පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, August 09, 2009

ඌව වෙල්ලස්සේ පාඩම.

ඌව පලාත් සභාවේ මැතිවරණය අවසන් විය.
මීදුම, ඌවේ බස්නාහිර මායිමේම සබරගමුවේ ස්ථානගතව සිටින්නෙකි. වැට මායිමෙන් එහා පැවත්වුන මැතිවරණය පොදු පෙරමුනේ සංවිධානය පැත්තෙන් දෙවෙනි වූයේ මානුෂික මෙහෙයුමට පමනක් යැයි මීදුමට සිතිනි.බලය ලබා ගැනීමට තිබෙන උනන්දුව සහ ඒ සදහා ඇතිකර තිබූ සංවිධානය රට ගොඩනගන්නත් ඇත්නම් අපි මෙවන විට ජීවත් වන්නේ සුරපුරක බව සිතිවිල්ලක් ඇතිවිනි.

ගෘහ ආර්ථිකය මෙතරම් පීඩනයකට පත්ව ඇති කලක එය පවතින රජයේ දුර්වලතාවයක් යයි නොසිතන්නට ජනතාව පෙලබී ඇත්ද?. යන ප`ප්‍රශ්නය ඌව පලාත් සභාවේ මැතිවරණ ප්‍ර තිපල ප්‍රශ්න කර ඇත්දැයි මීදුම සිතයි.පස්සර,බදුල්ල,බණ්ඩාරවෙල සහ හපුතලේ ද්‍ර විඩ වතු ජනතාව බහුල මැතිවරණ කොට්ඨාශයන්ය.ඔවුන් තම අහාර වේලට පවා බලවත් ජීවන අරගලයක් කරමින් සිටී.මෙම ජනතාවගෙන් බහුතර එක්සත් ජාතික පක්ෂටයට චන්දය ලැබෙති. එම වතු කම්කරුවන් පවා මෙතරම් ආර්ථික පීඩනයක් හමුවේ රජයට පක්ෂපාතීත්වය දක්වා චන්ද පාවිච්චි කර ඇත. වැලිමඩ මැතිවරණ කොට්ඨාශය එක්සත් ජාතික පක්ෂයේ පැරණි බල කදචුරකි .පර්සි සමරවීරයන් නියෝජනය කල වැලිමඩ අද ඥාති රවි සමරවීර සහ ලලිත් සමරවීර යන සහෝදරයෝ ආධිපත්‍යය දරති. මේ මැතිවරණ කොට්ඨාශයන් තුලද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අසමාන්‍ය ලෙසින් බිද වැටී තිබීම බලාපොරොත්තු නොවුවකි.
කැරලිකාර පිලේ ලක්ෂමන් සෙනවිරත්න නියෝජනය කරන මයියංගනය මැතිවරණ කොට්ඨාශයේ ජනතාව වී ගොවියෝ වෙති. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව පවසා ඇත්ද නැත්නම් ලක්ෂ මන් සෙනවිරත්නට ඹහුගේ තීන්දුව නිවරදියැයි දක්වා ඇත්ද ?. යන්න තීරණය කල යුතු බව ඉගි කරයි.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහයන් නිවරදිවිය යුතු අවස්ථා ගනනාවක් පසුකරමින් දේශපාලන කුණු බක්කියට යන ගමනේ එක්සත් ජාතික පක්ෂවයත් ඇද ගෙන යාම නම් ඉවසුම් නොදෙන්නකි.

මිදුම ට චන්ද බලය හිමිවුදා සිට එක් දේශපාලන පක්ෂයක් නොතිබිනි.එහෙත් එක් මතයක් එදා සිට තිබිනි.ඒ මහින්දයන් කියන පලමුව දෙවෙනුව සහ තෙවෙනුව රට යන්නයි. මීදුමට හිමිවු පලමු චන්දයෙන් සිරිමාවෝ අගමැතිණිය කර දෙවනි චන්දයේදී ධාමිෂ්ඨර් රජ කරවිනි.ලාම්පු කලගෙඩි සෙල්ලමේදි ඔහුට විරුද්ධවූ මීදුම එදා සිට අනෙක් ධනවාදී කදවුරේ සිට ගෙන චන්ද්රිකාත් වරෙක සීනුවත් අතර දෝලනය වෙමින් මහින්දගේ දේශානුරාගයට මෝහනවු දේශපාලනයක වර්තමානය වනවිට අතරමංව සිටී .

