පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, July 05, 2009

13 වෙනි සංශෝධනය නොහොත් වක්කඩයෙන් දිය නෑම..

13 නපුරු ඉලක්කමක් ලෙස මතයක් ඇත. ජේ.ආර් - රජිව් සුසංයෝගයෙන් බිහිවු ජේ.ආර් අකමැත්තෙන් වුවද එකගවු පලාත්සභා නම්වු සුදු අලියා බිහිකල 13 වෙනි ව්යතවස්ථා සංශෝධනය අද විවාදාත්මක මාතෘකාවකි.
රටේම හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට ජේ.ආර් - රජිව් අත්සන් කල ගිවිසුමෙන් ගාමිණි ජයසුරිය වැනි අමාත්‍යවරුන්ට දේශපාලනය සදාකාලිකව එපා කර රජිව් ගාන්ධි වැනි ප්‍රබල දේශපාලන චරිත හෑල්ලුවට ලක් කරමින් ( නාවික විරුවා ගේ තුවක්කු බදේ ප්‍රරහාරය ) 13 වෙනි සංශෝධනය උත්පත්තිය ලැබීය.

ජේ.ආර් අසරන වන තැනට පත් නූනානම් මේ උරචක්‍රමාලාව අප රටට කඩා පාත් නොවන්නට බොහෝ විට ඉඩ තිබිණි.ඔහුගේ ඇමරිකන් ගැති භාවයට ඉන්දියාව දුන් ප්‍රහාරය 13 වෙනි ව්යෝවස්ථා සංශෝධනය ලෙස මම දකින්නෙමි. අපේ හැම කරුමටම මුල ජේ.ආර්ය. වර්තමාන ව්‍යවස්ථාව ඇතිකර කර ඇති වින්නැහිය සහ ඉන් නිර්මානයවි ඇති අවුල් ශ්‍රී ලංකාවම ජරාජීර්ණ කලේය.
පාලනය විමධ්‍ය ගත වීම හොද ලක්ෂණයක් ලෙස මම දකිමි.එය ක්‍රමවත් සහ ලාභදායීවීම ද සිදුවිය යුත්තකි. අද පාලනය සදහා පිරිවැය ඉතාමත් ඉහලය රටට දරා ගත නොහැකිය.සත් භාවයෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන්නෝ විරලය.පාර්ලිමේන්තුවේ ඇමතිවරු 112 කි.පලාත් සභාවල 05 බැගින් 40 දෙනෙකි.ආණ්ඩුකාරවරු 09 දෙනෙකි. මේ සියළු දෙනා වෙනුවෙන් කාර්ය මණ්ඩල යාන වාහන අවශ්‍යතරමට වඩා බොහෝ සපයා ඇත. එහෙත් අමාත්‍යෘංශ, පලාත් අමාත්‍යෘශ රාජ්‍ය නිලධාරීන් හැර මේ අයගෙන් රාජ්‍ය පරිපාලනයට, ප්‍රතිපත්ති සම්පාදනයට වන කෙන් ගෙඩියක් නැත. එයට හේතුව මේ චන්ද ක්‍ර මයෙන් පත්වී යන නියෝජිතයෝ උසස් අධ්‍යෘපනය නොලත් උගතුන් වීමය. ඔවුන්ට පත්වු දා සිට සෝබනය මිසක වෙන වැඩක් නැත.යාන වාහන දැසි දස්සන් පිරිවරා‍ ගෙන පෙරහැරේ යාම මිස වෙන ජොලියක් නැත.

පාලනය විමධ්‍ය ගතවිමේ අවශ්‍යවතාවය ඩඩ්ලි - චෙල්වනායකම් ගිවිසුමෙන්, බණ්ඩාරනායක - චෙල්වනායකම් ගිවිසුමෙන් සහ දිස්ත්‍රික් සභා , සංවර්ධණ සභා ක්‍රමයෙන් එලි දැක තිබිණි.එය වඩාත් ක්‍රියාත්මක තලයෙන් ප්‍රදර්ශණය වන්න පටන් ගන්නේ පලාත් සභා පිහිටුවීමෙන් පසුය.

