පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, December 23, 2009

මහින්ද ද ? සරත් ද?.

ජනාධිපතිවරණයේ ප්‍රතිපල මොන වගේ වෙයි ද ? අනාගත ජනාධිපතිවරයා මහින්ද ද ? නැත්නම් සරත් ද?.

මීදුම බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය ඡන්ද පදනම දෙස බලා ගෙන පල කරන මේ අනාවැකි මුළු රටේ ම ඡන්ද දායකයින්ට පොදු නො වෙන්න පුළුවන්.

මේ මැතිවරණ කොට්ඨාශයේ ජනතාව 87% ක් පමණ සිංහල බෞද්ධ. 3% ක් පමණවු මුස්ලිම් ජනගහනය නාගරික පරිසරයේ ජීවත් වනවා. වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනගහනය 8 % ක් පමණ වනවා. ඉතිරි ජනතාව විවිධ ජන කණ්ඩායම්.

බහුතර සිංහල ජන කණ්ඩායම ගේ ජීවන වෘත්තිය වන්නේ වී ‍ගොවිතැන, මීට අමතරව කුඩා ප්‍රමානයන්ගෙන් තේ වගාව, එළවළු සහ කෙසෙල් වැනි වගාවල නිරත ගොවීන් විශාල ප්‍රමානයක් සිටිනවා ඉතාමත් සුළු සංඛ්‍යාවක් රජයේ සහ පෞද්ගලික රැකියාවල නිරත වනවා.
මුස්ලිම් ජනගහනය ව්‍යාපාරික කටයුතු වල හෝ රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුක්ත වනවා. වතු ආශ්‍රිත ජනතාව තේ වතුවල කම්කරුවෝ. මේ පිරිස අතර සීමිත පිරිසක් පමණක් එළවළු ගොවියෝ.

ජීවන වියදම ඉහල යාම දෛනික ආදායම් ලබන ජන කණ්ඩායම් වලට තද බල පීඩනයක් වුවත් බහුතර වී ගොවිතැන් සහ කුඩා වගා කරුවන් ඒ තරමට සැලකිල්ල කට ගත් බවක් පළවන්නේ නෑ. පොහොර සහනාධාරය සහ තම නිෂ්පාදන වල වැඩි වු වෙළද අගය මේ පීඩනය මකා ඇති බවක් පෙනෙනවා. නාගරික නොවන ජනගහනය එදිනෙදා ආහාර අවශ්‍යතාවයන් නිවසෙන් ,ගෙ වත්තෙන් සපයා ගැණීමත් ජීවන වියදම ඉහල යාම තුලනය කරන්න හේතු වන්න ඇති. සමෘද්ධිලාභී අඩු ආදායම් ලබන පවුල් පවා, ඉඩම් හිමියෝ නො වුනත් බොහෝ පවුල් අද ගොවියන් ලෙසින් හෝ ප්‍රමානවත් පරිදි වී ගොවිතැනේ යෙදෙන්නන්.

පොහොර සහනාධාරය සහ සමෘද්ධිලාභීන් ට ලැබෙන ආධාර මුදල පාසල් දරුවන්ගේ අවශ්‍යතා ඉටු වීම ආදිය ගැන සලකන ජනතා කොටස් රජය ගැන කරන විවේචන එතරම් තැකීමට ගන්නා බවක් පෙනෙන්නට නැහැ.

1977 මැතිවරණයේදී මෙම මැතිවරණ කොට්ඨාශය එජාපයට හිමි වුනා. ඉන් පසුවත් 1956 සිටමත් වාමාංශික නැඹුරුවක් දැරු මැතිවරණ කොට්ඨාශයක්. පසුගිය ආසන්නතම මැතිවරණයේ දී 60% කට ආසන්න ප්‍රතිපලයක් පොදු ජන එක්සත් පෙරමුණ ලබා ගන්න සමත් වුනා. එහි පසුබෑමක් මෙම මැතිවරණයේ දී දක්න ට නැහැ. එජාපයේ මැතිවරණ සංවිධාන කටයුතු තවමත් ඇරම්භ වී නැති තරම්. ආසන මට්ටමේ නායකයින් පවා බොහෝම උදා සීන බවකින් ඉන්නේ. ඔවුන්ට සෘජු නායකත්වයක් නොමැති කම බලවත් ගැවළුවක් බවයි එජාප ආසන සංවිධායක වරයාගේ අදහස.

