Sunday, August 04, 2013

හිට්ලර් සහ සාමාන්‍ය පෙල.

එන අවුරුද්දේ සාමාන්‍ය පෙල විභාගයට සැරසෙන අපේ දියණියකට විවේක නැත. ඈගේ දවස එක පංතියක් කෙළවර වන විට තවත් පංතියක් පටන් ගැණිමෙන් දියවෙන්නේය.
අද උදේ ඈ ඇඩෝල්ෆ් හිට්ලර් යනු කවරකේදැයි මගෙන් විමසුවාය.  මෙතරම් ජනප්‍රිය චරිතයක් ඈ නොහදුනන්නේය.
ඇයි පංතිවලදී දැන ගන්නට ලැබුනේ නැද්ද ?  මම අතුරු ප්‍රශ්ණයකට පැමිණියේය. ඇය සිලබස්වල නැතිව ඇති !. මට උත්තර බැන්දාය. 

සතියේ දිනවල ඇ හට විවේක ඇත්තේ  පස්වරු හයයි තිහේ සිට හතයි තිහ දක්වා පමනක් යයි මට සිතුනේය. ඒ වෙලාවට ඈ දකින්නට ගියොත් නයෙක් මෙන් පිඹ විරෝධතාවය පල කරන බැවින් ඈ මුණ ගැසීමට යාමට මීදුම උවමනාවෙන්ම මග හැරියේය. මේ වෙලාට මව මිත්තණිය සහ ඈ අභීත කතා නැරඹීමට කාලය වෙන් කර ගෙන තිබුනේය. 
අම්මාත් මිත්තණියත් ඈ සමග අබීත කතා බලන නිසාදෝ   මේ විවේකය ඈ හට ලැබී   - පැය එක හමාරේ විවේකයට තහංචි නොතිබුනා විය හැක.
මීදුම මේ විරාමයට කඩුල්ල දැමීමට අකමැත්තෙන් පස්වරු හයයි තිහේ සිට හතයි තිහ දක්වා ඇ මග හැරිමට පුරුදු විය.

හිට්ලර් මිය යන විට මීදුම උපත ලබා තිබුනේ නැත. නිදහස ලැබුවායි කියන 1948 පෙබරවාරි 04 වෙනිදා පසුවන තෙක් බලා ඉද මීදුම නිදහස් ශ්‍රී ලංකාවේ උපත ලබන්නට හිමි කම් කිව්වේය.
හිට්ලර් ගැන හිට්ලර්ගේ පීඩනයේ  තරම ගැන මීදුම ඇ‍ගට  දැණුන අත්දැකීම් නැත.   මේ කතාවට  පසු කාලයේදී කියවන ලද  ලිපි ලේඛණ වලින් මතකයේ අසුරන ලද තොරතුරු මිස හැගීම් එක්ව නැත. දෙවන ලොක යුද්ධය අපේ රටටද දැනුන යුද්ධයක්වු අතර අපේ කාලේ වැඩිහිටියන් ඔවුන් ලැබු පිඩනය එදා පුංචි අපට කියා දුන්නේ නැවත යුද්ධයක් ඇති නොවේ යයි ප්‍රාර්ථණයද එක්කරගෙනය.

ඔස්ට්‍රියාව හා ජර්මනිය අතර පිහිටි කුඩා ගම්මානයක් වූ බ්‍රෝනාව 1889 අප්‍රේල් මස 20 වන දා හිට්ලර්ට මෙලොව එලිය දකින්නට තිඹිරි ගෙය විය. ඔහුගේ පියා ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ ඇලෝයිස්  ශිකල්ගෲබර් නම් විය මව ගහෘණියකවු ක්ලේරා පෝල්සල් නම් වුවාය. හිට්ලර් උපදින විට මව අවුරුදු විසි පහක පමන කාන්තාවකවු අතර පියා හට අවුරුදු පනස් හතරක් පමණ වී ඇත.
 1945 අප්‍රේල් 29 දින  ඇඩෝල්ප් හිට්ලර් සියදිවි නසා ගත්තේය.එතනින් ඔහු ගැන කියවීම අවසන් කරගත හැකි නම් කොරම් හොදදැයි හිට්ලර්ගේ කෲරකම් ගැන අසන විට කියවන විට අපට සිතෙන්නේය.

