පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, December 31, 2010

දශාක්‍රමයෙන් පලාපල බලන්න.

ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු  ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි  තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ වියමන් කිරීමට මීදුම පෙරුම් පුරා සිටියත් විවේකය සහ ඒ සදහා නිරවුල් මනසක් නොවීමෙන් පසුගිය දින කිහිපයේ “යූ ටියුබ්” එකේ සිංදු ඇසීමට  කාලය වෙන් කලේය.

අද සිට  ඒ විරාමය අවසන් කර පුරුදු වියමන් පෙලට පිවිසීමට මීදුම අදහස් කරයි.

දසා ක්‍රමය පිලිබදව කරන වියමනේ ඔබත් සමග සංවාදශිලි වීම , මීදුමේ අපේක්‍ෂාව වන අතර මේ දත්තයන් ඔබේ කේන්දරයට ආදේශ කරගෙන වර්තමානයේ ඔබේ පලාපල හා ගලපා සත්‍ය හා සාවද්‍ය බව සාකච්ඡා කිරීමට හැකිවන්නේ නම් මීදුම එය අගේ කරන්නකි.
පළමුව ඔබේ කේන්දරය ගෙන එහි මෙවැනි හෝ මීට සමාන වන format  එකක් ඇද්දැයි සොයා ගන්න . එහි “.....................ස්වස්ථි  ශ්‍රී ශුද්ධ ශක රාජ වර්ෂ ප්‍රමාණයෙන් .........යන්නෙන් පටන් ගෙන ........නැකතේ......වෘක්‍ෂ........පක්‍ෂි.........භූත.........
වැනි සටහන් අවසානයේ ----------------මහදශාවනු .........උපන් දින නැකතේ ගැන පැය විනාඩි ගණණටමද වශයෙන් අපහැරන හැර ..........වර්ෂ ..........මාස.........දිනක් උපන් දින සිට ඉදිරියට කේතුගේ මහදශාව පවතී . යනුවෙන් ඡෙදයක් ඇත.
එවැනි format  එකක් ගෙන   පහත සදහන්  දත්තයන් ආදේශ කිරීම උදාහරනයකට ගනු ලැබේ. ..........
“උපන් දින නැකතේ ගැන පැය විනාඩි ගණණට මද වශයෙන් අපහැරන හැර ...04.......වර්ෂ .....0.....මාස....22.....දිනක් උපන් දින සිට ඉදිරියට කේතුගේ මහදශාව පවතී.
යන්නට දත්තයන් ආදේශ කිරීම මෙම ඉදිරි වියමන් පෙල දී ආදර්ශකයක් වශයෙන් යොදා ගනු ලබනු ඇත.
 එතැන් සිට එම මුලාශ්‍රයට ඉදිරි‍යේදී පලවන දත්තයන් ආදේශ කිරීමෙන් වර්තමානයට ( අදට ) ගැ‍ලපෙන අන්දමින් පලාපල  වියමන් කරමු.
ජ්‍යොතිශයේ අපේ ජීවිත කාලය අවුරුදු 120 ක් ලෙස සලකා එක් එක් මහා දශාවට කාලය වෙන්කර ඇත. ඉන් පසුව එම මහා දශා තවත් විග්‍රහ කිරීම සදහා අතුරු දශාවලට වෙන් කරඇත.  මහා  දශාවට වෙන් කරන ලද කාලය  -   අතුරු දශාවලට වෙන් කරමින්  පලාපල විග්‍රහයන් කිරීම තවත් පහසු කර ඇත.
දශා පලාපල කියවීමේදී ආදේශ කළ  යුතු  දත්තයන් පිළිවෙලින් පල කිරීමත් ඉන්පසුව එම දත්තයන්ට අනුරූප පලාපල පලකරන බැවින් මේ වියමන්  පෙල සම්පුර්නයෙන්ම කියවීමට ඔබට සිදුවනු ඇත. අද පළමු පියවර වශයෙන් අනු පිලිවෙලින් මහාදශා සහ ඒ ඒ මහ දශාවන්ට අයත්වන කාල පරාසය පල  කිරීමට මිදුම අදහස් කරන්නේය.
  1.     රවි මහා දශාව -    අවුරුදු 06
  2.        චන්ද්‍ර මහ දශාව -   අවුරුදු 10
  3.       කුජ  මහ දශාව -    අවුරුදු 07
  4.       රාහු මහ දශාව -    අවුරුදු 18
  5.       ගුරු මහ දශාව -     අවුරුදු 16
  6.       ශනි මහ දශාව -     අවුරුදු 19
  7.      කේතු මහ දශාව -   අවුරුදු 07
  8.        සිකුරු මහ දශාව -    අවුරුදු 20


