පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Sunday, September 02, 2018

මඩු - මණ්ඩපය.

 කෘෂිකර්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ  පිහිට පතා  කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්වෙනවා. අපේ ගමෙත් පත්තිනි දේවාලයක් තියෙනවා. මෙම දේවාලයට අවුරුදු දෙසියක පමණ ඉතිහාසයක් පවතින බවයි පැවසෙන්නේ.මෙම දේවාලයේත් වාර්ෂිකව පහන් මඩු උත්සවයක් පවත්වනවා.
අපේ ගමේ පහන් මඩුදා 
පහන් මඩුවක්දා ශිල්පියෙක් පැලද සිටි මුහුනක් 


 අතීතයේ සිට පැවතෙන මෙම චාරිත්‍ර විධි ගම්මඩුව,දෙවොල් මඩුව,පූණ මඩුව,මල් මඩුව,ගිණිමඩුව,ගරා මඩුව ආදී වශයෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට හදුන්වනවා.
ඒ වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙම උත්සවය පවත්වන ආකාරයේද සුළු සුළු වෙනස් කම් දක්නට ලැබෙනවා. “ මඩුව ” යන්න මණ්ඩපය යන්නෙන් අරුත් ගන්නනවා.
මේ යාතු කර්මයන් ද අපිට ඉන්දියාවෙන් ලැබුන ආභාෂයක්. ලංකාවේ දෙවෙල් මඩු ආරම්භය පිලිබද පුරා වෘත්තය මෙසේ පැවසෙනවා.

ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ “සේරනාම් ” නම් රජුගේ උයනට ගෝනෙකු එන සිරිතක් තිබුනා මේ ගෝනා උයන පාළු කරන බැවින් රජු තම හේවායින්ට අණ කලා ඌ පරා දමන්නට.
හේවායින් ගෝනා අඹා යන විට ඌගේ පය පැකිලී අසල තිබු පොකුනට වැටී මරණයට පත්වෙනා. මෙම ගෝනා ගැබ්බර අවස්ථාවේ සිටි සතෙක්.අධික වේදනා විද රජු කෙරෙහි වෛරී සිතිවිල්ලෙන් ඈ මියයනවා.
මියගොස් එම උයනේ පොකුනේම  මැඩියෙක්ව නැවත ඉපදෙනවා.
දිනක් රජතුමා උයන් කෙළියේ පැමින මෙම පොකුන අසලට එනවා. පොකුනේ පිපි මානෙල් මලක් නෙලා ගෙන සුවද අඝ්‍රානය කරනවා.ඒ අවස්ථාවේ  මැඩියා මල යට රිංගාගෙන සිට,රජුගේ නාසයට විෂක් නිකුත් කරනවා.
මේ හේතුවෙන් රජුට දරුණු හිසරදයක් ඇතිවෙනවා.මොනතරම් ප්‍රතිකර්ම කලත් හිසරදය සුව නොවු රජු දිනක සිහිනයකින් රුමත් කන්තාවක දකිනවා.
ඒ බව පසුදින තම පුරෝහිත බමුනාගෙන් මෙම සිහිනයේ අරුත විමසු කල ඔහු පිළිවදන් දෙන්නේ  සිහිනයෙන් දුටු  කාන්තාව පත්තිනි දේවිය බවයි.

ඇගේ සාපයකින්  හිසරදය වැළදී ඇති බැවින් නිර්මල බුද්ධ ශාසනයත්   සතර මහා දේවාලත් ඇති  රටකට ගොස්  දින හතක් දුගී මගී යාචකයින්ට දන් දී පත්තිනි දේවියට පිං පැමිණිය යුතු බවට පුරෝහිත බමුනා උපදෙස් දෙනවා.මීට සුදුසුම රට ලංකාව බව පුරෝහිත බමුනා රජුට සැල කිරීමෙන් පසු රජු වත්තලින් මේ රටට පැමිනෙනවා.පලමුව කැලණියට ගොස් බුදුන් වැද රුවන්වැල්ලේදී  දෙවොල් මඩුවක් කර පත්තිනිදේවියට පිංපෙත් දුන් බවත්, එදා පටන් රජුගේ හිසරුදාව සුව වු බවත් පැවසෙනවා.

notes of imaginary

Thursday, August 30, 2018

පාට වරුන.



පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට
රණින් වලළු- තනවලා දෙමි පයට
මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට

සදට හොරෙන් සද මුදුනෙන් රාහු ගියා
ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනෙන් බමරු ගියා
අපට හොරෙන් නුබ දැසට නොපෙනී ගියා

ගිරවුන් හැර ගියත් ඉර තනිනොවේවා
සාවුන් හැර-------- ගියත් සද තනිනොවේවා
බමරුන් හැර ගියත් - මල තනිනොවේවා
මා හැර ගියද? - නැගණිය තනිනොවේවා

හිමි ඇති ලදක් - කරකාරෙට ලැබියන්
රුවැති ගුනැති - දු දරුවන් ලැබීයන්
මේ ජාතියේ  -  මා කල පව් ගෙවීයන්
මතු ජාතියේ  - හිමි සද ලෙස ලැබීයන්

සවි ඇති කලට - උක් දන්ඩේ පැණිසේමා
සවි නැති කලට ----------- වැට කෙයියා රොඩු සේමා
වෙර නැති දා කෙතකට බැදි වැට සේමා
අසරනදා ---මල්යායේ කටු සේමා

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්
දේපෝදාට පුන් සද වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්

ගායකයා හා ගායිකාවද පද රචකයාද මම නොදනිමි. මගේ ගීත එකතුවේ ඇති මේ ගීතය අසන්න.

notes of imaginary

පරණ සටහන් දිහා  බැළුවා. ගොඩක්  ලියවෙලා තිබුනේ මම මුල්තරගෙන. මම... මම.. මම..... ඒකත් නිසරු  මන්තරයක්වගෙයි.
අදත් වෙනසක් නැහැ . මගේ දවස ගෙවෙන්නේ  හිර කුටියක.
දොරක් තිබුනත් පිටවෙන්න බැරි .
කවුළු පියන්පත් විවර කරලා බලා ගෙන ඉන්න කොට වැඩියෙන්ම දකින්නේ විෂුක දශ්ශක.

ඊයේ අහුලා ගත්ත ගී පදවැල මතක ඇති.
“පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට
රණින් වලළු- තනවලා දෙමි පයට”
එහෙම වෙනවා නම්  ‘ රනින් වළළු තනවා දෙන්නට ” කී දෙනෙක් ඉදිරිපත් වෙයීද  ?.මම හිතුවා.

බොහෝමයක්  තරුන දූ දරුවන්  එලිමහනේ ආදරබස්  දෙඩීම  අද වන විට  දොරගුළු දා ගත් කාමර වලට සීමා වෙලා.පෞද්ගලිකත්‍වය රැක ගන්න හොද මගක් වෙන්න පුළුවන්
ඒත් බිදී ගිය රැවල් කදන් මත මංගලපෝරු ඉදි කරගන්නා විට ........
“මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට
ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට ”
යයි සිතින් කුකුලන්ට අල්ලස් දෙන කී දෙනෙක් ඇත්ද ?.
අද අපේ සමාජය බොහෝ විවෘත වෙලා.  ඉතින්  සමාජ බැදි බිද දමමින් ජීවිතයද  නිදහස්ව ඉගිලෙනවා විය හැකියි.
මම ඈත දවසක ලිවා මතකයි. අධිකරනය ඉදිරියේ  සිවිල් නඩු අතර ඉඩම් නඩු හැරුනාම වැඩියෙන්ම ඇත්තේ පවුල් ආරවුල් බව. මේ පවුල්  ආරවුල්  බොහොමයක් ඉදිරිපත්ව ඇත්තේ  වයස අවුරුදු  හතහලිටත් අඩු පවුල් වලින්.....
වවිමසා බලන විට දකින්නට ඇත්තේ දෙපලගේ අනවබෝධය . විසදා ලත හැකි ඉවසා සිටිය හැකි ඉතාමත් සුළු සිද්ධීන් අධිකරනය වෙත ගලා ගෙන ගොස් වෙන්වී යන තරුන තරුනියන් මේ වරද නිවරද කරගත යුත්තේ “කුකුලන්ට  අල්ලස් දීමට ඉදිරිපත් නොවීමෙන් යයි මට හිතෙනවා.


https://youtu.be/TUajMOMts

Wednesday, August 29, 2018

යලිත් අපි හමුවෙමු.

