පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, February 24, 2018

ගලපිට පැහැරූ බිඩාලයෙනි ! පිබිදෙනු දැන්වත්...




මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා පිරිසක් බැවින් ඔහුට හතරවන ස්ථානයට පත්වීමට සිදුවිය.
ඔහුගේ මතයට අනුව ලංකාවේ දේශපාලනය හදාරන ලද ඡණ්ද දායකයෝ නැත.
අපේක්‍ෂකයෝද මෙහෙය වන්නෝද විවිධාකාරයේ  දූෂිතයෝය, මංකොල්ල කාරයෝය ,මැතිවරණයට පසු දින ඔහුගේ මූණු පොතේ තබා තිබු මේ පණිවිඩය මගේ සිත් ගත්තේය.මම ඔබට කියවන්නට එය පළකරනුයේ මගේ මිත්‍රයාට කෘතවේදීත්‍වය පලකරමිණි.
මේ පුංචි මැතිවරණයේදී මිල අධික මත්පැන් වර්ග ( රෙඩ් ලේබල් , බ්ලැක් ලේබල් , ග්‍රීන් ලේබල්, හෙනසි, වැනි විදේශිය මත්පැන් ) පවා සංතෝසම් ලෙස ලැබුන ඡණ්ද දායකයෝද මට හමුවිය.තනතුරකට ඇති මිලක් මම සිතුවෙමි.


notes of imaginary

Wednesday, January 03, 2018

මෙයට - උපගුරු .


