Monday, November 21, 2016

ඕපනායක පුංචි කෝච්චිය.



පුංචි කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා  නෙමෙයි.දැන් කාලේ  පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගිති උයනක සිගිත්තන්ගේ සෙල්ලම් කෝච්චියක කතාවක්. තියෙන පාර කොන්ක්‍රිට් කරගන්නවත් බැරිව දුෂ්කර ආර්ථිකයක හීන දකින අපිට  කෝච්චි පාරක් අළුතින් හදනවා කියන එකත්   ලොකු ම  ලොකු  හීනයක්.

 
 ඕපනායක පොලිස් ස්ටේෂමේ තියෙනවා සංරක්‍ෂිත කරන ලද දුම්රිය මැදිරි වල බර කිරන තරාදියක් . මේ තරාදිය දැකපුවම ආයෙත් මට පුංචි කෝච්චිය මතක් වුනා කීවාම නිවරදියි. දැන් කාලේ ඕපනායක පොලිස් ස්ටේෂම පිහිටා තියෙන්නේ -  ඒ කාලේ පුංචි කෝච්චියේ අවසාන ගමනාන්තය වු ඕපනායක කෝච්චි ස්ටේෂමේ.  ඒ කාලේ  ඕපනායක ස්ටේෂමේ ප්‍රධානියා “ ස්ටේෂන් මහත්තයා” - අද කාලේ නම් “ ඉනිස්පැට්ටර් මහත්තයා ! .”

1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන  රොකට්නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ “ජෝර්ජ් ස්ටීවන්සන්ට”  රොකට්නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා .  ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා. 


 සුද්දන්ගේ  හිරු නොබසින  යටත් විජිතයේ රටින් රට ඔවුන්ගේ ලාභාංශ තරකර ගැණිම පිණිස   සංවර්ධණ කටයුතු සිදුවිය. මෙම සංවර්ධනයේ අතුරු පලයක් ලෙස දකුණු අප්‍රිකාවේ  දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සුද්දො සැලසුම් කරනව.
මෙම සැලසුම අනුව ලන්ඩනයේ සමාගමකට කිලෝ මිටර් 100  ක පමණ දුම්රිය මගක්  ඇතුළු දුම්රිය පද්ධතියක් සැදීම සදහා ඇනවුමක් ලැබෙනවා . මෙම ඇනවුම සම්පුර්ණ කර   දකුණු අප්‍රිකාවේ ස්ථාන ගත කරන්නට ගිය විට අප්‍රිකාණුවෝ   සහ එවකට සිටි යටත් විජිත ආණ්ඩුකාරයා එම දුම්රිය මග ස්ථාපනය කිරීමට විරුද්ධ වෙනවා. අප්‍රිකාණුවන්  බලාපොරොත්තුවු යේ  පුළුල් අමාන දුම්රිය ව්‍යාපෘතියක්.  එහෙත් ඔවුන්ට ලැබුනේ   පටු අමාන දුම්රිය ව්‍යාපෘතියක්.   කර කියා ගත නොහැකිව අතරමංවු  ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.


1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි රේල්පාර හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර්  මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය  ගමනාන්තය වෙන ඕපනායකටම ආවා.  කැළණී වැලි  ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට ක්‍රියාශිලි මගී ගමනාගමන සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.
1919 මැයි මාසේ 02 දා ඉදන් ඕපනායකට ආපු පුංචි කෝච්චිය 1997  පමණ වන විට අවට ගියාට එන ගමනක් වී  වර්ෂ 1998 දිනක උදෑසන, සංචාරකයින් කණ්ඩායමක් සමග  ඕපනායක ඉදන් ආපසු කොළඹ ගියාට පස්සේ තාමත් ආපසු ආවේ නැහැ.
පැරණි කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය ඕපනායක දුම්රිය ස්ථානයයි. වර්තමාණයේ ඕපනායක පොලිස් ස්ථානය මෙම ගොඩනැගිලි පරිශ්‍රයේ පිහිටා තිබේ. මෙම පින්තූර වලින් දැක්වෙන්නේ මෙම පරිශ්‍රය තුල පිහිටුවා සංරක්‍ෂණ කර ඇති 1901 වර්ෂයේ නිෂ්පාදිත බිම් තරාදියකි. එහි දර්ශක පුවරුව විනාශවී ඇති අතර අනෙක් රක්‍ෂිත කොටස් මෙම පොලිස් ස්ථාන බිමේදී ඔබට නැරඹීමට පහසුකම් සලස්වා ඇත.
ස්තුතිය - ඕපනායක පොලිසිය වෙත.
මම  පුංචි කෝච්චිය දකින්නේ පැල්මඩුල්ලේ ගන්කන්දේ ඉගනා ගන්නා කාලයේ.  ( එකල පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය )  සති අන්තයට ගෙදර යන එන අතර වාරයේ. තනියෙන් ගමනක් බිමනක් යන්න හිතේ  වාරු නැති ඒ වයසේ පුංචි කෝච්චියේ සවාරියක් යන්න හේතුවාසනා තිබුනේ නෑ. බස් එකේ යන එන අතර වාරේ හුණුවල ඉදලා ඕපනායක දක්වා මහා මාර්ගයට සමාන්තරව පිහිටලා තියෙන කොටසේ මම ගිය බස් එකත් එක්ක ( ඒ කාලේ බසුත් දැන් වගේ කගවේනා පිම්මේ ගියේ නෑ ) ඉබි ගමනේ තරගයක ගියා මට මතකයි. 
“දවස පත්‍රයේ සති අන්ත පත්‍රය වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙනවා. පසු කාලෙක මේ කවිය ඕපනායක කෝච්චියේ ගමන ගැන හොද උදාහරනයක් වුනා.
“පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්
කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්


