පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, January 28, 2011

සදු මහ දසාව - ඉතිරි කොටස.


සදු ගේ අතුරු දසා පිලිබදව පල කල වියමනේ බුධ , කේතු ,සිකුරු සහ රවි  යන අතුරු දසා පිලිබදව සටහනක් නොකල බැවින්  එම අතුරු දසා පලාපල  මෙම වියමනට ඇතුලත් කලෙමි.
සදු මහා දසාව ගෙවී යත්ම උදාවන්නේ කුජ මහ දසාවයි. කුජ මහ දසාව  බලපවත්නා කාල සීමාව   අවුරුදු 07කි. මීලග වියමන  කුජ මහ දසාව පිළිබදව දත්තයන් දැක්වීමට වෙන් කරමු.

සදුගේ බුධ අතුරු දශාව.( අවුරුදු 01යි මාස05යි)

අධ්‍යාපන කටයුතු දියුණු කරයි තරග විභාග ආදියෙන් සමත්වේ. ව්‍යාපාරික කටයුතු දියුණු කරයි. උසස් වීම්,නිලතල ලැබීමට මෙම කාලය හේතුයි. සදු සහ බුධ දෙදෙනාම අසුබ ලෙස පිහිටා ඇත්නම් සෙඛ්‍ය තත්වයට බාධා පමුණුවයි.

සදුගේ කේතු අතුරු දශාව. ( මාස 07 කි. )

සෞඛ්‍ය පිරිහේ. අප්‍රකටව ජීවත්වීමට සිදුවේ. ආර්ථිකය අඩපන කරයි. අපහාස නින්දා සොයා එයි.

සදුගේ සිකුරු අතුරු දශාව ( අවුරුදු 01 යි මාස 08 කි)

කේතු අතුරු දශාවේදී අසීරුවට පත් කල ජීවිතය යථා ස්වරූපයට පත් කරයි. සමාජයේ පිළිගැණිමක් ඇති කරයි. ආර්ථිකය දියුණු කරයි.

සදුගේ රවි අතුරු දශාව.  (මාස 06කි)

හි‍ස සහඇස් සම්බන්‍ධ සෞඛ්‍ය පීඩා ඇති කරයි. රවි සහ සදු යහපත් පිහිටීමක සිටී නම් සුබ පල ඇති කරයි. රවි අයහපත්ව පිහිටා ඇත්නම් අලාභ හාණිසිදු කරයි.

Thursday, January 27, 2011

රවිගෙන් පසු උදාවන්නේ සදු මහා දශාවයි

Posted by Picasa


රවිගෙන් පසු  උදාවන්නේ සදු මහා දශාවයි (චන්ද්‍ර මහා දශාව) . සදු අවුරුදු දහයක් පල පවත්වයි. මීදුම උදාහරණයට ගෙන ඇති ( පෙර පළකල වියමන් කියවන්න.) කේන්දර හිමියා ගේ වයස අවුරුදු 30 යි මාස 1 දින 21 කදී (1978.11.21 දිනදී ) සදු මස දශාව ලබා ඇත.
සදු සුබ පල දෙන්නෙක් වශයෙන් සදහන්ය. එහෙත් සදු අවපස පිහිටියේ නම් අශුබ පල දෙන බව සදහන්ය. පුර පස සදු අනෙකුත් ග්‍රහයන්ගෙන් වන අපල උපද්‍රව වලින් ජන්මියා ආරක්‍ෂා කරමින්  - ආරක්‍ෂකයෙකු මෙන් කටයුතු කරන බවත්  නිරෝගී බවත් සමාජයේ විශේෂ අවධානයට ලක් කරවීමටත් කටයුතු කරන බවත් කියනු ලැබේ. අව පස සදු මීට විරුද්ධ ගති ස්වරූප දායාද කරන බව  සදහන් කල යුතුය.
තමන්ගේ ජීවිතය, මව/බිරිද/සහෝදරියන්ගේජීවිතයන්ගෙන්  වියෝවීම් සදහා බලපෑම් කරනබවත් පළවේ. මේ නිසා සදු මහා දශා කාලය පිලිබදව නිරීක්‍ෂණය කිරීමේදී සදුගේ පිහිටීම පිළිබදව නිසි අවබෝධයක් ලබා ගත යුතුය.

