Saturday, August 04, 2012

ඔන්න ඔහොමයි මම නිව්ටන් උනේ

Add caption



නිව්ටන් ලා ගැන කියන කොට අයිසෙක් නිව්ටන් එහෙමත් මතක් වෙනවා.අපේ ගමේ  පාරක් තියෙනවා.මේ පාර සබරගමුව විශ්ව විද්‍යාලය හරහා සමනල වැව දක්වා ගොස් සමනල වැව ඩෑම් එක පාමුලෙන්   තවත් ඈතට යනවා. මේ පාර හැදුවේ 1 97 8 වගේ කාලෙක. මේ පාරේ එක තැනක් නම් කරන්නේ මගුල් පොකුණකියලා. එක වංගුවක් තියෙනවා  . ඒ වංගුව හදුන්වන්නේ නිව්ටන් වංගුව “  කියලා.

මේ පාර හදපු රජයේ කොන්ත්‍රාත් සමාගමේ (SD&CC)  නිව්ටන් කියලා  ඇති රියදුරු  මහතෙක්  සේවය කලා. ඔහු පදවන ලද ට්‍රැක්ටරය  මේ කියන වංගුවේදී අනතුරකට පත්වෙලා නිව්ටන් රියදුරු මහතා  මියගියා . එදා ඉදන් අද වෙනකම් මේ වංගුව නිව්ටන් වංගුව “   කියලයි හදුන්වන්නේ.

මේ රියදුරු මහතා රස කතා කියන්න හරි දක්‍ෂයි.වැඩ කටයුතු එවර වෙලා වැඩ බිමේ කදවුරේ තාවකාලිව ඉදිකරලා තිබුන නිවහනේ  ඉදගෙන හීන් අඩියක් දාගත්තම රසකතා කියන නිව්ටන් අයියා  කාගෙත් රස වතෙක්. දවසක් මාතෘකා උනේ නිව්ටන් අයියට තමන්ගේ නම වැටුන හැටි.
මල්ලීලා උඔලා දන්නවද මට මේ මළ හත්තිලව් නම හැදුනේ කොහොමද කියලා ?. පුශ්නයක් අහගෙනම නමේ පුරාවෘත්තය කියන්න පටන් ගත්තා

මගේ පුංචිම කාලේ  නම සිරිසේනමේ සංකර නම මට වැටුනේ මට හැදුන ලෙඩක් හින්දා.මම පොඩි කාලේ බොරු කියනවා. කට ඇරියොත් කියන්නේ බොරු !. අම්මයි අප්පච්චියි කොච්චර කිව්වත් මගේ පුරුද්ද නම් නැතිවුනේ නෑ. මෙහෙම කාලයක් ගතවුනා. මට පුංචි ගොතයක් ඇතිවෙන්න පටන් ගත්තා. අවුරුද්දක් දෙකක් යන කොට මේ ගොතේ තවත් වැඩිවුනා. අම්මා කියාපු  මම අ......අ ම්...බා  කියලා කිව්වේ  බොහොම අමාරුවෙන්. දවසක් මට මතකයි අප්පච්චි  බිත්තියේ ගාන්න කියලා තීන්ත ටින් එකක් ගෙනල්ලා මේක මළයට දෙන්න කිව්වා. මම මළයට මේ තීන්ත ටින් එක දීලා තිත්....තිත්......තියන්න කිව්වම මේ යෝදයා  තින්ත  ටින් එක එවර වෙනකම්ම  බිත්තිය පුරාම තිත් තිව්වා.
 හොදට හිටපු මට කතා කරන්න බැරිවුනාම අම්මයි අප්පච්චියි හරියට දුක්වුනා.දවසක් අම්මයි අප්පච්චියි මාත් එක්ක ගමේ පන්සලේ හාමුදුරුවෝ ගාවට ගිහින්  මට වෙ ලා තියෙන මේ වින්නැහියට සහනයක් බලාපො‍රොත්තු උනා. හාමුදුරුවෝ වෙද කමටත් හරි දක්‍ෂයා. මගේ කට ඇරලා හොදට බලලා  පොඩි එකාගේ දිව කොට වේගෙන යනවා නේ කියලා අප්පච්චි දිහා බලලා කල්පනාවට වැටුනා.

හාමුදුරුවේ කල්පනා කර කර ඉදලා ටික වෙලාවකට පස්සේ මාව ලගට ගත්තා . දැන් මගෙන් නොයෙක් ප්‍රශ්ණ අහනවා. මමත් ගො ගගහා උත්තර දෙනවා. හාමුදුරුවෝ ටික වෙලාවක් මෙහෙම පුශ්න කර කර ඉදලා හ්ම්  එහෙනම් උපාසක මහත්තයෝ මේ පැංචට  මම බෙහෙත් කරන්නම් කිව්වා. බොන්න කෂාය , දිවේ ගාන්න තෙල් ,එහෙම දීලා කිව්වා කලබල නොවී මේ බෙහෙත් ටික කරලා මාසෙකින් විතර පැංචා එක්ක එන්න කියලා.
දෙයිහාමුදුරුවනේ  !.  මාසයක් යන දවසේ මගේ දිව බිමට වැටුනා. කලබල වෙච්ච පාර මම දුවලා දුවලා ගිහින් නතරවුනේ පන්සලේ හාමුදුරුවෝ ලග.හාමුදුරුවේ කලබල වුන බවක් පෙනුනේ නෑ. මගෙන් ඇහුවා අම්මා අප්පච්චිට කියලාද ආවේ කියලා මම අත් දෙක එහාට මෙහාට පද්දල නෑ කිව්වා. ඇබිත්ත කොල්ලා කැන්දපු හාමුදුරුවෝ අපේ ගෙදරට පණිවිඩ ඇරියා මම පන්සලේ ඉන්න විත්තිය කියලා.
 අම්මටයි අප්පච්චිටයි කියල මම පන්ලේ නතර කරගත්ත හාමුදුරුවෝ මට වෙදකම් කරන්න පටන් ගත්තා. උපදෙස් දෙන්න පටන් ගත්තා  . මෙහෙම මාසයක් දෙකක් යන කොට මගේ දිව අයෙත් වැඩෙන්න පටන් ගත්තා මාස හයක් විතර යන කොට මගේ දිව හොදටම වැඩිලා .. හොදට කතා කරන්න පුළුවන් උනා.
හාමුදුරුවො මම පන්සලෙන් එන දවසේ මට කනට කරලා  කිව්වා  "සිරිසේන ලමයෝ අයෙත් බොරු කියන්න න් පටන් ගන්න නම් එපා"  කියලා.
දැන් මට මේ  තියෙන්නේ අළුත් දිවක් . 
මේ වැඩෙන් පස්සේ ගමේ කවුරුත් මගේ නම  සිරිසේන කියන නම වෙනස් කරලා කතා කරන්න පටන් ගත්තා.
ඔන්න ඔහොමයි මම නිව්ටන් උනේ . ( New + tongue )

2 comments:

අවතාර් said...

හික්ස් ඇති බේරුනා මෑන්ස්ගේ අලුත් දිවත්

ධමිමික ස‍‍දරුවන් said...

ඒ තමයි මටත් තියෙන පුදුමේ