Wednesday, February 25, 2009

භාවනාව වර්තමානයේදී

භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්‍රකාශිතව පවතී. අධ්‍යාපනික කටයුතු ඉහල මට්ටමට ගිය විශ්‍රාමික බොහෝ දෙනා බුද්ධ ධර්මය යිළිබද පොත පත පරිශීලනය කිරිමට වැඩි නැඹුරු තාවයක් දක්වන බවක් සම්ප්‍රදායික පන්සල් විහාරස්ථාන වලින් බැහැරව ඇතිවී ඇති භාවනා මධ්‍යස්ථානවලට වඩාත් යොමුවන බවක් දක්නට ලැබේ.
මා බෞද්ධයෙකු වුවත් ගැඹුරින් බුද්ධ ධර්මය හැදෑරුවෙක් නොවෙමි. සෝවාන් ,සකෘදාගාමි අනාගාමි රහත් යයි මාර්ග ඵල හතරක් පිළිබදව පොත පතින් ඉගන තිබේ.අනුරාධපුර යුගයේ ද රහතුන් වහන්සේලා වැඩ සිටි බවක් ද ඉතිහාසය කියවන විට හමුවේ. මාර්ග ඵලයක් ලබා ගැණීමට අපමණ වීර්ය (වෙහෙස) දැරිය යුතු බවත් බුද්ධාගම පොත් පත්වල සදහන් වේ. මමත් එලෙස සිතමි.
මාර්ග ඵල වර්තමානයේ හෑල්ලුවෙන තරම මට නම් විමතියකි. මාර්ග ඵල යන්න විශ්ව විද්‍යාල වලන් පිරිනමන BA,MA PHd Bsc. වැනි උපාධි දැයි විමසුවොත් එයත් පුදුමයට කරුණක් නොවේ. භාවනා පංති පැවත්වේ. සහතික පත්ද ප්‍රධානය වේ. ඒවාට යන අය සෝවාන්වේ අනාගාමි වේ.(අනා -ගමි නොවේ.)
පසුගිය දිනක මාර්ග ඵල ලාභි මගේ මිත්‍රයෙකු මුන ගැසිනි . රජයේ ඉහල නිලයක් දැරූ ඔහු සේවයෙන් විශ්‍රාම ගෙන දූ දරුවන්ගෙන් නිදහස්ව පූර්ණ කාලිනව බුද්ධ ධර්මය හදාරමින් භාවනා මධ්‍යස්ථානයක භාවනායෝගීව දවස ගෙවයි.ඔහුගේ වර්තමාන ජීවිතය මට නම් මහත්ම පෙරළියකි.රාජ්‍ය සේවය කල යුගයේ වර්තමානයේ මෙන් ජීවන රටාව ගොඩ නැගී තිබුනානම් යහපත් රාජ්‍ය සේවයකුත් සේවයේ පිනින් කියන මාර්ග ඵල ලබන්නට එකල ඹහුට තිබිනි.අපා ගත වන සේවයක යෙදුන ඔහු අද සිල් රකී.ඒ මදිවට මාර්ග ඵලයකට පත්ව ඇති බව ප්‍රචලිත කරයි.
බුදුරජානන් වහන්සේ දාර්ශනිකයෙකි. යහමග යන්නට මග පෙන්වු උත්තමයෙකි.වර්තමානයේ විද්‍යාත්මකව තහවුරු කරගන්නා බොහෝ දේ අතීතයේදි දේශනාකල විද්වතෙකි.
අපි පන්සිල් පද පහ සලකා බලමු .සතුන් නොමරන්ටත්,සොරකම් නොකරන්ටත්, බොරු නොකියන්ටත් කාමයේ වරදවා නොහැසිරෙන්ටත් මත්පැන් පානය නොකරන්ටත් පන්සිල් පද පහෙන් පොරොන්දු කර ගනී.මේ සරල ශීලය රැකීමෙන් පමනක් සියළු දුෂ්චරිතයන්ගෙන් මිදුන ජීවිතයක් ගොඩනගා ගත හැකියයි මම සිතමි.සතුන් යනු සිව්පාවුන් පක්ෂීතන් දිය ගොඩ ජීවත්වන නානාවිධ උරගයින් මසුන් පමනක් නොවේ. මිනිසුන්ද අයත්වේ.කාමයේ වරදවා හැසිරීම ස්ත්‍රී පුරුෂ යම් යම් චර්යාවන්ට පමනක් ලඝු කොට සිතිය යුතු නොවේ. මත්පැන් පානය කිරීමේ ආදීනව අමුතුවෙන් කිවයුතු නොවේ සම්මත රටාවන්ගෙන් බැහැර වීමෙන් කොයි තරම් අසහනයන් ජීවිත තුල ඇතිවන්නේද යන්න අපිට අත්දැකීම් පරිසරයෙන් කොයිතරම් ලැබී ඇත්ද ?.මම වියමන් කලේ වර්තමානයේ භාවනාව ගැන උවත් පන්සිල් ගැන සදහන් කලේ පන්සිල් රැකීමවුවත් ජීවිතයේ සැනසිල්ලට හේතුවක් වන බැව් දක්වන්නටයි.
අත්දැකීම් ඇත්තෝ වෙත්නම් භාවනාව ගැන අදහස් පලකරත්වා මගේ ආරධනාවයි.

