පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

Wednesday, May 15, 2024

අපි චක බ්ලාස්


 අඹ ගහට බකමුනෙක් ඇවිල්ලා
යන්නෙත් නැ  මා දිහා බලාගෙනම ඉන්නවා
බකමුනෝ උඹට මොනවද ඕනි
මම කරුනාවෙන් අහනවා.

හ්ම්........

බකමුනෝ
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කරනවළු
ටෙලිකොම් එකේ රජය සතු කොටස් විකුණා දමනවළු
උඩින් යන ඒයාර් ලංකා එකත්  විකුනවලු.
පාඩු ලබන රජයේ ආයතන සියල්ලම  දෙනවළු,
හ්ම්...............හ්ම්............
හ්ම් හ්ම් කියලාත් හරියන්නේ නෑ 
විසදුමක් කියන්නකෝ.
හ්ම් හ්ම්
විශ්ව විද්යාල කාර්ය මණ්ඩල
වැඩ වරල
රෝහල් කලාවට වැඩ වරනවා.
අද ඒක පලාතක --හෙට තව පලාතක
හ්ම් .......හ්ම්.........හ්ම්
විශ්ව විද්යාල ඇන හිටලා
ශීෂ්යයන් අතරමන් වෙලා
රෝහල් වල ලෙඩ්ඩු රස්තියාදූ වෙනවා
අසාධ්‍යය   වෙනවෙ.....ට්රොලිය මත්තේ පණ අදිනවා
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
එක්කෝටමත්  හ්ම් ඔට්ටු නැහැ.
හ්ම්..............
ඒ්කටත් උඹට  හ්ම්.
රටේ සල්ලි නැහැල්ලු
සාමාන්‍්‍ය කෙනෙකුට ගමන් බිමන් යන්න
පුංචි වාහනයක් ගන්න ඉඩ නැහැ
ආර්ථික අර්බූදෙලු
මන්ත්‍රී  උත්තමයන්ට
වාහන ගෙන්නා ගන්න පර්මිට් දෙනවලු
හ්ම් ....හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
එතකොට ඔය අර්බුදය නැද්ද
හම් ....හ්ම්
එක්  කෙනෙක්
හාල් බෙදනවා
ඉඩම් බෙදනවා
අස්වැසුම දීලා සනසනවා
මේ ඔක්කොම ඡන්ද උනොත්
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
තවත් කෙනෙනක්
බස් දෙනවා
සුහුරු පන්ති කාමර දෙනවා
හුස්ම දෙනවා.............
ඒ් ඔක්කොම ඡන්ද උනොත්
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
දූෂණය අතු ගානවා
ඒකෙන්ම අපි රට ඉහලට ඔසවනවා.
ඩිංගක් විතර විපක්ෂයට
පාට් දමනවාමේ ඔක්කොමත් ඡණ්ද
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
 

 


උඹ
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.

අපි

චක බ්ලාස්.............


A day in the life

Thursday, May 02, 2024

හැමදාම මැයි දිනේ ඇත්නම්













රටම කම්බස් කරපූ

පක‍්ෂ වල ලකුණු

 

බස්රථවල අලවගෙන

කම්බා හොර මුහුණු

වේලක් කන්නට

දවසක් ම නැහුණු

 

රෙදි නැතිව කොළඹ යති

පිරිමී සහ ගැහැණු

 

ඊයේ පාන්දර දවස මගේ පටන් ගත්තේ ඔහොමයි.

ඇදේ ඉදන් ම ,අපේ ගමේ හැරවුම මාතර  යන්න රොද බදින සද්දේ අහ  ගෙන හිටියා.උද්යෝගය අපුරුයි

අලි පොහොට්ටුු ටෙලිපෝන් කොළඹ යන තදියමේ.

බස්  ,පෝලිමේ හෝන් කරගෙන රේස් යනවා

එක එක පාටට කොඩි බැලුන් එල්ලා ගෙන.

මේවා බල බල මගේ විකාර හිතට චිකාගෝ , ගුණසිංහ මතක් වෙනවා.

ලංකාවේ නම් කම්කරු සුබ සාධනය ගැන මුලින්ම අවධානය තිබුනේ බණ්ඩාරනායක රජයට.ටී.බී. ඉලංගරත්න ..........ඔය වගේ නම් කිය වෙනවා.

 

දවස ගෙවෙනවා. අපේ  සිරිපාල සර් ( සිරිාපාල කහවත්තගේ ) ට පේනවා පාරේ තියෙන කලබලේ. ඇතිමලේ තියෙන්නේ වැල්ලවායේ . සිරිපාල සර් රත්නපුරේ. වැල්ලවාය ඉදන් කොළඹ යන බස් එකක් දකිනවා

 

මැයි දිනේට කොළඹ ගෙනාපු ඇති - මොළේ හරමානිස්

 

එක්ක එනකොට

උදේ බස්වල

ලැබුනා කෑමත්

අරක්කුත්

මෙහේ ආපසු

ඔහේ එක්කන්

ගියා දුන්නෑ

වතුර වත්

කතා ඇහුවා,

විසිල් කෙරුවා

ගැහුව මං තව

අත්පුඩිත්

මගේ ළඟ නෑ

රුපියලක් වත්,

ගෙනා උන් නෑ

දකින්නත්

දැන් කෙහොමද ආපහු යන්නේ ? .හර - මානිස්ලාගේ ඉරණම එහෙමයි.උදේ බස් එකට නග්ගා ගන්න තිබුන කරුනාව ආදරය හවස නැහැ. ඉර එලියෙන් අපි වගේ හර මානිස්ලා කවි ලියන්නේ ස්ටේජ් ඒකේ බැබලෙන තරූවලට.

