Saturday, September 27, 2008

පෞද්ගලික විශ්ව විද්‍යාල

උසස් පෙලින් සමත්වන 14% ක් විශ්ව විද්යාුල ප්‍රවේශයට තේරෙයි. දළ ජාතික ආදායමෙන්0.5% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරයි. විශ්ව විද්යා‍ල 15 ක් මෙරට ක්‍රියාත්මකවේ. විශ්ව විද්යා‍ල ශිෂ්‍යයෙකු වෙනුවෙන් එක් එක් උපාධියක් වෙනුවෙන් රජය මහජන බදු මුදලින් වැය කරන මුදල පහත වගුව පෙන්වයි.

නීතීඋපාධිය රුපි.02,02,558 .00
ව්‍යාපාර අධ්‍යයනඋපාධිය රුපි.02,88,361 00
කලා /සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර උපාධිය රුපි.04,07,676 00
ගෟහ නිර්මාන උපාධිය රුපි.04,35,382 00
තොරතුරු තාක්‍ෂණ උපාධිය රුපි.05,01,649 00
ජන සන්නිවේදනය සෞන්දර්ය උපාධිය රුපි.05,31,926 00
මිණුම් විද්‍යා උපාධිය රුපි.06,35,043 00
ඉංජිනේරු උපාධිය රුපි.06,58,532 00
විද්‍යා උපාධිය රුපි.06,66,229 00
සත්ව පාලනය ධිවර සහ පෝෂණයවේදී උපාධිය රුපි.09,95,956 00
කෟෂි කර්ම උපාධිය රුපි.11,34,950 00
වෛද්‍ය උපාධිය රුපි.13,26,550 00
පශු වෛද්‍ය උපාධිය රුපි.16,93,242 00
දන්ත වෛද්‍ය උපාධිය රුපි.21,42,110 00