මීට වසර හයකට පමන පෙර මා පලකල වියමනක් නැවත පලකරනවා. වියමන පරන වුනත්  මෙ කතාව පරන නැහැ.
වියමන පොඩි පොඩි වෙනස් කම් කලා ඒ කාලීන බව ගෙන එන්න.
අධ්‍යාපන පරිපාලන විෂයය පටන් ගන්න මුල්ම තැන විෂය භාර , අංශ භාර, නියෝජ්‍යවිදුහල්පති, සහකාර විදුහල්පති, විදුහල්පති , ගුරු උපදේශක , කොට්ඨාස අධ්‍යක්‍ෂ විෂයය අධ්‍යක්‍ෂ,  අධ්‍යක්‍ෂ සැලසුම්, අධ්‍යක්‍ෂ , ගුරු ආයාතන (පරිපාලන)  සහකාර, නියෝජ්‍ය , අතිරේක තවත් ලියවෙන්න අමතක වුන ඒවාත් එක්ක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පහු කරලා පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගාවටත් පලාත් අධ්‍යාපන ලේකම් ආදී සුපිරි තනතුරුත් ඔල මොට්ටල පලාත් අධ්‍යාපන ඇමත් තනතුරුත්  එන කොට තනතුරු සීයයක් විතර පුංචි ලමයින්ගේ අධ්‍යාපනයට කණ කොකා හඩවනවා.
ඒත් අපේ ළමයින්ගෙන් ටියුෂන් පංති පිරිලා. ටඅයුෂන් පංතියට ආවේ නැත්නම් විෂය භාර ගුරුවරයා සිසුවන්ට කෙනෙහිලි කම් කරනවා. ඉතින් තේරෙනවනේ අපේ අධ්‍යාපනයේත්  අධ්‍යාපන පරිපාලනයේත් පලදායිතාවය.
මේ කතාව අපේ රටේ අධ්‍යාපනයත්  අධ්‍යාපන පරිපාලනයත් ගැන නෙමෙයි.
 නස්රුදීන් කාලයේ සිද්ධවෙච්ච දෙයක් ගැන.
 දැන්  කාලේ කියලා අහංකාර නිළධාරින්ගේ හැසිරීම් රටාවේනස්රුදීන්ගේ කාලයෙත්  වෙනසක් නැහැ.අදත් එදත් .ගුරුවරියන් , කාන්තා අධ්‍යාපන  නිලධාරිණියන් පාසලට කියලා හිතාගෙන යන්නේ  රාත්‍රී  ප්‍රිය සම්භාෂනයකට යන්නා වාගේ.
නස්‌රුදීන් ගේ කතාවල විශේෂත්වය තමයි කතාව තමන්ටවු අත්දැකීමක් ලෙස විස්තර වෙන එක. ගුරුවරයෙක්, දේශකයෙක් ,වෙද්‍යවරයෙක්, වෙලෙන්දෙක් වැනි නොයෙක් චරිත බවට පත්වන  එක. නස්‌රුදීන්ගේ මේ කතාවෙන්  සදහන් කරන්නේ ගුරුවරයෙක් ලෙස විදපු අත්දැකීමක් ගැන .
නස්‌රුදීන් පිටිසර ගමක පාසලක ගුරුවරයෙක් හැටියට සේවය කරමින් හිටියා. නගරයේ වගේ පිටිසර පාසල් වල පහසුකම් නැහැ. පාසල් පරීක්‍ෂකවරයා පාසලට එනවා කියන ආරංචිය ලැබුනදා සිට  ගුරුවරු  ඒ සදහා ලක ලෑස්ති වෙන්නේ තමන්ගේ කාඩ් එක කොහොම හරි බේර ගන්න ඕනි නිසා. නස්‌රුදීන්නුත් මාස ගානක් තම ශිෂ්‍යයින් පාසල් පරීක්‍ෂක පිලිගැණිමට හොදට සුදානම් කලා.
ඔන්න ඉතින් එදා පාසලට ‍ගරු ගාම්භිරව සැපත් වුනේ පාසල් පරීක්‍ෂකවරයයෙක් නෙමෙයි  පාසල් පරීක්‍ෂකවරියක්. එතුමිය නස්‌රුදීන් සිසු දරුවන්ට පංතියේ උගන්වමින් ඉන්න වෙලාවේ පංතියට සැපත් වෙනවා.  ඔහුගේ ඉගැන්වීමේ කටයුතු පරීක්‍ෂා කරන්න .
හැමදාමත් වතු පිටි කෙත්වතු හරහා ආ  සුදු මුදු සුලග  වෙනුවට අමුතු සුවඳිකින් පංති කාමරය පිරී ගියා. කර පළල අත් රහිත හැට්‌ටය. ඉනට බොහෝ පහළින් දවටා ගෙන  තිබුන  ඇගේ  සාරිය  සිරුරේ වැඩි කොටසක් ස්වභාව ධර්මයේ  නිර්මාණයන් ප්‍රදර්ශණය කරමින් තිබුනා. රතට රතේ පින්තාරු කල  දෙතොල, චුටි ඉරක් වගේ ඇද ඇසි බැමි ගලවා නිර්මාණය කල දෙබැම . ලේ වැකුණු අමු මස්  ගොඩකට ඇන්නා වගේ.  
 මේ විසිතුරු නිර්මාණය දෙස  සිසුන් කට අයාගෙන පුදුමයෙන් වගේ බලා සිටියා.
මේ කෝළම  දැකපු  නස්‌රුදීන්ට හොදටම තරහ ගියා. කරන්නම්  අද හොද වැඩක් කියලා සිතිවිල්ලක් ඇතිවුනා.
නස්‌රුදීන් ගේ සුන්දර  ඉගැන්වීමේ ක්‍රම පිලිවෙත නිසා නස්රුදීන්ට සිසුන් හරි ආදරෙයි. අමාරු දෙයකට වුනත් විනෝදාත්මක ආදර්ශක උපයෝගි කරගන්න නස්‌රුදීන්ගේ අධ්‍යාපන රටාව පොහොසත්.  එදා පංතියට සැපත් වුන පාසල් පරීක්‍ෂකවරිය සිසුන්ගෙන්  - නස්‌රුදීන්ගේ ඉගැන්වීමේ දක්‍ෂතාවය උදුරාගෙන කියලා නස්රුදීන්ට තේරුනා. සිසුන් පාසල් පරීක්‍ෂකවරියගේ  රූප ස්වභාවය   නිසා අන්ද මන්ද වෙලා. නස්රුදීන්ගේ ඉගැන්වීමේ හරඹය බින්දුවට බස්සලා පාසල් පරීක්‍ෂකවරිය ගේ රුප සොබාවටත්  ඇගෙන් විසුරුනු ස්වභාව ධර්මයට සම්පාත වුන ශාරිරික  හරඹයටත් සිසුන්ගේ මනස  ජයග්‍රහණය කරලා.
ඉගැන්වීමේ  හරඹයෙන් පසු   පරීක්‍ෂකවරිය ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒත් ඒ ප්‍රශ්න වලට ළමයින්ගෙන්  උත්තර නැහැ. ඒ මදිවාට නස්‌රුදීන් පාසල් පරීක්‍ෂකවරියට පිටුපසින් හිටගෙන අතින් ඇසින් සංඥා යොදවමින්   ළමයිනට නිසි පිළිතුරු නොදෙන ලෙසට දන්වනවා.
අවසානයේ පරීක්‍ෂකවරිය නස්‌රුදීන්ගේ ඉගැන්වීම අසාර්ථකයි කියල වාර්තාවක් දීලා  වහාම නිදහසට කරුණු ලබා දෙන ලෙසට නස්රුදීන්ට දැන්වුවා. නස්‌රුදීන් චෝදනාවට උත්තර බදින්න කොලයක් ගත්තා.  පිළිතුර සටහන් වුණා. පිලිතුර බොහෝම කෙටි එකක්.
මම බොහෝ අධ්‍යයනය කර සිසුන්ගේ මනසට රිංගීමට කල උපක්‍රම පරදා    තමන්  ශිෂ්‍ය ජීවිතයෙන් පසු වෘත්තීය ජීවිතයේ දී  ධනයෙන් ලබාගත යුතු රන් රුවන් මුතු මැණික්‌. දුහුල් සළු, සුවඳ විලවුන්,වැනි භෞතික සම්පත් සහ  අනුරාගි බැලුම්, කාමුක දර්ශණ පංති කාමරය තුලදීම තම සඅසුන්ට අත්විදීමට ලැබීම ජයග්‍රහණය කර ඇත.
එවැනි ක්‍රම තුල සිසු දරුවන්  ශිල්ප ශාස්‌ත්‍ර කෙරේ යොමුවෙතැයි යන්න මට නම් සිතාගත නොහැකිය.
මෙයට උපගුරු

