පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, April 09, 2013

පාළු අදුරු නිල් අහස මමයි.



පාළු අදුරු  නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන 
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාළු අදුරු  නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
අසාරවු මහ පොලොව මමයි 
ගලා බසින දිය දහර ඇයයි
අසාරවු මහ පොලොව මමයි 

ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාතනික පැතුම ඇයයි

පාළු අදුරු  නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි.
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි

පාළු අදුරු  නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
පණ්ඩිත් අමරදේව.



notes of imaginary

Friday, March 29, 2013

ඇමතිතුමාට .. ජයවේවා !.

ප්‍රාථමික පන්තිවලදී එකට හිටිය බින්දුසාර ටයි මට යි පහවසරේදී වෙන්වෙලා යන්න සිද්ධවුනේ මගේ පාසල් මාරුව නිසා. ජීවිතේ වටිනාකම් වැඩිකරගන්න සහතික හොයා ගන්න ගිහින් අතරමංවුන මට අද බින්දුසාර ගේ නම දකින්න ලැබෙන්නේ මාධ්‍ය තුලින්.

බින්දුරයි  මමයි අහස පොලොව වගෙයි. බින්දු සාරගේ නම පාසල් නාමලේඛනේ  වීරසේකර මුදියන්සේලාගේ නවරත්න බංඩාර .  ඔහුට පාසල්කාලේ  මේ නම ලැබුනේ අපේ මුල්ගුරුතුමාගෙන්.

හැමදාමත් පන්තියේ අන්තිම ඉදන් පළවෙනියා වෙන බින්දුසාර සමහර විෂයයන්වලට බින්දු ගන්නත් සමත්වෙනවා. එක වාර විභාගයක් අවසානයේ මුල්ගුරුතුමා අතින් රිපෝට් එක ගන්න ගියාම “ෂා ! මේ පාරත්  බින්දුවලින් සාරයිනේ”  කියලා  , මුල්ගුරුතුමා විසින් වීරසේකර මුදියන්සේලාගේ නවරත්න බංඩාර  බින්දුසාර නමින් භෞතීස්ම කෙරුවා.

අපි ලියන රස්සාවක් හොයාගෙන කන්තෝරුවක මහත්තැන්කෙනෙක් වෙන්න දගලන කොට බින්දු  ගමේ ඉරුම්කාරයෙක් එක්ක පලංචිවල උදව්වට ගියා.  පස්සේ  දක්‍ෂ ඉරුම්කාරයෙක් වෙලා තව කවුරුවත් හවුලට තියාගෙන ඉරුම් බාස්කෙනෙක්වුනා. යන්තම් ලියනමහත්තෙක් වෙලා කන්තෝරු රස්සාවක් හෙයා ගෙන බත් මුලත් බැදගෙන හම්බෑග් එකත් අරගෙන ගමේ ගුරු පාරදිගේ පාන්දර උජාරුවෙන් නගරයට ගාටන සමහර දවස්වල ඉරුම් ආම්පන්නත් අරගෙන මුණ ගැහෙන බින්දු  “මහත්තයා රාජකාරියට යනවා වෙන්නනැති ” කියලා හිනාවක් දාගෙන මාරුවෙනවා.

බින්දු  ගම් ඉස්මත්තේ කැලෑවට පෙම් බැන්දා . පා‍ගන බයිසිකලයක්  , නයින්ටියක් , රුක්මනී මොඩල් හයිඒස් එකක් එල් ත්‍රී හන්ඩර්ඩ් එකක්  හරහා ගමන් අරඹපු බින්දු දැන් ඉස්සරහින් පස්සෙන් පරිවාරක රථ පෙළක් තියා ගෙන මැද්දේ මම නමවත් දන්නේ නැති වාහනේක පිටිපස්සේ ආසනේ පත්‍රයක් පොතක් කියවමින්  විවේකීව ගමන් බිමන් යන කොට අපිව අපි කළු වීදුරුවෙන්වත් දකින්නෙත් නැතිව ඇති. බින්දු මාව පහුකරගෙන කන්බිහිරි කරන සයිරන් නලාවක් සද්ද කරගෙන යන හැම වරෙකම මම හිතුවා.