මූලාශ්‍රය 2008.09.21.දින ලංකාදීපය.
අධ්‍යාපනයත් රටේ සංවර්ධණයේම කොටසකි. එහෙයින් මෙම ආයෝජනය පිළිබද විවාදයක් ඇතිවිය යුතු නැත. උසස් පෙලින් සමත්වන 86% ක්වු සිසුන් හට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් නැතිවුවත් ඔවුන්ද උපාධිය සදහා සූදානම් වීමට සුදුසු කම් ලැබූවෝ වෙති. මොවුන් ගෙන් ඉතා සුළු ප්‍රමාණයක් බාහිරව අධ්‍යාපනය ලබමින් උපාධිය ලබා ගනිති. එහෙත් බාහිර උපාධි විභාග පවත්වන විශ්ව විදයාල වලින් පවා විධිමත් පහසුකම් මේ දරුවන්ට නොලැබෙති.තවත් සුළු ප්‍රමානයක් දරුවෝ යම් යම් ඩිප්ලෝමා පාඨමාලා සදහා යොමුවුවත් ක්‍රමවත් අධ්‍යාපනයක් ඒවායින් නොලබති. උසස් අධ්‍යාපනය සදහා දරුවන් යොමු කිරීමේ නිසි වැඩ පිළිවෙලක් ජාතික අධ්‍යාපනය ප්‍රතිපත්ති තුල නැති බව මින් පැහැදිලිවේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා නොතේරෙන මිළ මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් විදේශීය අධ්‍යාපනය කරා යොමුවන අතර අනෙක් දරුවන් අතරමං වෙති. මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා ගැණීමේ පහසුකම් රජයට සලස්වනු නොහැකිවන්නේ ඒ සදහා ප්‍රතිපාදනයන් වෙන් කිරීමේ නෙහැකියාවයි. එසේනම් නිසි ප්‍රමිතියක් සහිතව පවත්වාගෙන යන පෞද්ගලික විශ්ව විද්යානල බිහි කිරීමේ වරදක් ඇතැයි තර්ක කිරිම 14% ක්වු උසස් අධ්‍යාපනය වරප්‍රසාදය 86%ක්වු අනෙක් දරුවනුත් ලබා ගැනිමෙන් 14% කට ඇතිවන යම් සමාජ තත්වයක් අහිමිවීම පිලිබද උපදින මානසික කුහක කමකි.
පෞද්ගලික විශ්ව විද්යාකල ඇති කිරීමට එරෙහිව වීදි බහින්නේ දෙමව්පියෝ නොවෙති. විශ්ව විද්යාකල ශිෂ්‍යයෝමය. ඹවුන් එරෙහිවන්නේ තම සහෝදරයින්ට බව තේරුම් නොගනී. උද්ඝෝශනයක්, පිකටින් එකක් වර්ජනයක් නොමැති නම් පැවත්මක් නැති දේශපාලන ව්‍යාපාරිකයන්ගේ බඩ වඩා ගන්නට මේ දරුවෝ බිල්ලට ගනී. ඉන් පසු අපි නිදහස් අධ්‍යාපනය රැක ගත්තායයි බිරුසන් දෙයි. විශ්ව විද්‍යාලයට පිවිසිමේ තරගයෙන් ජය නොගන්නා දරුවන්ගේ අධ්‍යාපනය විනාස කරන මේ නරුමයෝ උදම් අනමින් සිටිති.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවෝ බිලි ගන්නා මේ දේශපාලන ව්‍යාපාරිකයන් දරැවන්ගේ අනාගත අභිවෟද්ධිය වෙනුවෙන් ඔවුන් මෙහෙයවත්ද ?.පාඨමාලා කාලයෙන් අඩක්ම උද්ඝෝශන, පිකටින් ,වර්ජන යන්ය. හරියට ඒවාත් පාඨමාලා නිර්දේශවලට ඇතුලත් වන කරුණු තරමට සිසුන්ට වැදගත්ය. මේ දරුවන් ඉහත වගුවේ ඇති පරිදි මුදල් තමන් වෙනුවෙන් වියදම් කරන්නේ තමන්ගේ දෙමව්පියන් දියලුනු කැටේට පවා උපයන මුදලින් ගෙවන බදු මුදලින් බව තේරුම් නොගනී. දරුවන්ගේ අධ්‍යාපනය විනාශකරන දේශපාලන වයාපාරිකයන් හට වැදගත් වන්නේ තමන්ගේ බඩ මිස රටේ දරුවන්ගෙ බඩ නොවන බව පැහැදිලිය.

6 comments:

lankafriend said...

I totally agree with you.Students who protest against private institutes should understand that there are lots of people going abroad for studies and many students following affiliated courses.People of middle class try to teach their children by selling their properties most of the time. Will anyone care about poor students who are loosing university entrance by 1,2 or 3 marks? That little difference will be a curse for their entire life. In my openion,there should be more and more opportunities for people while doing even a job at any stage of life.

ඩනිෂ්ක said...

ඇත්ත. මේ වෙන්නේ දේශපාලනයට කඩේ යාම.
ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැරද්දක් නැ. මොකද දැනටම CIMA වගේ ආයතන වලින් ලබාගන්න අධ්‍යාපන සුදුසුකම් රජයේ විශ්ව විද්‍යාලයකට වඩා පිළිගන්නවා.

ඉතින් ඒකට කරන්න ඔනා සිසුන් සහ ගුරුන් එක්වි තමන්ගේ පාඨමාලාවේ ගුණාත්මක භාවය සහ තම අධ්‍යාපන ආයතනයට හොද නමක් ගොඩ නගා ගැනීමයි.

මෙවා කන්නේ ඔය කයිවාරු ගහන දේශපාලකයෝ.

ලගකදි එක් විශ්ව විද්‍යලායක් වැහුවා, හේතුව ළමයි පිකට් කරලා.
ඇයි කරලා තියෙන්නේ?

එක ළමයෙක්ගේ පංති තහනමක්.
ඇයි ඒ?

වසර ගණනන් විශ්ව විද්‍යාල භුමියේ ඇති පොල් ගස්වල ගෙඩි කඩා විකිණීම.

