පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, March 30, 2019

ස්තුතියි !.



කාලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ.
පසුගිය දිනක මට මුණගැහුන යුවලක පිලිබද මතකය ඉතිරිව තියෙනවා.
ඔවුන් දෙදෙනාම කෘෂි විද්‍යා උපාධිධාරින්..........
එක් උදෑසනක  අවන්හලේ උත්සව ශාලාව වෙන් කරගන්න මේ යුවල පැමිණ සිටියා. මම කතා බහට යොමු වුනේ සාමාන්‍ය රාජකාරියක් ලෙසට.
ඔවුන්ට කතා කරන්න ඉඩ දීලා මම අසා සිටියා.
කොන්ඩේ සුදු රැලි වැටි ගෙන එන මගේ සිරුර නිසාදෝ  ඔවුන්ගේ අංකල් බවට මම පත්වුනා.
මට ඔවුන් පුතෙක් සහ දුවෙක් වුනා.
ශාලා පරිශ්‍රය නිරීක්‍ෂණය කිරීමෙන් පසු මගේ පැකේජය ගනන් හිලව් කතා බහට යොමුවුනා. මේ දෙන්නම අනවශ්‍ය වියදම් වලට කැමැත්තක් තිබුනේ නැහැ.
කලින් යොදා ගත් දවසක විවාහය ලියාපදිංචි කිරීමත් චාරිත්‍ර වාරිත්‍ර  නිවසේදි සරලව කිරීමත් මෙ දෙන්නාගේ සැලසුමක්.
නිවාඩු දවසක ( සෙනසුරාදා ) කුඩා පිරිසකට පුංචි සාදයක් ඔවුන්ගේ සැලසුම උනා.
මගේ ව්‍යාපාරික අරමුණු බිද ගෙන ඔවුන්ගේ අරපිරිමැස්ම අගේ කරන්න මට හිත හදාගන්න පුළුවන් උනා.
නියමිත දිනයේදි  උත්සවය චාම් උනත් ගරු ගාම්භීරත්වයෙන් නිමවුනා.
ස්තුතිය පලකරන්න ( thank you card එක වෙනුවට) සහභාගී වුන සැමට ලැබුනේ ලස්සන ඇසුරුමක බහාලු දෙළුම් පැල දෙකක් !.

හිතා ගන්න පුළුවන් නේද උත්සවය කොයිතරම් නැවුම් අන්දමින් පැවතුනාද කියලා !.

notes of imaginary

Tuesday, January 08, 2019

කෙටි කතාවක්.- අපට දික්කාසාද වන්නට දෛවය නියම කර තිබේ.

මල්කිත් මාත්දැන් දවස් ගානක්තිස්සේම හිත්වලින් ඔද්දල් වෙලාය. අපේ ආදරේ කතන්දරය පටන්්ගත්තේනම් උසස් පෙලවිභාග කාලයේදීය.ඒකත්ලෝකමහා සංග්‍රාමය වගේ එකකි.ප්‍රේමය හටගැණීම හෙවත්ඇති වීම , එය ප්‍රකාශ කිරීමට ඇතිඋවමනාව එය ප්‍රකාශ කිරීම අනිත්පරවශ විසින් එය ග්‍රහණය කිරීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීම පිලිබදවිචිකිච්චාව .........ඒවා ඇත්තටම මාර යුද්ධයක්වගේය.
සියල්ලටම වඩා ප්‍රේමය ප්‍රතික්‍ෂෙපවුවහොත් ..අවට සිටින සගයින්ගෙන් ලැබෙන  අනුකම්පා විරහිත පරවශ  උපහාස අපහාසයන්  පිලිබද භිතිය මාස ගණනාවක් තිස්සේ එක දිගටම පැවතිනි.
ඇත්තටම ඒ කාලසීමාව තුලමට කෑමක්බීමක් ගන්නට හිතුනේවත් නැත.