මේ වියමන යොමුවන්නේ  ඔහුගේ ජීවිතයේ සියදිවි නසා ගැණිම දක්වා ජීවදත්ත  තොරතුරු අද උදේ මීදුම ප්‍රශ්ණ කල දියණිය වෙත උත්තර බැදීමටය.

ඔහුගේ පියා ඇලෝයිස්ගේ  පළමු බිරිය වූ ඇනා ග්ලසල් රෝගී ව සිට මිය ගියා ය. ඉන්පසු ඔහු විවාහ වූයේ ඒ වනවිටත් ඔහුට දාව දරුවකු ලබා සිටි ෆ්‍රන්සිස්කා මත්සෙල්බර්ගර් සමඟ ය. ඇය ද ක්ෂය රෝගය වැළඳී මිය ගියා ය. ඉන් පසු සිය නෑනා වූ, ඔහුට වඩා විසිතුන් වසරක් බාල ක්ලේරා පෝල්සල් හා විවාහ විය. ඇඩොල්ෆ් හිට්ලර් ගේ ද මව වූ ඇය ඇලොයිස්ට දාව ගුස්ටාව්, අයිඩා, ඇඩොල්ෆ්, එඩ්මන්ඩ් හා පෝලා නමින් දරුවන් පස් දෙනෙකු ම බිහි කළා ය..ඉන් තිදෙනෙකු ම මිය ගියේය.  ඇඩොල්ෆ් හා ඔහුගේ නැඟණිය වූ පෝලා පමණක් ඉතිරිවිය.

1895 ඇඩොල්ෆ් හය හැවිරිදි ව  සිටිය දී, නිසි කාලය එළඹීමටත් කලින් 58 හැවිරිදි පියා රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. 1903 ජනවාරි  03 දා 65 හැවිරිදි ඇලොයිස් හදිසියේ මිය ගියේය'

 චිත්‍ර ශිල්පියකු වීමට ඇඩොල්ෆ් තුළ තිබූ කැමැත්ත  මගහරවමින් දැඩි ආගමික භක්තියෙන් යුක්ත වූ ඔහුගේ මව තම පුත්‍රයා ලම්බාක්හි ආගමික පාසලකට යැව්වේ ඇඩොල්ෆ් පූජකයකු වනු දැකීමටය. එහෙත් එවැනි ආකල්පයක් ඇඩොල්ෆ් තුළ නොවී ය.

හිට්ලර් 1914 අගෝස්තු මස යුද්ධය ආරම්භ වූ පසු බැව්රියාවේ රජුට  ලිපියක් යවමින් ඔහුට හමුදාවෙහි සේවය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේ ය.  බෙහෙවින් ශිෂ්‍ය ස්වේච්ඡා භටයන්ගෙන් සමන්විත වූ 16 වැනි බැවේරියානු පාබල හමුදාවට ඔහු බඳවා ගනු ලැබීය. 1916 වනතුරු හිට්ලර් හමුදා පණිවුඩකරුවකු ලෙස සේවය කළ අතර පසුව පණිවුඩ  යවන්නකු ලෙස කටයුතු කළේ ය.
සිව් වසරක් තුළ ඔහු සටන් 47 කට සහභාගි විය.
මේවායින් වැඩි ප්‍රමාණයක් දරුණු සටන් විය. දෙවරක් ම ඔහු තුවාල ලැබී ය. 1914 දී ඔහු තම පළමු වන පදක්කම වන  යකඩ කුරුසය (දෙවැනි පන්තිය) දිනා ගත්තේ ය. ඉන්පසු ජර්මන් අධිරාජ්‍යවාදී හමුදාවේ සාමාන්‍ය සෙබළෙකුට ලැබිය හැකි දුලබ සම්මානයක් වූ යකඩ කුරුසය (පළමු පන්තිය) 1918 අගෝස්තු 4 දා ඔහුට හිමි විය.
ලාන්ස් කෝප්රල් නිලයෙන් ඔබ්බට හිට්ලර් කිසි දිනෙක උසස්  වීමට නම් නොහැකිවිය.