“බටහිර අහස රතු සිත්තම්
මැකුණාවේ
දෙනිපෙත හඬන හිරියාමල්
පිපුනාවේ
මා ආදරය දුටු බව නොම
හැඟුනාවේ
මා නැති කලෙක උන් සුවඳක්
දැනුනාවේ”

හෙම ලීවේ “ බොනී මහත්තයා” වෙනුවෙන් පරසතු මල් චිත්‍රපටියේ.
බොනී මහත්තයා විතරක් නෙමෙයි අපිත් නැති කල තමයි ගුණ සුවද ගැන කතා කරන්නේ !. 
නිහඩ බව නිසල බව තුල ඇති සිසිල අත්විදින්නට ලැබුන දවසක  සිතුවිලි අතීතයේ සිට වර්තමානයට එන්න වලිකනවා. මම බොහෝ දවසක සිට යමක් ලියන්න තතනවා. එත් ලියා ගන්න බැහැ. ලියවෙන්නේ නැහැ.

වර්තමාන දේශපාලනයේ නොගැලපෙන තැන් බොහෝයි. ඒත් මගේ සිතිවිලි ඒවා ගැන ලියන්න ඉඩ දෙන්නේ නැහැ. හිත අවුල් කරගන්නේ නැතිව සමාධි ගත වෙන්න නම් මොනවත් වුනේ නැති මොනවත් වෙන්නේ නැති ගානට ජීවත් වෙන්න ඕනී. මම විතරක් නෙමෙයි බොහෝම දෙනා අද දේශපාලනය හා දේශපාලකයෝ ගැන හිතන්නේ කතා කරන්නේ කළකිරීමකින්. විවේචනයට වඩා “ ඕන දෙයක් වෙද්දෙන් ” කියලා  ඇල් මැරුන සිතෙන් සිතිවිලි මුදාහරිනවා.

දවස අවට ලියවිය යුතු බොහෝ දේවල් මැවෙනවා. ඒත් එවා ගලපා ගන්න සිත සන්සුන්වන්නේ නෑ

මේ පුංචි වැව් තීරයේ මම දවසක තනිවුනා. සිත භාවනාවක වගේ පාවුනා. උත්සහාකරන්නම් නතරවුන මීදුම යලිත් පණ ගන්වන්න.මම හිතනවා මීදුම ඇසුරු කලෝ යලිත් මීදුමෙන් හමුවෙයි කියලා.





notes of imaginary

Saturday, February 24, 2018

ගලපිට පැහැරූ බිඩාලයෙනි ! පිබිදෙනු දැන්වත්...




මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා පිරිසක් බැවින් ඔහුට හතරවන ස්ථානයට පත්වීමට සිදුවිය.
ඔහුගේ මතයට අනුව ලංකාවේ දේශපාලනය හදාරන ලද ඡණ්ද දායකයෝ නැත.
අපේක්‍ෂකයෝද මෙහෙය වන්නෝද විවිධාකාරයේ  දූෂිතයෝය, මංකොල්ල කාරයෝය ,මැතිවරණයට පසු දින ඔහුගේ මූණු පොතේ තබා තිබු මේ පණිවිඩය මගේ සිත් ගත්තේය.මම ඔබට කියවන්නට එය පළකරනුයේ මගේ මිත්‍රයාට කෘතවේදීත්‍වය පලකරමිණි.
මේ පුංචි මැතිවරණයේදී මිල අධික මත්පැන් වර්ග ( රෙඩ් ලේබල් , බ්ලැක් ලේබල් , ග්‍රීන් ලේබල්, හෙනසි, වැනි විදේශිය මත්පැන් ) පවා සංතෝසම් ලෙස ලැබුන ඡණ්ද දායකයෝද මට හමුවිය.තනතුරකට ඇති මිලක් මම සිතුවෙමි.


notes of imaginary

Wednesday, January 03, 2018

මෙයට - උපගුරු .