" මොකෝ මේ මළපෙරේතයෙක්  වගේ?.හැටි   . එන්න එන්නම දිරලා යනවා. නාකි මිනිහෙක්වගේ.අසනීපයක් තියේනම් පුතේ බෙහෙත් ගනින්කෝ ........"
මගේ අම්මා මට එසේ කීවේ ආදරයට වන්නට ඇත. අම්මා මගේ ජීවිතයේ ප්‍රථම ආදරයයි. දැන් මගේජීවිතයේ ඊලග ආදරය සැදී පැහැදී සිටින වෙලාවය.අවිඥ්ඥාණිකව හෝ එය ඉව වැටී ඇය මට වහසි බස් දොඩවනවා  ඇතැයි එවෙලේමට හිතුණි.
මේ අප මුණ  ගැහෙන ප්‍රථමදිනයයි.
මම පැය භාගයකට කලින් ගොස් නගරයේ මහ බස් නැවතුමේ කෙලවරක ගාල් වෙලාය.
අවට ලෝකය  හෝ අවට මිනිසුන් ගැන කිසිම හැගීමක් නැති පඹයෙකු සේ  මා සිට ගෙනය.
නගරයේ මහා කලිකලහය හෝ ඝෝෂාව මට  නෑසේ.
ඒ ඝෝෂාවල් සියල්ල මගේ සතුරන්  වගේය.මා  මල්කිව හමුවන බව දැන්නු විට අපේ කොළු කට්ටුව දැක්වු ප්‍රතිචාර මට ඒ තරම්  ඇල්ලුවේ නැත.
අපෝ .........ඇත්තද බන් ?...........උබ කේන්දරේ එහෙම බලව ගත්තේනැද්ද බං................?. චාමර එසේ කීවේ ඇහැක් පුංචි  කරමින්ය. ඔහුගේ දෑස්වල ඇතිවපරය මට මුල්වර පෙනුනේ එදාය.
''ආ..................උඹ මාර දියුණුයි නෙ...........................එහෙමතීරනේකට එන්න.........ඒත බං උඹ ඉල්ලන් කන්න යනවද කියලත්මට හිතෙනවා...................එසේකීවේ සූමල්.
ඔහුගේ  දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගේ බොල්ලෑ බව තේරුනේ එදාය.
හරි.......හරි.....උබ වැඩේ කර ගනින්කෝ.....ඕනම සපෝට් එකකට මේ අපි  ඉන්නවා හරිය.......!. එසේ කීවේ දමයන්තය.
මොනතරම් පැහැපත්පාටත් නොතිබුනත්  " කළු යකා " යයි මිතුරන්ගෙන් උසුළු විසුළු ලැබුවත් ඔහුගේ  හිත මොන තරම් සුදු දයයි කියා සිතුනේ එදාය.
දැන් නියමිත වෙලාව ඇවිල්ලාත්   තව පැය භාගයක්  ගිහිල්ලාය.
උදේ නවයට  හමුවීමට මා අදාලතැනට ගියේ අටහමාරටය.දැන් නවය හමාරටත් ආසන්නය.
මගේ සිත කුහුල්බර වෙයි.
මේ ගෑණුන්ගේ හැටිද ?........ලණුදීම.........පොලුතැබීම ...............චපල කම්...............මේක උන්ගේ ජානවල  පැල පදියම් වු දේවල් ද ?.
හිත කළකිරීමකට කලවම් වී ගෙනයද්දී ඉරේ රස්නය දැඩිව දැනෙමින් එද්දී .......... ලාරෝස පැහැතිවස්ත්‍රයක්  ඇදි යුවතියක්  මා අසලට එනවා පෙනුනේ ඇස්වල කදුළු අතරින්ය.
"ගුඩ් මෝර්නින්......ඔයා ඇවිල්ලා ගොඩක්  වෙලාද ?.......පොඩි ප්‍රස්නයක්නේ!.මම පරක්කු වුනා. සොරි......
මල්කි එසේ කියද්දී මට මගේ කන් අදහා ගත  නොහැකිවෙයි. සියල්ලටම වඩා ඇගේ රෑපයේ ලස්සන.
ලා හිරු රැස් වැදී බස් නැවතුම දිලිසෙමින් තිබුන බව මට තේරුනේ ඇගේ සුන්දර මූණ මත ලා සෙවනැල්ලක් පතිත වෙලා තිබෙනු දුටු විටය.
ඇයට ඇත්තේ ආකර්ෂණීය දෑස්ය.  දෙතොල් පොපියා ඈ කතා  කරන්නේ ලතා වකටය. මේ තරම් රෑමත්  කෙනෙක්. මට මගේ රූපය ගැන  කමකට නැතිසිතිවිලි එයි.නමුත් දැන් මම ඇගේ අදහසට උත්තර දිය යුතුය.
"ආනේ ..........කමක් නැහැ....මම ටිකක් කලින් ආවා..................අපි ඉතින්කොල්ලොනේ!................ඕන තරම් වෙලාවක්ඉන්න පුළුවන් නේ.ඔයා ඇවිත් රස්තියාදු කරන්න බෑනේ ..... . ඒකට කමක් නෑ......"
මා කියන කතාවට ඈ ලස්සන හිනාවක් පායි.ඇගේ හිනාව කොයිතරම් ආකර්ෂණියද ?
මගේ එකම යාළුවෙකුට මෙතරම් ගස්සන කෙල්ලක් නැත.උන්ට , මගේ මිතුරු කට්ටුවට මා ගැන ඉරිසියා හිතෙන එක අහන්න දෙයක්යෑ.......
මල්කි මා දෙස ඇස් දල්වා බලයි. ඒ මා කිවු කතාවට ඇගේ තුටු පහටුව පෙන්වීමට මා ආසන්නයට මදක් එමින්ය. මා සමීපයේ ඇයට යම් ආරක්‍ෂාවක් ඇති බව මගේ කතාවෙන් ඇයට වැටහුනා සේය.
ආරක්‍ෂාව පිලිබද හැගීමට ගැහැණු අය හුගක් ලොල් බව වරෙක මට කියා සිටියේ මගේ මිතුරෙකි.මම ඔහුට සිතින් සුතුතිවන්ත වෙමි. ඔවුන් මා මෙන් නොව ස්ත්‍රී විශේෂඥවරුන්ය.
මම අහිංසක විදියට සිනා සී ඈ දෙස බලමි.
මල්කි සාමාන්‍යයෙන් අහංකාර කෙල්ලෙකි.ඒ අහංකාර කමට මම බෙහෙවින් බයය.නමුත් අද ඇය මා හමුවට පැමිණ ඇත.දැන් මා ක්‍රියාත්මක විය යුතුය.
" අපි කැපේ එකකට යමුද මොනව හරි බොන්න ?."
මම එසේ කියන්නේ මර බයෙන්ය.බැරි වෙලාවත් ඇය එය ප්‍රතික්‍ෂෙප කලහොත්....... මා පත්වන තත්වය ......දෙවියනි මා ලෝකයට මුණ දෙන්නේ කොහොමද ?.මගේ ග්‍රහචාරයත් එතරම් හොද නැත.
"ඒ මොකටද කැපේ යන්නේ.... පිස්සුද ......අපි මෙතනම ඉදගෙන කතා කරමු ........" මම ගැස්සී ගියෙමි.
ඈ දෙස බලමි .ඈ මොකුත් කියා නැත .
"ඔව්........ඒක හොදයි නේද ?. හැබැයි මට බයයි අපේ අයියලා දෙන්නා......ඒ දෙන්නා ගේ යාලුවෝ.............හැමතැනම.
ඇගේ මුණට බියපත් පෙනුමක් ඇවිල්ලාය !
ඈතාතිගත් මුව පොව්වක  මෙන්ය ඈ අහංකාර එකියෙකැයි ඇයට හිතින් කිව්වාම මටම දොසු පවරා ගනිමි. අහිංසකත්වයේ උපත ඇයයි.
"ඔ්යාට කරදරයක් නැත්නම් විතරක් යමු ....මල්කි."
" හා ....කමක් නෑ ...යමු..සුරාජ්..."