6 comments:

මකබාස් said...

--"බුදුරජානන් වහන්සේ දාර්ශනිකයෙකි. යහමග යන්නට මග පෙන්වු උත්තමයෙකි.වර්තමානයේ විද්‍යාත්මකව තහවුරු කරගන්නා බොහෝ දේ අතීතයේදි දේශනාකල විද්වතෙකි."--

ආ හොඳයි. එතකොට බුදු හාමුදුරුවෝ දේශනා කලේ මොන මොන විද්යාවල්ද? ආකිමිඩිස් නියමයද, සාමාන්‍ය සාපේක්ෂතාවාදයද??

--"සම්මත රටාවන්ගෙන් බැහැර වීමෙන් කොයි තරම් අසහනයන් ජීවිත තුල ඇතිවන්නේද යන්න අපිට අත්දැකීම් පරිසරයෙන් කොයිතරම් ලැබී ඇත්ද ?."--

දැන් ඔය සම්මත රටාවල් අනුගමනය කරන අය ඉන්නෙ අසහනයෙන් නෙවේද?

෴බින්කු෴ said...

ඔබ මෙහිදි මතු කරන කාරණා වැදගත්ය. නමුත් සෝවොන් වුවෙක් එසේ වු කල්හී අනෙක් අයට තමා එසේ වු බව නොකියත්. ඒ බව බුදුන් වහන්සේ වදාල සේක. මාර්ග ඵල ගැන ඔබ සදහන් කරන උපාධි සිදුවිම මම නොදත්තේමි. නමුත් එසේ නම් එයත් මුදල උදෙසා කෙරෙන්නේක් විය හැකිය. පන්සීල් රැකිම තම ජිවිතයේ අධ්‍යාත්මක දියුණුව උදෙසා උපකාරි වන අතර බුදු දහමේ හරයන් පිලිපැදිමේදි පන්සිල් රැකිම වැදගත් වෙයි. භාවනාව වු කල්හි සිත දියුණු කිරිමත් සිත එකාකාරිව සන්සුන්ව තබා ගැනිමට උපකාරි වන්නෙක් බැවින් එයද වැදගත් වනු ඇත. ඒ සදහා පන්ති වලට සහභාගි විම අවශ්‍ය නැති බව මගේ විශ්වාසයයි.

෴බින්කු෴ said...

@මකබාස්:
"දැන් ඔය සම්මත රටාවල් අනුගමනය කරන අය ඉන්නෙ අසහනයෙන් නෙවේද?"

