පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, January 27, 2014

මහමෙව්නාවේ සමාධි බුදු ඇස





මහමෙව්නාවේ සමාධි බුදු ඇස
රෑ වට සීතල පින්නෙන් පිරුණිද ? .
නැත්නම් සැබැවින් කදුලින් වැසුනිද ?.

පිරිතේ තෙවලා බණ පදයේ
සාදුකාරයේ හඩ මඩිමින්
අවි ගැටෙනා හඩ රණ දෙරනේ
දෝංකාර දී එයි නැගෙමින්

ඒ ඇසු බුදු ඇස
කදුලින් වැසුනිද ?.
නැත්නම් රෑ වට පින්නේ පිරුණිද ?.

හදේ ගලා ගිය නෙත් ගගුලේ
සීතල දිය රැලි ගල් ගැසෙමින්
නොමිනිස් කම් දළු දමා වැඩේ
මිනිසත් භාවය ගිණි තබමින්

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.

ඒ දුටු බුදු ඇස
කදුලින් වැසුණිද ?
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද ?.



notes of imaginary

2 comments:

දේශකයා said...

ගීයකට නං හොදා නේද??

miduma said...

යුද්ධය ගෑ විලා තිබුනත් මේ ගීතය සමාධියෙන්ම රසවිදින්න.දැන් යුද්ධය නැති නිසා දෙවනි කොටස
( පිරිතේ තෙවලා ............)
අත්හැර අහපුවම මොනවද හිතෙන්නේ ?.