Monday, January 13, 2014

පත්තරේත් බ්ලොග් !.




දිණමින සිකුරාදාට බ්ලොග් උපුටා පලකරනව කියලා බ්ලොග් බ්ලොග් අස්සේ පුංචි සද්දයක් . පත්තරේ විකුණා ගන්න බැරිව ඉන්න ලේක්හවුසියේ නඩේ බ්ලොග්වල පල වෙන නිදහස් අදහස්  වියමන් අරගෙන ප්‍රමෝෂන් එකකට සෙට් වෙන් හදනවා වෙන්න ඇති.
මොන පිස්සුද ? මේක දිගට යන වැඩක් වෙන්නේ නෑ  පත්තරේ පලකරන්න බ්ලොග් තෝරා ගන්න බැරිව වැඩේ අතරමග නතරවේවි.
දේශපාලන කළමනාකාරිත්‍වයට යටවෙලා ඉන්න දිනමිණ වගේ පත්තර බ්ලොග්වල පල වෙන නිදහස් අදහස් පලකරයිද ?.  දිනමිණ විතරක් නෙමෙයි හැම පත්තරේම නිදාගන්නේ ඔවුන්ගේ ස්වාමියන්ගේ මේසේ යට. හැම පත්තරයකටම අයිතිකාරයෙක් ඉන්නවා . නිදහස් අදහස්වලට වඩා අයිතිකාරයන්ගේ ඕනා එපාකම් තමයි පත්තරේ මනස තුල තියෙන්නේ .
දිනමිණේ  පලකරගන්න වියමන් කරනවා නම්  මේ කාලේ චින්තනයට කඩේ යන්න වෙයි. වෙනත් කාලයක් ආවොත් ඒ කාලේ බිහිවන  බින්නයකට කඩේ යන්න සිද්ධ වෙයි.
පත්තරයක පලකරගන්න බැරි නිදහස් අදහස් අත්දැකීම්, විවිධාකාර වැදගත් අදහස් වගේම නොවැදගත් අදහස් ලේඛණ කිසිදු කැපිල්ලකින්  කෙටිල්ලකින් තොරව  උපන් හැටියේ බ්ලොග් අවකාශයේ පැතිරෙනවා.
සමහරු නම් එන්ජීඕ වලට කඩේ යනවළු. කොයි කයි කතන්දර වියමන් වුනත් කැමති කැමති අයුරින් මේවා තෝරාගෙන කියවන කණ්ඩායම් , කල්ලි ඇතිවෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
මමත් මගේ විවේකය ගෙවන්න 2009 තරම් කාලයේ ඉදන් වියමන් දෙකක් කරනවා. එකක් කඩුල්ල අනෙක මීදුම. මෑතක ඉදන් විවේකය සීමාවෙලා නිසා බ්ලොග් දෙකේම පල කරන්නනේ එකම ලිපිය. කියවන්නෝ වෙන වෙනම word press හරහා තවත් සමහරු bloggers ඇවිත් මාව කියවනවා. මගේ කල්පනා මේ වෙන කොට  අන්කල් ටයිප් එකේ ඉදන්  සීයා ටයිප් එකට මාරුවෙලා. අවුරුදු පහකට ඉස්සර තිබුන වේගය අද උපේක්‍ෂා සහිත මන්දගාමීත්වයකට පත්වෙලා.
මම කරන ලද වියමන් ආපහු හැරිලා කියවන කොට මටම හිතෙනවා වෙනස. දේශපාලනේ ගැන සමාජයෙන් ගලා එන ක්‍රියාකාරකම් ගැන මට දැනෙන විවේචනය  අවුරුදු පහකට ඉස්සර දැනුන ආවේගයෙන් නෙමෙයි දැන් දැනෙන්නේ.  