එකක් දෙකක්ද? නැ ලොරොවලින් ගෙනිහින් තියෙන්නේ.

ප්‍රවාහනය කළ රතවල අංකද විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක අංශය ලියාගෙන.

ඒ විතරක් නෙමේ, ඔහුට වරලත් ගණකාදිකරන විභාගයේ ඉහලම සම්මානයකුත් තියෙ ලු. එකියන්නේ විශ්ව විද්‍යාලය වැහුවට ඔහු ඔහුගේ වැඩ කරගෙන. :)

ඉතින් කාටද පාඩු.

දැන් ඔහු වෙනුවෙන් එම පීඨයේ ඵලමු, දෙන සහ තෙවන වසර වල සිසුන් විභාගය ලිවේ නැ. ඔවුන් එය වර්ජනය කළා. එත් අදාල පුත්ගලයාගේ වසරේ සහෝදර සිසුන් දැන් විභාගය ලියනවාලු.

හික්... ඉල්ලන් කනවා කියන්නේ ඔන්න ඕකටයි!

කළමණාකරන පිඨයේ සප් එකට ගිය විද්‍යා පිඨයේ සිසුනුත් දැන් ගෙදර.

කාටද පාඩු?
ලෙචාලා ලස්සනට ටියුශන් වලට සෙට් වෙනවා.
සමහර අය ඉන්නවා මෙලෝ අකුරක් උගන්වන්නේ නැ. :)

මොකද විශ්ව විද්‍යාල ලේබලය A/L ටියුශන් ( ගෙදරට ගිහින් කරද්දි) වලට මරුනේ. පැයකට 1000ක් 2000/= ක් වත්..

මෙවා තමායි අපි නොදකින පැත්ත.

Wajira said...

සියයට 200ක් ඇත්ත කතාව.
මෙතන තියෙන්නෙ 1ක් දේශපාලනික මං මුලා බව. අනික හිත යටින් තියන හිත උඩින් නොපෙන්වන කුහක කම.
මමත් ඉගෙන ගත්තෙ නිදහස් අධ්යාඇපනයෙන්. හැබැයි ටියුෂන් පංතිත් ගියා. ඔය සරසවි වරම් ලබන හැමෝගෙන්ම 90% ක්වත් ටියුෂන් පංතිත් ගිහිං තමයි ගොඩ යන්නේ. මේ රටේ ටියුෂන් කියන දේ තහනම් කරල තිබුන නම් මොකද වෙන්නේ ? සල්ලි තියන අය තමුන්ගෙ දරුවට උගන්නන්න ගුරුවරු ගෙදරට ගෙන්න ගනී. අපි වගේ දුප්පතුන්ට යන්න පන්ති නැත වෙයි.
විශ්ව විද්යා.ල වලට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා. අද පුලුවන් කෙනා ලමයව රට යවල ඉගෙන ගනී. රට යවන්න තරම් සල්ලි නැතිනම් මොකද කරන්න ඕනෙ .................................... ?
මගේ කාරුණික ආයාචනය, අනේ නංගි මල්ලි, ඔයාල සරසවි ආවෙ ඉගෙන ගන්න. ඉස්සෙල්ලම ඒක හරියට කරගන්න. ඊට පස්සෙ හොද රැකියාවක් කරන්න. එතකොට පුලුවන් රටේ ප්ර්තිපත්ති හදන්න ඔයාලටම. හැබැයි එදාට ඔයාලගෙ ඊලග පරපුර අමතක උනොත් එහෙම ...... ඒක ලොකු වැරැද්දක්. (දැන් පේනවනෙ ඒ දවස්වල සරසවියෙදි රට වෙනුවෙන් පිකට් කරපු, අද උපාධි ධාරී ගුරුවරු වෙලා ඉන්න අයට බාල පරපුරේ අනාගතය ගැන පොඩ්ඩක්වත් හිතන්න බැරි හැටි.)
ඒ වගේම රස්සාවක් කරන දවසකට ඔබේ වියදමින් දුප්පත් මල්ලි කෙනෙක්ට, නංගියෙක්ට සරසවියක උගන්නවන්න. එදා‍ට ඔය පිකට් කරල ගන්න කාලකන්නි සතුටට වඩා ගොඩාාාාාක් උතුම් සතුටක් ලබන්න පුලුවන් වේවි

චන්දිම said...