කොළඹින් විය යුතු බොහෝ දෙයින් කොටසක් අද පලාත් සභා මගින් ඉටු වන බැවින් ජනතාවට මහත් අස්වැසීමක් ඇතිවු විෂයයන් රාශියක් ඇත. විවාදයට බදුන් වී ඇත්තේ පොලිස්,ඉඩම් බලතල ආදී ගැටළු කිහිපයක් අරඹයාය.උදාහරණ ලෙස අධ්‍යාතපනය වැනි විෂයයන් අවුල් කරමින් ජාතික පාසල් මධ්‍යම ආණ්ඩුව යටතේද අනෙක් පාසල් පලාත් සභා යටතේද පරිපාලනය ක්‍රියාත්මක වන්නේය. පලාත් රාජ්‍යය සේවා කොමිසමක්ද ඇත. ජාතික රාජ්‍ය සේවා කොමිසමක්ද ඇත. රාජ්‍ය පත්වීම් මාරුවීම් .උසස් වීම් පිළිබදව සදහා බලතල අවුල් වියවුල් කරමින් මේ ආයතන ක්‍රියාත්මකය. මෙවැනි අවුල් නිරාකරණය කිරීම පලාත් සභාවටම පැවරීමට කොළඹ බලධාරීන් අකමැතිය. මෙයත් බාල බල ලෝභී දේශපාලන උපක්‍රමයක් මිස අන් දෙයක් නොවන බව නම් පැහැදිලි වන්නේය.
අපේ රටට මදි නොකියන්න චන්දයෙන් පත්වන පරිපාලන ආයතන තිබේ. ජනාධිපති,පාර්ලිමේන්තුව,පලාත් සභාව පලාත් පාලන ආයතන ( ප්‍රාදේශිය සභා.නගර සභා මහ නගර සභා) . මේ සියල්ල උපත ලබන්නේ ජනතා පරමාධිපතයය තුලින් යයි කියනු ලැබේ. වර්ථමානයේ පරිපාලනය සදහා ක්‍රියාත්මක වන්නේ නම් මින් එක ආයතනයක් පමනකි. අනෙක් ආයතන කකා බිබි කෙලි දෙලෙන් කයිවාරු ගසමින් හැසිරෙන සෙයකි.

විවාදාත්මක බලතල පැවරීම පසක තබා අද වැදගත් වන්නේ ව්‍යාකූලවු උතුරු නැගණහිර ජනතාවගේ මුලික අවශ්‍යතා සම්පුර්න කර ඔවුන් තම ගම් බිම් වල පදිංචි කිරීමය.ඔවුන් සුවපත් වූ විට දැනට මේ තියෙන හැටියට නැගෙනහිර මෙන් උතුරේද පලාත් සභාව ක්‍රියාත්මක කල හැක. ඉන් අනතුරුව යා යුතු මගට පිවිසිය හැකිය. ජනතාව ඉල්ලන දෙය මිස නොඉල්ලලන දේවල් දීමට යාමෙන් නැති අර්බූද මතුවන බව නම් සටහන් කල යුතුය.

Tuesday, June 30, 2009

අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?.

අලියා නොනැගිටින්නම වැටී ඇත්ද ?. එසේ සිතනවා නම් එය වැරදිය. ශ්‍රීලනිපයේ ලේකම් වරයාට අනුව අලියා සියදිවි නසා ගෙනය. නැත්නම් සියදිවි නසාගැනීමට සූදානමින් සිටියි. පුරසාරම් දොඩන ඇත්තෝ 1977 දී ඇතිවු ධාර්මිෂ්ඨ සමාජයේ උදාව සිහිපත් කරන්නේ නම් මැනවිය. බින්දුවට බැස තිබු එජාපය නැගිට්ට වන්න JR 1970 පරාජයේ සිටම වැඩ කලේය. නරක ආදර්ශ ඇතිව වුවද පාසල් සිසුන්ගේ සිට විවිධ තරාතිරමේ ජනතාව හට දේශපාලන සටන් පාඨ , දේශපාලන බලාපොරොත්තු ලබා දෙමින් එජාපයට ජීවය ලබා දී 1977 වන විට 2/3 ක බලයක සිටි රජයක් අතු ගා දමන්නට සමත් විය.

අදත් තනි දේශපාලන පක්ෂ යක් ලෙස වැඩිම චන්දදායකයයින් පිරිසක් බුක්තියේ සිටින එකම දේශපාලන පක්ෂය එජාපය මිස වෙනත් පක්ෂයක් නැත. අද එජාපයට සිදුව ඇත්තේ නව JR කෙනෙකු නැතිවීමය. 1970 JRගේ දේශපාලන උපක්‍රම වර්තමානයේ ආදේශ කිරීමෙන් දණ ගාන්නවත් නොහැකිය. වලං බිදින කොට හෝන් ගහන කොට ජනතාවට හිනා යන්නේ ඒ නිසාය.

