පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, November 07, 2009

බෙලිහුල්ඹය - හාගල කන්ද







හාගල කන්ද ලෙසින් හැදින්වෙන මෙම කන්ද බෙලිහුල්ඹය නගරයට දිස්වෙන අයුරුයි මේ.
බෙලිහුල්ඹය ඒ 4 කොළඹ බදුල්ල මහා මාර්ගයේ 159 කි.මී පිහිටි සංචාරකයින් ප්‍රියකරන නවාතැනක් ලෙස ප්‍රසිද්ධය.
හාගල කන්ද ජුලි සැප්තැම්බර් මාසවල වියලි කාලගුණයක්ඇති කාලයේ දිස්වන අයුරු සහ ඉන්පසු එලබෙන වැසි සහිත කාලගුණයක් ඇති මාස වල දකින්නට ඇති අයුරුයි.

Friday, November 06, 2009

සැදැ අදුර තුල හිරු මියයනවා




සැදැ අදුර තුල හිරු මියයනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා

හඩා වැටෙන තරු -කදුලැලි වැස්සේ
මට හමුවෙනවා - ඔබ මට හමුවෙනවා
මට හමුවෙනවා - ඔබ මට හමුවෙනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
අඩ සදබැස යන -අළුයම් යාමේ
ලොව වැලපෙනවා - මුළු ලොව වැලපෙනවා
ලොව වැලපෙනවා - මුළු ලොව වැලපෙනවා

විලිලන අදුරින -හිරු බිහි වෙනවා
වෙන්වී යනවා - මම වෙන්වී යනවා
ලොව වැලපෙනවා - මුළු ලොව වැලපෙනවා
වෙන්වී යනවා - මම වෙන්වී යනවා

ආචාර්ය අමරදේවයන්

Tuesday, November 03, 2009

ගුණදාස කපුගේ වෙනුවෙන්

“සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
නපුරු සිහිනය නොවෙමු
ලමුන් නිදි සුව බිදින
සොදුරු අඩහැරය වෙමු
දනන් නින්දෙන් මුදන.”
කම්පන - ගුණදාස කපුගේ.
“කපුගේ නිදහස් සමාජවාදියෙකු හා වාමාංශික මතධාරී කලාකරුවෙකු විය.කලාව ජනතාව සදහාම විය යුතුය යන්න ඹහු උපරීම ලෙස ඇදහු අයෙකි.
මේ නිසාම ඔහු තැලෙන පෑගෙන ජනතාවගේ හඩ හා වේදනාව තම නිර්මාන වලට හසු කර ගත්තාය.ඒ අතින් මෑත යුගයේ ඉදිරියෙන්ම සිටින ගායකයා කපුගේ යැයි සදහන් කිරීම අභියෝගයක් නොවේ.නිසගයෙන්ම ඔහු තුල පැවති වාමාංශික දේශපාලන ස්ථාවරය නිසා විවිධ අවධිවල සටන් පාඨ වලට ගැලපෙන පරිදි ඔහු වමේ දේශපාලන වේදිකාව තෝරා ගත්තේය.
ඔහු මොන වේදිකාවේ සිටියත් ජනවාර්ගික සමගිය හා සාමය වෙනුවෙන් සෘජු ලෙසින් පෙනී සිටි කලාකරුවෙක් විය.ඔහු යුද්ධයට විරුද්ධ පැත්තේ සිටි අයෙක් විය. උතුරේ අර්බූදය දේශපාලන විසදුමක් හරහා විසදිය යුතු ස්ථාවරයක පසුවිය”.
-දෙසතිය 2003 අප්රේල්30