මම කාගේවත් උවමනාවට වියමන් නොකරන නිසා  ආවේගයන් අවුරුදු පහකට කලින් හිටපු තැන පවත්වා ගෙන යන්න උත්සහායක් ගන්න ඕන කමක් නැහැ.
මේ හින්දා ඉතින් මම කියවපු ඇත්තෝ මාව අතහැර යනවා.
මම වගේම ජීවිතයේ  හයි - ස්පීඩ් එකෙන්  කොට කොටා යන ගමනට මාරුවෙන උදවිය මාත් එක්ක රැදෙනවා. ඒ අය සීමිතයි පරිගණකයත් එක්ක ඔට්ටු අල්ලන සීයලා බොහෝම අඩුයිනේ.
මට කියලා පාඨකයෝ මහ රොත්තක් නෑ දවසකට හැට හැත්තෑවක් විතර මාව කියවනවා. ඔය පත්තර මාව උපුටා දක්වනවාට වඩා ඔය කියවන උදවිය මට මදෑ  කියලයි මම හිතන්නේ.
කොහොම උනත් ප්‍රවීනයයි කියා ගන්නා පත්‍තර පොරවල්වලටත් තමන්ගේ පැවත්මට  බ්ලොග් ඕන උනා කියලා හිතෙන කොට වියමන් කරන්නනෙක් හැටියට මට සතුටුත් හිතෙනවා. මේ ලිපියට අදාල නැතිවුනත් රජරට ලේඛිකාවක වන ශාන්තිනී දිසානායක ඊයේ ඉරිදා දිවයින හා කල සාකච්ඡාවක් පලවෙනවා. ඒක මෙතනින් කියවන්න. කොළඹත් අපිත් අතර වෙනස හොදින් ඈ පැහැදිලි කරනවා. බ්ලොග් ලියන්නන් මේ අන්තර දෙකේ සිටින්නන්. ඔවුන්ගේ අදහස් පත්තර කාරයින්ට වඩා නිදහස්.
ඈ මෙහෙම කියනවා. ...............................මම ගොවි ජනපදයක ජීවත් වෙන ගැහැනියක්‌, මවක්‌, බිරිඳක්‌ ලෙස මා වෙත පැවැරී තිබෙන අති විශාල කාර්යභාරය තුළ අත්පිටපත ප්‍රකාශකයන් වෙත තැපැල් කර යෑවීමෙන් පසු සාහිත්‍යය සම්බන්ධයෙන් මගේ භූමිකාව තාවකාලිකව නිමා වෙනවා. සෝදුපත් බැලීමත්, මුද්‍රිත පොත් දහය තැපෑලෙන් ලද විට දරුවෙකු ප්‍රසූතියට පසු බිළි¹ නරඹන මවක්‌ මෙන් නරඹා සතුටු වීමත් පමණයි, මට කළ හැක්‌කේ. මා ලද කිසිදු සම්මානයක්‌ මා අපේක්‌ෂා කළ ඒවා නොවේ. අනෙක්‌ අතට කෘතිය නිමකිරීමෙන් පසු එය ජනගත වෙනවා. කර්තෘ සම්මාන කලකෝල හල ආදියට මැදිහත් විය යුතු නෑ. මම සැමවිටම වගබලා ගන්නෙ මගේ නිර්මාණයට උපරිම සාධාරණත්වය ඉටුකිරීමටයි. එහිදී මා අන් කිසිදු කරුණක්‌ හෝ කිසිදු පුද්ගලයෙක්‌ පිළිබඳව සැලකිලිමත් වන්නේම නෑ. එසේ කළහොත් එය මගේ කෘතියට මා කරන බලවත් අසාධාරණයක්‌. ඉතින් බ්ලොග් ලියන අපිත් ඈත් අතර වෙනසක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද ?