සදුගේ සදු අතුරු දශාව (මාස 10කි).
විවාහ විය යුතු වයසේ සිටී නම් විවාහ වන්නේය. ආර්ථිකය සංවර්ධණයවේ. සෞඛ්‍යමත් ජීවිතයක් සමාජ පිලිගැණිමත් ඇති කරයි නැත්නම් වර්ධණය වේ.චංචල සිත් ඇතිවේ. සිතිවිලි යහපත්වේ. අව සදු මීට විරුද්ධ ස්වරුපයේ සිට හැසිරේ.

සදුගේ කුජ අතුරු දශාව (මාස 07)
විය පැහැදම් අධික වන කාලයකි  සෞඛ්‍ය තත්වය දියුණුවේ.

සදුගේ රාහු අතුරු දශාව (අවුරුදු 01 මාස 06කි ).
වියපැහැදම් අධිකවේ. නිකරුනේ මුදල් නාස්තිවේ. ආයෝජනයන් පල නොදරයි. අප්‍රසාදය ලබයි. විවාහ සහකරුගේ සෞඛ්‍ය පිරිහේ. සදු සහ රාහු අසුබ ලෙස පිහිටියේ නම් මෙම තත්වයන් දෙගුණ ලෙස බල පවත්වයි.

සදුගේ ගුරු අතුරු දශාව ( අවුරුදු 01යි මාස 04යි)
ඉහතකී තත්වයන් සමනයට පත්කරන්නාවු කාලයකි.ආයෝජනයන්ගෙන් ලාභ උපයයි.නෑදෑ හිතවතුන් අතර සැලකීම් ලබයි ප්‍රසාදයට පත්වේ .ප්‍රසිද්ධිය ලබයි. නව පදිංචි ස්ථාන වෙත යයි. නිවාස ඉදිකීරීමට සිතයි. එම අවස්ථා පල දරයි.

සදුගේ ශනි අතුරු දශාව (අවුරුදු 01යි මාස07කි)
යහපත් කාලයක් නොවේ බිරිදගේ නැත්නම් සහකරුගේ සෙඛ්‍ය තත්වයට අහිතකර බලපෑම් ඇතිකරයි.තමන් අරගල කල කෝලහාල වලට පොළඹවයි.  එවැනි අවස්ථාවල පාර්ශවකරුවන් කරයි.තමන්ගේසෞඛ්‍ය තත්වය පිරිහිමට පත් කරයි. සදු හා ශනි දෙදෙනාම අසුබ ලෙස පිහිටා තිබෙන විට  පීඩාකාරී බව වැඩිවේ.




සදුගේ බුධ , කේතු ,සිකුරු සහ රවි අතුරු දසා කාලවලදී ඇතිවන ප්‍රතිපල මීලග වියමනෙන් කියවන්න
Enhanced by Zemanta

Tuesday, January 25, 2011

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි



මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයි


වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතිවත් තව දළු ලනවා

වැව් ඉවුරේ දිය රළ පෙරසේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතිවත් තව දළු ලනවා


සරසවි බිම කදු රැල්ලෙන්  එතෙර පෙනෙවා ම
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා


මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය

ඔබ අතගෙන ගිය වීදිය ඈ හා යනවා 
සිගිති පුතා අතගිල්ලක එල්ලී එනවා




ඔබ අතගෙන ගිය වීදිය ඈ හා යනවා 
සිගිති පුතා අතගිල්ලක එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි සිතා සිතනවා

මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය
මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරය