පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label කඩුල්ලෙන් මීදුමට. Show all posts
Showing posts with label කඩුල්ලෙන් මීදුමට. Show all posts

Monday, February 24, 2014

සීයයි - මුනුපුරයි.

 




පුංචි එවුන්ගේ ලෝකය විසිතුරුය. ඔවුන් අහිංසකය , අව්‍යාජය. මමත් පුංචි එකෙක්  සමග දවසේ වැඩි කොටසක් කාලය ගත කරමින් සිටිමි.
මගේ පුංචි එකාට වයස අවුරුදු දෙකකි.
මේ ලගකදී ස්වාමීන් වහන්සේ නමක් විද්‍යුත් මාධ්‍යයක බණ දේශනාවකදී ගෙන ආ උදාහරනයක් කියමින් මේ කතාව පටන් ගන්නම්. පුතා දගකාරය. උදේ පාන්දරින් අවදි වන්නට නම් කම්මැලිය.
දවස පුරා දුව පැන ඇවිදින ඔහුගේ විවේකය නින්දේදී ගන්නේය.  සිත්සේ නිදහසේ නිදන්නේය.
පාන්දරින් අවදි නොවන පුතාව  තාත්තා අවදිවන පාන්දරින්ම අවදි කරවා ගන්නට තාත්තාට උවමනාය. දවසක් තාත්තා පුතාට පාන්දර ස්වභාව ධර්මයේ අසිරිමත් බව විස්තර කලේය. පාන්දරට ලස්සන කුරුල්ලෝ එනවා මිදුලට. පිණි වැටිලා මිදුලේ තණ කොල අග තරු කැට වගේ දිලිසෙනවා .  කුරුල්ලෝ ඒ පිණි උරා බොනවා හරි ලස්සනයි. පුතත් උදේන්ම ඇහැරලා බලන්නකෝ.
තාත්තා පුංචි පුතාට කීවේය.  
තාත්තේ . කුරුල්ලන්ට උදෙන්ම අහරින්න නැතිව ඉන්න කියලා කියන්නකෝ .................යයි තාත්තට පුතා උත්තර බැන්දේය.
පසුගිය දවසක හත් දවසේ බණ ගෙදරකදී බණ අසා සිටින විට අපේ පුංචි එකාට ප්‍රශ්ණයක් ඇති විය. මලගෙවල් පේලියක මමත් පුංචි එකාටත් යාමට සිදුවු නිසා මියයාමේ ස්වභාවය  ඔහු අදුරාගෙන සිටියේය.
එදා  බණ දේශනාවේ  හාමුදුරුවන්ගේ බණ කතාවේ  බුදුහාමුදුරුවෝ මිය ගියේ නැත. පිරිණිවන් පෑව බව දේශනා විය . මෙය අසා සිටි පුංචි එකාට පිරිණිවන් පෑම පිලිබදව ප්‍රශ්ණයක් ඇති විය.  හාමුදුරුවෝ ලගට කිට්ටුවු පොඩි එකා  තම ප්‍රශ්නය නිරාකරනය කර ගැණිමට ප්‍රශ්නය   ඉදිරිපත් කලේය.
පිරිණිවන් පානවා කියන්නේ මොකක්ද ?. වැඩි හිටියන්ට බණ දේශනා කරමින් සිටි හැමුදුරුවන්ට පුංචි එකාගේ ප්‍රශ්ණ්‍ය නිරවුල් කරදීමට දේශනාව සුළු වෙලාවකට අතර මග නතර කරන්නට සිදුවිය. පුංචි එකාගේ ප්‍රශ්ණය නිරවුල් කරදීමට  හාමුදුරුවෝ අවධානය යොමු කල බැවින් නිදිකිරමින් සිටි වැඩිහිටියන්ට  යලිත් බණ අසන්නට හරි බරි ගැසී වාඩි වෙන්නට සිදු විය.
අපි ජීවත්වන්නේ කදු වලලක් මැද ගම්මානයකය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය චිත්‍රපටිය බලා ඇත්නම් මේ කදු වලල්ල එම චිත්‍රපටිය පුරාම දක්නට ඇත. අර කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි. කදු යායම අපේ තමයි  - අපේ රාජ්ජේ කියා ධර්මදාස වල්පොල ගයන ගීතයේ පසුබිම ඇත්තේ මේ කදුවලල්ලය. දැන් කාලයේ සබරගමුව විශ්ව විද්‍යාලයේ මානව මානවිකාවන් ආදරයට අත්පොත් තියන බව කියන  ආදර කන්දත් මේ කදුවලල්ලේ  නැගණහිර පසින් පිහිටා ඇති කොටසක්ය. මේ කතාවන්  මායිම් නැති වුනත් පරිසරය ගැන ලියවෙන විට සිහිපත් වු නිසා ඉබේම සටහන් විය
නිතර නිතර මීදුමෙන් වැසී නැවත නිරාවරණය වන මේ කදු වලල්ලේ බස්නාහිර පැත්තෙන් පිහිටි හාගල කන්ද පිහිටන්නේ අපේ නිවස ඉදිරිපසින්ය. කාලගුණික විපර්යාසයන් නිසා කන්දේ සිදුවන වෙනස් වීම් පිලිබදව යම් යම් පුංචි පුංචි නිර්මානත්මක අදහස් පුංචි එකාට ඇත.
කන්ද මීදුමෙන් සම්පුර්නයෙන්ම වැසී ගිය විටක ආත්තම්මා කැදවන ඔහු ආත්තම්මේ අන්න කන්ද පෙරලිලා කියා ආතම්මා රවටන්නේය. යලිත් මීදුම ගසා ගෙන ගොස් පැහැදිලිවන විට  ඔහු පොඩ්ඩක් ඉන්න  ඔන්න මම කන්ද ආයේ නැගිට්ටනවා කියමින් පුංචි ඉන්ද්‍රජාලියෙක් වන්නේය.
ඉර සහ සද බැසයන දර්ශණ නිරීක්‍ෂණය කරන ඔහුට හද නිවාඩු ගන්නා දවසක්ද ඇත.