කොළ හා රතු කොඩි ගාඩ් වනන්නේ - අනේ මුන්ට මොන දේශපාලනේ
ගනින් බෝතලේ යමන් මාතලේ - යකාට ගියදෙන් ටයිම් ටේබලේ....,...”

notes of imaginary

8 comments:

MPP Gunasinghe said...

හරි වටිනා තොරතුරු ටිකක් නේ. ඒ කාලෙ උදේ පාන්දර ඕපනායකින් කෝච්චියට නැග්ගාම හවස පහට විතර කොළඹට යාගන්න පුළුවන්ය, කෝච්චියේ යද්දි විටක් කන්න හිතුනොත් මග බැහැල කඩේකින් බුලත්විටක් අරන් දුවගෙන ඇවිත් ආයෙත් කෝච්චියේ එල්ලිලා නැග ගන්න පුළුවන්ය කියල පැරැන්නෙක් හිනාවෙවී පවසනව මම අහල තියනව. මේ අතිශයොක්තියක්ද නැත්නම් ඇත්ත ද කියල දන්නෙ නම් නෑ

Anonymous said...

ඕපනායක කෝච්චිය නවතුනේ 1998 වෙන්න බැහැ . 1968 දී වෙන්න ඇති.

Anonymous said...

මම 1965 දී මරදාන සිට මහරගමට බොහෝ සිකුරාදාවන් වල තනියම ගමන් කර තිබෙනවා. මම ලොකු කෝච්චියට නැංගේ වේයන්ගොඩින්. මරදානේදී පුංචි කෝච්චියට මාරු වෙනවා. එවකට මගේ වයස 12යි. දැන් කාලේ ළමයින් නම් අම්මා අතින් අල්ලා school van එකට නංවන වයස! පුංචි කෝච්චියේ එහෙම වත් ගමන් කර තිබීම දැන් ලොකු සතුටක්.

විචාරක Wicharaka said...

1968 දී පුංචි කෝච්චියෙන් (රාත්‍රී දුම්රියෙන්) රත්නපුර බලා ගොස්, පහුවදා දවල් කෝච්චියෙන් ආපහු ආවා. මගේ දෙමව්පියන් සහ පවුලේ සම දෙනා සමග ගිය ඒ ගමන, අදත් ඉතා මිහිරි මතකයක් ලෙස තිබෙනවා.

Anonymous said...

The Kelani Valley Line was originally built from Colombo to Yatiyanthota via Avissawella during 1900 - 1902. It was branched off at Avissawella and extended up to Opanayaka via Ratnapura (completed in 1912). Originally built as a 2 ft 6 in (762 mm) narrow gauge[1] line to serve the rubber plantations in the area, the railway line between Avissawella and Yatiyanthota was removed in 1942, the line from Homagama to Opanayaka abandoned in 1973.

The services were restarted up to Avissawella in 1978.

විචාරක Wicharaka said...


@ Anonymous Monday, 21 November 2016 at 22:07:00 GMT+5:30

නැහැ ඇනෝ, 1998 දී තමයි. අවිස්සාවේල්ල දක්වා සීමා කලේ. 1968 දී ඔපනායකටම දුම්රිය මාර්ගය තිබුණා.

Praසන්ன said...

දිනනං වැරදී වගේ. අනූ ගණං වලනං ඔය කෝච්චිය දිවුවෙ නෑ.

විචාරක Wicharaka said...

වරදුනානේ 1973දි නේ අවිස්සාවේල්ල දක්වා සීමා කරලා තියෙන්නේ.

මේ තියෙන්නේ කතන්දරේ

https://en.wikipedia.org/wiki/Kelani_Valley_Line