ඈ මගේ නම ලස්සනට ගායන කරයි.
දැන් අපි දෙදෙනා බස් නැවතුමින් මෑත්වී නගරය කෙළවරේ ඇති කැපේ එකට යන්නට යමු.
ඈ වට පිට බලන්නේ නැත. මාද වට පිට බලන්නේ නැත. මේ තැති ගැන්ම හරිම පුදුමය. මට හදවතක් ඇති බව තේරෙන්නේ මේ තැතිගැන්ම ඔස්සේය.ඒකත් හරිම මිහිරි වින්දනයකි.
මම ඉයෙන් යමි. ඈ මට මදක් පසු පසින් හෙමිහිට පිය නගා එයි.ඇගේ අඩි පාවහන්වල සද්දය මට ඇසෙයි. එය මගේ හදවතේ හඩ හා සමපාත වෙයි.
ඩග් ඩග් ඩග්
ටක් ටක් ටක්.
සංසාරේ මා පසුපස  එන ගැහැණිය.....
සංසාරෙ කිසි භවයක් මා අත නොහරින පතිනිය........
මා හට කවි සංකල්පනා දොරේ ගලාගෙන එන හැටි.....
අපි දෙදෙනා යන මග දෙපසම තවත් අය මෙන්ම තවත් වාහන එහාට මෙහාට  යයි.ඒ කිසිවක් අප දෙස බලන්නේ නැත.අප දෙදෙනා හරියට ගෙයක් බිදින්න යන පල් හොරු වගේද .......? එකවර මමහිස ඔසවා අපේ ඉදිරිය දෙස බලමි.කී දෙනෙක් යන ගමන් මල්කී  දෙස බලයි.මම ඈ දෙස බලමි. ඈ බිම බලා ගෙනය.