අතුරු දශා වලට අයත් කාලය ඉදිරි වියමනේ පල කරනු ලැබේ.
 මිදුම පල කර ඇති උදාහරනයට අනුව 
කේතු මහා දශාවෙන්  අවුරුදු 04 මාස 0 දින 22 ක් ඉදිරියට ඇතුව 1948 . 10. 27 දින උපන් පින්වත් කුමරා අද ගත කරන දශාව සොයමු. 

එය ආදර්ශකයක් වශයෙන් ‍ගෙන ඒ   අනුව ඔබ  ගත කරන මහා දශාව සොයා ගන්න.

  • 1948 . 10. 27 දින සිට ඉදිරියට කේතු මහ දශාව අවුරුදු 04 මාස 0 දින 22  කි.
  • 1952. 11. 19 දින ඔහුගේ කේතු මහා දශාව ගෙවී ගියේය .
  • ඊලගට ඔහුට උදාවන්නේ සිකුරු මහා දශාවයි.
  • එය අවුරු දු 20කි.
  • 1972. 11.19 දින සිකුරු ගෙවී රවි මහා දශාව ලැබුවේය.
  • රවි අවුරුදු 06ක් ගෙවී 1978.11.19 දින ඔහුට චන්ද්‍ර මහා දශාව ලැබුවේය.
  • අවුරුදු 10ක් වු චන්ද්‍ර මහා දශාව 1988.11.19 දින ගෙවී අවුරුදු 07ක ආයු කාලයක් ඇති කුජ මහා දශාව 1995.11.19 දින ගෙවෙන ලදී.
  • අනතුරුව ලැබුවේ රාහු මහ දශාවයි.
  • ඔහුගේ කේන්දරය අනුව රාහු මහ දශාව ගෙවී  අවසන් වන්නේ අවුරුදු 18 කිනි.
  • එනම් 2013.11.19 දිනදීය.
  • එතෙක් ඔහු ඉදිරි අවුරුදු 2 මාස 11 දින 19 ක් තව රාහු මහ දශාව ගත කල යුතුය.
  •  

ඔබේ කේන්දරයේ උපතේ සිට ඉදිරියට කුජ මහදශාව ඉදිරියට යන්න දක්වා ඇත්නම් ඔබ කල යුත්තේ කුජට පසු අනු පිළිවෙලින්
  1.  රාහු
  2.  ගුරු 
  3. ශනි
  4. කේතු 
  5. සිකුරු 
  6. රවි 
  7. චන්ද්‍ර 

යනුවෙන් ඉදිරියට ආදේශ කිරීමය.

මේ අනු පිළිවෙල නොපැහැදිලි නම් කේන්දරයේ දශා ශේෂය සොයා ගෙන  උපන් දිනයත් සමග ප්‍රතිචාර තුල පල කරන්න. 
මීදුම ඔබ ගත කරන මහා දශාව  පිලිතුරු තුල පලකරනවා ඇත.

ඉදිරි වියමන අතුරු දශා සදහා කාලය වෙන් කර ඇති අන්දම  පැහැදිලි කිරීමටත් ඉන්පසුව ඒ ඒ දශා තුල ජීවිත පලාපල පලකිරීම  සදහා වෙන් කරනු ඇත.

2011........................................... Happy New Year - සුබ නව වසරක්















Thursday, December 30, 2010

මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ




මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ


මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා 
නංගියේ නොහොබිනා කම් -  හුරු වෙන්න එපා
‍බෝගම්බර සිපිරි ගෙදරට -  එන්න එපා 
හතුරෙකුටත් මට වන් දුක  - වෙන්න එපා
දළදා මැදුරේ තේවා හඩ - රැව් දෙනවා
කළ පවු මතක්වී දෑසම - තෙත් වෙනවා
සියක් වාරයක් මැරී මැරී - උපදිනවා
තිබහට වතුර වෙනුවට - කදුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින - ආරකය
දුදනන් නිසාවිය හෙනහුරු - මාරකය
මං පෙරගියේ වරදින් පිරි  - පාරක
ඒ ගිය මගේ අවසානය -  පෝරකය