පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, September 01, 2013

පොලොන්නරුව ඉතිහාසයෙන් .




ශත වර්ෂ හතක් නිදිගත් වනව සිටි පොලොන්නරුව පිබිදීමට පටන්ගත්තේ බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් භාගයේදී ය. ්‍රිතාන්‍යයන් විසින් වනාන්තරයට යටවී තනිවු අපේ උරුමය  නැවත එලි පෙහෙලි කරමින් ඇරඹු  සංවර්ධණය  අග්‍රාමත්‍යය  ඩී.එස් සේනානායක මැතිදුන්ගේ නව ගොවි ජනපද ව්‍යාපාරයන් සමග  නිල්ල පිරුණු  ගොවි ජනපදයක් බවට පොලොන්නරුව පත්විය.

අතීත පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් අපට ඉතිරි කළ පුලතිසි පුරවරය ලෙස හැදුන්වු පොළොන්නරුව වර්තමානයේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් ක‍ර ඇති,  අපේ අතීත සෞභාග්‍ය ලෝකයට කියා පාන භුමියකි. .

පොලොන්නරු පූජා භූමිය   වෙන්වත් වානිජ නගරයක් ලෙස  කදුරුවෙල නව නගරයක් ලෙස බිහිවී තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය , බස් නැවතුම් පොල සහ ව්‍යාපාරික ස්ථාන නව පොළොන්නරු නගරය  වන කදුරුවෙල  පිහිටා ඇත.

පැරණි අනුරාධපුරයේ මෙන් පොලොන්නරුවේ  පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැති බව අපට නිරීක්‍ෂනය වන්නකි
.
ඓතිහාසික පොළොන්නරුව නගරයක් ලෙස නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු ඉදිකල විජිතපුරය ඓතිහාසික පොළොන්නරුව බව එක් මතයකි. දුටුගැමුණු රජු විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි
දුටුගැමුණු රජතුමා අනුරපුරය ආක්‍රමණ කරද්දී කන්දවාරපිට්ඨි නම් තැනක කඳවුර ලා ගත් බවත් එය පොළොන්නරුව බවටත් මතයක් ද පවතී. එසේම 1 උපතිස්ස රජ දවස පුලස්තිපුර වැවක් කරවූ බව ඇති සෙල්ලිපියක් හමුව ඇත. ඒ හැරුණු කොට 4 අග්බෝ, 7 අග්බෝ, 2 සේන, 5 සේන රජවරුන් පොළොන්නරුව අගනුවර කරගෙන රජකම් කර ඇත.

පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.

්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් මෙරට පාලනය කරනු ලැබු මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් එතුමන් රට පාලනය කළ බව සදහන්වේ.එකළ රාමඤ්ඤ පුරය, පඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේ ඉදිකරවන ලද ගොඩනැගිළිය.

වර්ෂ 1197 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු බොහෝ වෙහෙර විහාර කරවා ප්‍රතිසංස්කරණය කල බව ඉතිහාසයයේ සදහන්වේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇති බවට සාධක පොත පතෙහි සදහන්වේ. .පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ පළමුවැනි උපතිස්ස රජු ක්‍රීස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැවබැන්දවු බව සදහන් කරයි . ්‍රිස්තු වර්ෂ 633 දී තුන්වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ.

රජවරුන් පහළොස් දෙනෙක් සහ ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය කළ පොළොන්නරු රාජධානිය සොළි ආක්‍රමණයෙන් බිඳවැටේ.

ඉන් පසු කාලිංග මාඝ නම්වු සොළි රජු ගේ පාලනය ඇරඹේ. මෙකළ ඇතිවු හින්දු සංස්කෘතිකමය ආභාෂයන් ශිව දේවාල, පොලොන්නරුවේ සදකඩපහන ආදී නිර්මාණවලින් හදුනාගත හැකිවේ. සටහන්වේ.
නැවත දෙවැනි පරාක්‍රමබාහු කාලිංඝ මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය.
ඉතිහාසය පොළොන්නරු යුගය අවසන් කරන්නේ තුන්වැනි පරාක්‍රමබාහු රජතුමාගෙනි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රට පාලනය ගෙන ගියේය.


  පොලොන්නරු යුගයේ පාලනය කල රජවරුන්ගේ  රාජ්‍ය පාලන  කාලයන්.
• 1017 දී අනුරාධපුර රාජධාණිය බිද වැටුනේ යයි සදහන්
පස්වෙනි මහින්ද (මිහිදු) 982-1029
හතරවන කස්සප 1029-1040
මහලාන කිත්ති 1040-1042
වික්‍රම පණ්ඩු 1042-1043
ජගතිපාල (ජගත්පාල) 1043-1046
පරාක්‍රම පණ්ඩු 1046-1048
ලෝක (ලෝකිස්සර ,ලෝකේශ්වර ) 1048-1054
හත්වන කස්සප 1054-1055
පලමුවන විජයබාහු(විජය-බා) 1055 -1110
පලමුවන ජයබාහු 1110 – 1111
පලමුවන වික්‍රමබාහු 1111 – 1132
දෙවන ගජබාහු 1132 – 1153
පලමුවන පරාක්‍රමබාහු (පැරකුම්බා) 1153 – 1186
දෙවන විජයබාහු 1186- 1187
නිශ්ශංකමල්ල 1187 – 1196
දෙවන වික්‍රමබාහු 1196 – ——
චෝඩගංග 1196 – 1197
ලීලාවතී රැජිණ 1197 – 1200
සහස්සමල්ල 1200 – 1202
කල්‍යාණවතී රැජිණ 1202 – 1208
ධර්මාශෝක 1208 – 1209
අනිකංග මහාදිපාද 1209———
ලීලාවතී රැජිණ (දෙවන රාජ්‍ය කාලය ) 1209 – 1210
ලෝකේශ්වර 1210 – 1211
ලීලාවතී රැජිණ (තුන්වන රාජ්‍ය කාලය) 1211 – 1212
පරාක්‍රම පණ්ඩු 1212 – 1215
මාඝ ( කාලිංග විජයබාහු) 1215 – 1236
තුන්වන විජයබාහු 1232 – 1236 ( දඹදෙණිය රජ කලේය)
දෙවන පරාක්‍රමබාහු (පන්ඩිත දෙවන පරාක්‍රමබාහු) 1236 -1270
හතරවන විජයබාහු (බොසත් විජයබා) 1270 – 1272
බුවනෙකබාහු 1272 – 1284 (දඹදෙණිය සහ යාපහුව රාජධාණි )




මෙම වියමන මවිසින් KADULLA.WORDPRESS.COM  වෙත ලියන ලද්දකි.


notes of imaginary

1 comment:

Anonymous said...

It is perfect time to make some plans for the future and it's time to be happy.
I have read this post and if I could I want to suggest you
some interesting things or advice. Perhaps you could write next articles referring to this article.

I desire to read even more things about it!