මම එහෙම හිතුවත් මහ චන්දෙකට ඔන්න මෙන්න කියලා  බින්දුගේ ආරක්‍ෂක හමුදාවේ භටයෙක් “මේක අපේ ඇමතිතුමා ඔබතුමාගේ අතට දෙන්නම කියලයි දුන්නේ “කියලා  මට ගෙනත් දුන්න ආරධනා පත්‍රයකින් මම ඒ සිතිවිල්ල වෙනස් කරගන්න සිද්ධවුනා. බින්දුට අපිව මතකයිනේ එහෙනම්. මම හිතුවා.

මාසේ අන්තිමට ලැබෙන සොච්චම වියදම් කරන්නේ කොහොමද කියලා මාසෙම කල්පනා කරන මට ඔය චන්ද ගැන, මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය  කියන එවා ගැන හාංකවිස්සියක්වත් හිතෙන්නේ නෑ. ඒවා ඔක්කොම ප්‍රජාචාර පොතේ පාඩම් විතරක් වෙලා තියෙන්නේ. කන්තෝරුව ඇරිලා හවස ගෙදර ගිය  මම  කෝක වුනත් කමක් නෑ කියලා හිතාගෙන  මගේ  මුලික අයිතිවාසිකම් සියල්ල අත්අඩංගුවට  ගෙන තියෙන පියබිරිද වෙත  මේ ආරධනාව ඉදිරිපත් කලා අදහස් විමසන්න.එතුමිය වහාම අණ කලා මේ ආරධනාව පිලිගන්න කියලා. ඇමතිතුමාගේ ආරධනාවක් නේ !.

මාත් ඉතින්  නියමිත දවසේ  බින්දුගේ මාළිගා පරිශ්‍රයේ වෙනම ඉදිකරලා තිබුන රැස්වීම් ශාලාවේ වෙන්කරලා තිබුන පුටු පේලියේ ඉස්සරහින්ම වාඩිවුනා.බින්දුගේ අවධානය ගන්නත් එක්ක. ටික වෙලාවකින් ආරක්‍ෂක භටයෙක්ගේ නියෝගයක් නිසා මට පේලියක් දෙකක් පිටිපස්සෙන් වාඩිවෙන්න සිද්ධවුනා ඒකත් හොදයි කියලා  දෙපැත්තේ ඉන්න දෙන්නත් එක්ක කතාවට වැටුනා. ඇමතිතුමාගේ තත්වේ මේපාර නම්  හොද මදි කියලයි ඒ දෙන්නගේ කතාවෙන් මට හිතුනේ. පරදින්නත් බැරි නෑ ඒ ගොල්ලා ප්‍රතිපල විශලේෂණයක් කරනවා මම අහගෙන හිටියා.

නියමිත වෙලාව පැයක් විතර‍ ඉක්මවෙලා ඇමතිතුමා අසනාරූඩ වුනා. සභා ශාලාවේ ආසන එකින් එක ගනින්න වගේ බල බලා හිටිය ඇමතිතුමාට මාව නිරීක්‍ෂණය වුන බවක් පෙනුනේ නෑ. මට ඒ ගැන සංවේගයකුත් ඇතිවුනා.

දැන් එක එක දේශනා පවත්වනවා. එතුමාව මහමැතිවරණයෙන් ජයග්‍රහණය කල යුතු හේතු දක්වලා. එතුමා කරලා තියෙන සේවයක් ! . ජීවිත කාලයක් කන්තෝරුවක කුරුටු ගාන මට, එතුමා  අවුරුදු පහකට කරලා තියෙන වැඩ කන්දරාව අහලා පුදුමයි. ඔය කතා අතරේ මතකයේ ඉතිරිවුන එක ඉල්ලීමක් සහිත සාධාරන කතාවක් නිසාවෙන් මමත් එතුමාට සයෝගය දක්වන්න ඔනී කියලා අන්තීමේදී තිරනය කලා.

මේ ඊසෝප්ගේ කාලේ සිද්ධ වුන දෙයක්.   ඊසෝප්ටත් ඕන කතාවකට හිටියේ සත්‍ව චරිතනේ.
ඔන්න එක නරියෙක් ගගකින් එතර වෙන්න යනවා. එදා කන්දට වැහැලා වතුර වැඩිවෙලා ගග ගලන වේගෙත්  සැඩ පහරත් වැඩියි. ගැඹුරු  වක්කලමකට අහුවුන නරියා ඔළුව උඩ තියාගෙන වක්කලමේ කැරකෙනවා. මේ ජරමර අස්සේ නරියාගේ ඇගේ හිටපු කිණිතුල්ලෝ රොත්ත නරියාගේ හොම්බ ගාවට රොක් වෙලා. මේ සිද්ධිය බලා ගෙන හිටපු ඉත්තෑවෙක්  ගං ඉවුරට  මෙගාපෝන් එකක් ගෙනත් සද්දේ දාලා අහනවා “යාළුවේ යාළුවේ කිණිතුල්ලන්ගේ කරදරෙන් බේරෙන්න උන් ටික ගලවා දාමුද”  කියලා .