මීට වසර හයකට පමන පෙර මා පලකල වියමනක් නැවත පලකරනවා. වියමන පරන වුනත්  මෙ කතාව පරන නැහැ.
වියමන පොඩි පොඩි වෙනස් කම් කලා ඒ කාලීන බව ගෙන එන්න.
අධ්‍යාපන පරිපාලන විෂයය පටන් ගන්න මුල්ම තැන විෂය භාර , අංශ භාර, නියෝජ්‍යවිදුහල්පති, සහකාර විදුහල්පති, විදුහල්පති , ගුරු උපදේශක , කොට්ඨාස අධ්‍යක්‍ෂ විෂයය අධ්‍යක්‍ෂ,  අධ්‍යක්‍ෂ සැලසුම්, අධ්‍යක්‍ෂ , ගුරු ආයාතන (පරිපාලන)  සහකාර, නියෝජ්‍ය , අතිරේක තවත් ලියවෙන්න අමතක වුන ඒවාත් එක්ක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පහු කරලා පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගාවටත් පලාත් අධ්‍යාපන ලේකම් ආදී සුපිරි තනතුරුත් ඔල මොට්ටල පලාත් අධ්‍යාපන ඇමත් තනතුරුත්  එන කොට තනතුරු සීයයක් විතර පුංචි ලමයින්ගේ අධ්‍යාපනයට කණ කොකා හඩවනවා.
ඒත් අපේ ළමයින්ගෙන් ටියුෂන් පංති පිරිලා. ටඅයුෂන් පංතියට ආවේ නැත්නම් විෂය භාර ගුරුවරයා සිසුවන්ට කෙනෙහිලි කම් කරනවා. ඉතින් තේරෙනවනේ අපේ අධ්‍යාපනයේත්  අධ්‍යාපන පරිපාලනයේත් පලදායිතාවය.
මේ කතාව අපේ රටේ අධ්‍යාපනයත්  අධ්‍යාපන පරිපාලනයත් ගැන නෙමෙයි.
 නස්රුදීන් කාලයේ සිද්ධවෙච්ච දෙයක් ගැන.
 දැන්  කාලේ කියලා අහංකාර නිළධාරින්ගේ හැසිරීම් රටාවේනස්රුදීන්ගේ කාලයෙත්  වෙනසක් නැහැ.අදත් එදත් .ගුරුවරියන් , කාන්තා අධ්‍යාපන  නිලධාරිණියන් පාසලට කියලා හිතාගෙන යන්නේ  රාත්‍රී  ප්‍රිය සම්භාෂනයකට යන්නා වාගේ.
නස්‌රුදීන් ගේ කතාවල විශේෂත්වය තමයි කතාව තමන්ටවු අත්දැකීමක් ලෙස විස්තර වෙන එක. ගුරුවරයෙක්, දේශකයෙක් ,වෙද්‍යවරයෙක්, වෙලෙන්දෙක් වැනි නොයෙක් චරිත බවට පත්වන  එක. නස්‌රුදීන්ගේ මේ කතාවෙන්  සදහන් කරන්නේ ගුරුවරයෙක් ලෙස විදපු අත්දැකීමක් ගැන .
නස්‌රුදීන් පිටිසර ගමක පාසලක ගුරුවරයෙක් හැටියට සේවය කරමින් හිටියා. නගරයේ වගේ පිටිසර පාසල් වල පහසුකම් නැහැ. පාසල් පරීක්‍ෂකවරයා පාසලට එනවා කියන ආරංචිය ලැබුනදා සිට  ගුරුවරු  ඒ සදහා ලක ලෑස්ති වෙන්නේ තමන්ගේ කාඩ් එක කොහොම හරි බේර ගන්න ඕනි නිසා. නස්‌රුදීන්නුත් මාස ගානක් තම ශිෂ්‍යයින් පාසල් පරීක්‍ෂක පිලිගැණිමට හොදට සුදානම් කලා.
ඔන්න ඉතින් එදා පාසලට ‍ගරු ගාම්භිරව සැපත් වුනේ පාසල් පරීක්‍ෂකවරයයෙක් නෙමෙයි  පාසල් පරීක්‍ෂකවරියක්. එතුමිය නස්‌රුදීන් සිසු දරුවන්ට පංතියේ උගන්වමින් ඉන්න වෙලාවේ පංතියට සැපත් වෙනවා.  ඔහුගේ ඉගැන්වීමේ කටයුතු පරීක්‍ෂා කරන්න .
