පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, May 24, 2013

අධ්‍යාපන සර්ලා සහ මැඩම්ලා.



මේ රටේ පරිපාලන සේවා දෙකක් ඇත. එකක් රාජ්‍ය පරිපාලන සේවය වන අතර අනෙක අධ්‍යාපන පරිපාලන සේවයයි. මෙම සේවා දෙකම සමගාමී සේවා වන අතර රාජ්‍ය පරිපාලන සේවය ජනතාවට ඉතාමත් සමීප වන අතර අධ්‍යාපන පරිපාලන සේවය සමීප වන්නේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට පමනය. ගුරු සේවා තත්වය තුල තිබු කඩඉම් පුළුළු් කර අධ්‍යාපන පරිපාලන සේවය ඇති කරන ලද්දේ අධ්‍යාපන ඇමතිවරයෙකු ව සිටි රිචර්ට් පතිරණ මහතාගේ සංකල්පයකට අනුවය. එතුමාද ගුරු වෘත්තියෙන් පැමිණියෙකු නිසා වෙන් ගුරු වෘත්තිය තුල තිබු සීමා කඩඉම් පිළිබදව මනා අවබෝධයකින් යුතු ඇමතිවරයෙකු විය.

අධ්‍යාපන පරිපාලන සේවයේ සිටින පරිපාලන නිලධාරින්ගේ වෟත්තීකුල අභිමානය පිලිබදව මීදුමට ඇති අවබෝධය අද මීදුම වියමනින් දිග ඇරෙන වට යමෙකුට රිදෙනවානම් රිදෙන අයගේ තුවාලයට බෙහෙත් දමා ගන්නවා විනා මීදුමට ගරහා සේවයක් වන්නේ නැත.

මීදුම මෑත දිනක මීදුම් ඇති පලාතක පලාත් කාර්යාලයකට ගොඩවැදුනේය. වෙලාව පස්වරු තුනයි තිහ වන්නට ඇත. දිනය බදාදා දිනකි. මෑතක සේවයට එක්වු පරිපාලන නිලධාරිණියක් මිතුරකු හා කරන පිලිසදර කට  ඇහුම් කන් දීමට  මීදුමට අහම්බෙන් සිදුවිය.
 “අනේ මන්දා මේ ගුරුවරු හවස් වෙනකම් ඔ‍ෆිස් එකට එනවා මල කරදරේ . මගේ හිසේ කැක්කුමේ බෑ .”  යනුවෙන් ඇගේ වෘත්තීය  පිලිබද ප්‍රතිචාරය මිතුරාට කියවනු ලැබීය. ඈ විසින් කරන ලද විමර්ශණයක් ගැන උජාරුවකුත් මට අසන්නට ලැබිනි. තවත් අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකු විසින් ගුරුවරියකට එරෙහිව කරන ලද  පැමිණිල්ලක් විභාග කර සේවය අත්හිටවීය. මෙම පැමිණිල්ල තහවුරු කිරීමට කිසිදු සාක්‍ෂියක් නොතිබිනී. ඒ පිලිබදව කරන ලද දෙවෙනි විනය පරීක්‍ෂණයකදී එම නිලධාරියා කීවේ මා ලද වෘත්තීය අත්දෑකීම් නිසා ඈ එම වරද කල බව තීරණය කල බවය.

මේ රටේ  අධ්‍යාපන පරිපාලන සේවය  පිහිටුවා ඇත්තේ ගුරුවරුන්ට සිසු සිසුවියනට සහ සිසුසිසුවියනගේ උරුමක්කාරයන් වන දෙමව්පියන්ටගේ යහපත සුරක්‍ෂිත කිරීමට මිස පරිපාලන සේවයේ රැකියාවක් ප්‍රධාණය කිරීමේ උවමනාවට නොවන බව  මේ ඇත්තන්ට සිහිපත් වන්නේ කවදාද ? යන්න මීදුමට සිතුන වාර අනන්තය.

බොහෝ කාර්යාල වල කරක් ගසා හෙම්බත්වු ජීවිත අත්දැකීම් ඇති මීදුම අධ්‍යාපන කාර්යාල කරා යන්නේ විශ්‍රාම යන්නට තම බිරින්දෑ අධ්‍යාපනයට සම්බන්ධව සේවය කල නිසා ඇගේ වෘත්තීය උවමනාවන් සදහාය. මේ ගමන් බිමන් වලදී අනෙකුත් රාජ්‍ය අංශයේ රාජ්‍ය සේවකයින් හා අධ්‍යාපන සේවකයින් සසදන්නටත් අප්‍රසන්නතාවය පල කරන්නටත් මීදුමට බොහෝ වාර වල සිදුවිය.