නරියා කැරකෙන ගමන්ම කියනවා” ඒක නම් කරන්න බෑ . මුන් මගේ ඇගේ ලේ ටික බීලා තියෙන්නේ ආයෙත් ‍ බොන්නේ නෑ  මුන්ගේ බඩ හොදටම පිරිලා”.කියලා  ඒකට කමක් නෑනේ ඉත්තෑවා උත්තර බදිනවා.

ඉත්තෑවෝ උඹ දන්නේ නෑ “මුන් ටික ගලවා දැම්මොත්, යන්තම් හරි බේරිලා ගොඩට එන්න පුළුවන් උනොත් ආයෙත් අළුත් කට්ටියක් ඇගට ගොඩ වෙලා ඉතිරි ලේ  ටිකත් බීලා දායිනේ  “  කියලා නරියා ගොඩ එන්න ට්‍රයි කරනවා.

නවරත්න බංඩාර ඇමතිතුමාට  .............
ජයවේවා!.


notes of imaginary

Friday, March 22, 2013

ආපසු බැළුවෙමි.




දවසක මම අපේ පන්සල  කියලා වියමනක් කලා.  අපේ පන්සල කියලා ලියුවත් අපේ රටේ  පන්සල් ගැන හිතලයි වියමන වියමන් වුනේ වියමන කියවපු සහෘදයෙක් ප්‍රතිචාර දක්වලා තිබුනා. “ නොලියා හිටියා නම් හොදයි “ කියලා. ඒක ඇත්ත. බහුවිධ ආගමික සමාජයක ජීවත් වෙන අපි ,  අපි අනුගමනය කරන දර්ශනය හෑල්ලු කරගන්න හොද නැහැ. මම බෞද්ධාගම දකින්නේ දර්ශනයක් ලෙස වැදුම් පිදුම් කරන්න ඕන ප්‍රදර්ශණ භාණ්ඩයක් ලෙසින් නොවෙයි. බුදුන් වහන්සේගේ දේශනා   තේරුම් අරගෙන අනුගමනය කරන්න ඕනී. එතකොට අපේ ජීවිත ගමන් කල යුතු නිවරදි  මංපෙත පැහැදිලි වෙනවා
.සතියේ සටහන වෙන් වෙන්නේ එදා ලියු වියමනේ මා විවේචනයක් ලෙස  දුටු  භික්‍ෂු සමාජයේ වර්තමාන පැවත්ම පිලිබදව.