නස්රුදීන්.


notes of imaginary

Thursday, September 07, 2017

පොටිච්ච වැල්.


මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි .........” ට පෙලපත් නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින් ඔහු නිසි ලෙසකින් හැදිනගත නොහැකිවු අතර“ ආරි ” -  “ ශිල්ප ආරි ” ලෙසින්  ප්‍රදේශවාසීන් අතර ප්‍රකට චරිතයක් විය.ඔහු කෙනෙකු “ ශිල්පයා ” ලෙසද හැදින්විය.

“ශිල්පයා ” .....උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක් හෝ සොයා ගෙන දවස ගෙවු  ඔහු නිතරම බීමතින් සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට “ කිසියම් ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද  තීරකයාද ශිල්පයා ම විය.

පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක අස්ථියක් බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක් රැයක එකට කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක් නොදක්වාම ශිල්පයා මිය පරලොව ගියාය.

ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවසි මහළු කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.
ආ ගිය කතා අතර තේ උගුරක්ද බී “ නැන්දේ  බෙහෙතක් සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද “ පොටිච්ච වැල් ”
අනේ මන්දා ළමයෝ මම දන්න “ පොටිච්ච වැලක් ” නෑ තියෙනවා නම් හොගෙන පලයන් නැන්දා උත්තර බැන්දේය.
නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින් බිය සැකකින් තොරව වත්ත පහලට ගියේය . පොටිච්ච වැල් වලින් උරය පුරවා ගෙන  ඉක්මන් ගමනින් ඉඩමෙන් පසු බැස්සේය.
වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා පොටිච්ච වැල් ඖෂධයට යොදා ගන්නා රෝගය  කුමක්දැයි කල්පනා කරන්නට විය.



notes of imaginary