හැමදාමත් වතු පිටි කෙත්වතු හරහා ආ  සුදු මුදු සුලග  වෙනුවට අමුතු සුවඳිකින් පංති කාමරය පිරී ගියා. කර පළල අත් රහිත හැට්‌ටය. ඉනට බොහෝ පහළින් දවටා ගෙන  තිබුන  ඇගේ  සාරිය  සිරුරේ වැඩි කොටසක් ස්වභාව ධර්මයේ  නිර්මාණයන් ප්‍රදර්ශණය කරමින් තිබුනා. රතට රතේ පින්තාරු කල  දෙතොල, චුටි ඉරක් වගේ ඇද ඇසි බැමි ගලවා නිර්මාණය කල දෙබැම . ලේ වැකුණු අමු මස්  ගොඩකට ඇන්නා වගේ.  
 මේ විසිතුරු නිර්මාණය දෙස  සිසුන් කට අයාගෙන පුදුමයෙන් වගේ බලා සිටියා.
මේ කෝළම  දැකපු  නස්‌රුදීන්ට හොදටම තරහ ගියා. කරන්නම්  අද හොද වැඩක් කියලා සිතිවිල්ලක් ඇතිවුනා.
නස්‌රුදීන් ගේ සුන්දර  ඉගැන්වීමේ ක්‍රම පිලිවෙත නිසා නස්රුදීන්ට සිසුන් හරි ආදරෙයි. අමාරු දෙයකට වුනත් විනෝදාත්මක ආදර්ශක උපයෝගි කරගන්න නස්‌රුදීන්ගේ අධ්‍යාපන රටාව පොහොසත්.  එදා පංතියට සැපත් වුන පාසල් පරීක්‍ෂකවරිය සිසුන්ගෙන්  - නස්‌රුදීන්ගේ ඉගැන්වීමේ දක්‍ෂතාවය උදුරාගෙන කියලා නස්රුදීන්ට තේරුනා. සිසුන් පාසල් පරීක්‍ෂකවරියගේ  රූප ස්වභාවය   නිසා අන්ද මන්ද වෙලා. නස්රුදීන්ගේ ඉගැන්වීමේ හරඹය බින්දුවට බස්සලා පාසල් පරීක්‍ෂකවරිය ගේ රුප සොබාවටත්  ඇගෙන් විසුරුනු ස්වභාව ධර්මයට සම්පාත වුන ශාරිරික  හරඹයටත් සිසුන්ගේ මනස  ජයග්‍රහණය කරලා.
ඉගැන්වීමේ  හරඹයෙන් පසු   පරීක්‍ෂකවරිය ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒත් ඒ ප්‍රශ්න වලට ළමයින්ගෙන්  උත්තර නැහැ. ඒ මදිවාට නස්‌රුදීන් පාසල් පරීක්‍ෂකවරියට පිටුපසින් හිටගෙන අතින් ඇසින් සංඥා යොදවමින්   ළමයිනට නිසි පිළිතුරු නොදෙන ලෙසට දන්වනවා.
අවසානයේ පරීක්‍ෂකවරිය නස්‌රුදීන්ගේ ඉගැන්වීම අසාර්ථකයි කියල වාර්තාවක් දීලා  වහාම නිදහසට කරුණු ලබා දෙන ලෙසට නස්රුදීන්ට දැන්වුවා. නස්‌රුදීන් චෝදනාවට උත්තර බදින්න කොලයක් ගත්තා.  පිළිතුර සටහන් වුණා. පිලිතුර බොහෝම කෙටි එකක්.
මම බොහෝ අධ්‍යයනය කර සිසුන්ගේ මනසට රිංගීමට කල උපක්‍රම පරදා    තමන්  ශිෂ්‍ය ජීවිතයෙන් පසු වෘත්තීය ජීවිතයේ දී  ධනයෙන් ලබාගත යුතු රන් රුවන් මුතු මැණික්‌. දුහුල් සළු, සුවඳ විලවුන්,වැනි භෞතික සම්පත් සහ  අනුරාගි බැලුම්, කාමුක දර්ශණ පංති කාමරය තුලදීම තම සඅසුන්ට අත්විදීමට ලැබීම ජයග්‍රහණය කර ඇත.
එවැනි ක්‍රම තුල සිසු දරුවන්  ශිල්ප ශාස්‌ත්‍ර කෙරේ යොමුවෙතැයි යන්න මට නම් සිතාගත නොහැකිය.
මෙයට උපගුරු