සිංහ, ඔබ ලියූ දෑ සම්පුර්ණ ඇත්ත. මට නම් මෙය කියවන විට කරුණු දෙකක් සිතුනා:
ඔබ ලියුවා "විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා නොතේරෙන මිළ මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් විදේශීය අධ්‍යාපනය කරා යොමුවන අතර..." කියා. මම පුද්ගලිකව දන්නවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා තේරුනත්, අපේ සරසවි තුල තියෙන මන්දගාමී, දේශපාලනීකරණය වුණු, ආත්මාර්ථකාමී පසුබිම නිසා, මිළ මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් විදේශීය අධ්‍යාපනය කරා යොමුවන අවස්ථා. අපි අපිටම කතාකරල බලමු; සල්ලි තිබුනානම් අපේ දරුවන්, ඔවුන් ඉහලින්ම උසස්පෙල සමත් උනත්, මෙහි සරසවි වලට අපි යවනවද ??

අනිත් කරුණ: ලංකාදීපයෙන් උපුටා ගත් දත්තවල තියෙනවා "වෛද්‍ය උපාධිය රුපි.13,26,550.00" කියා.
ඉතින් අපේ සමහර දොස්තරගොල්ලො ලෙඩ්ඩු යකාට ගියාවෙ කියලා වැටුප් විෂමතා වලට, ස්ථාන මාරුවලට විරෝධය පාන්න, මෙකී නොකී දේවල් වලට වර්ජනය කරනවනෙ. අනේ ඉතින් අවුරුදු 5ක් - 6ක් එයාලගෙ රජයෙන් වියදම් කරපු රුපියල් 1326550/= අපරාදෙ නේද ? මේව රටේ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි නේද? මට නිකන් හිතෙනවා දුප්පත් ලෙඩ්ඩු මාරුවෙ දාල වැඩ වර්ජනය කරන මේ සමහර දොස්තරල ගෙන් එයාලගෙ සම්පූර්ණ සරසවි අධ්‍යාපනයට ගිය මුදල් ආපසු අය කරගන්න එක හොදයි කියල. වෙන මොකුත් නිසා නෙවෙයි අසනීපයට පත් එකෙකුට තවත් බැට දෙන එක සත්තුවත් කරන්නෙ නැති නිසා.
වර්ජනය කරණ ඩොකාලගෙන් ආපසු අය කර ගන්න මුදලින් අර මල්ටි බැරල් රොකට්ටුවක් දෙකක් වත් ගන්න පුලුවන් නෙ.... රටේ යුද මෙහෙවර වෙනුවන්

Wajira said...

චන්දිම - දොස්තරල ගැන නම් කතා කරල වැඩක් නෑ. ඒ ගැන වෙනමම පිටු ගානක් ලියන්න පුලුවන්.

දොස්තර කෙනෙක් බෙහෙත් ගන්න ආපු තරුණියකට අතවර කරල මරල දාපු වෙලේ කට වහගෙන හිටපු දොස්තර සංගම් අද පුද්ගලික කෝන්තරයකදි ඝාතනය වුණු දොස්තර කෙනෙක් වෙනුවෙන් මුලු රටේම රෝගී ජීවිත උගසට ගන්නයි හදන්නෙ.

මේව ඉතින් කාට කියන්නද ?

කැඩපත said...