අපේ නඩේ තව එක්කෙනෙක් රෝහිණි නංගී. සිරිපාල සර් තරමෙ සැර නැතිවුුුනත්     කියන දේවල් කනට යන්නේ හිත රිදවගෙන.

ඈ මැයි දිනේ සැබෑව දැක්කේ මෙහෙමයි.

සැබෑව

********************

සරෝජා මගෙ නංගි යේ

උඹ අඬන්නේ කුස ගින්දරේ

ටිකක් අල්ලා හිටින්කෝ තව

අප්ප ඒවී ගොම්මනේ .

 

කම්බි වැට පැනලා ගියෝතින්

පොලිස් මාමල සැර කරාවී

බලා හිටපං හැංගිලා වගෙ

උන් එකට පෙළපාලි යාවී .

 

නාට්ටාමිල හැමෝටම අද

පාට පාටින් කමිස දේවී.

හීන පැලවෙන බින්න දෙසමින්

බිංකුන්ඩො වගෙ උන් නටාවී .

 

පොතක් ගන්නට සොච්චමක් නැති

විළි වහන්නට යට ඇඳුම් නැති

සරෝජා උඹ පින්න මල වගෙ

හෙටක් ගැන අප්පා ට බය ඇති.

 

චිකන් කකුලක් එක්ක කාපං

බත් පාර්සලයක් ගෙනේවී

බෝදිසත්තයො වගේ මහතුන්

මොණර කොළ සතුටින් බෙදාවී.

 

තෙමෙන තැන් වහගන්න නම් ඔය

ඉටි කොලේකින් ඇහැක් වේවී

හැමදාම මැයි දිනේ ඇත්නම්

හැමදාම අපෙ බඩ පිරේවී .

වහලට නගිනකම් විතරයි ඉණිමග ඔන වෙන්නේ වහලට නැග්ගට පස්සේ ඉණිමග ඔන වෙන්නේ නැහැ.. බහින්න තුන් හිතකින්වත් හිතනන්නේ නැහැනේ..



 අද පාන්දර මෙටාවට ගියාම සුරංග බණඩාරයන් හමූවූනා. ඒයා තව ටිකක් උපේක්ෂා සහගත වෙලා. කොයි දේත් අපිට මයි වගේ කියලා හිතනවා   “ජනහමුවල අහුකොන්වල - අපේ නමත් රැදුනා -ඇතැම් තැනක අපේ සුසුම - සාදයකට හැරුනා.... කියලා හිත හදාගත්තත් හැමදාම හැම තැනම වෙන්නේ ඒ්කයි කියලා හිතෙනකොට හිත නම් බොහොම රිදෙනවා.

 


මහ පාරේ ගිණි අවුවේ 

දහදිය වැසි මවනා

අපටම හිමි වූ දිනයත් 

මහපාරෙම ගෙවුනා...

 

අද මැයි පළවෙනිදා බව 

යකඩ කටින් ඇසුනා

එහි යනවිට සියළු කතා 

අවසන් වී තිබුනා...

 

අපි වෙනුවෙන් එසවුණු කොඩි

 දෙමංසලේ සැලුනා

අදට වඩා හෙට වැඩ 

පැවරෙන බව මට පෙනුණා...

 

ජනහමුවල අහුකොන්වල 

අපේ නමත් රැදුනා

ඇතැම් තැනක අපේ සුසුම

සාදයකට හැරුනා....

 

මහ පාරේ ගිණි අවුවේ 

දහදිය වැසි මවනා

අපටම හිමි වූ දිනයත් 

මහපාරෙම ගෙවුනා...

 මේක වේදනාවක් නෙමෙයි. වෛරයක් කෝපයක් හිතේ දැල්වෙන ක්රියාදාමයක්. 71 ත් 81 -89 ත් පිපුරූවේ මේ වේදනාව. ඒක හිතන්නේ නැතිව බලය ගැන විතරක් හිතුවොත් ගෝඨාට වු දෙය අතලග විය හැකියි කියලා මට හිතෙනවා.මේ දවස් වල බොර්ඩ් ලෑලි හොයා ගෙන එවා අල්ලගෙන කවි ලියන අය ඉන්නවා.අපි රැවටෙයි . කියලා හිතගෙන.

මැයි දිනයත් ඉවරයි.

අපි කවි ලියමු හිරු එළියෙන් හදට..............



A day in the life