පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, October 15, 2014

මතින් කල කතාවක්.




මත්පැන්වලින් අය කරන බදු තවත් ඉහළ නංවා තිබේ. බියර් සදහා ලීටරයකට රුපියල් 15/= කින්ද 10%ට වඩා සැර අරක්කු වැනි මත්පැන් සදහා මිලි 750කට රුපියල් 80/= කින් සහ 33.5% වඩා සැර බ්‍රැන්ඩි විස්කි රම් ජින්  සහ වෙනත් මත්පැන් සදහා රුපියල් 100/= - 150/= වැනි මිල ගණන් වලින් බදු මුදල් සහ ඊට අමතරව නිෂ්පාදන වියදම්ද එකතුව  මිල ගණන් ඉහල ‍ගොස් ඇති බව සදහන්වේ.
නිෂ්පාදන වියදමට වඩා මත්පැන්වලින් අය කරන බද්ද මේ වන විට දෙතුන් ගුණයක් වී තිබේ.  සිගරට් වලට අයකරන රජයේ බදු මුදල්ද  මේ ස්වරුපයම ගනී. ඔබ රුපියල් 850/= මිලදී ගන්නා අති විශේෂ අරක්කු මිලි ලීටර් 750ක නිෂ්පාදන වටිනාකම රුපියග් 200/= පමණ විය හැකියි. ඉතිරි 650/= ම බදු මුදල් වේ.

මිල ඉහල ගොස් සතියක් හමාරක් වැඩිවන මිල ගණන් ගැන කතා කරන මත්ලෝලීන් ඉන්පසු සිරිත් පරිදි  පරන ස්ථාවරයටම පත්වෙති. මේ නිසා රජයට අයවන බදු මුදලේ මෙන්ම නිෂ්පාදකයාගේ අළවියේ වෙනසක්ද සිදු නොවේ. අප ආදායම් බදු , උපයන විට ගෙවන බදු , වටිනාකම මත ගෙවන බදු ආදී ගණනය කරන බදු ගෙවන විට බදු මුදල් කුවිතාන්සිය කවුන්ටරයෙන් අතට ලැබෙන්නේ   ඇගෙන් කෑල්ලක් බැංකු අයකැමි ලාච්චුවේ දමාගත් පසුවයි.

එහෙත් මත්පැන් බී නිර්වින්දනයට පත්වන මත්ලෝලීන් දිනපතා බදු මුදල් බාර් එකේ කවුන්ටරයට ගෙවන්නේ ඉතාමත් කැමැත්තෙනි. සමහරු ගෙවු බව දන්නේ පසුදා සාක්කුව අතපත ගානවිටයි.

මත්පැන් සදහා බදු මුදල් අයකිරීම මත්ලෝලීන්ට පනවන සුන්දර දඬුවමකි. සමහරු තම ආදායමේ සීමාවක් මායිමක් නොබලයි. තරාතිරමක් නොමැතිව  ඇගට පතට නොදැනී මැසිවිලි නොකියා මත්පැන් හලේ අයකැමිට  බදුමුදල් ගෙවා වැනි වැනී යති. සමහරු කාණු පල්ලේ නිදාගනිති. අමතරව දඩුවම් නියම කර ගත්දා පාරේ දඩාවතේ යන සතුන් සිව්පාවුන්  හා පිලිසදරේ යෙදෙති. කොතරම්  සුන්දර බදු ගෙවීමක්ද  ?.

සුරා බදු ඉහල ගියදා මතට තිත නොතැබු සමාජයක කතාබහට ඇහුම් කන් දී සිටියෙමි. අයෙක් අධික ලෙස මත්පැන් බී රෝහල්ගත වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහජන මුදල් වැය වන බැවින්  මත්පැන්වලින් යම් ප්‍රමාණයක බද්දක් අය කිරීම සාධාරණ බවට තර්ක කරයි.

තවත් අයෙක් කියන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  මත්පැන් අලවි සහ නිෂ්පාදන බලපත්‍රධාරීන් බවයි. ඔවුන්  ගමින් ගම බාර් දමාගෙන මත්පැන් විකිණීමේ ජාවාරමේ යෙදෙයි.  මැතිවරණයකුත් කිට්ටු නිසා ආණ්ඩුව ඔවුන්ගේ සාක්කු පුරවන්න අරක්කු ගාන වැඩි කල බවට චෝදනාවකි.

දේශපාලන - ඥයෝම ආපසු හැරී මතට තිත තියන්න උද්ඝෝෂණය කරන බවට කට කැඩෙන කතාවකි..

තව කෙනෙක්ගේ මතය කුස්සිය සන්සුන් කර ( විදුලිය ගෑස් තෙල් මිල ) තබා මහත්තුරුන්ගේ කණට ගැසු බවකි. රජය  සුරා බදු ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන ජනතාවගේ සාක්කුව සූරා ගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවට තර්ක නගති.
පුදුමයට මෙන් හැමදේටම පාරට බසිනි වෘත්තිය සමිති විශ්ව විද්‍යාල ශිෂ්‍යයයෝ ‍සෞඛ්‍යය ,ගමනා ගමන සේවකයෝ මේ අසාධාරණයේදී  නිහඩ පිලිවෙතක් ගනී . සාක්කුවෙන් වැඩි පිරිවැයක් ගෙවන මත්පැන් සදහා අසාධාරණ බදු මුදලක් අයකරන විට ජනමාධ්‍ය, සිවිල් සමාජය හැසිරෙන්නේ කිසිවක් සිදු නො වූ ගානට නිදිගත්වනවයි. ඒ මත්පැන්වල ඇති ආශ්චර්යකට විය හැකියයි  අධ්‍යාපන වෘත්තිකයෙක් කියයි.

