුසිංහ


තවත් සිංහයෝ ඉන්නවානම් මේ කණ්ඩායමටම  එකතු කරන්න. 

මෙන්න තවත් සිංහයෝ මීදුමත් එක්ක ඉන්න සහෘදයෝ එවලා !.

  1. රණසිංහ
  2. ජීරසිංහ
  3. මුණසිංහ
  4. දුණුසිංහ
  5. කොත්තසිංහ






notes of imaginary

Wednesday, March 06, 2013

පිලේ පැදුර හේනට අරගෙන යනවා.




 එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා  රටා වියපු අත් දෙක මට සිහිවෙනවා .
 ඉර පායා ඉර අවරට ගියාදෝසද පායා සද අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
හැඩු කදුළු මුහුදට එක් වුනාදෝ
ළමා ලපටි නෑනා කොයි ගියදෝ
 ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ කටින් ගී සීපද අහන්නට
ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට
 පිලේ පැදුර හේනට අරගෙන එනවා.එලා පැදුර මැස්සේ එහි සැතපෙනවාරටා වියපු අත් දෙක මට සිහිවෙනවා.හිතේ දුකට එතකොට..................
කවි .................................කියවෙනවා.
පිලේ පැදුර හේනට අරගෙන එනවා.
හිතේ දුකට එතකොට කවි කියවෙනවා.
 ආචාර්ය අමරදේවයන්‍ ගේ ගායනයක්.
notes of imaginary

Friday, March 01, 2013

කුවේණිගේ බඩ පිරවීමට රුපියල් දෙදහක් !.





සතියේ සටහන ලියන්න ඇමති පුත්තු  - ඩීඅයිජී පුත්තුන්ගේ ගැටුම අධ්‍යයනය කරගෙන ඉන්න කොට දිවයිනට  මාධ්‍යවේදී  ඉපලෝගම - ඡේ. බී. ඒකනායක මහත්තයා ලියාපු ප්‍රවෘත්ති වාර්තාවක් දැක්කා. ලොකු ලොකු අලි ඇත්තු පෙම් කෙලින කොට පුංචි පුංචි තණකොල ලදු පොඩි පට්ටම් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක මතක් වෙලා ඒකනායක මහත්තයාගේ කතාවට ආරළු බුරළු ටිකක් එකතු කරගෙන  අපේ නායක හාමුදුරුවන්ට වෙච්ච ඇබැද්දියක් සටහනට එකතු කලා.
අහගම්මුකො කතාව.
අපේ හාමුදුරුවන් වැඩ වසන අධිපතිත්වය දරන රජමහා විහාරස්ථානයේ විහාර මණ්දීරය ජරාවාස වෙලා. අපේ හාමුදුරුවන්ට ඕන වුනා විහාර මණ්දීරය පිලිසකර කරලා එකලහක් කර ගන්න.කැඩිලා බිදිලා තියෙන පිලිම අළුත්වැඩියා කරලා බිතු සිතුවම් පුනරුත්ථාපනය කරන්න හිතාගෙන දවසක් දායක සභාව කැදවුවා. කැදවලා අදහස දායක සභාවට ඉදිරිපත් කලා.දායක සභාවත් වැඩේට කැමතිවුනා

බරපැන දායකයෝ බෙදා ගන්නත් හාමුදුරුවන්ට ඔන විදියට  වැඩ රාජකාරි කරන්නත් එකග වෙලා දායක සභාව සතුටින් විසිර ගියා.. මේ වගේ වැඩ වලට ප්‍රසිද්ධ සිත්තර බාස්උන්නැහේ කෙනෙක් ගැන විපරම් කරන කොට සිරිසේන බාස්උන්නැහේ හාමුදුරුවන්ට හදුන්වලා දුන්නේ ශාසනාරක්‍ෂ කමිටුවේ ලේඛකාධිකාරි හාමුදුරුවො.

හාමුදුරුවේ සිරිසේන බාස් උන්නැහේ කැදවලා විහාරගේ වටේ ඇවිදලා පිලිසකර කරන්න ඕනි බිතුසිතුවම් , ්‍රතිමා පෙන්නලා වැඩේ භාරදීලා ගණම් මිණුම් ඇහුවා.බාස්උන්නැහේත්  වැඩේ කරමුකෝ හාමුදුරුවනේ ගණම් හිලව් පස්සේ බැරියකියලා. මම එහෙනම් බ්‍රහස්පතින්දා වැඩ පටන් ගන්නත් එක්ක බඩු භාහිරාදියත් අරන් එන්නම් කියලා හාමුදුරුවන්ගෙන් එදාට සමුගත්තා.

