පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Showing posts with label සතියේ සටහන. Show all posts
Showing posts with label සතියේ සටහන. Show all posts

Saturday, March 09, 2024

“ක්‍රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි.

සොක්රටීස්ගේ මරණය (The Death of Socrates) නමැති සිතුවම ගැන යමක් නො ලියන්නේ මන් දැයි සාහිත්ය ක්ෂේත්රයට සම්බන්ධ ජ්යෙෂ්ඨයෝ දෙදෙනෙක් අහඹු ලෙස එකම දිනකදී මගෙන් ඇසූහ. ඉන් එක් අයෙකු තම සයනයට යාබද බිත්තිය ද සරසාගෙන ඇත්තේ මේ සිතුවමේ විශාල ප්රමාණයේ පිටපතකිනි.

 


සොක්රටීස්ගේ ජීවිතය සහ දාර්ශනික විශිෂ්ටත්වය සම්බන්ධයෙන් පවත්නා ඇතැම් තොරතුරු සහ ප්රවාදයන් විවිධ මතභේදයන්ට ලක් වුව ද, ඔහුගේ චරිතය පිළිබඳ සියලු මූලාශ්රයන් වෙතින් පළ වන ප්රතිපත්තිගරුකභාවය නම් විශිෂ්ට මානව ගති ස්වභාවය කිසිසේත්ම බැහැර කළ නොහැක්කකි. බටහිර දර්ශනයේ පීතෘවරයෙකු ලෙස සැලකෙන සොක්රටීස් (ක්රි.පූ.470-399) ඇතැන්ස් නුවර කේන්ද්ර කර ගත් පැරණි ග්රීසියේ ජීවත් වූ අද්විතීය නිදහස් චින්තකයා බව අපි දනිමු.

 

දර්ශනයේ (Moral Philosophy) සදාතන වීරයා වන ඔහුගේ දර්ශනවාදය පදනම් වූයේ සාකච්ඡා සහ වාදවිවාදාදිය මත ය. නිවැරදි හෝ සාවද්ය පැවතුම් මොනවා ද යන කරුණ මූලික කොටගත් ඔහුගේ ප්රශ්න කිරීම් ක්රමය, සත්යය පිළිබඳ සංකල්ප පාදා ගැනීමේ, තහවුරු කිරීමේ සහ නිර්දේශ කිරීමේ අපේක්ෂාවන් මුල් කොට ගත්තකි.
මානව වර්ගයාට හිමිව ඇති චින්තන ශක්යතාව, සත්යය විමසා බලා තමන් ම ඥාණනය වීමට යොදා ගත යුතු බවත්, තමන්ට කවර හානියක් සිදු වුවත්, හරි වැරැද්ද නොසලකන මානසික වහල් භාවයකට මිනිසා පත් නොවිය යුතු බවත් සොක්රටීස් ලොවට කියා පෑවේ ය. ඔහු කිසිදු ග්රන්ථයක් තබා එකදු අකුරක්වත් ලියා නැත. ඔහුගේ දර්ශනය ලේඛනගත කරන ලද්දේ ප්ලෝටෝ, සෙනොෆොන් ආදී ශිෂ්යයන් විසිනි. ප්ලේටෝට අනුව සොක්රටීස් යනු ‘සිය දෂ්ටයෙන් ඇතැන්ස් සමාජය නමැති අශ්වයා කුලප්පු කළ ඇට මැස්සා (Gadfly) ය’. බුද්ධිමතුන් ලෙස පෙනී සිටින්නන්, සැබැවින්ම ඉතා ස්වල්පයක් පමණක් දන්නා අඥාණයන් බව සිය වාදයන් මගින් සනාථ කළ සොක්රටීස් ජීවිතය සහ සදාචාරය පිළිබඳව එකිනෙකා දරන මතවාද පරිධියේ පවතින බැවින්, සත්යය සොයා කේන්ද්රයට ගමන් කළ යුතු බව යෝජනා කළේ ය. “සැබෑ ඥාණය නම් තමා නොදන්නා බව දැන ගැනීම ය” යන ඔහුගේ ව්යක්ත ප්රකාශයෙහි අඩංගු වන්නේ එකී දර්ශනය නොවේ ද?
‘කාර්යබහුලත්වය නමැති නිශ්ඵල කරදරයෙන් ප්රවේශම් වන ලෙස’ උපදෙස් දුන් සොක්රටීස්, ‘නොවටිනා මිනිසුන් කෑමට සහ බීමට පමණක් ජීවත් වන බවත්, වටිනා මිනිසුන් ජීවත්වීම සඳහා පමණක් කෑම බීම ගන්නා බවත්’ පැවසී ය.

