පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, July 09, 2011

අපේ පෙම් කතා අසා සිටිනවා.


සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.

කදුළු බිදු ගලා සදේ - තුරුලතා පුරා 
සියොලගම සැලී මගේ 
නොහිම් සීතලේ 
ඔබේ නෙත යදී    ම් ම්
 මහද වියරුවෙන් 
සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.


කියඹු වැල් ලිහී ඔබේ 
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ 
සිතුම් සසලවයි
නිවා ලන්න මා 
ඔබේ සිසිලසින්

සද හොරෙන්  හොරෙන් බලා  
වළා රොදක සැගවිලා 
අපේ මියුරු පෙම් කතා 
අසා සිටිනවා.

Friday, July 01, 2011

කොලොම් තොට නැත මහළුවී.



කොලොම් තොට ඇත මහළුවී 
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත්  යවුයනයේ 
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.


කුඹ ගසක් උඩනැවතිලා 
සිනා සලමින් සදේ ඇයි සරදම්
බලන් කැඩපත සොදුරියේ 
පාට වත්සුනු  දෙකොපොලින් පිසදා 



කොලොම් තොට ඇත මහළුවී 
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත්  යවුයනයේ 
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.


පෙරුම් පුරමින් හමුවෙලා 
උනුන් රහසින් බැන්ද ආදර පෙම් 
බලන් කැඩපත සොදුරියේ 
කුමන අරුමද නරකෙසක් නැමිලා



කොලොම් තොට ඇත මහළුවී 
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත්  යවුයනයේ 
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.