එසේ වෙන්නේ වැරදි ක්‍රම මගින් හා ව්‍යාජව කරන නිසාවෙනි.

H said...

භාවනාව හැමෝටම හරියන එකක් නෙවෙයි. අනික භාවනා කරනව කියල ඇස් පියාගෙන හුස්ම ඇල්ලුව කියල තේරෙන දෙයක් නෑ. ලෝකයේ තියෙන බොහොමයක් දේවල් පියවි මනසින් හිතන්න අමාරුයි. මොකද හැම වෙලේම මනස එහෙ මෙහෙ යන නිසා යමක් ගැන එක එල්ලේ හිතන්න අමාරුයි. ඒ වෙනුවෙන් හිත එකඟ කර ගැනීමේ පුහුණුවක් තමයි භාවනාව කියන්නේ. ඔයා බස් එකේ යද්දි වුණත් ඕන නම් භාවනා කරන්න පුළුවන්. යම් වැඩක් කරද්දි ඒකට මුළු අවධානෙම යොමු වෙනකොටත් භාවනාවක් වගේ තමයි.

භාවනාවෙන් හෝ මොකක් හරි එකකින් හිත කියන දේ තමන්ට ටිකක් හරි නතු කරගන්න පුළුවන් වුනොත් බාහිර උදව් වලින් තොරව දේවල් ගැන හිතල තේරුම් ගන්න පුළුවන්. ඕකෙ කෙලවරකට ගියාම කෙනෙක් හැරෙද්දිම තේරෙනවා ඒ ගැන. ඒකෙ විවිධ මට්ටම් ගැන වෙන්න ඇති ඔය නම් වලින් හඳුන්වන්නේ.

මේ මට හිතෙන දේ විතරයි.

gihan said...

නමෝ බුද්ධාය෴
පින්වත් මිතුරනි ඔබසියලු දෙනා කෙරෛහි ඉමහත් කරුනාවෙන් කියමි.අප යම්කිසි දෙයක් ගැන හරිහැටි නොදැන කතාකිරිමෙන් අපහට එයද අකුසලයක් බවට පත්වේ. අප මුලින්ම අපගේ සම්බුදු රජානණ් වහන්සේ අවබොද කරදෙය. දෙශනා කරන ලද ධර්මය කුමක්ද කියා හරිහැටි නොදැන කතාකිරිමෙන් අපහට අලභය පිනිසම හෙතුවේ.
බුදු රජුන්ගේ ධර්මයෙ ඇති අකාලික බව නොදැන කතා කරන බාල ප්‍රතක්ජන මිනිසුන් නොවි. ස්‍රතවන් අර්ය්‍යශ්‍රවකයින් වෙමු.http://mahamevnawa.blogspot.com/
http://mahamevna.org/sinhala_index.htm අපහට මේම ලැබී ඇති ලාභය ලභයක් ලෙස දකිමු. ඔබ සියළුදෙනා හට චතුරර්ය්‍ය සත්ය්‍ය ධර්මය ඉක්මනින් අවබෝධ වේවා..!!

මාහට අහබුලෙස හමුවු මෙම බොලොක් කතාබහට comment කරන්න සිතුනේ ඔබ සැම ඉහත කර ඇති වද විවාද කියවිමෙන්ය.

බුදුන්ගේ ධර්මය වාද විවාද වලින් කිසි විටෙක අවබොද කරගත නොහැක.භාවනාව කියනදෙ උතුම් දෙය අප හරි හැටි මුලින් උගනිමු.
එය හරි හැටි උගතහොත් අප සියළුදෙනාට හිත සුව පිනිසම පවති.

මෙය වලිගය පගා කරන කථාවක් ලෙස නොසිතන්න.
ඔබ සැමට තේරුවන් සරණයි..෴

gihan said...

http://www.lakehouse.lk/budusarana/2009/08/20/tmp.asp?ID=vision02