 

හෙතෙම මිය යන තෙක් ම සිදු කළේ ජනතාවගේ ආකල්ප වර්ධනය කිරීමයි. මරණයට මොහොතකට පෙර පවා ඔහු සිය ශිෂ්යයන් අමතා උපදෙස් දෙන අයුර අපගේ පාදක සිතුවමෙන් පිළිබිඹු වේ. බලන්න! තවත් මොහොතකින් හැම්ලොක් විෂ බඳුන පානය කර මිය යන්නට නියමිත පුද්ගලයාගේ අභීත ආස්ථානයත්, ප්ලේටෝ, ක්රිටෝ ඇතුළු ඔහුගේ ශිෂ්යයන්ගේ ශෝකබරිත කම්පාවත් තුළ කිව යුතු සියල්ල අන්තර්ගත ය.
ජාකොස්-ලුවිස් ඩේවිඩ් නම් ප්රකට ප්රංශ සිත්තරා ගේ තෙළිතුඩින් 1787 වසරේදී නිර්මාණය වූ මේ සිතුවම, ඔහුගේ බොහෝ නිර්මාණ සේ ම අතිශයින් නිර්මාණශීලී එකකි. දීප්ත වර්ණයන් සිතුවමේ මධ්යයට රැස් කරන අතර සොක්රටීස් සහ ප්ලේටෝ ඇඟ ලා සිටින සළු පමණක් ඊයම් සුදෙන් වර්ණ ගැන්වී ඇත. පිටුපසින් ආරුක්කුවට හිස තබා වැලපෙන්නේ ශෝකය දරා ගත නොහැක්කෙකු ලෙස නම් කර සොක්රටීස් විසින් බැහැර යවන ලද්දෙකි. ශිෂ්යයන්ගේ ඉරියව්වලින් නික්මෙන, දාර්ශනික වීරයාගේ මරණයේ ශෝකය සිතුවමේ කොන් කරා ඇදී යයි. එහෙත් මධ්යය ආලෝකවත් වී ඇත්තේ සිංහ සෙයියාවෙන් මරණයට අභියෝග කරන ගුරුතුමාගේ ස්ථිරසාර බැල්මෙනි.

 

අමුතු දෙවිවරුන් හඳුන්වා දෙමින් ඇතැන්ස් නුවර යෞවනයන් නොමග යවන බවට චෝදනා ලැබූ සොක්රටීස්ට නඩු විභාගයකින් පසු මරණ දඬුවම නියම කෙරේ. වැරදිකරු කිරීමෙන් පසු තමාට හිමි විය යුතු දඬුවම යෝජනා කරන්නැයි සොක්රටීස්ට පැවසූ විට ‘තමාට හොඳ වැටුපක් ද, දිනපතා රාත්රී භෝජන සංග්රහයන් ද ලබා දී රජය විසින් මිය යන තුරු තමාව පෝෂණය කළ යුතු බව’ ඔහු උපහාසයෙන් පැවසූ බව සඳහන් ය. මරණ දඬුවමට පෙර භටයින්ට අල්ලස් දී සොක්රටීස්ව සිරගෙයින් පිට කිරීමට අනුගාමිකයන් කළ යෝජනාව ඔහු විසින් ප්රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු ප්ලේටෝගේ ‘ක්රිටෝ’ නමැති සංවාදයේ අන්තර්ගත වේ. සැබෑ දාර්ශනිකයා මරණයට බිය නැත්තෙකු බව ඔප්පු කිරීම, තමා පළා ගියහොත් සිය අනුගාමිකයන්ට දඬුවම් විඳින්නට සිදු වීම, පුරවැසියෙකු ලෙස තම රාජ්යය සමග ඇති ‘සමාජ ගිවිසුම’ කඩ කිරීමට අකමැති වීම යනාදී කරුණු එහිදී විග්රහ කෙරෙයි.
මේ සිතුවමේ නිරූපනය වන අවස්ථාවෙන් ඉක්බිතිව සිදුවනුයේ මෙයයි. හැම්ලොක් බඳුන පානය කළ සොක්රටීස් හට, විෂ ක්රියාත්මක වී දෙපා හිරිවට්ටන තුරු ඇවිදින ලෙස අණ කෙරිණි. ඔහු ඇද වැටුණු පසුව නිලධාරීහු ඔහුගේ පාදවලට කටුවලින් ඇන පරීක්ෂා කළහ. ඒවා සම්පූර්ණයෙන් හිරි වැටී තිබූ අතර ක්රමයෙන් ඒ හිරිය සිරුරේ ඉහළට පැතිරී, ඔහුගේ හදවත ද වසා ගත්තේ ය.
සොක්රටීස්ගේ අවසන් වචනවලින් පවා පැහැදිලි වනුයේ ඔහු කෙතරම් ප්රතිපත්තිගරුක මිනිසෙකු ද යන්නයි.
“ක්රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි. අමතක නොකර එය පියවන්නට ඕනෑ”

