පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, January 28, 2014

කථා දෙකක් .




ඉස්සර සම්ප්‍රදායක් විදියට අටට පටන් ගත්ත බණ දැන් හාමුදුරුවෝ පටන් ගන්නේ හතයි තිහට. ටෙලි නාට්‍ය වලටත් ඉඩ තියන්න ඔනිනේ. ඔරලොසුවත් ලග තියාගෙන බණ පටන් ගන්න හාමුදුරුවේ පැයක් ඉලක්ක කරගත්තත්  හරියට අටයි විස්ස විතර වෙන කොට බණ වදාරලා ඉවර කරනවා.අටයි තිහේ ටෙලියට ඉඩදීලා.හාමුදුරුවේ ඒකට ඉඩදුන්නේ නැත්නම් උපාසික උපාසිකාවන් බණට අවධාණය ලබා ගන්න බැරි බව හාමුදුරුවෝ දන්නවා.
   
හැමුදුරුවෝ බණ කියනවා. ශ්‍රාවක සැදැහැතියන් අහ‍ගෙන ඉන්නවා. කිසිම සද්ද බද්දයක් නැහැ. සමහරු නිදිකිරා වැටෙනවා. තවත් සමහරු බන අහනවා විතරයි ප්‍රතිචාරයක් නැහැ. මළ ගෙවල් පේලියක් සමග හත් දවසේ බණ සහ දානේ  ගෙවල් පේලියක් ආව පසුගිය සති දෙකේ. එක් බණ ‍ගෙදරකදී  විතරයි  මම දැක්කේ අසන්නෝ ප්‍රබෝධයකින් බණ අහණවා. ඒ බණ ගෙදර හාමුදුරුවෝ බණ කිව්වේ නෑ. බණ සාකච්චා කලා. 

බොහෝම දෙනා බණ ගෙවල් වල යන්නේ  බණ අහන්න නෙමෙයි. හාමුදුරුවෝ බණට වඩිනවත් එක්ක මට පුංචි වැඩක් තියෙනවා ගිහිල්ලා එන්නම් කියලා බණ අහන එක මග අරිනවා. මල ගෙදර ස්තුති කථාව අවසන් වෙන්නේ බණට ආරාධණා කරන ගමන් අහවල් දවසේ බණ පසුදා දානයට එන්න ඕනි කියලා. ඒ නිවේදනයට අනුගත වෙලා බොහෝම දෙනෙක්    දානේ ගෙදර යනවා.  ;

කොහොම උනත් බණ ගෙදර ගිහින් තේ එකක් බීලා  මූණ පෙන්නලා ෂේප් වෙනවා.
මේ වගේ බණ ගෙදරක මිදුලේ  වට වෙලා සතුටු සාමිචියේ යෙදුන පිරිසක් අතරින් එක් අයෙක් කියු නස්රූදීන්ගේ කතාවක් අහගෙන ඉන්න ලැබුනා. 

නස්රුදීන් පන්සල් යන කෙනෙක් නෙමෙයිනේ. එයා යන්නේ මුස්ලිම් පල්ලියට.
දවසක්දා නස්‌රුදීන් පල්ලියට යනවා.  පල්ලියෙ මිදුලේ රැස්‌වෙලා ඉන්න මිනිස්‌සුන්ට බරපතල ‍දේශනයක්‌ දෙනවා පුජක තුමා. දෙවියන් ගැන. මේ කාලෙ දෙවියන් අපේ ලෝකෙට එන්නේ  නෑ. ඒකට හේතු කාරනා පහදනවා.

මේ කාලයේ මිනිසුන්ට ධාර්මික සිතිවිලි නැහැ. නිතරම මිනිස්සු ඉන්නේ  යක්‌ෂයා වැහිලා.  දරුණු සිතිවිලි වලිනි හිත් පුරවා ගෙන. සර්පයෝ  වගේ  විෂයි.  ඩිංග බැරි වෙන කොට දෂ්ඨ කරනවා. මේ හින්දා දෙවියෝ වුනත් අපේ ලෝකෙට එන්න බයයි. 