ලාංකීය දේශපාලනය තුල ප්‍රබල වික්ෂයක් තිබිය යුතු බව මීදුම අදහස් කරයි. ඒ අවශ්යතාවය ඉෂ්ඨ කිරීමේ වගකීම අද පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂටයි.හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයට එය හිමිවිය හැකිය. සීනුව ඒ අරමුණ ඉටුකරයි යන්න සිතාගෙන සිටියත් එය හිතළුවක් බවට පත් කිරීමට ඔවුන් විසින්ම වර්තමානයේදී පසුබිම සකසා අවසන් කර ගෙන ඇත.

ප්්‍රබල විපක්ෂයක් තබා ගැණිමට රනිල්ට නම් එදා සිටම ඕනෑ කමක් තිබුනේ නැත. ඔහුට අවශ්යතාවය වන්නේ මොන කුපාඩිකමකින් හෝ තම පෞද්ගලික බලය ලබා ගැණිමේ අරමුණ නම් එතන පලමුව දෙවෙනුව සහ තෙවෙනුව රට යන්න තිබිය නොහැක. ඒ බව තමන්ගේ අග්‍රාමාත්‍ය පදවි කාලයේදී රටට දක්වනු ලැබීය. ඒ බව හදුනාගත් ජනතාවක් නම් ඔහු කිසිදා බලයට පත් නොකරනු ඇත. එසේනම් ඔහු රටට එක්සත් ජාතික පක්ෂ ය ඉතිරි කර නම්බුකාර පුරවැසියෙකු ලෙස ඉන් පිටමංවිය යුතු කාලය පැමින ඇත.

මහින්දයන්ගේ මැතුරුම දේශාණුරාගයයි. මීදුම පමනක් නොව රටම මෝහනයට පත්ව ඇත්තේ ඒ වශී මන්ත්‍රයටයි.මේ මන්ත්‍ර යට යටින් ගලා යන අපද්‍රව්‍යය ප්‍රවාහය හෙලිදරව් වීමට කලින් මැඩ පවත්වා රටට වඩාත් හිතකර මගකට ඔහු පැමිනේද යන්න අප බලා සිටුනු ලැබේ.
පලාත් සභා මැතිවරණවලදී දිනෙන් දින බුලත් කොළ ප්‍ර මානය වැඩිවූයේ ප්‍රාදේශීය අපේක්ෂකයන්ගේ වත් වේදිකාවල බෙරිහන් දුන් මැති ඇමතිවරුන්ගේ පිනටවත් හපන් කමටවත් නොව මහින්දයන්ගේ මන්ත්‍රයට බව නාස්තිකාර හැත්ත තේරුම් ගත යුතුවේ. මහින්දයන් කල යුත්තේ රටේ පැවත්ම උදෙසා මේ අපද්‍රව්‍ය ප්‍රවාහය නිසි පරිදි කලමනාකරණය කිරීමයි.

Wednesday, August 05, 2009

ජංගම දුරකතන වාරනය කැකිල්ලේ තීන්දුවක්ද ?.

පසුගිය සතිය ‍ජංගම දුරකතන වලට සහ චිත්‍රපටිවලට අසුබ වූ සතියක්. ‍ජංගම දුරකතනය සිසුවියක් අකැප අන්දමින් භාවිතයට ගිහින් සිය දිවි නසා ගෙන. ජනාධිපතිතුමා ක්‍ෂනික තීන්දුවකට පැමිණ පාසල්වල දුරකතන භාවිතය තහනම් කරලා.මීදුමට හිතුනේ පාසල්වල පොත් පත් සහ අධ්‍යෘපන උපකරණ හැරෙන්නට අනෙක් දේවල් තහනම් කරන්න ජනාධිපතිතුමාම ඕනිද ? කියන පර්‍ශ්නයයි.
පාසල් වල පරිපාලනයක් තියෙනවා. විදුහල්පති වරු ඉන්නවා . මෙයාලට පුළුවන්නේ පාසල් කාලය තුල අනවශ්‍ය දේවල් පාසලට වැද්දගන්නේ නැතිව ඉන්න. දැන් දැන් විදුහල්පතිකමත් රටේ ජනාධිපතිතුමාට කරන්න වෙලා.