ලක්ශාන්ත අතුකෝරල




A day in the life

Friday, March 08, 2024

කාන්තා දිනය.

ක්ලාරා සෙට්කින්  - 1910







 

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.

 ජාත්යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ, කොමියුනිස්ට් ක්රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වූ ක්ලාරා සෙට්කින් නම් කාන්තාව ය. ඇය එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳ ජාත්යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා ය. එම සමුළුවට රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර,ඇයගේ යෝජනාව ඒකමතිකව පිළිගැනිණි.

කෙටියෙන් IWD ලෙස හැඳින්වෙන ජාත්යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්යාපාරය හරහා වර්ධනය වූවකි.

එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු වරට ජාතික කාන්තා දිනය ප්රකාශයට පත් කළේ ය.

1911 වසරේදී එය පළමු වරට සමරන ලද්දේ, ඔස්ට්රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල ය.ජාත්යන්තර කාන්තා දිනයේ සියවස් සැමරුම 2011 වසරට යෙදී තිබිණි.

මෙය නිල වශයෙන් ප්රකාශයට පත් වූයේ, 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුව ය. 1996 වසරේදී මේ සඳහා වන පළමු තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් අතර, එම තේමාව වූයේ, "අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම" (Celebrating the Past, Planning for the Future) .

ජාත්යන්තර කාන්තා දිනය සමාජය තුළ, දේශපාලනය සහ ආර්ථික විද්යාව යන ක්ෂේත්රයන්හි කාන්තාවන් කෙතරම් ඉදිරියට පැමිණ තිබේ ද? යන්න සැමරීමේ දිනයක් බවට පත්ව ඇති අතර, වත්මන් දේශපාලන මූලයන් අදහස් කරන්නේ, අඛණ්ඩ ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩවර්ජන සහ විරෝධතා සංවිධානය කරන බව ය.

 ජාත්යන්තර කාන්තා දිනයක් වෙනුවෙන් ක්ලාරා ඉදිරිපත් කළ යෝජනාවේ එය සමරන නිශ්චිත දිනයක් ගැන සඳහන් නොවීය.

1917 වසරේදී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලමින් නිරත වූ යුද්ධ කාලීන වැඩවර්ජනය තෙක් එය විධිමත් තත්ත්වයක නොපැවතිණි. වැඩවර්ජනය ඇරඹී දින හතරක් ගත වෙද්දී සාර් රජුට බලය අත්හැරීමට බල කෙරුණු අතර ඉන්පසු පිහිටවූ තාවකාලික රජය කාන්තාවන්ට ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.

රුසියාවේ එවකට භාවිතයේ පැවති ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්රෙගරියානු දින දර්ශනය අනුව එම දිනය, මාර්තු 8 වන දා විය. අද දිනයේ එය සමරන්නේ, එහෙයිනි.

 

දම් පාට බොහෝ විට ජාත්යන්තර කාන්තා දිනය සමඟ සම්බන්ධ වන්නේ එය 'යුක්තිය සහ අභිමානය' සංකේතවත් කරන බැවිනි.

ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇති වෙබ් අඩවියෙහි දැක්වෙන පරිදි, ජාත්යන්තර කාන්තා දිනයේ වර්ණ වන්නේ, දම්, කොළ සහ සුදු ය.