@ඩනිෂ්ක :

මමත් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්බ කිරිමෙ වරදක් දකින්නෙ නෑ. හෑබෑයි එවා ජාතික විශ්ව විදයාල වලට පරිබාහිරව පිහිටුවන්න ඔනෙ.එකෙන් පිටරටට ඈදියන මුදල් කන්දරාවක් ඉතුරුකරගන්න පුලුවන්. හෑබෑයි ජාතික විශ්ව විදයාල තුලම , ඊවායෙ ඈති උපාදි පාටමාලාවලට සමාන බාහිර උපාදි ඈති කිරිම මම අනුමත කරන්නෙ නෑ.

CIMA කියන්නෙ අධ්‍යාපන සුදුසුකමක් නොව වෘත්තියමය සුදුසුකමකි.රජයේ විශ්ව විද්‍යාලයකින් ලෑබෙන උපාදිය අධ්‍යාපන සුදුසුකමකි. CIMA ලබාගෑනිම යනු වරලත් කලමනාකරන ගනකාදිකාරිවරයෙකු බවට පත්විමයි.උපදිදාරි ගනකාදිකාරිවරයෙකු වඩා වරලත් කලමනාකරන ගනකාඩිකාරිවරයෙකු ගෙ තත්වය ඉහලය.
එය අනෙක් වෘත්තින්ටද පොදුය. තවද එය අනෙකුත් රටවලටද පොදුය. එන්ගලන්තයෙ විශ්වවිදයාලයක ගනකාදිකාරි උපදිදාරියෙකුට වඩා CIMA හි සාමාජිකත්වය(වරලත් සාමාජිකත්වය )ලබාගත් අයෙකුට වෑඩි පිලිගෑනිමක් ලෑබෙ.

CIMA සන්සන්දනය කලහෑක්කෙ ශ්‍රි ලන්කා වරලත් ගනකාදිකාරිවරුන්ගෙ ආයතනය සමග මිස උපාදි සමගනොවෙ.
එහෙත් එසෙ සමාජිකත්වය ලබාගෑනිමට ඈති හොදම මාර්ගය රජයෙ විශ්ව විදයාලයක උපාදියක් ලබා ගෙන එ හරහා යාමයි.මන්ද යත් උපාදිය සදහ විශයන්ගෙන් නිදහස් කිරිම් ලෑබෙන බෑවිනි.

උදා: මොරටුව විශ්වවිදයලයෙ පෑවත්වෙන ප්‍රමාන සමික්ශන උපාදි පාටමලාව හදරන අයෙකුට IQSSL(Institute of Quantity Surveyors Sri Lanka) හො RICS(Royal Institute of Charted Surveyors) හො AIQS( Australian Institute of Quantity Surveyors) හී සමාජිකත්වය ලබාගෑනිමට අවශය වන්නෙ පලපුරුද්ද පනනකි.එසෙ නොවෙන අයට පලපුරුද්දට අමතරව එම ආයතනයන් විසින් පවත්වන විභාග අදික මුදලක් වියදම් කරමින් හෑදෑරිය යුතු වෙ.


පුද්ගෑලික විශ්ව විදයලයකින් දෙන උපාදියහි පිලිගෑනිම තිරනය කරනු ලබන්නෙ විශ්ව විදයාල ප්‍රතිපාදන කොමිසම මගිනි. එය ජාතික විශව විදයාලයක පෑවත්වෙන උපාදියකට සමාන මිස වෑඩ් ලෙස පිලිගන්නෙ නෑත. (එහෙත් රෑකියාවන්හි දක්වන දක්ශතා මත ක්ශ්ත්‍රයෙ පිලිගෑනිම වෑඩි අඩු විය හෑකිය.)
රජයෙ විශ්ව විදයාලයකට එන්න කොපමන මහන්සි වෙන්න ඔනෙද. එකදන්නෙ එක දන්නෙ එ තෑනට ආව අය විතරයි.නිදිවරමින්, ඉතා වෙහෙසවි පාඩම් කරමින් සරසවියට පෑමිනි පිරිසක් ගන්න උපාදිය අඩු තෑනකට පත්විම ගෑන හිතල කවුරු හරි සතුටු වෙනවනම් එ අයගෙ සිත්වල ඈති ඉරිසියාව නිසා වෙන්න ඔනී.