" -සගවා ගනු මැන ඔබේ වත සොදුරියේ
අනෙකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි ......" මගේ සිත ගායනා කරයි.
අවන්හලට ඇතුළු වී පුටු දෙකකට බරවු පසු ඈ සුසුමක් හෙලයි. මටද සුසුමක් පිට වෙයි. ඒ සැනසුම් සුසුමන්ය.
අප දෙදෙනාගේ ප්‍රාශ්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් වායුවටට අමතරව තවත් වායුවක් ඇත. ඒ අපේ හදවත්වල කැකැරෙමින් කැටි ගැසෙමින් රත් වෙමින් වාෂ්ප වන ආදරයේ මිහිරි වායුවයි.
නිල ඇදුමක් ඇදගත් තරුන වේටර්වරයෙක් මද සිනා ඇතිව අප අභිමුවේ.
"යර්ස් සර් "
මොනවද මල්කි.....බොන්නේ ?.මොනවා හරි කමුද ?
"කන්න එපා ........බොමු......ඔයා කැමති දෙයක්"
මම ඈ දෙස බලන්නට නොලොස් වේටර් දිහා බලා මෙහෙම කියමි.
"අපිට ඔරේන්ජ් ජූස් දෙකක් "
මම බොන දෙයක් ඔයා බොන්නේ..මම වහ බිව්වොත් එයත් බොනවද ?
මට එහෙම හිතිනත් මම එය කියන්නේ නැත.මුල්ම දවසේ මොකටද අවකැපෙන කතා කියන්නේ.....වස් වදීවි.ඒවා භයානකය.
අපි ගොඩාක් වෙලා කතා කරමු.
නැත ඒ ඇස් වලින් විතරක් . වදන් වලින් කතා කලේ සීමිතවය.
එකිනෙකාගේ අදහස් ප්‍රකාශකරන හොදම මාධ්‍යය භාෂාව බව දැන සිටියෙමු.නමුත් ඒ භාෂාව වචන වලින් පුරුද්දන්නට බැරි කම අපේ දුර්වල කමක් බව අපටම ප්‍රත්‍යක්‍ෂ විය.
වට පිට බලා මම ඈ ලග අසුනට ලංව පුටුවේ වාඩිවි ඇගේ වමත මගේ දකුනත තබා එය මදක් එසවා සිප ගත්තෙමි.
ඈ මා වෙත හෙලන බැල්ම ඔස්සේ සදෙව් ලෝකවල ද්වාර විවර වනවා ඇසෙයි.මිණ බැදි සළඹ සල සලා දෙව්ලියෝ  මා වෙත එනවා ඇසෙයි.ඇසි පිය නොහෙලා තව තවත් ඒ දෑස්  දෙස බල සිටිමි.වෙව්ලන ඇගේ දෙතොල් මත මගේ අතැගිලි තැබෙයි..