හිට්ලර්‍ ගේ දේශපාලනය.

පළමුවන ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත පරාජයක් ලැබීමෙන් පසු හිට්ලර් යළි මියුනික් බලා ආවේ ය. ජර්මනියේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා වියෙමාර් ජනරජයේ නැඟීමෙන් කුපිත වූ හෙතෙම වර්සේල්ස් ගිවිසුමට හා නව ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට දේශපාලනයට පිවිසියේ ය.
තම පැරණි රෙජිමේන්තුවේ රාජකාරි ලේඛනයට ඇතුළත්ව සිටි ඔහුට දේශපාලන පක්ෂ ගැන ඔත්තු බැලීමේ කාර්යය පැවරිණි. ජර්මානු කම්කරු පක්ෂයේ ජාතිකවාදී ප්‍රවීණයන්ගෙන් යුත් සුළු කණ්ඩායමක් ගැන සොයා බැලීමට 1919 සැප්තැම්බර් මාසයේ දී ඔහුට අණ ලැබිණි.
ජර්මානු කම්කරු පක්ෂයට කිසිදු වැඩ පිළිවෙළක් හා ක්‍රියාත්මක සැලැස්මක් නොවන බව හිට්ලර් අවබෝධ කරගත්තේය.  (එය රජයට එරෙහි වූවක් පක්‍ෂයක් පමණක් විය) පක්ෂ භාණ්ඩාගාරයේ මුළු වත්කම ඩොලර් දෙකක් පමණක් විය.

ඔහුගේ අදහස් හා සමාන වූ බැවින් පක්ෂයේ නිශ්චිත මතවාද කීපයක් බෙහෙවින් ඔහු සිත් ගත්තේ ය. ඔත්තු බැලීම පසෙක තබා ඔහු එම පක්ෂයේ අංක 55 හිමි සාමාජිකයා ලෙස පක්ෂයට එකතු වූයේ ය. පසුව එම පක්ෂයේ විධායක කමිටුවේ හත්වැනියා ලෙස ඔහු පත් විය. දේශපාලන උද්ඝෝෂණ හා සංවිධාන කටයුතු පිළිබඳ ව තමා සතු හැකියාව යෙදවිය හැකි සුදුසු ම ස්ථානය, අවසානයේ දී ඔහුට හමු වී තිබිණි.

දෙවරකදී හිට්ලර් මේ කුඩා පක්ෂයේ නායකත්වය කරා ළඟා වූයේ ය. එහි නම ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය.( National Socialist German Workers' Party  ( ජර්මානූ : National sozialistische Deutsche Arbeiterpartei )  ලෙස ඔහු වෙනස් කළේ ය .
නට්සි natze  යන වචනය ද  ( ජර්මානූ : National sozialistische Deutsche Arbeiterpartei )) යන්නේ මුලකුරුවලින් සැදුනක් විය.

ඒ වනවිට ජර්මණියේ පැවති ආර්ථිකමය වශයෙන් රටේ කලකිරීමේ  තත්ත්වය  ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂයට වාසිදායක විය. 1920 පෙබරවාරි 24 දා ප්‍රකාශයට පත් කළ කරුණු 25 කින් යුත් ඔහුගේ චින්තනයේ සෙමිටික් විරෝධය, අන්ත ජාති මමත්වය, ආර්යයන් ගේ වාර්ගික  ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සංකල්පය, මධ්‍යස්ථ, (ලිබරල්) ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති පිළිකුල හා නායකත්වයේ මූලධර්මය වැනි දෑ  අඩංගු විය.වියනාවේ සිටිය දී හිට්ලර් තුළට කා වැඳී තිබූ අදහස්  මේ මගින් අවධාරණය කළේ ය.