"දම්පාටින් යුක්තිය සහ ගෞරවය සංකේතවත් වෙනවා. කොළ පාටින් සංකේතවත් වෙන්නේ, අපේක්ෂාව. මතභේදාත්මත් සංකල්පයක් වුණත්, සුදු පැහැය පාරිශුද්ධත්වය නියෝජනය කරනවා.

මේ වර්ණ භාවිතයේ මූලාරම්භය වුණේ, 1908 වසරේදී එක්සත් රාජධානියේ කාන්තා සමාජ හා දේශපාලන සංගමය (WSPU) යි,

කාන්තා දිනය සැමරෙන්නේ කෙසේ ද?

ජාත්යන්තර කාන්තා දිනය රුසියාව ඇතුළු බොහෝ රටවල ජාතික නිවාඩු දිනයක් වන අතර, එහිදී මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක් හෝ හතරක් තුළ මල් අලෙවිය දෙගුණ වේ.

චීනයේ, රාජ්ය කවුන්සිලයේ උපදෙස් පරිදි මාර්තු 8 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩුවක් ලැබේ.

la Festa della Donna ලෙස හැඳින්වෙන ඉතාලියේ ජාත්යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ, මිමෝසා මල් තිලිණ කිරීමෙනි. එම සම්ප්රදායේ මූලාරම්භය පැහැදිලි නැති වුව ද, දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේදී ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

ඇමෙරිකාවේ, මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරන ජනාධිපති ප්රකාශයකින් අමෙරිකානු කාන්තාවන්ගේ ජයග්රහණ අගය කෙරේ.

BBC NEWS --සිංහල
A day in the life

Tuesday, February 27, 2024

අවධානය යොමුවිය යුතු කොකෝවා වගාව.




මගේ ගස මගේ චොකලට්..
අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති.
ඒ අතරේ නැවත කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආරම්භ කරන්න පොඩි ප්රවේශයක් ගත්තා අකුරැස්සේ සණස සංගමය එක්ක. එහිදී ඔවුන්ට ලබා දෙන්න මාතලෙන් ගෙන්නපු කොකෝවා පැල වලින් එකක් මං මගේ වත්තේ හිටෙව්වා. මේ තියෙන්නේ අවුරුදු 3ක් වයස ගසේ ඵලදාව.
මේ කොකෝවා ඉදෙන සීසන් එක. අපරාදේ සත්තුන්ට කන්න අතෑරල දාන්න එපා. මාතර අවට නම්, ගෙඩි ටික මට දෙන්න. මං සල්ලි දීලා ගන්නම්.
ගේන්න බැරි දුරක නම් ඉන්නේ, කොකෝවා ඇට පැසවන විදිය මම කියන්නම්, එසේ දින 10 ක් පැසවලා වේලපු ඇට මට එවන්න හෝ ඇවිත් ගෙනියන්නම්.
කොකෝවා වැවෙන ප්රදේශවල අපි මිලදීගන්න ස්තාන කීපයක් හදන්න හිතාගෙන ඉන්නවා. මාතලේ, කෑගල්ල, අකුරැස්ස, දෙණියාය.. ලංකාවේ හොඳම කොකෝවා හැදෙන ප්රදේශ. රටේ ආර්ථිකය නංවන්න මොනවද කරන්න බැරි...

 


චොකලට් කියන්නේ ආගමක්.. ඒකට ඔය එක එක සූත්තර දාන්න එපා. දිවුල් චොකලට්, කිතුල් චොකලට් කිය කිය තාච්චුවේ දාලා දොදොල් හදනවා වගේ චොකලට් හදන්න බෑ... ඒවා චොකලට් නෙමෙයි.
නිවැරදි තාක්ශණයට හෝම්මේඩ්/හෑන්ඩ්මේඩ් චොකලට් හදන්න ඉගෙන ගන්න අවශ්යනම් කියන්න.
කොකෝවා ගහක් කියන්නෙම මුදල් මැශිමක්. ඒක හරියට නඩත්තු කරමු.
කවුරුහරි පොඩි චොකලට් outlet එකක් දාන්න කොකෝවා වගාවක් කරන්න හිතාගෙන ඉන්නවනම් ආයෝජනය කරන්න බයවෙන්න එපා. කතාකරන්න.

 



මහාචාර්ය නිලන්ත ලියනගේ, ආහාරවිද්යා තාක්ශණ අධ්යයන අංශය, රුහුණ.වි.වි.