 ඉතිහාසයේ සිට භික්‍ෂුවගේ පැවත්ම  යාවත්කාලීනවී අද වන විට භික්‍ෂුව සිටින්නේ කොතනද?. සිටිය යුත්තේ කොතනද ? යන්න මීදුමට හිතා ගන්න බැහැ.භික්‍ෂු යන්න සස්කෘත භාෂාවෙන් සහ භික්ඛු යන්න පාළි භාෂාවෙන් තේරුම භික්‍ෂාවෙන් යුතුව ජීවත් වෙන්නා ලෙස දහම් පාසලේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. සංසාරේ බිය දකින්නේ භික්‍ෂාවෙන් යුතුව ජීවත් වෙන ඇත්තෝ.බුදුරජානන් වහන්සේගේ කාලයේ භික්‍ෂුන්වහන්සේලා  අහාර සොයා ගත්තේ පිඩු සිගා වැඩීමෙන්. තම සිවුරු සකස් කර ගත්තේ මළකදන් වල එතූ රෙදි කැබලි එක් කොට සකස් කර ගැණිමෙන්.ජීවත්වුයේ පාළුකැලැවල , ගල් ගෙවල් වල, මිනිසුන් විසින් අතුහරින ලද පැල්පත් ගෙවල් වල .බුද්ධ චරිතය කියවන විට බුදුහාමුදුරුවෝ මහා වෘක්‍ෂ යට ගංතෙර වල සිටි බව කියවෙනවා.
උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව උන්වහන්සේ අනුගමනය කල ශ්‍රාවක භික්‍ෂුන්වහන්සේලා  උන්වහන්සේ අනුගමනය කල අපිස් ජීවිතයම අනුගමනය කරලා තියෙනවා.බුදුන් වහන්සේගේ කීර්තිය පැතිරෙත්ම  අපි ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රවකයෝ “ කියා උන්වහන්සේගේ කීර්තිය තමුන්ටත් ආරෝපන කරගෙන වැජඹෙන්න අදහස් කරන පිරිස් මේ අතර ඇති  වෙනවා. ( දැන්වුනත් ඔය අපි අහවලාගේ මිනිස්සු කියලා අනෙක් අයට අඩන්තේට්ටම් කරන අය ඕන තරම් ඉන්නේ. )
මේ වෙනස් වීම මුලාශ්‍ර කරගත් කතාවක් මීදුම පාසල් යන කාලේ අහලා තියෙනවා.ගිහි ජීවිතයේ කිසිදු බරක් පතලක් නැති බුදුන් වහන්සේගේ ශ්‍රවකයෝ පියාපත් පමනක් ඇති කුරුල්ලෝ මෙන්  නිදහස්ව ස්වභාව ධර්මය තුල හුදකලාව , ස්වභාව ධර්මයට එක්ව ආගමික අරමුණක් උදෙසා පමනක් ජීවත්ව ගම් නියම් ගම් සිසරා  සංචාරක ජීවිතයක් පවත්වා ගෙන ගියා.
මේ කියන වකවානුව බුද්ධත්‍වයෙන් අවුරුදු විස්සක් වෙන්න ඇති. රජගහනුවර එක් සිටුවරයෙක් මේ භික්‍ෂුන්වහන්සේලා පිරිසක් උදෙසා පදිංචි වීමට ආරාම හැටක් හදා පුජා කරනවා. මෙතනින් එතුමන්ලාගේ  සංචාරක දිවිය අවසන් වනවා. නිවාස  සදහා ඇද මේස පුටු ලිං පොකුණු නිවසකට අවශ්‍ය අඩුම කුඩුම තඩලා ගෙන කුමන සංචාරයක්ද ?.මෙයින් වෙනස් වන්න  පටන් ගත් භික්‍ෂු සමාජයට ආමික අරමුණු සමග සමාජීය අරමුණු එක්වනවා. ස්වභාව ධර්මය බැදුන ජීවිතය සමාජය හා බැදුන ජීවිතයක්  බවට පත්වනවා. භික්‍ෂුචර්යාව වර්තමානය දක්වා වෙනස් වනවා,පාංශකූල චීවරය පට සිවුර දක්වා වෙනස් වනවා.  රුඛ්කමුල සේනාසනයට සත් මහල් ප්‍රසාද  දක්වා වෙනස් වනවා. ප්‍රතිමුත්ත හේසජ්ජයට  රසමසවුල් එක්විය .
බුදුන් වහන්සේගේ කාලයේ පැවදිවුවෝ එතුමන් කෙරේ ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පැවදි වුවෝය. පසුකාලීනව ජීවනොපායක් ලෙස පැවදිවුවෝද භික්‍ෂු සමාජයට එක්විය. මේ නිසා උන්වහන්සේගේ සමයේම භික්‍ෂු සමාජය වෙනුවෙන් ප්‍රඥාප්තියක් ඇති වීම සිදුවිය.
ඉතිහාසයේ භික්‍ෂුවට වඩා වර්තමානයේ භික්‍ෂුවට හුදකලාව පැවතිය නොහැක. එතුමන්ලාට දේශපාලනික උවමනාකම් ඇත. එතුමන්ලාගේ ජීවිතය ආචාරත්මක ප්‍රතිපත්තිමය සේවාමය හා සංකල්පමය ලෙස විශාල ලෙස විපර්යාසයකට පත්ව ඇත.උන්වහන්සේලා සමාජ අභිවෘද්ධිය තකා බුදුන් වහන්සේගේ දේශනා ගුරු කොට කටයුතු කල යුතු වුවත් වර්තමානය වන විට පෞද්ගලික න්‍යයපත්‍රයන්ට  අනුව කටයුතු කිරීම අර්බුදයක් ලෙස අපට පෙනේද ? යන්න මීදුමට ප්‍රශ්නයක් ව ඇත.





notes of imaginary