වර්තමාන  දේශපාලන චින්තනයන් පරිද්දෙන්ම හිට්ලර්ගේ බොහෝ අදහස් නව සංකල්ප නොවී ය.  අප මැතිවරණ සමයන්හීදි දකින ඉදිරි වැඩ පිලිවෙලවල් ( ඒ ඒ දේශපාලන පක්‍ෂවල චින්තනයන් ) මෙන්ම ඔහු ඒවා අසාමාන්‍ය අලංකාරණයකින් හා ව්‍යක්ත බවින් වර්ණවත් කළේ ය. නට්සි පක්ෂයට ස්වස්තික සංකේතය මෙන් ම ආචාර කිරීමේ නව ක්‍රමය ද ඔහු නිර්මාණය කළේ ය. ඒවාද  පැරණි වාර්ගික කණ්ඩායම්වලින් ණයට ගත් ඒවා විය.

ඔහුගේ රැස්වීම්වල ආරක්ෂාව සඳහා කුණාටු බලඇණිය නම් දුඹුරු කමිස හමුදාවක් නිර්මාණය කළේ ය. ඔහු තමාගේ පෞද්ගලික ආරක්ෂක හමුදාවක් ලෙස දැඩි විනයකින් යුත් කළු කමිසධාරි (ss)  ආරක්ෂක බලඇණිය නමින් දෙවන ඒකකයක් ද නිර්මාණය කළේ ය. එම බලඇණිය දිවි හිමියෙන් තම නායකයා රැකීමට ප්‍රතිඥා දී තිබිණි.

Ø  1923 නොවැම්බර් 8 දා මියුනිච්හි පැවති බීරහල් කුමන්ත්‍රණයේදී අත්අඩංගුවට පත් හිට්ලර් 1924 පෙබරවාරි 26 දා රාජද්‍රෝහිවීමේ චෝදනාව යටතේ අධිකරණය ඉදිරියට පමුණුවන ලදී. මෙහි දී මෙම නඩු විභාගය තම ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට හිට්ලර් සමත් වූයේ ය.නඩු විභාගයෙන් හිට්ලර් ට පස් අවුරුදු සිර දඬුවමක් නියම විය.
Ø  නඩුවේ දී ඔහු ඊට මුහුණ දුන් විලාසය ජර්මන් ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති කිරීමට හේතු වූයෙන් ජනතාව ඔහු ජාතික වීරයකු කොට සලකන්නට පටන් ගත්හ. පසුකලෙක නට්සි ව්‍යාපාරයේ දේශපාලන බයිබලය බවට පත් මගේ සටන(Mein Kampf) හි පළමු වෙළුම, සිය සගයා වූ රුඩොල්ෆ් හෙස්ට ලිවීම සඳහා කියවන ලද්දේ ලෑන්ඩ්ස්බර්ග් සිරගෙදරදී ය.
Ø  1930 වනවිට නට්සි ව්‍යාපාරයේ  අවිවාදාත්මක ව පිළිගත් නායකයා ඔහු විය. 1928 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී  කොමියුනිස්ට්වාදීන් ලබාගත් ආසන 54 කට එරෙහි ව නට්සි පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 12 ක් පමණි.
Ø  1930 මැතිවරණයේදී NSDAP ය ඡන්ද 60 ලක්ෂයක් පමණ දිනා ගනිමින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට (රයිෂ්ටාගයට) ජනතා නියෝජිතයන් 107 ක් යැවීමට සමත් විය. එමඟින් එය රටේ දෙවන ප්‍රධාන පක්ෂය බවට ද පත් විය. මෙහි දී කොමියුනිස්ට්වාදී නියෝජිතයන් 77 දක්වා ඉහළ නැංගේ ය.
Ø  1932 ජූලි මස පැවති මහා    මැතිවරණයේදී නට්සි පක්ෂය රයිෂ්ටාගයේ ආසන 230 දිනා ගනිමින් ජර්මනියේ ප්‍රබල ම දේශපාලන පක්ෂය බවට පත් විය.
Ø  1933 ජනවාරි 30 දා ෆොන් හින්ඩර්බර්ග් දැඩි නොකැමැත්තෙන් වුව සභාග යේ    ඇමැති  මණ්ඩලයක් සහිත ව හිට්ලර් ජර්මන් චාන්සලර් ලෙස නම් කළ අතර ඔහුට අසාමාන්‍ය ලෙස බලතල ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය.