 

මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.

A day in the life





ප්‍ර්‍රතිචාරයක් .

Lukshman Liyanagamage
Few weeks ago, I seen documentary about coca plantation in Guyana mainly produced coca beans losses the crop. Because of disease prices going up $6000 to $12000 metric tons. In 1970 Monaragala district two coco estates. It’s came to my mind. And I cussed to the Land reform bill myself.

Tuesday, February 20, 2024

සමාජය දැවෙමින් සිටී.



චේ ගුවේරා කියවන්න කලින් -
වීර පුරන් අප්පු කියවන්න
බොම්මාලෙට කලින්
සුනිල් ශාන්තට සවන්දෙන්න
ගෝර්කිට  චෙකෝෆ්ට කලින්
මාර්ට්න් වික්රමසිංහ සුගතපාල  දි සිල්වා කියවන්න
ලෙනින්ට කලින් රාවණා
කියවන්න
ඕෂෝට කලින්
කුමාරතුග මුණිදාස කියවන්න
පුෂ්කින්ගේ කවි වලට කලින්
ජනකවි කියවන්න
 
ජාත්යන්තර අත්දැකීමට පෙර
ජාතික තලය කියවා ගන්න
එවිට ඔබ දේශය මත
අක්මුුුල්  ඇති චරිතයක් වනු  ඇත“
 
ගෝත්රික කතාවක් ලිංමැඩි අදහසක්.
ඔය හැමෝම ගැන කියවගන්න ඕනෙ..
අපේම වගේ අදහන බුදුන් වහන්සේත් ජේසු තුමාත් මහම්මත් තුමාත් ලංකාවෙ නොවෙයිනෙ...
ලෝකෙ කොහේ උනත් කියවාගත යුතු අය ගැන කියවාගත යුතුයි
බෙදන්න ඕනෙ නැහැ .
පරමාදර්ශි චරිත ලෝකෙ කොහේ හිටියත් අපේම වගේ කියවාගත යුතුයි.
.ගොබ්බ ලිං  මැඩි අදහස් ඉවතලා...

 මෙම අදහස මුණු පොතේ පලවුවකි. යටින් පලවන්නේ ලැබුන ප්රතිචාරයකි. ලියති  සමහර උදවියට ඇත්තේ  කෙන්තිය පිරුණ මනසකි.. මම මෙයට ප්රතිචාර දැක්වුයෙමි ආප්පය රසවත්ය  ඒ්ත්  උඩින් සහ යටින්  ගින්දරය.

 සමාජය දැවෙමින් සිටී.. රස්නය කුමකින්  හෝ  පිටව යයි. මට සිතේ


A day in the life

Monday, February 05, 2024

අපියි මළ මිනිස්සු



In "Mala Minissu," I shed light on the pressing political issues surrounding the healthcare system in Sri Lanka. It's a raw, industrial rock anthem that exposes the harsh reality faced by countless citizens due to the importation of low-quality drugs. This negligence has resulted in tragic consequences, with lives lost unnecessarily in our hospitals.

"මල මිනිස්සු" තුළ මම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය වටා ඇති දැවෙන දේශපාලන ගැටලු පිළිබඳව ආලෝකයක් ලබා දුන්නෙමි. එය ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් අසංඛ්‍යාත පුරවැසියන් මුහුණ දෙන කටුක යථාර්ථය හෙළි කරන අමු, කාර්මික පාෂාණ ගීයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් අපගේ රෝහල්වල අනවශ්‍ය ලෙස ජීවිත අහිමි වන ඛේදජනක ප්‍රතිවිපාක ඇති වී තිබේ.



