පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

ආගමික ස්ථාන







MAHA VIHARAYA
BALANGODA TOWN
ශ්‍රී සුදර්ශන මහා විහාරය 

බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරය ව්‍යාවහාර වර්ෂ 1804 දී  කුඩා පන්සලක් ලෙස ආරම්භව වර්තමාණය වන විට දර්ශණීය  විහාරස්ථාණයක් බවට පත්ව තිබේ. විශාල ශාසණික මෙහෙවරක යෙදෙන මෙම විහාරස්ථාණය ප්‍රදේශයට  ඇති ආගමික සම්පතකි.




අළුත්නුවර දේවාලය


Aluthnuwara Dewalaya'

රත්නපුර, ඉඹුල්පේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නේය.

 කොළඹ සිට බදුල්ල පාරේ (A4) පිවිසෙන්නෙකුට 151KM කනුව ආසන්නයෙන් 500 m ක් ඇතුළට වන්නට මෙම ස්ථානයට පිවිසිය හැකිවන්නේ ය. අක්කර 10 ක් වු මනරම් භූමි භාගයක තුන්මහල් ප්රාකාර මත පිහිටි මලුවේ නටබුන්ව ඇති ටැම්පිට විහාරයත්, දාගැබත්, බෝධින්වහන්සේත්, කඳසුරිදුගේ දෙවොලත් ඒ හා සම්බන්ධ දන්, මුළුතැන් ගෙවල් හා ගබඩා ගෙවල් ද වේ. ප්රාසාදය සිව් දෙසට සතර වාහල් දොරටු කරවා, අගනා වාස්තු විද්යාත්මක නිර්මාණයන්ගෙන් සමන්විත දේවාල භූමිය සතර වීදියකින් යුක්ත වන අතර, දේවාලයේ ප්රධාන වාහල්කඩ අභියස පත්තිනි දේවාලය පිහිටා ඇත. 

ඊට අමතරව, දේවාලයේ  ප්‍රධාන  මුරගල අසලින් ගණ දෙවි කෝවිලද එයට ආසන්නයේම ඉපැරණි කොස් රූප්පයද පිහිටා ඇත. පත්තිනි කෝවිල සහ වල්ලි අම්මා කෝවිල සිංහාසන වීදියේ පිහිටා තිබේ. ඓතිහාසික වටිනාකමකින් යුක්ත මෙම කතරගම දේවාලයේ ආරම්භය ශක වර්ෂ 1304 තරම් ඈතට දිව යයි. 

ගම්පල රාජධානිය පැවති එම වකවානුව, කතරගම දෙවියන් කෙරේ ජන සමාජය තුල තිබු ආගමික විශ්වාසය වර්ධනීය වූ යුගයක් ලෙස හඳුන්වා දිය හැකිය

තොරතුරු " අළුතනුවර දේවාලය " මුණු පොතේ බිත්තියෙනි.


කරගස්තලාව ශෛලගංගාරාමය - බෙලිහුල්ඔය


කරගස්තලාව ශෛලගංගාරාම විහාරස්ථානය.

බෙලිහුල්ඔය පිරිවර කර ගත් අවට ගම්මාන රැසකට ප්‍රධාන කර ගත් පැරණිම බෞද්ධ සිද්ධස්ථානය කරගස්තලාව ශෛලගංගාරාම විහාරස්ථානයයි

වළගම්බා රජ දවස දක්වා ඉතිහාස ගත වාර්ථා රැසක් මේ විහාරස්ථානය වටා ගෙතී ඇත. සොලී ආක්‍රමණයට ප්‍රතිප්‍රාහාර එල්ල කිරීමට අසමත්වු වලගම්බා රජ කදුකරයට පලා ආ බව ඉතිහාසය අපට කියා දී ඇත. මධ්‍යම කදුකරයේ ගම්මාන පිහිටුවමින් ඒ ආශ්‍රීතව ගම්මාන සංවර්ධණය කරමින් කෘෂිකාර්මික       කටයුතු දියුණු කරමින්, ආගමික පුණර්ජීවනය ඇ.ති කරමින්  එක් ප්‍රදේශයක රැදී නොසිටි බව සිතිය හැකිය. සබරගමුව ,ඌව පලාත්වල ඇති බොහොමයක් ප්‍රසිද්ධ මෙන්ම අප්‍රසිද්ධ වෙහෙර විහාරස්ථාන  වළගම්බා රජු විසින් ආරම්භ කර ඉදි කල ඒවා ලෙස සදහ්ව ඇත.

කරගස්තලාව විහාරස්ථානයත් එවකට වළගම්බා රජතුමා මුල් කොට ගෙන ඉදිවිම් සිදු විහාරස්ථානයකි.

මුලින්ම මෙම සිද්ධස්ථානයේ පිහිටි විහාර ගෙය එසමෙහි ඉදිවන්න ඇතැයි උපකල්පනය වේ. මේ විහාර ගෙය විසල් ගල් පර්වතයක ඇතිවි ඇති ලෙනක ඉදිවු ලෙන් විහාරයකි. ඉන් පසුකාලයේ ටිකින් ටික විහාරස්ථාන පරිශ්‍රය සංවර්ධණය වන්නට ඇත.

බෝ මළුවත් ,චෛත්‍යයත් සිත සමාධි ගත වන නිසංසල පරිසරයක  පිහිටා ඇත. හිරිගඩුඔය අසබඩින් ගලා යන විහාර පරිශ්‍රය මනරම්ය.

වත්මන් විහාරාධිපති ධම්ම දස්සි අපේ හාමුදුරුවන් වහන්සේද විහාරස්ථාන සංවර්ධණය සදහා මහත් වෙහෙසක් දරමින් කටයුතු කරන්නේය. සාමනේර හිමිවරුන් පනස් නමක් පමණ වැඩ වාසය කරමින් අධ්‍යාපනය ලබන පිරිවෙනක් නඩත්තු වන්නේය.


සීල සමාහිත යෝගාශ්‍රමය

සීලගම, බෙලිහුල්ඔය.
045 2280210



සීල සමාහිත යෝගාශ්‍රමය

බෙලිහුල්ඔය තානායම අසලින් අවසන් වන සමනල රක්‍ෂිත මායිම් කදු ගැටයේ ස්වභාවික තුරු ලතා අතර විශාල භුමියක වපසරියේ පිහිටා ඇත.

භාවනා මධ්‍යස්ථානයක් වු මේ පුද බිම මනසික ආගමික සංවර්ධණය උදෙසා විසල් මෙහෙවරක යෙදෙන්නේය.

භාවනා වැඩ සටහන් සදහා ගිහියන්ට සහභාගිවිය හැකි අතර වැඩ වසන භාවනා යෝගී යතිවරුන් වෙත දාන මාන පිරිනැමිමෙන් පින් පෙත් අණුමෝදන් කරගත හැක.

1 comment:

Anonymous said...

Nice, Keep up.