tag:blogger.com,1999:blog-8239596016458743030.post1837041700345952385..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: සිරසයි ලසන්තයි.midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8239596016458743030.post-76108474011856990912009-01-10T12:49:00.000+05:302009-01-10T12:49:00.000+05:30මහත්තයෝ, මේ සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර වෙන්නේ ජනා...මහත්තයෝ, මේ සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර වෙන්නේ ජනාධිපතිතුමා සාටකයෙන් කට බැඳගෙන, සරම කැහපට ගහගෙන මෝටර් සයිකලයක පිටුපස වාඩිවී ගොස් ලසන්තට වෙඩි තිබ්බාය යන පටු අර්ථයෙන් නොවේ. ලසන්ත ජනාධිපතිතුමාගේ හොඳම මිතුරකු බවත් ඔහු මෙවැන්නක් කෙරෙව්වාය කියා කිසිසේත් හිතන්නට බැරි බවත් කියන්නේ වික්ටර් අයිවන්ය. එය 100% ඇත්තකැයි මම සිතමි.

කවුරු කළත් ලසන්ත ඝාතනය වන්නේ මහින්ද විසින් තම පැවත්ම උදෙසා නිර්මාණය කරණ ලද යුද උන්මාදය තුළය. ඔහු මරා දැමීමට තවත් බොහෝ දෙනාට උවමනාව තිබුනත් එය නොකළ හැකි වුයේ එබඳු අවදානමක් ගන්නට තරම් පරිසරයක් නොවූ බැවිනි. අද මේ යුදෝන්මාදී පරිසරය තූළ එක්තරා පිරිසක් කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රශ්න නොකොට පිළිගන්නට සමාජයට බල කරයි. අගවිනිසුරුතුමාට පවා එවන් සමාජ ආරක්ෂාවක් නැත. ආණ්ඩුවත් මහින්දත් වගකිව යුතු වන්නේ එබඳු පරිසරයක් නිර්මාණය කිරීම ගැනය. (කිසිම සාක්කියක් නැතිව පූර්ව නිගමන වලට බැස ආණ්ඩුවට සුදුහුනු ගාන බ්ලොග් ලියවෙන්නේද එබඳු පරිසරයකය )

මේ වගකීමෙන් ආණ්ඩුවට මිදිය හැකි එකම මාර්ගය සිද්ධියට වග කිවයුත්තන් සොයා අධිකරණයට ඉදිරිපත් කිරීමය. එය සිදුවනතුරු මේ සියල්ල ආණ්ඩුවේ ගිණුමට ඉබේ බැරවෙයි.

මේ නිසා අපවාදයෙන් බේරීමේ යතුර ඇත්තේ ආණ්ඩුව අතය. අනුන්ට දොස් නඟා පලක් නැත. පදනමක් නැතිව කියන කුමන්ත්‍රණ ගොන් කතා වලට සිනා විය යුත්තේ කටින් නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-69700989938788494812009-01-10T09:32:00.000+05:302009-01-10T09:32:00.000+05:30වහෙන් ඔරෝ නැතුව කියමුකෝ බලන්ඩ මහ දවල් දෙනෝ දාහක් ම...වහෙන් ඔරෝ නැතුව කියමුකෝ බලන්ඩ මහ දවල් දෙනෝ දාහක් මැද්දේ හමුද මුර පොළවල් ගානකින් බේරිලා මොටර් සයිකල් හතරකින් ඇවිත් සංකීර්ණ හඬ පිට නොවන අවි ආයුද වලින් කිසිම බයක් සැකක් නැතුව ලසන්ත වික්‍රමතුංග එලොව යැව්වේ කවුද කියලා. කොටි වෙන්ඩැ සමහරවිට.

අනික් අතට ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවම නෙවේනේ. ඕක ඇතුලෙත් බෙදීම් තියෙනවනේ. ආණ්ඩුවේ හැමෝම ඊලඟ චන්දෙට යන්නෙත් නෑනේ.

ලොක්කට මේ අසීරු අවස්තාවේ පොඩි සප් එකක් දීම යහපත්. ඒ වුනාට මෝඩ විදියටම කඩේ යන්න ඕනේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-37366334481184967772009-01-10T08:52:00.000+05:302009-01-10T08:52:00.000+05:30සහතික ඇත්ත.සිරස ට, ලසන්තලා ට ඉහළින් ක්‍රියාත්මක වන...සහතික ඇත්ත.

සිරස ට, ලසන්තලා ට ඉහළින් ක්‍රියාත්මක වන ඔවුන් පාලනය කළ බලවේගයක්, එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දැමීමේ න්‍යායය යොදා ගෙන, ආණ්ඩුව අපහසු තාවය ට ද ගක් කිරීමේ අරමුණින් මේවා කළ බවයි මගෙත් හැඟීම.

කවුරු හරි කියවල තියනවද "ආර්ථික ඝාතකයෙකු ගේ පාපොච්ඡාරණය" කියල පොතක් ? එහි මුල් ලිපි ටිකක් පසුගිය කාලයේ "ඉරිදා ලංකාදීප" යේ පළ වුනා. ඒක කියෙවුවා නම්, ලංකාවේ දැන් මේ රඟ දක්වන නාට්‍යය ට හොඳ පැහැදිළි කිරීමක් අපිට ලබා ගත හැකි වනු ඇති.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.com