Lyrics - Somalatha Herath Menike
Music & Composing - Dileep Mann
lyrics
තලා දමා අප හප කෙරුවා
හිනාවෙවී උන් රජ වෙනවා
බෙහෙත් පෙත්තටත් දමා කොමිස් ලණු
තුසිතය මත මහ මාළිගාව තැනු
දෙවියන් ලෙස පෙන්නූ
අවජාතක හොරුරැල
ඉන්දියන් සාගරේ මුතු ඇටයක්
මකා දමා හැදුවා පුස් ඇටයක්
හදවතම පිලිස්සූ
බිම වැටුණ මිනිස්සු
යුක්තියක් නැති බිමක
අපියි මළ මිනිස්සු
ඔලව අතගා ටොක්කකුත් ඇන්නාය අපහට
බුරිය අතගා රුපියලත් ගත්තේය හෙමිහිට
බෙහෙත් පෙත්තත් හප හපා කෑ
කලු පාට ගුල්ලෝය මහ උන්
දරුවන්ගේ බොටුවත් මිරිකලා
මොනර කොළ ළඟ රෙද්ද ඉස්සූ
හදවතම පිලිස්සූ
බිම වැටුණ මිනිස්සු
යුක්තියක් නැති බිමක
අපියි මළ මිනිස්සු

 A day in the life

Sunday, January 28, 2024

වටද්දර ඤණිස්සර නායක හාමුදුරුවෝ.


කූරගල සැබෑ භාරකරු වූයේ උන්වහන්සේය.. ඉතා දුෂ්කර කලක උන්වහන්සේ එහි වැඩවිසූහ.. බහුභාණ්ඩික භික්ෂූන් අතර අල්පේච්ඡ හිමිනමක් වූහ.. උන්වහන්සේ විසින් පුරාවිද්යාව සහ ජනකථා අතර සම්බන්ධය ඔප්පු කල අවස්ථා සිය ගනනක් මම අත්විඳ ඇත්තෙමි.. කල්තොට වෙනම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් කරන්නට මට අදහස දුන්නේ් මහාද්වීප පාවෙමින් ගිය ආකාරය සහ ඉන්දියාව යුරේසියාවේ ගැටෙද්දී එහි ප්රතිඵලයක් ලෙස බෙල්ලන්ගල කන්ද ඉහලට එසවුනු ආකාරය පහදා දෙමින් වසර මිලියන ගනනක් පැරණි බෙල්ලන් ගොඩබිමෙහි ඇති ආකාරය පහදාදීමෙන් පසු ඇතිවූ කථාවකදීය..
ආචාර්ය ගිලියන් ජුලෙෆ් බලංගොඩදී සුලං බලයෙන් යකඩ උනුකරන උඳුන ප්රතිනිර්මාණය කලේ වටද්දර නායක හාමුදුවන්ගේ උපදෙස් පරිදිය.. එම උඳුන යලි ඉදිකිරීම සිහිවන්නට බලංගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ එහි අනුරුවක් සහ පුවරුවක් ඉදිකරන්නට මා කටයුතු කලේ උන්වහන්සේ කවුරුන්දැයි නොදන්නා අයට දැනගන්නටය..
වටද්දර හාමුදුරුවන් දැනුම් ගබඩාවකි.. එහි ඵල ප්රයෝජනය ගන්නට තරම් බුද්ධියක් බලංගොඩ මිනිසුන්ට තිබුනු බවක් මා අත්විඳ නැත.. ප්රාඩෝ වල යන, ගල්මත සිංහයින් හදන, වටිනා සිවුරු දරන, නායක තනතුරු වලින් වැජබෙන සංඝ සමාජය නිසා ඇස් නිලංකාරබුනු බලංගොඩයෝ සෙරෙප්පු නොදා පයින් යන, ලොකු අයියාගේ කඩෙන් ⁣එලවළු රොටියක් කහට එකක් වළඳන, කියන්න තියෙන දේ මූණටම කියන, දේශපාලන නායකයාට සහ පාරේ බුදියන හිඟන්නාට එකසේ සලකන වටද්දර හිමියන්ට සැළකුවේ වැඩිය අවුස්සානොගෙන සිටියයුතු ස්වාමීන්වහන්සේ නමක් ලෙස බව මගේ මතකයයි..

 


ලංකාවේ මිනිස්සු ගල් පිළිම සහ බොල් පිළිම වෙන්ව හඳුනාගන්නා දිනක උන්වහන්සේ ගැන මීටවඩා ආදරයෙන් සිහිපත් කරනු ඇත.. බලංගොඩ උරුමය ඇත්තේ කොන්ක්රීට් සිංහයන් තුල නොව වටද්දර හිමියන් මැදිහත්ව ප්රතිනිර්මාණය කල ලෝකයටම එකක් වන ස්වභාවික සුළගෙන් තනි පියවරෙන් වානේ නිපදවන තාක්ෂණය ඇති උඳුන් වල බව කවදාහෝ කවුරුන්හෝ ලියනු ඇත..
උන්වහන්සේට නිවන් සුව පතනවා වෙනුවට ඒ මහා දැනුම යලි බෙදන්නට දැනුමේ වටිනාකම දන්නා රටක උපදීවායි පතන්නට මට සිත් වෙයි..
වටද්දර ඤණිස්සර අපේ නායකහාමුදුරුවන්ට නිවන් මගට යොමුවන සුගතිගාමී භවයක් ලැබේවායි පතමි..
සටහන - Champika Nirosh (හිටපු ප්රාදේශීය ලේඛම්)
ඡායාරුප - Sidusankha Vidupathi