අම්මලා තාත්තලත් අනවශ්‍ය දෑ දරුවන්ට අරගෙන දෙන්න යන්නත් හොද නෑ. විවෘත ආර්ථිකය , ලෝකය එකම ගම්මානයක් වීම අපේ රට බදා ගත්තේ රටේ දියුණුවට සාපේක්ෂතව නෙමෙයි.ආනයනික භාණ්ඩ මත යැපෙන අපි නිෂ්පාදනය කරන රටවලටත් පෙර ඒ භාණ්ඩ භාවිතයට ගන්නනවා. හරියට වලංකඩේට ගොනා පැන්න වගේ ඉවක් බවක් නැතිව වේගයෙන්.අපට ලැබුන අළුත් තාක්ෂණය පරිහරණය කරන්නේ අවශ්‍යවතාවයන්ට ඔබ්බට ගිහින්.

අපි භාවිතා කරන ජංගම දුරකතනවල පහසුකම් තියෙන්නේ සන්නිවේදණයට විතරක් නෙමෙයි.පරිගණකයක තරම් පහසුකම් ‍ජංගම දුරකතනවල තියෙනවා. අම්මලා තාත්තලා ලමයින්ට අරන් දෙන්නෙත් පහසුකම් වැඩි ‍ජංගම දුරකතන. ඉතින් ඒවයින් අන්තර් ජාලයේ සැරිසරනවා .පින්තූර ගන්නවා. මේවයින් යොවුන් වියේ දරුවන් මනස තුල පිලිසිදින කුතුහලය සොයා ගෙන යනවා.මග වරද්දා ගෙන ලමයින් නොමග යනවා. වැරැද්ද කරලා තියෙන්නේ අම්මලා තාත්තලා.
දරුවන් ගෙදරින් පාසල් ගිය පසු සම්බන්දතාවය තියාගන්නනම් ප්‍රාථමික පහසුකම් ඇති ‍ජංගම දුරකතනයක් තිබුනත් ඇති කියන අදහස අම්මලා තාත්තලාට නැහැ. තමන්ගේ වත්කම පෙන්නන උපකරනයක් බවටත් ‍ විලාසිතාවක් බවටත් ජංගම දුරකතනය පත් වෙලා.

දරුවොත් අධ්‍යාපන ධාවන තරගෙක ඉන්නේ. පාසල් කාලයෙන් පස්සේ අතිරේක පන්ති වල.උදේ නිවසින් ගිය දරුවෝ නැවත නිවසට එන්නේ හැන්දැවෙන කොට. මේ අතර කාලය දෙමව්පියෝ දරුවන් ගැන සොයා බලන්නේ දරුවන්ට අරන් දෙන ‍ජංගම දුරකතනයෙන්. එහෙම බලාපුවම ‍ දරුවන් ලග තියෙන ජංගම දුරකතනවල වැදගත් කමක් තියෙනවා.ඉන් ඔබ්බට යනවනම් සොයා බලන්න දෙමව්පියෝ දැනුවත් වෙලා ඉන්නත් ඕනී.

දිවි නසා ගත් සිසුවිය තමා පත්වුන ලජ්ජාව නිසා නැවත පාසල් සමාජයට දෙමව්පියනට මුණ දිමට ඇති බිය හේතු කරගෙන මේ අනතුර කරගන්න ඇති. ගුරුවරු යොවුන් වියේ දරුවන් සමග ඇතිවන මෙවැනි ගැටළු සහගත අවස්ථාවලදී කටයුතු කලයුතු ක්‍රමවේදයන් අනුගමනය නොකිරීමත් අනතුරට හේතුවක්.දරුවන් අවමානයටත් ඉච්චාභඃගත්වයටත් පත්වෙන අයුරින් දඩුවම් කිරීම මෙවැනි අවස්ථා නිර්මානය කර ගැනීමක්.
පසුගිය සති දෙක තුනක අධ්‍යාපන ක්ෂෙත්‍රයට අදාලව පුවත් පත්වල පලවු ප්‍රවෘත්ති ගුරු භවතුන්ගේ ක්‍රියාකලාපයන් ඔවුන් තම වෘත්තියේ නිපුනත්වයක් නොමැති බව පල කරන නිදසුන් බවට පත් වෙලා. ගුරුවරුන් දවස ගෙවන්නේ දරුවන් එක්ක.පොතෙන් විතරක් අකුරු කරන්න විතරක් විභාග පාස් කරලා ලේබල් එල්ලා ගත්තට මදි.දරුවන් තේරුම් ගන්නත් ඉගන ගෙන ඉන්න ඕනී.

Monday, August 03, 2009

ඔබේ ලග්නයට කොහොමද ?.