හහ්  .මේ ලෝකේ නෙමෙයි ජීවත් වෙන්නේ ....හරි අපූරුයි. මේ මිනහට වගේ වගක් නැති හැටි කිසිම දේක. !.. උන් හටි ගමන් උල්කාපාතයක් කඩා වැටිනි.මහා හඩින් අහස ගුගුරා එකවරම මුරුගසන් වරුෂාවක් වසී. මගේ සියොලග දහඩියෙන් පෙගී යයි.
"ඔය ඩිවෝස් පේපරස් ටික දෙනවා මෙහාට............."ඒක උඩ ලැගගෙන ඉන්නේ .
මම දෑස් පිසදා බලමි.
මේ කෑ ගසා මට රවා ගෙන සිටින්නී.... මල්කිය
මා දිව්‍ය ලෝකයට කැදවා ගෙන ගිය ඇගේ දෑස් දැන් විසල් වී මට ඔරවා ගෙන මට නරකාදියට යන්න පාර කියා දෙයි.අපේ ආදරයට වසර පහක් බවත් අපේ කසාද දිවියට වසර තුනක් බවත් මට මෙනෙහි වන්නේ දැන්ය.
තව මාසයකින් අපට දික්කාසාද වන්නට  දෛවය නියම කර තිබේ.


මේ කෙටි කතාව දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටා ගත්තකි.

යමුනා මාලණි පෙරෙරාගේ "සේයා පරන මායා" කෙටි කතා සංග්‍රහයේ පලවුවකි. 

notes of imaginary

Monday, December 24, 2018

මාව කාපිය .....





ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝ ව තම්බාපිය
මෙ තුන කරලා මාව කාපිය

තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන් කුරුට්ටන් එකතුව සෙල්ලම් කරන විට කිවු පද හතරක් මට යලි සිහිපත්වුයේ දේශපාලකයින් අපේ රටට කරන විනාශය දුටු විටය. මොවුන්ට රට ගැන කිසිම හාං හූ වුවක් නැත. තම බලය සහ බඩ තරකර ගැණීමේ උපාය මාර්ගයන් ගෙන් එපිට කිසිදු හැගීමක් මවු බිම වෙනුවෙන් නැත. බලය හා තන්හාවෙන්  ඇතිවු - තන්හාවෙන් නොකරනා දෙයක් නැත. මේ හේතුවෙන් අවුරුදු හැත්තෑවක්වු ස්වදේශීය පාලනයෙන් දිනෙන් දින අප රට වල පල්ලට ගියා මිස ගොඩ ගියේ නැත.
කෙනෙක් පටන් ගත් දේ අනෙකාට වැරදිය. ඒ දේ විනාශ කර එතනම අළුතින් එයම කරනවා හැර වෙන යමක් කිරීමට දැනුමක් ද නැත.දශක හතම ගතවුයේ මෙලෙසින් රට ගොඩ ගැනීමය.
අවසන තියන දේත් නොරටුනට විකුනා බඩ පුරවා ගන්නේය.
අන්තිමට නටපු නැටුමකුත් බෙරේ පළුවකුත් ඉතිරිව  නැත.
පසු ගිය දිනවල එහාට මෙහාට පැන්නවුන්ගේ තක්සේරුව සොයා බැළුවිට මුන්ට රට ගැන නොව බඩ ගැන කැක්කුමක් ඇතිවී ඇති බව නම් පැහැදිලිය. ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එහාට මෙහාට මැරුවු අයට තමා නියෝජනය කරන පක්‍ෂයෙන් තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් යලි ගොඩ ඒමට බැරි බව දන්නා මොවුන් පක්‍ෂය මාරු කරමින් ගොඩ එන්න උත්සහා දරන බවක් නම් පැහැදිලිය. පරාමාධිපත්‍ය නම් වු විකාරය ඔළු ගෙඩි 225 කට සහ එක් නායක ඔළුවකට බාරදී කැමැත්තෙන් සිර ගතවු පරාමාධිපත්‍ය හිමි ජනතාවකට කවදා හෝ දිනක එක් දිනකට පමනක් පරමාධිපත්‍යයේ හිමි කම ලැබෙනු ඇත.
සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝය. අනෙක් ජාතීන් තම තමන්ගේ ජාති උරුමය පමනක් වෙන්දේසි කරමින් සිංහල ජාතිකය සිරගත කරත්නේය. උදර පෝෂනය ගැන පමනක් සිතන දේශපාලකයෝ දෙපිලටත් තවත් පිල් වලටත්  බෙදුන බහුතරයක්වු සිංහල ජාතියක් නිර්මානය කරගෙන බලය උදෙසා රට පාවා දෙන්නේය.
යලි කවදා හෝ පරමාධිපත්‍ය හිමි වුදාට -  යලි සිර ගත නොවන්නට එකමුතුව සිතන්නේ නම් කොයිතරම් පලදායිවේද ?.
මේ අතුරු කතාව මුල් කවි පද හතරට වැදගත් නොවු වත් ඉන් කියවෙන ගැඹුරු අරුත පැහැදිලි කරමි.