A day in the life

Saturday, January 27, 2024

අධිවේගී මාර්ග

SAPD Officials Continue to Investigate Today's Deadly Crash

 

මම දන්න විදිහට ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී මාර්ග වල සාමාන්ය තත්ත්වයට වඩා දුර්වල රියැදුරෙකුට, සාමාන්ය තත්ත්වයට වඩා දුර්වල වාහනයක වංගු, කදු, පල්ලම් වල ආරක්ශිතව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 120යි. එහෙම පාරක නීත්යානුකූලව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 100 යි. ඒකට කියන්නෙ posted speed කියලා. එහෙම අඩු අගයක් දාන්නෙ අධිවේගී මාර්ගය භාවිතා කරනන්නගෙ ආරක්ශාවට.
වාහනයකට තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා වාහනේ සම්පූරනයෙන් නවත්වාගන්න අවශ්ය දුරට කියන්නෙ stopping sight distance කියලා. මේ stopping sight distabce එකට කොටස් දෙකක් අඩංගුයි. පලවෙනි එක brake reaction distance. දෙවෙනි එක braking distance.
Brake reaction distance කියන්නෙ තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා ඇහැ විසින් මොලේට පණිවිඩයක් යවලා මොලේ කකුලට බ්රේක් ගහපන් කියලා පැණිවිඩය යවන්න ගතවන කාලය තුල වාහනය ඉදිරියට ගමන් කරන දුර. Below average driver කෙනෙක්ට මේ සදහා තත්පර 2.6 ක් ගතවෙනවා AASHTO guidelines වලට අනුව. ඒ කියන්නෙ දල වශයෙන් පැයට කි.මී 100 ට යන වාහනයකට බ්රේක් ගහන්න හිතනකොටම මීටර 69.5 ක් ගිහිල්ලා. තරුණ රියැදුරෙක් නම් මීටර 42 ක් වගේ යනවා.
Braking distance කියන්නෙ brake එක පෑගුවට පස්සෙ වාහනේ සම්පූර්ණයෙන් නතර වෙනකොට මන්දනයෙන් වාහනේ ඇදිලා යන දුර. මේකත් below average vehicle එකකට පැයට කි.මී 100 කින් යද්දි සාමාන්යයෙන් මීටර්115 ක් වගේ දුරක්.
එතකොට පැයට කි.මී 100 ක වේගෙන් යද්දි අපිට හදිස්සියෙන් බ්රේක් ගහලා වාහනේ නවත්තගන්න ඕනෙ උනොත් උපරිම වශයෙන් මීටර් 185ක් විතර ඕනෙ වෙනවා. වාහනේ අලුත් නම් රියැදුරා තරුණ නම් ඉක්මනින් ප්රතික්රියා දක්වන කෙනෙක් නම් මේක මීටර් 100-120ක් විතර වෙනකල් අඩු වෙයි. මේ දුර වැස්ස දවසක් නම් තවත් වැඩි වෙනවා
ඔය ටික කියලා කතාව පටන් ගත්තේ තත්වේ බරපතල කම ගැන අවබෝධයක් දෙන්න. හයිවේ එකේ වම් ලේන් එකේ බරවාහන ඉතාම සෙමින් ගමන් කරනවා. ඔවුන්ව පසු කරන සමහරක් වාහන දකුනු මන්තීරුවෙන් එන වාහන ගැන තැකීමක් නොකර ක්ශ්ණිකව දකුනු මන්තීරුවට දානවා. එතකොට ඒ මන්තීරුවේ අධිවේගයෙන් එන වාහන වලට නවත්තගන්න තරම් දුරක් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා බොහොමයක් අනතුරු වෙනවා. ඊලග එක තමයි අධිවේගයේ ගොඩක් වාහන නියමිත දුර පවත්වා ගන්නෙ නෑ. අවම වශයෙන් වාහන දෙකක් අතරේ මීටර් 100ක් වත් දුරක් පවත්වා ගන්න. එතකොට ඉදිරියේ වාහනය හදිසියේ නැවතුනත් ඔබත් ඔබේ වාහනයේ ගමන් කරන සියල්ලත් ආර්ක්ශිතයි.