notes of imaginary

Friday, February 14, 2014

Love from your Valentine




වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක්තරා මාධයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මාදයක් වැළදිලා තිබුනත් අවුරුදු හතරපහක් වෙන කොට ඒ පිස්සුව යන්තරමකින් සුවපත් වෙලා තියෙනවා.

ඇත්තෙන්ම වැලෙන්ටයින් දිනය වෙලෙන්දන් විසින් නිර්මාණය කර ගත් වෙළදාමක්. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනක්. වැලන්ටයින් උණ ලෝක පරිමාණ බිස්නස් එකක්. 
1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය ඊස්තර් හොලන්ඩ්  කියන යුවතිය ගෙදරදි හැදුව වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළට එක් කලා. එදා සිට ව්‍යාප්ත වුන  වැලන්ටයින් කාඩ් ලෝකය පුරා බිලියන ගනනක් හුවමාරු වන්න පටන් ගත්තා. 

අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන් වෙනස් වෙලා නිසා අන්තර්ජාලය. ජංගම දුරකතනය ඔස්සේ හුවමාරු වෙන වැලන්ටයින් පණිවිඩ අසීමිතයි.
වැලන්ටයින් දිනය කියලා ගිරවු වගේ කියන සමහර උදවිය මොකක්ද මේ වැලන්ටයින් කියලා අහපුවම දෙන උත්තර හරියට ආදරවන්තයන්ගේ ප්‍රශ්න උත්තර වගෙයි. මේ වැලන්ටයින්, කෙනෙකුට රෝමියෝ. තවත් කෙනෙකුට ටයිටැනික් නැවේ ගිය කෙනෙක්.  
වැලන්ටයින් දිනය ජාත්‍යන්තරව පෙබරවාරි 14 වෙනිදා ලෙස ප්‍රචලිත වුවත් වැලන්ටයින් දිනය බ්‍රසීලය  සලකන්නේ ජුණි 12 වෙනිදා ලෙසටයි.
ආදරයේ හා විවාහයේ දෙවඟන ලෙස පුරාණ රෝම දේව කථාවල සදහන් වන්නේ ජූනා දෙවගන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ජූනා දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.
මේ උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. හරියට ලොතරැයියක් අදිනවා වගේ. තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ තරුණයන් උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ. 
දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ රාජ්‍ය පාලන කාලයේ එක්තරා ඝාතනයක් නිසා මේ සිරිත  වෙනස් වුනා. 
දෙවැනි ක්ලෝඩියස් මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්.  ක්ලෝඩියස්ට බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න.අවශ්‍යතාවයක් තිබුනා. ක්ලෝඩියස්ට තිබුන තදියමට  තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මේකට හේතුව ලෙස ක්ලෝඩියස් හදුනා ගත්තේ  තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා සිටින  නිසා ඔවුන් හමුදාවට බැඳෙන්න කැමති නැහැ කියලයි.  ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම් කියලා ! .
එහෙත් වැලන්ටයින් පූජකතුමා නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. එතුමා මේ මානව හිමිකම උල්ංඝණයට එරෙහිව 
පෙම්වතුන්ට අනුශාසනා කරමින් ඔවුන් විවාහ දිවියට  ඇතුලත් කිරීමට එතුමා කටයුතු කලා. ඒත් එතුමාගේ  මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. දැන් වගේ රාජ්‍ය විරෝධ කටයුතු වල නිරත වෙනවා කියලා වැලන්ටයින් පූජකතුමාට  හිරේ වැටෙන්න සිද්ධ වුනා. 
එතුමාගේ   ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා. එහෙම හිරේ විලංගුවේ වැටුනහමත් වීරයෙක් වෙන්න කෙටි මගක් පෑදෙන නිසා වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි.
මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ දෙදෙනා අතර භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.
ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න  උත්සහාකලා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න බැරිවුනා. ඉන්පසුව ක්ලෝඩියස් ශාරීරිකව හිංසනයට පත්කරලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා. එයත් අසාර්ථකවුනා. 
අන්තිමේදී වැලන්ටයින් පූජකතුමාගේ හිස ගසා මරා දමන්න ක්ලෝඩියස් අණ කළා. ඒ නියෝගය අනුව වැලන්ටයින් පූජකතුමා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා. ඝාතනය කෙරුණා
පෙබරවාරි 14 වැලන්ටයින් පූජකතුමාගේ දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. 

මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. මරණයෙන් පසු එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා.
එතුමා බන්ධනාගතකර සිටි අවදියේ මුණ ගැසුන බන්ධනාගාර පාලකයාගේ දියණියට  තමා ඝාතනය කිරීමට පෙර ලියු ලිපිය අවසන් කලේ  ”Love from your Valentine”  කියායි. තවමත් ලෝකවාසී තරුන තරුණියන් එතුමාට ආදරේ කරනවා.
මටත් අද විශේෂ දවසක්. පෙබරවාරි 14 දා මගේ පියබද 62 වෙන උපන් දිනය සමරනවා !. මාත් විවාහයට වසර දෙකකට පමණ පෙර සිට ආදරවන්තයින්ගේ දිනය සමරන්නෙක් බවට පත්වුනා.





notes of imaginary

Friday, February 07, 2014

අවලම් දේශපාලනය.




දේශපාලනය ගැන අපිට දැන් හිතෙන  දෙයක් නැත. එය පඩත්තලයින්ගේ වෘත්තියකි. ආත්ම ගෞරවය ඇත්තෝ සහ මේ රටේ රැකියාවක් සදහා අයදුම් කරන්නට අවම සුදුසුකම වන සීමාවත් ඇති ඇත්තන් ඇහැ ඇරවත් බලන්නේ නැති පහත්ම වෘත්තියක් ලෙස දේශපාලනය පත්වී ඇත. කුඩුකාරයෝ , එතනෝල් වැනි මත්දුව්‍ය ආනයන කරුවෝ කුලියට මිණිමරන්නෝ කප්පම්කරුවන් වැනි උදවියගේ අරමුණ මුදල් ඉපයීම මිස සාර ධර්ම ආරක්‍ෂා කිරීම විය නොහැක. දේශපාලකයන්ගේ අරමුනද  රටේ සංවර්ධණය වඩා තමන්ගේ සංවර්ධනය බවට වෙනදාට වඩා අද කැපී පෙනෙන්නකි. සාර ධර්ම නැති මිනිසුන්ගෙන් සමාජය සාර ධර්ම බලාපෙරොත්තු විය යුතු නැත.
ධනය රැස්කිරීමේ අභිලාෂය වෙනුවෙන් කොයිතරමක් වුවත් අවලම් ක්‍රියා මුදවා හැරීමට මේ දේශපාලක ඇත්තන්ට හිරිකිතයක් නැත.
මේ 07 වෙනිදා දිවයින කතුවැකියයි.
……………………….ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම කලහකාරී ත්‍රාඩ අවධියකට පත්ව තිබේ. 1948 න් පසු ක්‍රමයෙන් ඉදිමෙන්නට  පටන් ගත් ශ්‍රී ලාංකීය දේශපාලන දේහය ශ්‍රී ලංකා, යූ. එන්. පී. සහ දෙමළ දේශපාලන පක්‍ෂ මගින් ඉහඳ තබන ලදුව කුණු වී, සැරව පිරී පුපුරා යැමට ආසන්න තත්ත්වයේ පවතී. එහෙත් මෙය කවදාවත් පුපුරන්නේ නැත. හේතුව එකී තුවාලය තුළ ගැවසෙන ඉහඳ පණුවන් එය පුපුරා යැමට ඉඩ නො දීම ය. මෙය අර්බුදය නඩත්තු කිරීමකි. එකකුගේ අර්බුදය අනෙකාගේ පැවැත්ම ය. එම අර්බුදය සමථයකට පත් වීම ඒකාගේ මරණය ය. ශ්‍රී ලංකාවේ පවතින කුණු ගඳ ගසන තුවාලය සුව වුවහොත් එහි වෙසෙන පණුවන් සියලුම දෙනාට මිය යන්නට සිදු වෙයි.

