පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, October 09, 2011

පොතුවිල් මුහුදු මහා විහාරය.





නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ . පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ.
 අතීත කතාව ඇරඹෙන්නේ එකල  සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ  සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට  විහාර මහා දේවිය  නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට  (අරුගම්බේ ) යයි කියවේ.




පසු කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත. මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක්  මෙන්ම බුදු පිළිම වහන්සේ නමක්  ඉදිරියේ  සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත. මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි. මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින්  අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.
 


ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට  ආගම් ජාති පටලවා ගත යුතු නැති බව මිදුම අදහස් කරයි.




Monday, October 03, 2011

යුදගනා වෙහෙරට.


මීදුම චාරිකා සටහන  ලියන්න පටන් ගත්තේ ගමනේ  
මැද ඉදන් . ඒ ගිරිහඩු සෑය සිත්බැදගත් නිසා. අපේ ගමන් මග කොළඹ - බෙරගල -වැල්ලවාය - මොණරාගල- සියඹලාන්ඩුව - හරහා අම්පාර එදින නවාතැනවු දීඝවාපී විහාරයට . ඒ 4 මාර්ගයෙන්  අපි අම්පාරට හැරී ගියා.  ඒ 4 මාර්ගය කෙළවර වන්නේ මඩකලපුවෙන්.


අපේ පළමු විවේකය දියළුම ඇල්ල ලගදී.
දියළුම ඇල්ල මේ ගමන් මගේ කොස්ලන්ද පහුකරන විට හමුවෙනවා.


 මේ දිනවල ඇති තද නියගය දියළුම ඇල්ලටත් බලපාලා.  
ඇල්ල සිනිදු සේලයක් වගේ ඇද හැලෙනවා.










අපි වැල්ලවායෙන් වම් පැත්තට ඇති මග තෝරා ගෙන යනවා බුත්තල නගරයට කි.මි 05 කට පෙර හමුවන යුදගනාව රජ මහා විහාරයට. 
මේ සටහන් යුදගනා රජමහා විහාරයේ වෙබ් අඩවියෙනි.


යුදගනා වෙහෙර ක්‍රි.පු 161 දක්වා දිව යන ඓතිහාසික නවාතැන්පලක්. දුවුගැමුණු රජතුමන් උතුරේ ඇතිවු යුද්ධය සදහා මාගම සිට යන අතරමග පලමු නවාතැන්පල ලෙස මෙම ප්‍රදේශය තෝරා ගත් බවයි සදහන් වෙන්නේ. මෙතැන නතරව සේනා සංවිධාණය කල බවත් සදහන් වෙනවා.
මහානාග රජතුමන් මාගම රාජ්‍ය පිහිටුවීම හා මෙහි ඇති චුලාංගණි විහාර සංකීර්ණය ඉදිකරන ලදි. ඒ අනුව දාගැබබෝධිඝරයවිහාරයසීමාව ශාලාව භික්ෂුන් වහන්සේලා වැඩසිටි කුටි ආදියෙන් පැහැදිලි වන්නේ චූලංගණිය පංචා විහාරයකට සමාන කළ හැක.
චෛත්‍ය රාජයාණන් වහන්සේ ලක්දිව විශාලතම දාගැබ් වලින් එකකි. 
එහි වටප්‍රමාණය අඩි 1038 කි.
තවමත් ප්‍රතිසංස්කරණය කරණ දාගැබකි. 
කිර්ති ශ්‍රි නිශ්ශංක මල්ල රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපියක් මෙහි ආරක්ෂිතව පවති.


මීදුම නිරීක්‍ෂණය කල දෙයක් වුයේ  තවමත් යුදගනා රජමහා විහාරයේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ නොවී අතපසු වෙමින් තිබෙන බවයි. “දැයට කිරුළ” වැඩ සටහන බුත්තල තිබියදී මේ ඓතිහාසික උරුමයට පිවිසෙන මග පමනක් පිලිසකර වු බව දුටුවෙමි.  චෛත්‍ය අවට භූමියේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කල බවට සදහන් පුවරු දෙකකි. එකක් සංස්කෘතික අමතිවරයෙකව සිටි හුරුල්ලේ මහතගේය.අනෙක වැල්ලවාය ගැන අවධාණය  යොමු කර ගුවන් තොවුපලක්ද ඉදිකිරීමට සැරසුන  අග්‍රාමාත්‍ය රණිල් වික්‍රසිංහ මහතාගේය.



කවමත් මේ ආණ්ඩුව සංරක්‍ෂණ කටයුතු අරඹා පුවරුවක් නම් සවිකර නැහැ.