පොදු ජන එක්සත් පෙරමුණ බිම් මට්ටමේ සංවිධාන කටයුතු වල කාලයක සිට රැදී සිටියත් එජාපය අවුරුදු ගණනාවකින් බිම් මට්ටමේ සංවිධාන කටයුතු සක්‍රීය තලයක පවත්වාගෙන ගොස් නැහැ. එබැවින් සම්ප්‍රදායික පාක්‍ෂිකයන් පවා සිටින්නේ අතරමං ස්වරූපයෙන්. සමහර පාක්ෂිකයන් ජවිපෙයට වාසිදායක අන්දමින් තම ඡන්දය පාවිච්චි කිරීමට අකමැත්තක් දක්වනවා. වතුකරයේ දුවිඩ ජනතාවට අලියා නැති වීම බලවත් පාඩුවක් .මේ වාසිය ලබාගන්නේ පොදු ජන එක්සත් පෙරමුණ..

යුද්ධය මේ ජනතාවට තීරණාත්මක සාධකයක් නෙමෙයි. යුද්ධය නිසා පීඩාවට පත්වුනේ හමුදාවට බැදුන දරුවන් අහිමි විමෙන් සහ ආබාධිත වීමෙන් පමනයි. දැන් ඒ තත්වයත් නිමා වෙලා. බොහෝ පවුල්වල දරුවන් රජයේ රැකියාවලට පාට භේදයකින් තොර ව පසුගිය අවුරුදු හතරේ යොමු වුනා. පොදු ජන එක්සත් පෙරමුණ ට සම්බන්ධව පවුල්වල දරුවන් ද යම් යම් විශේෂිත රැකියා අවස්ථා ලබා ගෙන තියෙනවා. එයින් ඇතිවූ විරසක බව පොදු විභාග පවත්වා ලබා දුන් රැකියා අවස්ථා අනෙක් පාක්ෂිකයනට ද ලැබීම නිසා තුලනය වී ඇති බවයි ඔවුන් සමග කතා බහේදී හිතෙන්නේ.

රජයේ දූෂණය ගැන කරන විවේචන ඒ තරම් ප්‍රතිපල දායක ලෙස සමාජ තලය පිළිගන්නා බවක් දක්නට ලැබෙන්නේ නෑ. ඒවා සාමාන්‍ය සිද්ධි ලෙස උපේක්ෂාවෙන් සිතන ස්වරූපයක් තමයි දක්නට ලැබෙන්නේ. “කොයි කා කලත් කරන්නේ ඕකම නේ.......“ යන්න බොහෝ දෙනා ගේ අදහසයි.

බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ දී පොදු ජන එක්සත් පෙරමුණ ගිය වරට වඩා ඉදිරියෙන් සිටින බවක් තමා පෙන්නුම් කරන්නේ. ප්‍රකාෂ කරන චන්ද ප්‍රමානයෙන් 65% ක් පමණ මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙයි කියලායි මීදුම උපකල්පනය කරන්නේ.රට වටේ අනෙක් මැතිවරණ කොට්ඨාස මේ වගේද කියලා මීදුම දන්නේ නෑ.

මීදුම කාටවත් කඩේ යන්න හිතන්නේ නෑ. මැතිවරණ කොට්ඨාශව පිළිබදව පොදු තත්වයයි පල කලේ.

Monday, December 21, 2009

නිවරදිව දකිමු



“ඉත්තේ කොස් ලොකු වුනාට  - ඇත්තේ ගෙඩි පුස්
ගත්තේ දෙවි වෙස් වුනාට         - නැත්තේ අනුහස්
රැක්කේ පෙහෙවස් වුනාට          - දැක්කේ වස් දොස්
හක්කේ බුදු රැස් වුනාට              - බොක්කේ දඩ මස්.”


කතෘ අප්‍රකාශිතයි. පැරණි ජන කවියකි

Monday, December 14, 2009

බොඳ වී යන සිහිනය .