බස්‌නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකෙහි නාම යෝජනා තේරීම් කමිටුවට ඉදිරිපත් වූ සමහර අපේක්‍ෂකයන්ගේ ස්‌වභාවයෙන් ම මේ රටේ දේශපාලනය ගැන තක්‌සේරුවක්‌ ලබා ගැනීමට හැකි විය. ඔවුන් නොමිනේෂන් අත්සන් කිරීමට පෙර රූපවාහිනී චැනලවල සංවාද මණ්‌ඩපවලට සහභාගි වී තම දේශපාලන නීචත්වයේ සෙලුව විදහා දැක්‌වී ය. එබඳු එක්‌ අපේක්‍ෂකයකු පිළිබඳ කතාව මෙසේ යá කැසිනෝ සහ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව පසුගිය දිනෙක ප්‍රසිද්ධ ගායකයෙක්‌ පැවැසී ය. එය ඔහුගේ මතය යි. රූපවාහිනී චැනලයක්‌ හරහා එම ගායකයාගේ මතය විවේචනය කළ ඡන්ද අපේක්‍ෂකයක්‌ කියා සිටියේ එම ගායකයාගේ දියණිය ගණිකා වෘත්තියෙහි යෙදවිය යුතු බව ය. ඉතාම කනගාටුදායක කරුණ වූයේ එම අපේක්‍ෂකයා ද ගායකයකු වීම ය. එ මතු ද නොව ඔහු රට ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කැපව සිටින වටිනා පක්‍ෂයක්‌ වෙනුවෙන් බස්‌නාහිරට තරග කරන කෙනෙකු වීම ය.
එම පක්‍ෂය මේ අපේක්‍ෂකයාගේ නීච සිතුවිලි ගැන හරියාකාරව දැන සිටියේ නම් ඡන්ද අපේක්‍ෂකත්වය ලබා දීම කෙසේ වෙතත් පක්‍ෂ මූලස්‌ථානයේ දොරකඩින් ඇතුළට ගන්නේ නැත. තවකකුගේ දියණියක්‌ ගණිකා වෘත්තියෙහි යොදවන ලෙස ඉල්ලන මේකාට ගැහැනු දරුවන් ඉන්නට ඉඩ ඇතත් ගැහැනු දරුවන් නැතැයි හිත හදා ගැනීම අප කළ යුතු ය. මන්ද මෙබඳු පියවරුන් යටතේ සිටින ගැහැනු දරුවන් අනතුරේ ය.

නාම යෝජනා භාර දීමෙන් පසු ඇතැමුන් විකාර කරන්නට පටන් ගත්හ. පැජරෝවක අලවාගෙන සිටි අපේක්‍ෂක පින්තූර සහ කතිර ලකුණ ගලවා ඉවත් කිරීමට පොලීසිය සූදානම් වූ විට එසේ කළොත් මරාගෙන මැරෙන බවට අපේක්‍ෂකයෙක්‌ පොලිසියට තර්ජනය කළේ ය.
මෙය රූපවාහිනී චැනල මගින් ප්‍රදර්ශනය කරන ලදී. මෙය දේශපාලනය කිරීමක්‌ නොව වියරු ලෙස දැඟලීමකි. මේ මිනිසුන් බලයට ආ දවසට කරන්නේ ද දේශපාලනය නොව තංගල්ලේ හාදයා සුද්දට හා සුද්දිට කළ දෙයම ය.....................





notes of imaginary

Friday, January 31, 2014

අපොයි! ඡණ්ද වියදම්.