නස්‌රුදීන් මේ මතයට එකඟ නැහැ.  ඔහු ඊට තම බලවත් විරෝධය පෑවා. නස්‌රුදීන්ගෙ විරෝධය ගණන් නොගත්ත පූජකතුමා  දේශනාව දිගටම කරගෙන ගියා. නස්රුදීන්ටත් තම අදහසට මායිම් නැතිව දේශනාව පවත්වා ගෙන යනවාට මරු කේන්තියි. 

නස්රුදීන් පිරිස මැදට පැනලා පූජකතුමාට කියනවා දෙවියන් නොඑන හේතුව හරියටම දැනගන්න ඕනෙ නම් ඔය බොරු දේශනාව ටිකකට නවත්වනවකෝ     කියල. 
මෙහෙම දාපු සද්දෙට මෙල්ල වුන පූජක තුමා අහනවා නස්රුදීන්ගෙන් ඇත්තටම දෙවියන් මේ ලෝකෙට නොඑන හේතුව මොකක්ද ? කියලා.

නස්රුදීන්  උත්තර බදිනවා . දැන් ඉස්‌සර වගෙ නොවෙයි  දෙවියො නොඑන්නෙ මේ කාලේ  මෝඩයො අඩුයි නේ.  දෙවියන් දකින........ කියලා.  පූජකතුමාට හිතන්න ටිකක් වෙලා යනවා. හරියට වැටහෙන කොට  දකින්නේ නස්රුදීන් අඩියට දෙකට පහු බහිනවා.  යකා නැග්ග පූජකතුමා නස්‌රුදීන්ට බැණ බැණ නස්‌රුදීන්ව ලුහු බදිනවා.  එනපොට හොඳ නැති බව තේරුම් ගත්ත නස්‌රුදීන් පහු බහින  ගමන්ම තම සොයා ගැනීමේ ඉතිරි කොටසත්  සම්පූර්ණ කළා. 

හා බොරුද කියල බලනවා - ඔය මෝඩයා හොයාගෙන යන්නේ දෙවියෙක් නෙමෙයිද කියලා ?.

මාත් ඥාති නොවන බණ ගෙවල්වල    ගියාම මූණ පෙන්වලා මාරු වෙනවා. එහෙම නූන බණ ගෙදරක හාමුදුරුවේ දේශනා කරපු බණක මතක සටහන් ආයෙත් දවසක  කියවමු.




notes of imaginary

4 comments:

vicharaka said...

මේ මෑතකදී මට අහම්බෙන් දකින්න ලැබුනා සිවුරු ඇඳගෙන විෂ්ණු දෙවියන් යදින .......(මොකෙක් කියලා දාන්නද මම දන්නේ නැහැ. දේවාලයේ නිල් තිරය ඇතුලට ගිහින් පස්වාන් දහසකට බුදුවෙන්න කියලා දෙවියන් යදින එකා භික්ෂුවක් වෙන්න බැහැනේ) ඒ මදිවට ගෑණුන්ගේ ඔලුවේ, උරහිසේ අත තියාගෙන යාතිකා කරලා ආශිර්වාද කරනවා. ගෑනුන්ගේ ඔලුව උඩ තියලා දෙහි කපනවා. මම අනේ අනිච්චං කියලා ගෙදර ආවා.

MPP Gunasinghe said...

දැන් කතාත් ඔහොමමයි නේද ?

miduma said...

ලියන්න හාමුදුරු කතා නම් ඕන තරම් තියෙනවා. ඒත් උඩ බලා ගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක් ඒක.
මම නිතරම දොස් අහනවා මගේ පියබදගෙන්. " ඔයා පන්සලට එක්කරගෙන යන්න බැහැනේ කියලා.

Anonymous said...

අනේ ඇත්තමයි...මේ සමහරක් ගැන ලියන්න මටත් හරියට කරුණු තියෙනවා.ලියන එක හරි මදිද..කමක් නැද්ද කියලා දෙගිඩියාවකුත් තියෙනවා. හැබැයි කිස් කරලා තුනුරුවන් සරණයි කියන හාදුවෝත් ඉන්නවා.