ජාතික මැතිවරණයක් අභියස නායකයින්ට උපදේශ දෙන   කාරකාදීන් දී ඇත්තේ දිරච්ච ලනුවකි. අපේ රටේ මත්පැන් බොන ඇත්තන් ගේ ඡණ්දය වැරදුනොත් මේ ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙන්නේ ඇදුමත් නැතිව බව හොදටම වෙරිවු නෙනෙක් අභියෝග  කරයි.

කෙසේ වෙතත් අයවැයට කිට්ටු වෙන මේ දිනවල වම් අතින් අරගෙන දකුණු අතට සහන ලැබෙන බවට ඉගියක් නම් කල හැකිවේග අන්තිමේදී අපි  නතර වන්නේ හිටපු තැනටත් පහලට වැටී බව නම්  නියතයකි.






notes of imaginary

Monday, October 13, 2014

අසල්වාසියාගේ සටන



අසල්වාසියාගේ සටහන ලියපු මට අසල්වාසියාගේ සටන ගැනත් ලියන්න අවස්ථාව සැලසුනා.

පසුගිය දිනක රාත්‍රියේ කඩා පැන්න මැර හමුදාවක් සබරගමුව සිසුන්ට පහර දීලා. ඔවුන් ඉදිකල  අට්ටාලෙත් “දියව් සහ ගනිව් “ කියලා ප්‍රදර්ශනය කරලා තිබුන පෝස්ටර් කුළුනුත් ගිණි තියලා පලා ගිහින් !. සබරගමුව සිසුන්  කිහිප පොලකට තුවාල කරලා රෝහල් ගත වෙන්න වැඩ සලස්වලා.

බිම ඉදගන්නත් ඇත්ත කියන්නත් බය වෙන්න එපා කියලා  හිතුවත් මේ සිද්ධියේදී මොකක්දෝ අඩුපාඩුවක් වෙලා කියලා අසල්වාසියාට හිතුනා.
සබරගමුව විශ්ව විද්‍යාලයේ සටන්කාමී දරුවන්ට මැර ප්‍රාහාරයක් එල්ල කරපු එක ගැන අසල්වාසියාට ඇතිවුනේ බලවත් විරෝධයක් සහ කේන්තියක්.

මේ මැරයෝ අතර නායක මැරයා ලදරු දේශපාලන - ඥයෙක් . කියලයි කියන්නේ. ලදරුවන්ට චූ කරන්නවත් පාලනයක් නැහැනේ.සිසුන් අට්ටාලගතවෙලා - විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වහලා. සිසුන් කර ගන්න වැඩේ හරි කියලා කවුරුවත් වගේ අසල්වාසියත් පිලි ගන්නේ නෑ.බල්ලාගේ වැඩේ බල්ලට පවරලා බූරුවගේ වැඩේ බුරුවා කරනවා නම් විශ්ව විද්‍යාලේ වහන්න හේතු ඇති වෙන්නේ නෑ.

ඒ මැදට ඌරොත් පැන්නම වැඩේ තවත් මඩ වෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒ වගේ වැඩක්.  ගමේ දේශපාලන - ඥයෙක් කාඩ් එක ගහගන්න කරපු වැඩකින් උන්නැහේට වෙලා තියෙන්නේ අනුන්ගේ පලංචිවල කූඤ්ඤ ගලවන්න ගිය වදුරට වුන වැඩේ. දැකපු සිහින බොද වෙලා වල්ගේ හිර වෙලා හිරේ විලංගුවේ වැටෙන්න මග පාදා ගෙන.

අම්ම - තාත්තගේ  පපුවේ ගින්දර පත්තු කරන්නේ නැතිව දේශපාලන ලනු ගිලින්නේත්  නැතිව උපේක්‍ෂාවෙන් දරුවෝ අකුරු කර ගන්නවා නම් කොයිතරම් අපූරුද ?.


notes of imaginary

සැරද ! ජයලලිතා.












දේශපාලනය අමුතු දෙයක්. බලයත් එක්ක ධනය ගලා එන්නා වගේම බලය නැතිවුනහම ධනය විතරක් නෙමෙයි තමුනුත් පිරිහිලා අවලංගු කාසි බවට පත්වෙනවා.
තමිල්නාඩුවේ මහ ඇමතිනි ජයලලිතා මහත්මියගේ ජීවන චරිතය මේ දිනවල අර්බූදයට ලක්වෙලා. 
ඈ අහසින් පොලොවටවත් වඩා පහලට පත් වෙලා.මේ බලන්න ඇයට බලයත් සමග ලැබුන දේවල් ! .



notes of imaginary