 


 
උදය ගම්මන්පිල මහතාට සුපර් ඩ්‍රෝ සැලසුමක් හා චිණ්තනයක් පහලවී තිබේ. කවුරුත් රුපියල් සීය බැගින්  පරිත්‍යාග කර ගම්මන්පිල මහතා වැනි අපේක්‍ෂයින් ජයග්‍රහණය කරවීමට සිත් පහල වේවා !!!!!
තමුන්නාන්සේල උන්නත් දාහයි - මළත් දාහයි   - අපිට උන්නත් මලත් බිංදුවයි. ගම්මන්පිල මහත්තයෝ !!.

ශ්‍රී ලංකාවේ හැමදාමත් මැතිවරණ තිබේ. පලාත් පාලන, පලාත් සභා ,පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ යනාදී කී නොකී මැතිවරන සෑම වසරේම රටේ කිනම් ප්‍රදේහයක හෝ පැවත්වීමට අවස්ථාව යෙදෙන ලෙස මැතිවරණ කාල සටහනක් ඇත. මේ සම්බනධව ජේ.ආර්.ජයවර්ධණ මහතාට ජනතාව පින්දිය යුතුය.  මේ මැතිවරණ ගැනත් වියදම් ගැනත් අප බොහෝ වියමන් කර ඇත.

මැතිවරණ සදහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ විසින් නාමයෝජනා ලබා දෙන අය දෙස බැළුවිට ඡණ්දපොලට ගොස් ඡණ්දය භාවිතා කිරීමේ උවමනාව දවසින් දවස පිරිහී යන බව සටහන් කළ යුතුය. දේශපාලන පක්‍ෂ වල නායකත්‍වයට අවශ්‍ය පරිදි ඉදිරිපත් කරන නාමයෝජන ලබනවුන් ගැන ඡණ්දය දෙන අපිට කවදාවමත් අභියෝග කල නොහැක. අපිට කළ හැක්කේ හොදම හොල්මනට ජණ්දය දීම පමණකි .

රටට ඵලදායි මෙන්ම දේශපාලනය ගැන දැනුම්වත් පිරිසක් ඉදිරිපත් කිරීමට වඩා සබන් කැටයක් අළවි කරගන්නට යොදන වෙළද දැන්වීම් මෙන් මැතිවරණ සදහාද වෙළද දැන්වීම් ඉදිරිපත් කර ප්‍රධාන පක්‍ෂ තම ගොඩ ලොකු කර ගැණීමට උත්සහා කිරීම දේශපාලනයේ සොහොන් ලකූණු විද්‍යාමාන වීමක් ලෙස වියමන්කරු සලකයි. . අනාගතයේදී අපේක්‍ෂකයන් ලෙස අවතාරද ඉදිරිපත් කර කෙසේ හෝ මැතිවරණ ජයගැණිමට ප්‍රධාන පක්‍ෂ සැලසුම් කරනු ඇත..

මේ වැඩකට නැති ඡණ්ද සදහා මහජනතාවගේ බදු මුදලින් උපයා ගන්නා මුදල් කන්දරාව වියදම් කරන අන්දම පිලිබද උදාහරණයක් පහත දක්වමු.

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා රුපියල් කෝටි 120 ක්‌ වැය වනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව ඇස්‌තමේන්තු කර ඇත.
Ø  පොලිස්‌ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 200 ක්‌ද
Ø  තැපැල් දෙපාර්තමේන්තුවට මිලියන 100 ක්‌ද
Ø  ඉන්ධන සඳහා මිලියන 40 ක්‌ද
Ø  මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 300 ක්‌ ද

වැය වනු ඇතැයි දෙපාර්තමේන්තුව ගණන් බලා ඇත. 

අවසන් වරට පැවැති උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණයට රුපියල් මිලියන (කෝටි 87 ක්‌) 876 ක්‌ වැය වී ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයා මාධ්‍යයට පවසා තිබිනි.

Ø  රුපියල් මිලියන 150ක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවටත්
Ø  රුපියල් මිලියන 79 ක්‌
Ø  තැපැල් දෙපාර්තමේන්තුවටත් රුපියල් මිලියන 24 ක්‌ ඉන්ධන සඳහාත්
Ø  මිලියන 91 ක්‌ සැපයුම් හා සේවා
 වැය වී තිබේ.

මේ දියවී යන්නේ  ප්‍රජතන්ත්‍ර අයිතිවාසිකම්වල වටිනාකමයි.



notes of imaginary