නස්රුදීන්.


notes of imaginary

Thursday, September 07, 2017

පොටිච්ච වැල්.


මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි .........” ට පෙලපත් නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින් ඔහු නිසි ලෙසකින් හැදිනගත නොහැකිවු අතර“ ආරි ” -  “ ශිල්ප ආරි ” ලෙසින්  ප්‍රදේශවාසීන් අතර ප්‍රකට චරිතයක් විය.ඔහු කෙනෙකු “ ශිල්පයා ” ලෙසද හැදින්විය.

“ශිල්පයා ” .....උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක් හෝ සොයා ගෙන දවස ගෙවු  ඔහු නිතරම බීමතින් සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට “ කිසියම් ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද  තීරකයාද ශිල්පයා ම විය.

පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක අස්ථියක් බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක් රැයක එකට කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක් නොදක්වාම ශිල්පයා මිය පරලොව ගියාය.

ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවසි මහළු කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.
ආ ගිය කතා අතර තේ උගුරක්ද බී “ නැන්දේ  බෙහෙතක් සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද “ පොටිච්ච වැල් ”
අනේ මන්දා ළමයෝ මම දන්න “ පොටිච්ච වැලක් ” නෑ තියෙනවා නම් හොගෙන පලයන් නැන්දා උත්තර බැන්දේය.
නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින් බිය සැකකින් තොරව වත්ත පහලට ගියේය . පොටිච්ච වැල් වලින් උරය පුරවා ගෙන  ඉක්මන් ගමනින් ඉඩමෙන් පසු බැස්සේය.
වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා පොටිච්ච වැල් ඖෂධයට යොදා ගන්නා රෝගය  කුමක්දැයි කල්පනා කරන්නට විය.



notes of imaginary

Wednesday, August 16, 2017

කාලය මැවු අරුමය

දිය උගුල.



කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක් පමණ කාලයක්  ආපසු ගමන් කල විට මා එදා අවුරුදු  පහලොවක පමණ ගැටයෙක්. එකලත් අදත් සමාජ විශ්වාශයන් බරපතල ලෙස අභියෝගයටත් වෙනස් වීම් වලටත් පත්වෙලා.
අද පුංචි දරුවෙකුට ඇති අවබෝධය සහ  තාර්කික බුද්ධිය එදා අපිට තිබිලා නැහැ කියලා මට දැන් හිතෙනවා. අපි එදා  ගතානුගතිකව හිතලද ?.

එක් එක් අයගේ ජීවන රටා වෙනස් . එකල ගොවියාගේ පුතු ගොවිපලට රැගෙන යනවා හෝ මවුපිය සහයට ගොවිපලට යන්නේ පෙළඹවීමකින් තොරවයි. මගේ පියා සාමාන්‍ය වෙලෙන්දෙක්. මමත් ඔහු පවත්වාගෙන ගිය වෙළද සැලට උදව්වට යාම පුංචිකාලේ සිටම සිදුවු දෙයක්. වයසේ තරමට සුළු සුළු අත් උදව් දීමෙන් ඇරඹී මේ කටයුතු පසුකාලය වන විට පියාගේ අනුප්‍රාප්තිකයා බවට පත්කීරිම දක්වා පුහුණුවක් වුනා.