හරියටම සිරිසේන බාස්උන්නැහේ කිව්වත් වගේ බ්‍රහස්පතින්දා උදෙන්ම ඇවිත් වැඩ පටන් ගත්තා. අත්තිකාරමක්  ඉල්ලන්නේ නැතිවම වැඩේ කරගෙන ගිය සිරිසේන බාස් උන්නැහේ සතියක් දෙකක් යන කොට වැඩේ නිමාවක් දැක්කා. අපේ හාමුදුරුවොත් වාලෙන් පල්ලෙන් බුදුගේ පිබිදෙන හැටි සන්නෝෂයෙන් අධීක්‍ෂණය කලා.වැඩේ එවර වෙන්න දවසක් දෙකක් තියෙද්දී අපේ හාමුදුරුවේ ඇහුවා සිරිසේන බාස්උන්නැහේ දැන්වත් කියමුකෝ බර පැන.?” කියලා.

අපේ හාමුදුරුවනේ  මම ගෙනාවේ ඉස්තරම්ම තීන්ත , වැලි හුණු සිමෙන්ති  ඔය ඔක්කොමත් එක්ක මගේ කුලියත් බලලා රුපියල් දාහත් දාස් පන්සීයයක් දෙන්නකෝ කියලා හාමුදුරුවන්ට උත්තර බැන්දා. හාමුදුරුවන්ට හරි සතුටුයිවිහාරගේත් අලංකාරෙට නිම වෙලා ගානත් සාධාරනයි .

සිරිසේන බාස් උන්නැහේ ,  මට දායක සභාවට පේන්නලා වියදම අනුමත කරගන්නත් එපාය ඔන්න ඔය සවිස්තර වාර්තාවක් හදලා දෙන්නකෝ හාමුදුරුවෝ සිරිසේන බාස්උන්නැහේගේ හිත නොරිදෙන්නත් එක්ක කිව්වා.  “හොදමයි අපේ හාමුදුරුවනේ අපේ ලොකු කොළුට කියලා මම හෙට උදේ ලියාගෙන එන්නම් කියලා  සිරිසේන බාස්උන්නැහේ පොරොන්දු වුනා.

පහුවෙනිදා උදේ කවරේක දාපු මිළ ගණන්  ඇස්තමේන්තුව අපේ හාමුදුරුවන්නට බාරදුන්න සිරිසේන බාස් උන්නැහේ අඩුපාඩු පිළිසකර කරන්න විහාර මණ්දීරයට ගියා. හාමුදුරුවෝ මිල ගනන් ඇස්තමේන්තුව කියවන්න ගත්තා.

රජමහා විහාරයේ විහාරගෙය ප්‍රතිසංස්කරණය කිරීම

1.      ජූතක බමුණාගේ තුවාලය සුද්දකර සැරව දැමීම
1000.00
2.      යසෝදරා දේවියගේ ඉරීගිය තණ පොට නැවත ඇන්දවීම
5000.00
3.      අංගුලිමාලගේ කඩුව මුවහත් කිරීම
2500.00
4.      අජාසත්තගේ දණහිස්වලට මස්දැමීම
3000.00
5.      කුවේණිගේ බඩ පිරවීම
2000.00
6.      චිංචි මානවිකාවගේ බඩට දර දැමීම
4000.00
සම්පුර්ණ වියදම
17500.00

අපේ හාමුදුරුවෝ දායක සභාවට මිළ ගණන් ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්න දායක සභාව රැස්කරගන්න කල් තියෙනවා. එතකොට බාසුන්නැහේට සල්ලි පරක්කු වෙයි”   කියලා කියන ගමන්  , එදා හවස සිරිසේන බාස්උන්නැහේට රු 17500/= දුන්නේ උන්නැහේ ට පින් අණුමෝදන් කරමින්.

අපේ හාමුදුරුවෝ වැඩ ඇස්තමේන්තුව අනුමතකරගන්න දායක සභාවට ඉදිරිපත් කල බවක් නම් තාම ආරංචි නැහැ.



notes of imaginary