ඉස්සන් - ඊර්ෂ්‍යාව
රා    - රාගය
මෝ ව -මෝහය
මාව   - මම මමත්‍වය
මාව කාපිය -  මමත්‍වය විනාශ කර ගැණීම.
.



notes of imaginary

Friday, December 21, 2018

ජීවිතය අරුමයක්.


මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා.
ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය  නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය  ආගමික කටයුතු වලට පන්සලට පල්ලියට නිදහසේ යනවා . තවත් රසකාමීන් කොටසක් නිදහසේ නිදහස් තැන් වලට එක්වෙනවා. මෙසේ  සතුට බෙදා ගන්නා මිතුරන් කිහිප පොලක් මට මුන ගැහෙනවා හැම මාසෙම. මට මේ හමුවීම අමුත්තක් නෙමෙයි.
අති විශේෂ, සෝඩා ඇතිව නැතිව හත් අට දෙනෙක් වට වෙන්න පුළුවන් මේසයක අහගෙන ඉන්න තරම් වාද විවාද ඇති වෙනවා මම පුරුද්දෙන් දන්නවා. අනුන්ගේ කතා බහට කන්දීම හොද පුරුද්දක් නූනත් මේ වියත් සභාව පදම් වෙන කොට කියන කතා අහන එක මට පුරුද්දක්.විදුහල්පතිවරු ගුරුවරු, මාණ්ඩලිකයන් ලිපිකාර මහත්වරුන් අද එකම තලයක විශ්‍රාමිකයන් වෙලා.
මේ කණ්ඩායමේ ඇත්තන් ගෙන් කෙනෙක්  හිටපු හැටියේ සමුගන්නා අවස්ථාවන් ,රෝහල් ගතවෙන අවස්ථාවන් ඉද හිට සෞඛ්‍ය හේතුන් මත විවේක ගන්නා අවස්ථාවන් නිසා තාවකාලිකව හෝ සදාකාලිකව ගණපුරණය වෙනස් වෙන අවස්ථා මම පහුගිය අවුරුදු ගනනාව තුල අත් දැක්කා.
මේ හමුවීමත් සමාජිකයෙකුගේ සදාකාලික වෙන්වීමත් සමග එකට සනිටුහන් වු දවසක්.
අද මිත්‍රයින්ගේ මාතෘකාව බවට පත්වෙලා තිබුනේ ජීවිතය..........
...............
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ...........,
විදුහල්පති වරයෙක්වු විශ්‍රාමිකයෙක්ගේ හඩ මට ඇසේ රැල් බුරුල් හැර කන්දේ ගෙදර නයිදේට කවියක් කියයි. පිරිස සාවධානව අසා සිටී. දේශපාලන කථා බහකින් හෙම්බත්වු මේ පිරිස යහමගට පිවිසි බවක් මට හැගේ. මම වඩාත් ඕනා කමකින් සංවාදයට දෙසවන් යොමු කලෙමි.
විදුහල්පතිවරයා පැහැදිලි කරයි.
කන්දේ ගෙදර -     රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ        -     තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
ගන් ගිය දා - මියගියපසු
ගෙට ගිණි තියති - මළවුන්ගේ  සිරුර පුළුස්සති.
අපි  තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර තවත් ගෙයක් සදන්න කරුණු කාරනා එකතු       කරමින් සීටී.