හිට්ලර් තම සහායකයන් ගැන දැඩි සෙවිල්ලෙන් සිටි අතර කිසිදු පෞද්ගලික සංවිධානයකට ඔහුගේ බලයට අභියෝග කිරීමට තරම් වන ශක්තියක් ඇති නො වීමට වග බලා ගත්තේ ය. සමස්ත ජර්මානු රාජ්‍යය ම දැවැන්ත සිරකඳවුරක් බවට පත් විය.  
නට්සි රහස් පොලිසිය (Gestapo) මැදියම් රැයේ නිවාසවලට කඩා පැන මිනිසුන් අත්අඩංගුවට ගන්නට වූහ.
මහා පරිමාන වධකාගාරයක්

ලෝකයේ  බලවත් නායකයාවීමේ සිහිනය දෙසට
ත්‍රස්තවාදයෙන් ජර්මනිය තුළ සිය නායකත්වය වර්ධනය කරගත් හිට්ලර් මගේ සටන කෘතියෙන් දැක්වුණු ඔහුගේ අරමුණු සපුරා ගනිමින් යුරෝපය පුරා ජර්මන් බලය ව්‍යාප්ත කිරීම ඇරඹුවේ ය. ඔහුගේ මුල් ම අවධානය යොමු වුණේ රට යළි සන්නද්ධ කිරීමට ය.
 1937 අවසාන වනවිට හිට්ලර්ගේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්තිය මුළුමනින් ම ක්‍රියාත්මක වෙමින් පැවතිණි. පෝලන්තය, හිටිලර්ගේ මීළඟ ගොදුර බවට පත්වෙමින් තිබුණේ ය. 1939 සැප්තැම්බර් 1 දා ජර්මානු හමුදා පෝලන්තය ආක්‍රමණය කලේය.

වසර පහමාරක් තිස්සේ ඇවිළුණු  මිලියන 55 කට අධික ජනතාවකට මරු කැඳවූ, දෙවන ලෝක යුද්ධය ආරම්භ විය.
ඔහු බොහෝ රටවල් තම රාජ්‍යයට ඈදා ගත්තේ ය.
1942  වසර උදාවත් ම සියල්ල ආපසු හැරී නැවත ගමන් කිරීම ඇරඹෙන්නට විය. මිත්‍ර හමුදා විසින් හිට්ලර් පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුම අරඹා තිබිණි. හිට්ලර්ගේ කීර්තිමත් කාලය කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් තිබුණේ ය.

යුද්ධයෙන් පරාජය වූ හිට්ලර් ඔහුගේ මූලස්ථානය බර්ලිනයට ගෙන ගියේ ය. එහි චාන්සලර් මන්දිර භූමියේ තැනූ භූගත බංකරයට වී සිය අවසන් දින කිහිපය ගත කළේ ය. 1945 අප්‍රේල් වන විට මිත්‍ර හමුදා බර්ලිනය වටකොට ගත්තේය. දවසින් දවස හිට්ලර්ගේ ආයුකාලය කෙටි විය.
මිත්‍ර හමුදාවන්ට අසුවීම බියකරු ප්‍රතිඵලයක් යයි නිගමනයට පත් ‍මේ මහ මිණිමරුවා (හිට්ලර්) 1945 අප්‍රේල් 29 දින උදයේ ඔහුගේ අනියම් බිරිය වී සිටි ඊවා බ්‍රොන්  නීත්‍යාණුකූලව විවාහ කර ගත්තේ ය. ඒ සමඟ ම තම අන්තිම කැමැති පත්‍රය හා දේශපාලන අන්තිම කැමැති පත්‍රය ලියා ගැනීම සඳහා කියැවී ය.