notes of imaginary

11 comments:

දේශක යා said...

මේකට කමෙන්කටු දැමීමේදි එම්බෙඩඩ් මෝඩ් එක දැම්මොත් හොද නැද්ද??

සිහින මදාරා said...

පත්තරේට දාන්න ඒ අදහස අපේ සමකය වටේ ලියන නලින් අයියාගේ. දන්න විදියට දේශපාලනය සම්බන්දව ලොකු ගැටලු මතු වෙන එකක් නැ කියලා හිතෙනවා. පලකරලා තිබුන ලිපි දැක්කම හිතුනේ නම් එහෙමයි :) 

Lionel Liyanagamage said...

දේශකයාගේ අදහසට ට්‍රයි කරමි.

කතන්දර කාරයා said...

ඕවා ගැන එච්චර කළබල වෙන්න එපා!
දිවයින ලිපිය ට ස්තුතියි.

Lionel Liyanagamage said...

අපි මොනවටද කලබල වෙන්නේ ?
කාලය වෙනස් වෙන හැටි.බ්ලොග්කාරයින්ට ගරහන අයම නේ මේ බ්ලොග් උපුටා පලකරන්නේ !

Naleen Dilruksha said...

//බ්ලොග්කාරයින්ට ගරහන අයම නේ මේ බ්ලොග් උපුටා පලකරන්නේ !// මෙන්න මේ ටික තවත් පැහැදිලිව විස්තරකරමුද මිත්‍රයා. ඔබේ ලිපියට දිගු පිළිතුරක් දිය යුතු මුත් මේ වෙලාවේ එය සටහන් කිරීම අපහසුයි.

Maathalan - Priyantha Hewage said...

මක්කා උනත් සීයා කෙනෙක් මෙහෙම හිතන එක ළොකු දෙයක්. ඒත් හැම පත්තරකාරයම එකම මිම්මෙන් මනින්න එපා. ඔවුනුත් මිනිස්සු ලෙස සිතුවාම හරි. මේ ආන්ඩුවට කඩේ නොයන එකා, වෙන ආන්ඩුවක් ආවම ඒකට කඩේ යනවා.. පෘතග්ජන මිනිස්සුනේ..

Shehan Senadheera said...

බ්ලොග් ලියන අපිට මේක වැදගත් වෙන්නේ මොඩම්, ඩොන්ගල් සහ රවුටර් හරහා ගොඩ නැගුනු මේ විකල්ප සමාජය කඩදාසි හරහාත් ව්‍යාපත වීම නිසයි.
බ්ලොග් ලෝකේ පැතිරීමක් ම මිසක හැකිලීමක් නම් මේ නිසා සිදු වෙන එකක් නෑ.,

Lionel Liyanagamage said...

කඩේ යාම ......මීදුමට අවශ්‍ය නොවන්නේ ආර්ථික නිදහසත් ජීවිතයෙ තවත් බලාපොරොත්තුත් නැති සීයා කෙනෙක් වීම නිසා සහ ලැබී ඇති දෙයින් සැනසීම සහ සෑහීමට පත්වී ඇති නිසයි.

ඒත් වර්තමාන සමාජයේ තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න ඕනෑ නම් කොයි කාටත් කාට හරි කඩේ යන්න සිද්ධ වෙනවා. මේ කටයුත්ත ව්‍යාපාරිකයාගේ සිට කම්කරුවා දක්වාත් , ඉහලම තනතුරු දරන තැන සිට පහලම තනතුර දරන කෙනා දක්වාත් සිදුවෙනවා.
පුංචි එකා ඉස්කෝලේට දාගන්නත් මොකාට හෝ කඩේ යායුතු කාලයක් මේක.
ඒක නිසා බරපගලව මේ ගැන හිතන්න දෙයක් නැහැ.

lakmini wijerathna said...

නම ලියනගමගේ නම් කොච්චර වයසට ගියත් තව ලියන්නම වෙනවා

MPP Gunasinghe said...

ඉතාම වටිනා නිදහසේ පළ කරන අදහස් ගොන්නක් ඔබේ වියමන්තුළ දිග හැරෙනවා.