ගුරුවරයා ඔබෙත් මගෙත් කියා වෙනසක් නැත. ඔහු හෝ ඈ ගුරුවරයෙකි. මගපෙන්වන්නෙකි. ගුරුවරයාට නිසි බුහුමන් තිබිය යුතුය. තම වෟත්තීමය උවමනාවකට අධ්‍යාපන කාර්යාලයට ගොඩ වදින  ගුරුවරයෙකු කරදර කාරයෙක් සේ යම් නිලධාරියෙක් සලකන්නේ නම් ඔහු හෝ ඈ ගුරුවරයෙක් ගේ ඉගනගන්නා ලද තැනැත්තෙක් නොවිය හැකිය. ඔවුන්  පරිපාලන සේවයට පහලවන්නේ අකනිටා ඹබලොවෙන් විය යුතුය.

මේ සමහර නිලධාරීන් ගුරුසේවයේ සිට අධ්‍යාපන පරිපාලන සේවයට එක්වු අයද වෙති. මේ සියල්ලෝම තම තනතුර තුල රගදෙන්නේ මොණර විලාශයෙනි. අප්‍රසන්නවු පිටු පස දිග අරින පිල් කලබින් නිරාවරණය වන බව නොදන්නා සෙයකි.

සංග්‍රහශීලී ලෙස සිනහ වීමට තබා ගුරුවරුන් දෙස ප්‍රසන්න ලෙස බලන්න වත්  නැති මේ උදවිය  තමන්ගෙන් වැඩක්‌ කර ගැනුමට එන ගුරුවරයා  දෙස බලන්නේ ආත්ම කිහිපයක්‌ තිස්‌සේ තමන් පසුපස එන වෛරක්‌කාරයකු දෙස බලන විලාශයෙනා. එසේ  නම් මේ තනතුරු වලින් වැඩක් නැත.  තමන් ඉදිරිපිට දහදිය පෙරාගෙන හති දමමින් සිටින සහෝදර ගුරුවරයාට ආසනයක්‌ පිරිනැමීමට ඔවුන් කැමැති නැත.එසේ උව හොත් තනතුර හෑල්ලු වනබව සිතත්දැයි හිතා ගත නොහැක.

තමන් සංග්‍රහශීලී වනු වෙනුවට තමන් වෙත එන පුද්ගලයාගෙන් සංග්‍රහයක්‌ ලබන්නට ඔහු කැමැති ය.

අඩු තරමින් “සර්” හෝ “මැඩම් “ කියවා ගන්නවත්  ඔවුන්ට උවමනාය.


notes of imaginary

Tuesday, May 21, 2013

සස්සද සසද දිය පල්ලේ තිබෙයි අල - රෝහන බැද්දගේ.




රෝහන බැද්දගේ මහතා  හොරන තක්‍ෂිලාවේ  උසස් පෙල කරන අවධියේදී මීදුමට හමුවන්නේ ගුරු - ගෝල සම්බන්‍ධයකිනි. තක්‍ෂිලාවෙන් නික්ම  යාමෙන් පසුව එක් දිනක් බදුල්ල -පානදුර බස්රථයකදී  එතුමා සමග ගමන් යන කුඩයත් බුලත් මල්ලත් සමග යලිත් අහම්බයෙන් මුණගැසිනි. “ සර් මොකද මේ ?.  “මම දැන් මොණරාගල ස්කෝලෙක උගන්වනවා .”හැත්තෑවේ දශකයේ අග භාගයේ ඇතිවු දේශපාලන විපර්යාසය එතුමා හොරණ සිට මොණරාගලට විසීකරන්න ඇතැයි මම එදා සිතුවෙමි.එතුමා අප තක්‍ෂිලාවේ සිටි අවධියේ නිර්මාණය කල පාසල් නාට්‍යය සමස්ථ ලංකා මට්ටමේ පලමු පෙල ජයග්‍රහණයයන්ට උරුම කම් කිවය. හොරණ තක්‍ෂිලාවත් - විද්‍යාරත්නයත් තරගයට මෙන් කරන ලද නිර්මාණ එදා සමස්ථ ලංකා මට්ටමේ කතාබහට ලක්විය. මගේ මතකය නිවරදි නම් තක්‍ෂිලාවේ “අලකලංචිය “ විද්‍යාරත්නයේ “සුදු ඇතා ආවාට පස්සේ “එදා බොහෝ කතාබහට ලක්වු නිර්මාණ විය.

අදත් වේදිකාවේ නම කියවෙන හැත්තෑවේ දශකයේ බිහිවු නාට්‍යකරුවන්  , නිර්මාණකරුවන්  මේ පාසල් නාට්‍යදෙක සහ මව්වරුන් වු බව සදහන් කල යුතුමය. මා දශක හතරකට ආසන්න කාලයක්  තිස්සේ මේ සුන්දර ගැමි කටහඩට  පෙම් බැන්දේය.

notes of imaginary