පසුදින තම කුටියට වැදුණු හිට්ලර් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගත් අතර ඊවා බ්‍රොන් ද වස පානය කොට දිවියෙන් සමුගත්තා ය. හිට්ලර්ගේ උපදෙස් අනුව මළ සිරුරු දෙක ම චාන්සලරි උයනේ පිහිටි වළකට ඇද දමා ඉන්ධන වත්කොට ගිනි තබන ලද්දේය.




මගේ සටන (Mein Kampf)  නම් සිහිනයෙන් අපේ  ලෝකය  නිදහස් විය. 



notes of imaginary

7 comments:

Naleen Dilruksha said...

කාලීන ලිපියක් ලියනගම.

Lionel Liyanagamage said...

ස්තුතියි.

Anonymous said...

Hitler dan lankawe sitee.

රංගන said...

ඉතාමත් වැදගත් ලිපියක්. බොහෝ අය හිට්ලර් වර්ණනා කරනවා ඔහු කල විප්ලවීය වෙනස්කම් නිසා. (නමුත් ඇත්තෙන්ම ඔහු පැසිස්ට්වාදී නරුමයෙක්, මිලියන ගණනක් මිනිස්සු මරපු, තවත් මිලියන ගණනක් අනාත කරපු). ගොඩක් තරුණ අය ඉතිහාසය නොදෙනයි වැරදි පාරවල් වල යන්නේ. ජර්මනියේ සැම රූපවාහිනී නාලිකාවකම පාහේ දෙවන ලෝක යුද්දය ගැන වාර්තා වැඩසටහන් සතියකට යම්කිසි අවම පැය පෙන්විය යුතුය කියල සම්මත කරලා තියෙනවා. මේ නිසා තරුණ ළමයි ඒ ගැන දැනුවත්.

Damith Tharanga said...

දියණියට ස්තුතිවක්ත වෙන්න ඔබ බොහොම හරවත් ලිපියක් පල කරලා තියෙනවා වෙනද වගේම. ස්තුතියි තොරතුරුවලින් නොදන්න කරුණු රැසක් දැනගත්තා.

kkroxc said...

හිට්ලර් ගැන ගොඩක් දෙනා දැනගන්නේ බටහිර මාධ්‍ය මගින් එව්වා ඔවුනට ඕනි පරිදි ලියවෙච්ච එව්වා එකල ආර්යයන් යටපත් කරගෙන ජර්මනිය තුල හිස එසෙව්ව යුදෙව්වන්ගෙන් ජර්මනිය නැවත ආර්යන්ට ලබාදුන්නේ හිට්ලර් එක නිසයි ඔහුට විශාල ජන ප්‍රසාදයක් ලැබෙන්නේ ඒ වගේම ඔහු යටතේ තිබ්බ ජර්මනිය තාක්ෂනය අතින් සහා කලාව අතින් සැහෙන්න දියුණු වුනා අද අපි බාවිතා කරන උපකරණ වලින් බාගයක් විතරම ජර්මානු කාර්ක්මික දැනුමට පින්සිද්ධ වෙන්න බිහිවුන එව්වා.හොදම උදාහරණය රුසියානු සෙබළුන් ජර්මානු නිවෙස් වල තිබුණු තාක්ෂනය දැකලා පුදම වුනා කියනවනේ

Lionel Liyanagamage said...


Hitler dan lankawe sitee.

මම නම් පිලිගන්නේ නෑ.