තුන්වෙනි එක තමයි රාත්රි කාලයේ අධිවේගයේ පහ දල්වා නොමැති කම. සාමාන්යයෙන් රාත්රියට අපිට පේන්නේ අපේ වාහනයේ headlight එක වදින දුර විතරයි. ඒ නිසා රෑට අර Stopping sight distance එක 180ක් උනාට ඇත්තටම ඔයාට ඉදිරියේ මොකක් හරි බාධාවක් පේන්නෙ headlight එක වදින මීටර් පනහක හැටක දුරක් විතරයි. ඒ නිසා ඔයා පැයට කි.මී 100 ට ගියත් ඔයාට ඉස්සරහ යන වාහනේ ටේල් ලයිට් වැඩ කරන්නෙ නැත්නම්, එයා යන්නෙ ඉතාම සෙමින් නම් ඔයාට ඉතාම සුලු දුරක් සහ කාලයක් පමණයි තියෙන්නෙ මන්තීරු මාරු කරන්න සහ වේගය අඩාල කරන්න. ඒ නිසා රාත්රියට මේ තත්තවය ඉතාම බරපතලයි. ඒත් එක්කම රාත්රියට නිදිමතත් එක්ක අපේ reaction time වැඩි වෙනවා. ඒත් එක්කම brake reaction distance වැඩි වෙනවා. ඒ නිසා රාත්රියට අධිවේගය භාවිතා කරනවනම් ඉතාම පරීක්ශාකාරී වන්න.
ඒත් එක්කම බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ මෙන්න මේ දේවල් ක්රියාත්මක කරන්න
1. අධිවේගයට අවම වේග සීමාවක් පනවන්න.
2. ඇතුලු වෙන සෑම වාහනයකම ටේල් ලයිට් වැඩ කරනවාදැයි සොයා බලන්න.
3. දෙයියන්ගෙ නාමෙන් රෑට විදුලි පහන් පත්තු කරන්න මොකක් හරි පිලියමක් යොදන්න.
රියැදුරන්ගෙ ඉල්ලන්නෙ
1. ඉස්සරහ වාහනේ පස්ස ඉඹින්න බලාගෙන පදින්න එපා. නියමිත ආරක්ශාකාරී දුර තියාගන්න.
2. වම් ලේන් එකේ පැයට කි.මී 40ට කොට කොටා යන්න එපා. එහෙනම් සාමාන්ය පාර පාවිච්චි කරන්න.
3. දකුනු ලේන් එක ඉස්සර කිරීමට විතරක් යොදාගන්න. වාහනයක් ඉස්සර කල සැනින් නියමිත දුරකින් පසු නැවතත් වම් ලේන් එකට මාරු වෙන්න.
4. ලොරි වල පසුපස් ක්රෑශ් බාර් සවි කරන්න. එවිට පිටිපස්සෙන් ඇවිත් හැප්පුනොත් ඒ වාහනයේ airbag on වෙන විදිහට crash bar එකේ වදින්නෙ. වාහනේ අස්සට ගිහින් රියැදුරාගේ ඔලුව ට්රේලර් එකේ වදින්නෙ නෑ.
5. Headlight, Taillight සහ signal light වැඩද බලන්න. ඒවා හරියට භාවිතා කරන්න. ඉස්සර කරනවනම් මංතීරු මාරු කරනවනම් signal light භාවිතා කරන්න.
6. 100kmph නම් 100kmph වලට යන්න. සල්ලි තිබ්බ පලියට, බලය තිබ්බ පලියට 150kmph වලට යන්න එපා. Physics වලට සල්ලි බලය අදාලම නෑ.
ඔය පහලින් තියෙන්නෙ එක එක වේගයට අදාල වාහනේ නවත්වන්න අවශ්ය දුරවල්

 


සටහන - Chamod Hettiarachchi
Accident1st

A day in the life