මේ මුලපිරීම බරපතල සාකච්ජාවක් සදහා වගේ පෙනුනත් වියමන වෙන්වෙන්නේ සරල සිදුවීමකින් තැතිගත් මනස මට කල හදියක් කීමට සහ අපේ පැරන්නන් ස්වභාව ධර්මය උපයෝගී කරමින් කල නිෂ්පාදනයක් හදුන්වා දිමටයි. ඒ අතර තවත් අතුරු කතා තියෙනවා.මේ කතා -   මම පලවන වසරේ සිටිනා මගේ මුණුපුරා තරම්වත්  බුද්ධිය භාවිතා කරලා නැහැ කියන සිද්ධාන්ත තහවුරු කරගන්නා කතාන්දර.

කතාවට ප්‍රවේශවුනේ තාත්තාගේ වෙළද සැලේ අත් උදව්වට ගිය බව කියමින්නේ. අපි ජීවත්වු සහ තාත්තාගේ ගණුදෙණු කරුවන් වාසය කල වපසරිය විශාල ප්‍රදේශයක්.එකල අක්කර දහසකටත් අධික ප්‍රදේශයක් පුරා පැතුරන තේ වතුයායක් මේ විශාල ප්‍රදේශයට අයත් වුනා. ( අද මෙ වතුයාය අක්කර සීයයකට පමන සීමා වෙලා අනෙක් නව සීයයම වල් බිහිවෙලා. අපට සමෘධිමත් ආර්ථිකයක් පැවතිය හැකිද ? )   සේවය කල වතු කම්කරුවන් හට ආහාර පාන වගේම ඇදුම් පැළදුම් වැනි අවශ්‍යතා මාසික ණය පදනම මත මිලදී ගත්තේ පියාගේ වෙළද සැලෙන්. සෑම මසකම දහවෙනිදා හෝ ඊට ආසන්න දිනක කම්කරු වැටුප් ගෙවන විට මටත් මගේ වසසේ සිටි මගේ නැන්දාගේ පුතාගේත් රාජකාරිය වුනේ කුඩා පොතක සටහන් කරගත් ඒ ඒ ගණුදෙණු කරුවන්ගේ ණය මුදල් එකරැස්කරගෙන ඒම සදහා ඔවුන් විසු නිවෙස් වලට යාමයි. දින දෙකක් ගතවු මේ ගමන අපි දෙදෙනාට විනෝදමත් චාරිකාවක්. සෑම වාරයකම අපි දෙදෙනාට ආපසු නිවෙස් වලට ඒමට සිදුවන්නේ  දෙගොඩ හරියේ රාත්‍රී දොලහට එකට.

1976 දක්වා අවුරුදු විස්සකට අධික කාලයක් කරන ලද මෙම කාරිය අවසන් වුනේ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමෙන් වතු කම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමගයි. එදා පැවති අක්කර දහසක් පමණවු වතුයාය අක්කර සීයයකට පමණ සීමා වීම ඇරඹුනෙත් මේ හේතුව නිසයි.

ඉතින් ..... එක් දවසක අපි දෙන්නා ඒ කිව්වේ මස්සිනාලා දෙන්නා මහ රෑ ඝණ අන්දකාරය මැදින්  ගෙදර එනවා. 
පෙරදා ගෙන ගිය විදුලි පන්දම් දෙකේ  බැටරි කලා මැදිරි එළි වගෙයි. බැටරි බැහලා. අතුරු පාරවල් ( ෂෝර්ට් කට් ) හරහා අපි ගමන ඉක්මන් කරනවා. තේ වතු යාය අවසන් වෙන්නේ වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු මගකින්. අපි දෙන්නට ඇහෙනවා අමුතු සද්දයක්  “ ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා.අපිට මතක් වෙනවා අපි ගමන් කරන බිම් කඩ පිළිබදව. ගම්මුන් බලි තොවිල් කර මල් තට්ටු ගෙනවිත් දමන තැන, යකුන් ප්‍රේතයන් අල්ලා ගෙන විත් ඇණ ගසන සුවිසල් ඇට’ඹ ගස.
අපි නිශ්සබ්දයි. ගල් ගැහිලා. තීරණයක් නැතිව හිටිවන ඉන්නවා . “ ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. 