පිරිස තවත් කතා බහක පැටලී සිටි. මගේ අවධානය බිදිමින් වෙනත් කාරියක් පැවරෙයි.

notes of imaginary

Thursday, September 20, 2018

අනුරාධපුර රාජ වංශය.



විජය රජතුමා                                                        ක්‍රි.පු 544

උපතිස්සපණ්ඩුවස්දෙව්අභයපණ්ඩුකාභයමුඨසිවදේවානම්පියතිස්ස                                               ක්‍රි.පු 250-210
උත්තියමහාසිවසුරතිස්සසේන සහ ගුත්තිකඅසේලඑළාල (එළාර)දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු)                              ක්‍රි.පු.161-137
සද්ධාතිස්ස                                                            ක්‍රි.පු.137-119
තුලත්ථන                                                               ක්‍රි.පු. 119
ලංජතිස්ස(ලැමිණිතිස් )                                        ක්‍රි.පු.  119 – 109
බල්ලාඨනාග                                                          ක්‍රි.පු. 109 – 103
වලගම් අබා  (වට්ට ගාමිණි)                                       ක්‍රි.පු. 103
පුලහත්තබාගියපනයමාරපිලයමාරධාතික                                                                  ක්‍රි.පු.103 – 89
වලගම් අබා ( වට්ට ගාමිණි)                            ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.මහාචුලි මහාතිස්ස                                                    ක්‍රි.පු77-63
චොරනාග                                                             ක්‍රි.පු  63  - 51
තිස්ස (කුඩා තිස්ස )                                                   ක්‍රි.පු    51 – 48
සිවවටුකදාරුභාතික තිස්සනිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)අනුලා රැජින                                                           ක්‍රි.පු 48 – 44
කූඨකණ්ණ තිස්සභාතික අභය ( භාතික අභය තිස්ස , හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ)   ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07
මහාදාඨික මහානාග                                                            07-19
ආමන්ද –  ගාමිණි අභය                                                       19 – 29
කණිරජාණු තිස්ස                                                                29 -32
චූලාභය                                                                             32-33-
ඉලනාග                                                                            33-43
චණ්ඩමුඛ ශිව                                                                        43-52
යසලාලක තිස්ස                                                                       52-60
යසලාලක තිස්ස සහ සුභ                                                           60-67
වසභ                                                                                    67-111
වංකානාසික තිස්ස                                                                      111-114
ගජබාහුක ගාමිණි ( ගජබාහු I ,ගජබා )                                114 -136
මහල්ලක නාග                                                                       136 – 143
භාතික තිස්ස (බාතිය)                                                                143 – 167
කණිට්ඨ තිස්ස                                                                        167 -186
බුජ්ජ නාග                                                                             186 –
කුංචනාග                                                                              187 – 189
සිරිනාග I                                                                          189 – 209
වොහාරික තිස්ස   (වේර තිස්ස )                                               209 – 231
අභය  නාග                                                                    231   - 240
සිරිනාග II                                                                         240 – 242
විජය කුමාර                                                                  242 – 243
සංඝතිස්ස II                                                                     243 -247
සිරිසංඝබෝධි  ( දැහැමි සිරිසගබෝ)                                       247 -249
ඝොඨාභය හෙවත් මේඝවන්න අභය ( ගොළු  අබා)                249 -262
ජෙට්ඨ තිස්ස I                263 -273
මහාසේන (මහසෙන්)    274 – 301


