පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, May 14, 2012

අසිරිමත් හෙලබිමක්

දියණියනි , - මැයි 14.

 






 2012.05.14
ආදරණිය සුදු,
ලියුම් ලියන එක මේ කාලේ මෝස්තරයක් නෙමෙයි. මීට දශක හතරක් පහකට ඉස්සෙල්ලා ජනප්‍රියම සන්නිවේදන මාර්ගය වුනේ ලියුම්. අපි අපේ යාළුවන්ට ලියුම් ලියලා උත්තර එනකම් දවස් ගානක් පියුම් මාමාලා ඇවිත් ගේ ඉස්සරහට වෙලා බයිසිකලේ සීනුව ගහනකම් බලා ගෙන හිටියා. දැන්නම් වචනයයි දෙකයි . sms එකක් යවා සතුට  වේදනාව වගේම කේන්තියත් පොල්ලෙන් ගැහුවා වගේ පලකරනවා.
ඒ කාලේ සතුට  වෙදනාව වගේම කේන්තියත් සවිස්තාරත්මකව ලියුම් වල පැහැදිලි කරලා ලැබුනහම කියවලා ඊට අනුරුප  වින්දනයක් ලැබුනා. දැන් සියල්ලටම ගහෙන් ගෙඩි එන්නා වගේ පුතිචාර  ලැබෙනවා. කාලයේ අරුමය...........

සුදුයි මායි කාල දෙකක ජීවත්වෙන්නේ. .ඉතින් අවුරුදු හතලිහකට වඩා ඉස්සරත් අදත් සමාන කරන්න බැහැ. අහසයි පොලොවයි වගේ. මම සුදුලාගේ ලෝකේ ජීවත් වෙන්න දගලනවා. අපේ කාලයේ අයත් එක්ක සුදුලා වෙනුවෙන් පාලමක් හදන්න උත්සහා කරනවා. ඒක හරි අමාරු වැඩක් සුදු.
අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කරන කැපවිම් හිතලා බලන කොට  එයාලා දරුවන්ගෙන් සෙනෙහස බලාපොරොත්තු වෙනවා කියන එක සාධාරණයි. එයාලා කැමතියි දරුවන්ගේ ජීවන මංසංදි වලදී පලමු තැන අරගෙන කටයුතු කරන්න.
අපි උපදින දවසත් අපි මැරෙන දවසත් හැරෙන්න,  අපි ඉපදුන වෙලාවේ ඉදන්  දරුමුණුපුරන්ගේ ඉදුල් කට ගාන දවසත් දරු මුණුපුරන්ගේ විවිධ කටයුතු වලදීත් තීන්දු තීරණ ගන්න එයාලට මැදිහත් වෙන්න  පුළුවන් නම් අඩුතරමේ අපේ අම්මලා තාත්තලාගෙන්   එයාලගේ අදහස් විමසනවා නම් ඒක එයාලඅපිට දක්වපු සෙනෙහසට  ආදරයට අපි කරන උපහාරයක් වෙනවා. 
ඒත් අද එවැනි සමාජයක් තියෙනවද කියලා හිතා ගන්න බැහැ.විවිධවු හේතු නිසා ඒ සමාජ සම්බන්‍ධතාවයන් බිදිලා ගිහින්. 
ඔන්න ලොකු වැරදි පාරකට වැටෙන්න හදන්නේ කියලා   ඔයාගෙන්  විරෝධතාවයකට  පෙර  මට පුංචි අනතුරු හැගවීමක් කරන්න හදන බව   මට මැවිලා පේනවා.  ඒවුනත් අම්මලා තාත්තලා වුන  සීයලා අත්තම්මලා වුන වැඩිහිටි අපේ ප්‍රාර්ථණාව ඕකයි. 

අපිට අපේ ජීවන මංසන්දිවලදී යායුතු මග තෝරා ගන්න අයිතියක් නැද්ද ?  දූදරුවන්ගේ ප්‍රශ්ණයයි. එහෙම නේද ?.
අපි ඊයේ විවාහ උත්සවයකට සහභාගි වුනා. තානායම් පියස අසලින් ගලා ගෙන යන ගගදිය ගල් පරවල වැදිලා බිදිලා යනවා මම බලා ගෙන. මම පසුගිය වසර පහක් ඇතුලත   මේ  බිමේදී සහභාගී වුන විවාහ අතරින් දෙකක් අද වන කොට බිදිලා ගිහින් . හරියට බාධක සමඉර කරගන්න බැරිව බිදිලා යන ජල කද වගේ . 
මේ විවාහ දෙකම සිද්ධවුනේ එකිනෙකා කාලයක් අදුරගෙන ..මේ විවාහ දෙකේම  පොදු සාධකයක් තිබුනා.  මේ විවාහ දෙකටම දෙමව්පිය කැමැත්ත ලැබුනේ  මේ දෙයුවල  මෙව්පිය දෙපාර්ශවයට කරන ලද  දැඩි බලපෑම මත.

මම ඔබට මේ කතාව කියන්නම්. ඊලග  දවසේ.
කේන්ති ගන්න එපා. ලොකු  පෝන් එක අරගෙන කතා කරන්නේ නැතිව මේ ලියන  ලියමන් ගැන

මට හිතුනා අද ඉදන් මේ ලිපි ඔයාට මීදුම හරහා එවන්න. ඔයා කියවලා මාත් එක්ක කතා කරනව නේද ඔයාගේ අදහස්.

තෙරුවන් සරනයි. 
ආදරණිය ලොකු .


Tuesday, May 08, 2012

How long will you live?




This is a calculator that estimates your life expectancy.

It was developed by Northwestern Mutual Life.

There are only 13 questions.