මේ විෂයය දරා ගත හැකි මට්ටමක මේ දරුවන්ගේ මනස අවුරුදු හයක් වන විට වැඩී නැහැ.පහ හය වසර වසරවල ඉන්නේ අවුරුදු 11,12 දරුවෝ. ලිංගික කරුණු පිලිබද යම් අවබෝධයක් ලබා දිය යුතු වයස් කාණ්ඩය අවුරුදු 14 වත් ඉක්ම වෙන්න ඕනී කියලයි මීදුම හිතන්නේ.
1995 වසරේ පටන් පංති මට්ටමේදී ලිංගික සෞඛ්‍ය අධ්‍යානපන වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා.
වයස අවුරුදු 10 -14 යොවුන් වියේ මුල් අවධියයි.අවුරුදු 15 -19 මැද අවධිය ලෙස සලකන්න පුළුවන් අවුරුදු 15,16 වන විට තමයි ගැහැනූ පිරිමි දෙපාර්ශවයේම ශාරීරික වෙනස් කම් ඇති වන්නට පටන් ගන්නේ.එයා දැන් ලොකු ලමයෙක් ,ලමිස්සී,ඉලන්දාරියා නහඹුවා නෑම්බි, ගැටයා, ගැටිස්සී ලෙසින් අපි හදුන්වන්න පටන් ගන්නේ ඔය කාලේදී. ඉතින් අවුරුදු 12.13 වන විට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබදව යොමුවිම ප්‍රමානවත් කියලයි මීදුම හිතන්නේ . ඒ කාලේ වන විට දරුවා හතවසරේ නැත්නම් අට වසරේ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රහයෙන් ජාතික අධ්‍යාපන ආයාතනයේ ජනගහන හා පවුල් ජීවිත (ප්‍රජනක සෞඛ්‍ය ) අධ්‍යාපන ව්‍යාපෘතිය මගින් ප්‍රකාශිත “ “අසමු දැන ගනිමු - සුවෙන් සිටිමු” සහ “උදාවු යෞවනය” කියලා පොත් දෙකක් නොමිලේ හත වසරේ සිට සිසුන්ගේ ප්‍රයෝජනයට ලබා දීලා තිබෙනවා.මේ පොත් වල අන්තර්ගතය තුල දරුවන් ගේ සිරුරේ වෙනස් වීමේ සිට කාන්තාවන් ගේ ආර්තවතාවය . පියයුරු , කන්‍යා පටලය යොවුන් වියේ ගැබ් ගැනීම,ලිංගික අතවර වලින් ආරක්ෂා වීම , පිරිමි දරුවන්ගේ ස්වයං වින්දනය සහ ස්වප්න මෝචනය.ආදී ලිංගික සෞඛය කරුණු සාකච්ඡාවනවා.
හොදින් කැපෙන පිහියක් මෝඩ ලෙසට පාවිච්චි කලොත් අනතුරු සිද්ධ වෙනවා. ඥානාන්විතව පාවිච්චි කලොත් අවශ්‍ය කාරනා නිවරදි ලෙස ඉටු කරගන්න පුළුවන්.ලිංගික අධ්‍යාපනය ඉගන ගන්නා දරුවෝත් එය නිවරදි ලෙස අපේ සංස්කෘතික උරුමයන්ට අනුව භාවිතා කලොත් දෙමව්පියන්ගේත් දරුවන්ගේ අනාගතයටත් යහපත් වෙනවා.ප්‍රජනනය පිළිබද මේ දැනුවත් භාවය සීමා කඩයිම් වලින් බැහැරට භාවිතා කර අනාගතයට ප්‍රශ්න හදා ගන්නා නාගරික මෙන්ම ගම්බද දරුවොත් ඉන්නවා.
බිය හිතින් දුරු කරගන ක්‍රම සහ විධි භාවිතාවෙන් දෙවිවරු පය ගහන්නත් බිය තැන් වල මේ මෝඩයෝ කරනම් ගහනවා.













.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)