සමහරු පුවත් පත් දිග හැර ගත්ත ගමන්ම ලග්න පලාපල හොයා ගෙන තමන්ට වෙන් ‍චුන ලග්නය බලනවා.දිනපතා පුවත් පත් වල එදාට බල පාන අනාවැකි පලවෙනවා. සතිපතා පුවත්පත් සතියේ අනාවැකි පල කරනවා .විද්යුත් මාධ්‍යත් උදේ අටෙන් පස්සේ විසුරුවා හරින වැඩ සටහන් අතරට ලග්න පලාපල ඇතුලත් කරලා තියෙනවා.අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් ලබන කොට අළුත් අවුරුද්දෙම පලාපල සාකච්ඡා වෙනවා.

ලග්නදොලහයි තියෙන්නේ.

මේෂ,වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්යාා,තුලා, වෘශ්චික,ධනු,මකර , කුම්භ, සහ මීන.

මේ දොලහටම ලෝක ජන ගහනය අයිතියි. ලෝක ජන ගහනය දොලහයෙන් බෙදනවා.එක කොටසක් මේෂ.ඉතිරිය ආයෙත් දොලහයෙන් බෙදලා එක කාණ්ඩයක් වෘෂභ.............................ඔය විදියට බෙදා ගෙන ලග්න කාණ්ඩ දොළහක් වෙන් කරගෙන එක් එක් කාන්ඩයට මෙන්න මේ ටික වෙනවා කියලා කියනවා.

ලෝකේ දොලහයෙන් එකක් මගුල් ගෙවල් වල යනවා. තවත් දොලහයෙන් එකකට ‍රෝහල් ගත වෙන්න සිද්ධ වෙනවා. තවත් දොලහයෙන් එකක් හදිසි අනතුරු වලට ලක් වෙනවා. මේ වගේ අධ්‍යාපනය, රැකියාව සෞඛ්‍ය පවුල් ජීවිතය, විදේශ ගතවිම්,ව්‍යාපාර සම්බන්ධයෙන් පලකරන අනාවැකි බොහොමයි.ඉතින් මෙහෙම අනාවැකි පෞද්ගලිකව හරියයිද.

මීදුම මේ ප්‍රශ්නේ යොමු කලා අසල් වාසී දෛවඥයෙකුට. එතුමා කියනවා ඔය වැඩේ පදනමක් නෑ කියලා.දෙන්නෙක්ගේ හදහන් දෙකක් එක වගේ නෑ.උපන් දිනය වෙනස්. අනාවැකි පලකරන්නේ ලග්නය පදනම් කරගෙන නෙමෙයි. උපන් දිනය පදනම් කරගෙනයි. ඔය වැඩේ ජොතිශාස්ත්‍රයට ගැලපෙන්නේ නෑ. කියලා.

මීදුම හිතනවා මාධ්‍යවල පලකරන අනාවැකි සියල්ල සුබවාදී අනාවැකිවෙනවා නම් හොදයි කියලා.පාන්දරම අද කොහොමද?, සති අන්ත පුවත් පත් බලන ගමන් ඊලග සතිය කොහොමද ?. නව වසරක් එළබෙන කොට අළුත් අවුරුද්ද කොහොමද කියලා අනාවැකි බලන කොට තියෙන්නේ සුබවාදී අනාවැකි නම් හිත පිරෙනවා. ඉතින් හොද ආරම්භයක් ලැබුනම කරන කියන හැම දේම සාර්ථක වෙයි. ඒකටනේ ධනාත්මක චින්තනය කියලත් කියන්නේ.

අධෛර්මත් වන ආකල්ප ඇති වන අනාවැකි දැක්කම හිත බයවෙනවා.කරන්න හිතේ තියෙන සැලසුම් පවා පස්සට දාන්න හිතෙනවා.නිකම් ඉන්න කොට ඉබේටම අපල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මාධ්‍යට අසත්‍ය වපුරන කොට සුබවාදී අසත්‍යම වපුරනවා නම් හොදයි කියලා මීදුම හිතනවා.
මීදුම කලකට පෙර පලවු ජොතිෂ්‍ය පත්‍ර දෙකක අවුරුදු තුනක සතියේ පලාපල පිලිබදව විමර්ෂණයක් කලා. ඒ වගේ තියෙන්නේ එක රටාවක්. අළුතින් ලියන්න ඕනී නෑ. Cut කරලා paste කරපුවම හරි.
දැන් මීදුමටත් පලාපල කියන්න පුළුවන් ලග්න දොලහට.