රනිල්ට නායකත්වනය අතහැර යා නොහැක. එතුමන් කෙරෙහි එජාපය බිම් මට්ටමේ සාමාජිකත්වකයේ විශ්වාසය ඇතැත් ජයග්‍රහණය උදෙසා ලං කරගත යුතු සාමාජික නොවන ජනතාවගේ විශ්වාසය නැත. එම විශ්වාසය සදාකාලිකවම එතුමාට නම් දිනා ගත නොහැක.මොනවා උනත් පක්ෂයට පමනක් කතිරය ගහන පිරිසගෙන් පාලක බලය ලබා ගත නොහැක. බලය ලබා ගැණිමට නම් මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගත යුතුය.
මෙතෙක් කලක් මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගැණිම සදහා වැඩ සටහනක් එජාපයට තිබුනේ නැත. මොන පක්ෂයකට වත් නැති අය බලයට පත් කරන පක්ෂයෙන් රැකී රක්ෂා . නිලතල , රට බීම බලපත්‍රල,මාර්ග බලපත්‍ර ආදී කී නොකී වරදාන බලාපොරොත්තුව ඡන්දය දෙන්නේ නැත. ඔවුන් ගේ එකම බලාපොරොත්තුව යහපත් සමාජයක් රට තුල ස්ථාපනයවීමය. යහපත් සමාජයක් ස්ථාපනය කරන බවට ඉගියක්වත් කිරීමට තප්පුල්ලන එජාපයේ නායක කාරකාදීන්ට මෙතෙක් හැකිවුනේ නැත.

JR 1970 දී මුලින්ම කලේ ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකරන අන්දම ගම් මට්ටමේ සිට තහවුරු කිරීමේ ප්‍රචාරක ව්‍යාපෟතියක් දියත් කිරීමය. 1977 වන විට ඇට අටක් ද එකතු කරගත් ඔහු සමාජයේ සියළු මට්ටම් අමතමින් ජයග්‍රහණයේ අවසන් අදියර දක්වා ජනතාව කැදවා ගත්තේය. ධාර්මිෂ්ඨ සමාජය බිහිවිය.

ඒ හපන් කම අදත් කරන්නට හැකි වුනත් ජනතාව ගමන් ගන්නා අත තේරුම් නොගෙන ජනතාව තමන් යන අතට කැදවා ගෙන යාමට දරන උත්සහාය තුල මොන පක්ෂයකට වත් නැති අයගේ ඡන්ද ලබා ගැණිමට එජාපය දරන උත්සහාය සාර්ථක වන්නේ නැත.
එයට පිළියම් යෙදිය හැකි කවරෙකු හෝ නායකත්වයයට පත්වු දාට අලියා කෙලින් සිටුවීම සරල කාරණයක් වනු ඇත. ඔන්න බබෝ බිල්ලෝ එනෝ යන කියමන් වලට මුලා වන්නේ නැතිව එජාපය නියම ලෙසින් වැඩට බැස්සොත් ශ්‍රීලනිපයේ ලේකම් වරයාට දුවන්න පාරක් වත් සොයා ගත නොහැකි වනු ඇත. ඒත් කාල සටහන දිග හැරෙන විදියට නම් දැන් හොදටම පරක්කුය.

Monday, June 22, 2009

සංකීර්න ප්ලෑන් එකක්.

අද බාලයින්ට නොයෙක් පූර්වාදර්ශ සිහිපත්වනවා . සිහිපත්වූවාට ක්‍රියාත්මක කරන්න ගියොත් සිද්ධවන්නේ ඒවා සිද්ධ කල පූර්වාචාරීන්ට සිද්ධවුන වින්නහැයියම තමන්ටත් අත්වෙන එකයි.තමන් ගැනම සිතූ ‘ධාර්මිෂ්ඨර්’ ඡන්ද සිතියම අකුලා දැම්මා.ඒ වකවානුවේ අසල්වැසි රටවලත් පාලකයෝ වෙලා හිටියේ සමාන මානසිකත්වයක් තිබුන අය.සියා උල් හක් සුල්පිකාර් අලිගේ බෙල්ලට තොන්ඩුව දමන කොට මෙහේ සිරිමාවෝගේ කකුලට ලොකු යකඩ බෝලයක් දමලා බැදලා දැම්මා. ඒවයින් ඇති වුන දේශපාලන මානසික පීඩනය තවමත් මේ හැම රටකම නිට්ඨාවට සුවපත් වෙලා නෑ. විවිධ රෝග ස්වරූපයෙන් යලි යලි මතු වෙනවා.

