මම ඔහු දන්නේ “ආරි” නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද
ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි .........” ට පෙලපත්
නමක්ද තිබුනා විය හැක.මේ කිසිවකින් ඔහු නිසි ලෙසකින් හැදිනගත නොහැකිවු අතර“ ආරි ”
- “ ශිල්ප ආරි ” ලෙසින් ප්‍රදේශවාසීන් අතර ප්‍රකට චරිතයක් විය.ඔහු
කෙනෙකු “ ශිල්පයා ” ලෙසද හැදින්විය.
“ශිල්පයා ” .....උගතෙකු නොවීය. කුලියක් මලියක් කරමින් කීයක්
හෝ සොයා ගෙන දවස ගෙවු ඔහු නිතරම බීමතින්
සිටියේය. කුලියක් මලියක් නොලැබුනදාට “ කිසියම් ශිල්පයක් දක්වා ගතමනාව සොයාගන්නා
ඔහු එය නිල හෝ නිල නොවන මත්පැන් සදහා දිය කර හරින ලද්දේය.නැතිවු හරකෙකු හෝ වත්තක
භව භෝගයක් ගැන විපරම් කරන ගැමියෙකු හට නිතතින්ම ශිල්පයා ද සිහිවිය.ගම් ප්‍රදේශයේ ඇලක
දොලක මසුන් හට ජීවත්වීමේ අයිතියපිළිබද තීරකයාද ශිල්පයා ම විය.
පනස් වන වියේදී පමණ කිසියම් අබග්ගයකින් එක් පාදයක අස්ථියක්
බිදී කිහිලි කරුවක ආධාරය පතන්නට ඉතිරි ජීවිත කාලයේදී ඔහුට සිදුවිය. එක් රැයක එකට
කා බී නිදාගත් සගයෙකු විසින් ඒ කිහිලි කරුවම ගෙලට සිරකිරීම නිසා ශිල්පයක් නොදක්වාම
ශිල්පයා මිය පරලොව ගියාය.
ශිල්පයා වට කොට කරගත් ගෙතුන සත්‍ය කතා අපමනය. නිතරම
උරයක් ( ගෝණියක් ) කරෙ ඇති ශිල්පයා ගමේ ඇවිදගෙන යන අතර එක් ගැමි ගෙදර වත්තක ඔහුගේ
දවසේ වියදම තියෙනු දුටුවේය.කඩුල්ල පාමුල උරය තබා ගෙට ගොඩ වැදුන ඔහුට නිවසි මහළු
කාන්තාව පමනක් සිටිනු දක්නට ලැබුනේය.
ආ ගිය කතා අතර තේ උගුරක්ද බී “ නැන්දේ බෙහෙතක් සොගෙන ආවේ. මේ වත්තේ එහෙම නැද්ද “ පොටිච්ච
වැල් ”
අනේ මන්දා ළමයෝ මම දන්න “ පොටිච්ච වැලක් ” නෑ තියෙනවා
නම් හොගෙන පලයන් නැන්දා උත්තර බැන්දේය.
නැන්දා ගෙන් සමුගත් ශිල්පයා අවසරද ලැබුන බැවින් බිය සැකකින්
තොරව වත්ත පහලට ගියේය . “
පොටිච්ච වැල් ” වලින් උරය පුරවා ගෙන ඉක්මන් ගමනින් ඉඩමෙන් පසු බැස්සේය.
වත්ත පහල වැටී තිබු පොල් ටික අහිමි කර ගත් නැන්දා “ පොටිච්ච වැල් ” ඖෂධයට යොදා ගන්නා රෝගය කුමක්දැයි කල්පනා කරන්නට විය.
notes of imaginary