“අයියේ ...මස්සිනා මට කියනවා. මොකද කරන්නේ ?  අපි ආපහු යමු ” මම කියනවා . අපි ආපසු හැරී ප්‍රධාන මාර්ගය තෝරා ගෙන  සැතපුම් භාගයක් විතර ආපසු  ගොස් ප්‍රධාන මාර්ග ඔස්සේ යලිත් එනවා. ගමන සැතපුම් එකයි භාගයක් විතර දික්වෙනවා. මේ එන අතර වතු කම්කරුවන්ගේ සොහොන් කොත් කිහිපයක් පහුකරන්න ඕන. මේ සොහොන් කොත් අතර එක් සොහොනක් ගම් වැසියන් අතර සුප්‍රසිද්ධ සෙහොනක් තියෙනවා. හදුන්වන්නේ “කනක්කයාගේ සොහොන ”කියලා.මේ කනක්කයාගේ සොහොන පහු කරන අපි දෙන්නාට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. පසු පසට තල්ලු කරනවා විශාල මාර ගස් විලාප දෙනවා. අපිට බුදු හාමුදුරුවෝ සිහිවෙනවා. ඉතිපිසෝ ගාථාව අපි මහ හයියෙන් ගායනා කරනවා.වෑයමෙන් ඉස්සරහට තල්ලු වන අපි ඒ බාධකයත් ජය ගෙන යාන්තම් ගෙදරට එනවා.

පහුවදා දෙන්නටම සහලෝල උණ.තොවිලයක් නොකර බේරුනත් ... තෙල් සාත්තුවකින් යාන්තම් බේරුනා.

සතියකට විතර පස්සේ අපි දෙන්නට ලැබුන විවේකයකින් මේ  “ටකස් - ටොකස් ” ජංජාලේ සුලමුල හොයන්න ගියා කියමු. මහ දවලුත්  ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස්  , ටකස් -  ටොකස් ” . නොනැවතීම ඇහෙනවා. ඇහෙන්නේ වෙල් යායෙන්. හඩ ඔස්සේ ගිහින් බලපුවම දිය පාරකට සවි කර තිබු “දිය උගුල” තමන් ගේ රාජකාරිය ඉටු කරනවා.

( බලන්න  https://www.facebook.com/1871586953129950/videos/1884404061848239/ තවමත් රාජකාරියේ )

අපි පිටුපසට තල්ලු කල බල වේගය සොයාගන්න නම් සෑහෙන්න කාලයක් ගතවුනා. ජුනි - සැප්තැම්බර් කාල පරාසය මේ ප්‍රදේශයට තද හුලං හමන කාලයක්.මේ කියන බිම් කොටස හරහා හමන තද සුළග වාහන වලට පවා ප්‍රතිරෝධ දක්වනවා. ‘කනක්කයගේ සෙහොන’  පිහිටුවා තියෙන්නේ මේ සුළං කලාපයේ . කනක්කයගේ සෙහොන අදත් තියෙනවා. තද හුලං තියෙන දවස් වලට අදත් මේ හරියෙන් යන්න අපහසුයි. අපි දෙන්නට එදා  ‘කනක්කයගේ සෙහොනේ’ අභිරහස නිරාකරනය කරගන්න බැරිවුනා.

වියමන දික්වෙනවා. 

අපේ පුංචි එකා - මුනුපුරාට පොඩි අසනීපයක් හැදෙනවා. මම යෝජනා කරනවා පැටියෝ අහවල් සීයට කියලා වතුර ටිකක් මතුර ගෙන එන්නද කියලා. “සීයේ එයාට පියාඹන්න පුළුන් වෙන්න මතුරන්න පුළුවන් ද ?. ” පුංචි එකා මගෙන් අහනවා.


එහෙමයි. කාලය මැවු අරුමය.






notes of imaginary