අපිට උරුම වෙලා තියෙන්නේ නියමිත කාලෙට ඡන්දේ පාවිච්චි කරන්න විතරයි. ජනතා පරමාධිපත්‍යය ජනතාව අතේ රැදී තියෙන්නේ සීමිත මොහොතයි. ඒ ජනතාව චන්දේ පාවිච්චි කරනකන් විතරයි.ඊට පස්සේ පරමාධිපත්‍යයයේ උරුමක්කරුවා වෙන්නේ චන්දෙන් දිනන නියෝජිතයායි. මේ උරුමක්කාරයා එතැන් සිට ජනතාවගේ කරුමක්කාරයා වෙනවා.ජනතාව වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා.
දඹුල්ලේ පැත්තේ මේ දවස්වල තදට පායනවා වෙන්න ඇති රස්නේ වැඩි උනාම පිස්සු තද වෙනවා. ප්‍රාදේශීය සභාවක යෝජනාවක් ගෙනාවා කියලා ඒ පැත්තෙම ඇමති කෙනෙක් කියනවා.ඡන්දේ ජනමත විචාරනයක් වී මහින්ද මහත්තයට අවුරුදු 12ක පාලන සමයක් නිර්මානය කරලා දෙන්න ඕනෑ කියලා .ජනාධිපතිවරනයක් තිබ්බත් වෙන්නේත් ඒකම තමයි.ඒත් ලිහන්න තියෙන මල්ල ඔබා බලන්නේ නැතිව ලිහලාම බලමුකෝ. වෙනසක් නෑනේ.නිකම් මඩ ගාගන්න ඕනීත් නැහැනේ. මතකද පරන කතාවක් තියෙනවා රජෙකුට හිටිය විශ්වාසවන්ත වදුරෙක් ගැන . මැස්සෙක් රජතුමාගේ බෙල්ලේ වහපුවහම කඩුව අරන් මැස්සව එක කඩු පාරින් මරලා දාපු. ඇමති තුමාත් ඒ චරිතය රගපානවා වගෙයි.

ආණ්ඩුව මාධ්‍ය. ප්‍රකාශ කරමින් අනේ අපිට එහෙම අදහසක් ඇත්තේම නෑ. තිබුනේමත් නෑ කියනවා.කලින්ම ඔය වගේ මෝඩ අදහස් කියන ඇත්තතන්ට ප්‍රතිකාර කලා නම් තමයි හොද.එතකොට නිකම්ම මඩ නාගන්න වෙන්නේ නැ.
ජනාධිපතිතුමා කිව්වා දැන් රටේ සිටිය යුත්තේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝ හීන් යන කොටස් දෙක පමනයි කියලා. ඇත්ත .............. මේ කොටස් දෙක වෙන් කරන්න නිර්නායකයින් කොතෙක් තියෙනවද ?.එජාපය නිර්වචනය කරන විදිහට නෙමෙයි. ශ්‍රීලනිපය නිර්වචනය කරන්නේ.ජවිපෙය නිර්වචනය කරන විදියට නෙමෙයි ද්‍රවිඩ සන්ධානය නිර්වචනය කරන්නේ මේ හැම කෙනාම වෙන් වෙන්ව ජීවත්වන්නේ වෙන වෙන රටවල් වල.ඒ රටේ නායකයා තමන් කියලා හිතා ගෙන. තමන් හැර අනෙක් සියල්ලෝම දේශද්‍රෝහීන්.
දඹුල්ලේ ඇමති තුමාට සැකයක් ඇතිවෙලා වගෙයි මේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝ හීන් යන කොටස් දෙක ගැන. සිංහල චන්ද වගේම අනෙක් ජාතීන්ගේ චන්ද දිනා ගත්ත දවසට ඇමතිතුමාට පුළුවන් එතුමාගේ දේශප්‍රේමීන්ගේ ගොඩ වැඩි කරගන්න. තවමත් එහෙම වෙලා නෑ.
උතුරේ ,වතුකරේ සහ නැගණහිර අපි හිතන නිර්ණායක තුල ජීවත්වන දේශප්‍රේමීන් සහ දේශද්‍රෝ හීන් නැහැ.උතුරේ සහ නැගණහිර ඔවුන්ට අහිමිවු දේපල, දූ දරුවෝ, අඹු දරුවෝ නෑ හිතවතුන් අහිමිවුනේ සිංහල හමුදාවක් සමග ද්‍රවිඩ හමුදාවක් කල සටනකින්.අපි ත්‍රස්තවාදය ලෙස හදුන්වතත් ඔවුන් LTTEය හදුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙස නොවන්න පුළුවන් .අපිට මේ විරසක බව සමනයකට පත් කරගන්න වෙනවා.
ගියවර ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන් චන්දය පාවිච්චි කරන එක වැලක්වු නිසා ඇමති තුමාගේ දේශප්‍රේමීන් යාන්තමින් ජයග්‍රහණය කලා . ස්වාධීනව ද්‍රවිඩ ජනතාව චන්දය පාවිච්චි කලා නම් රනිල්ගේ දේශප්‍රේමීන් දිනනවා. අදත් මේ වෙනස සමනය වෙලා නෑ.මැතිවරන ඉතිහාසය විග්‍රහ කලොත් සිංහල ජනමතයට එරෙහිවු ගමනක නිරත වෙලා තියෙනවා ද්‍රවිඩ ජනමතය.
ඒ බයට ඇමතිතුමාට ලාම්පු කලගෙඩි හීනෙන් පේනවද ?.