සිරි මේඝවණ්න ( කිත්සිරිමෙවන් )
301 -328
ජෙට්ඨතිස්ස  II
328-337
බුද්ධදාස
337 -365
උපතිස්ස I
365 – 406
මහානාම
406 – 428
වට්ටගාහක ජන්තු
428
මිත්තසේන ( මිත්සෙන් )
428 -429
පණ්ඩු
429 – 434
පාරින්ද
434 – 437
බුද්ද පාරින්ද
437 – 452
තිරිතර
452
දාඨිය
452 -455
පීඨිය
455
ධාතුසේන
455 – 473
කස්සප ( සීගිරි කසුබු)
473  – 491
මොග්ගලාන ( මුගලන්)
491 – 508
කුමාර ධාතුසේන ( කුමරදස් ,කුමාරදාස )
508 -516
කිත්තිසේන
516  – 517
සිව
517
උපතිස්ස II
517 – 518
සීලකාල ,අම්බසාමනේර
518 -531
දාඨපභූත   (දාපලු සෙන්)
531 -
මොග්ගලාන ( දල මුගලන් )
531 -551
කිත්සිරිමේභ ( කුඩා කිත්සිරිමෙවන් )
551 -569
මහානාග
569  – 571
අග්බෝධි I ( අක්බෝ )
571 – 604
අග්බෝධි II  ( තුඩා අක්බෝ)
604 – 614
සංඝතිස්ස II
614
මොග්ගලාන  III ( දල මුගලන් ළමැණි බෝනා මුගලන්)
614 – 619
සීලාඝමේඝවන්න
619 – 628
අග්ගබෝධි III  (සිරිසංඝබෝධි   සිරිගබෝ )
628
ජෙට්ඨතිස්ස
628
අග්ගබෝධි III  (සිරිසංඝබෝධි   සිරිගබෝ ) යලි රජ පැමිනේ
629 – 639
දාඨෝපතිස්ස
629 -650
කස්සප  I
650 -659
දප්පුළු I
659
හත්ථදාඨ
659 -667
අග්ගබෝධි  IV  (සිරිසංඝබෝධි ,සිරිසගබෝ )
667 – 683
දට්ට
683 -4
හත්ථදාඨ II
684
මානවම්ම
684 – 718
අග්ගබෝධි  V  ( අක්බෝ )
718 – 724
කස්සප III  (කසුබු,සුළු කසුබු )
724 -730
මහින්ද I
730 – 733
අග්ගබෝධි  VI (සීලාමේඝ)
733 – 772
අග්ගබෝධි  VII
772 -777
මහින්ද  II    (සීලාමේඝ)
777 – 797
උදය I
797 -801
මහින්ද  III
801 – 804
අග්ගබෝධි  VII
804 – 815
දප්පුල II
815 -831
අග්ගබෝධි  IX
831 – 833
සේන I
833 – 853
සේන II
853 – 887
උදය II
887 – 898
කස්සප  IV
898 – 914
කස්සප V
914 – 923
දප්පුල III
923 – 924
දප්පුල IV
924 – 935
උදය  III
935 – 938
සේන  III
938 – 946
උදය     IV
946 – 954
       සේන     IV
954 – 956
මහින්ද    I
956 – 972
සේන     V
972 – 982
මහින්ද   V   (මිහිදු  )
982 – 1029
මහින්ද රජතුමා ක්‍රිව 1017 දී සිය බිසවත් සමග සොළින් විසින් තම දේශයට පිටුවහල් කරනු ලැබු බව සදහන් අදහසක්ද තිබේ.
ක්‍රිව  1029  දී  අනුරාධපුර රාජධාණිය බිද වැටී ‍පොලන්නරුව අග නගරය කරගෙන පාලනය ආරම්භ වී ඇත.



notes of imaginary