දේශපාලනයට පිවිසෙන විට සාදරයෙන් පිලි ගත්ත ජෙනරාල් වරයා අද දේශපාලන ළදරුවෙක් වෙලා.
දඹ රන් පිළිරුවක් ලෙසින් ජනතාව අතරට පත් ඔහු ඒ පිළිරුව රනින් නොව තඹ වලින් කර රන් ආලේප කල පිළිරුවක් බව ජනතාවට පෙන්වා දෙමින් සිටිනවා. දවසින් දවස ඒ තඹ දේශපාලන වා තලයේ ඇති ඔක්සිජන් සමග ගැටෙමින් තම පිළිරුව මත තඹ ඔක්සයිඩ් ආවරණයක් සදා ගනිමින් තම ප්‍රතිරූපය විනාශ කර ගනිමින් සිටිනවා.
සමූහව යුධ ක්‍රියා දාමයකට එක්ව රට වෙනුවෙන් කටයුතු කළ කණ්ඩායමක් අද දෙපස ට වී මඩ ගසා ගන්නවා. කෙනෙක් ගසන මඩ සෝදා හැරීමට අනෙකා කරුණු ඉදිරිපත් කරනවා. රටට හිතැති ව එක කණ්ඩායමක් ලෙස ගත් තීන්දු තීරණවල වගකීම් වල අප්‍රසන්න කොටස කලේ මම නොවේ කියලා කියනවා. ප්‍රසන්න කොටස මගේ කියනවා.

“වල් ඌ රෝ කැකුණ තල න කොට හබන් කුකුළන්ට මඟුල්” කියලා කතාවක් තියෙනවා.

රටට ප්‍රභාකරන්ගේ නික්ම යාම සටහන් කල අන්තිම දවස් ටිකේ ආ බලපෑම් අපට මතක් වෙනවා. ඉන් පසුව ඇමරිකාව ඇතුළු යුරෝපා ප්‍රජාව හැසුරුන අන්දමත් මහින්ද , ගෝඨාභය සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර යුධ අධිකරණයකට යොමු කිරීමට ගත් වෑයමත් අපට මතක තියෙනවා. ඒ අභියෝග ඉතාමත් සාර්ථකව විසඳා ගන්න මහින්දටත් මහින්දගේ රජයටත් මෙතෙක් හැකි වෙලා තියෙනවා. තවමත් ඒවා ඉවර වෙලා නැහැ. ඇමරිකාව ඉරාකයේ දී කලේ තමන්ට අභියෝග කල නායකයෙක් එල්ලා මරලා තමන්ට හිතැති පාලනයක් රට තුල ස්ථාපිත කර ගැණීම. මීදුම මෙම ජාත්‍යන්තර බාධක හඳුනා ගන්නේ මහින්දට පෞද්ගලිකව කරන බාධක ලෙසින් ම නොවෙයි. අද පැමිණිලි පක්ෂ‍ යේ සාක්ෂි‍ කාරයාගේ කොටස කරමින් ජෙනරාල් වරයා කරන්නේ මහින්දට තරවටුවකට වඩා රටට ‍ද්‍රෝහී වීමක්.

ජෙනරාල් වරයා කාගේවත් පොදු අපේක්ෂකකයා නොවී , ජනතාව ගේ පොදු අපේක්ෂකයා බවට පත්ව ජනධිපතිවරණයට තරග කලා නම් කොයි තරම් යහපත් ද කියලා මීදුම හිතනවා. අද දවසින් දවස ජනතා අපේක්ෂාව බවට පත් වෙමින් ලකුණු රැස් කරන්නේ මහින්දයි.

සරත් ෆොන්සේකා කියවන කතා පිටපත් රචනා කරන අය ජනතාවට චුවිංගම්, ‍බ්‍රෙස්ලට්, ඩෙනිම්,දීපු යුද්ධෙ පවතින අවස්ථාවේ පාමංකඩ, මැදවච්චි, ගිය තොප්පිගල කියන්නේ කැලෑවක් කියපු යුද්ධ කරන්න ඕනෑම ගොනෙකුට පුළුවන් යයි කියපු අය නම් , යුද්ධය උපරිම තලයක ප්‍රභාකරන් පීඩනයට පත් කරන විට පාර්ලිමේන්තුව අස්ථාවර කරමින් අයවැය පරාජය කරන්නත් ඒ මගින් යුද්ධය නතර කරන්න හැදු උදවියත් නම් එතුමාගේ චින්තනයත් ඒ අයුරින් නිර්මාණය වී ඇති බව ජනතාව හඳුනා ගනිමින් සිටිනවා.

ඒ නිසා පොදු අපේක්ෂතකයා ගේ ජනාධිපති සිහිනය දවසින් දවස බොඳ වී යනවා.